Wednesday, October 12, 2011
හිතේ අමාරුකම් ඇනෝලට කීමේ ආදීනව...
අපේ කොල්ලො හරිම දස්සියො හිත් අමාරුකම් ගස් බෙන වලට කියන්ට.
ඇයි මම මෙහෙම කියන්නෙ? මට එහා පැත්තෙ මේ වෙලාවෙ ගොර ඇද ඇද නිදියන මෝඩ කෙල්ලත් එහෙම කරලා ලෝක අමාරුවක වැටුන නිසා.
චුට්ටිත්තක් කොල්ලා එක්ක වලියක් ඇදුනාහම, කොල්ල දාල ගියාම, එහෙම නැතිනම් අම්ම බැන්නම , අපිට හිතෙන්නෙ ලෝකෙ කවුරුත් අපිට නෑ. ඉතින් අර චැට් ලිස්ට් එක දාස් ගානක් වට කරාගෙන 'හායි හායි' කියන එක තනිකම මකා ගන්න අවස්තාවේ හිටන් ඇබ්බැහියක් දක්වාමත් ඇදෙනවා.
ඉතින් එයින් පස්සෙ ගස් බෙණ කියලා හිතාගෙන පණ තියන හරක් රැලකට දුක කියනවා. තමුන් නමින් නොදන්න , තමුන් අඳුනන්නෙ නැති, තමුන්ගෙ පරිසරයෙ නොවෙන අය කියලා උපකල්පනය කරගෙන තමුන් දුක කියන්නෙ අල්ලපු ගෙදර ඉන්න අන්කල්ට වෙන්ඩ බැරිද? ඇනෝ එකවුන්ට් වලට තමුන්ගෙ ආත්මෙ පාවල දීල ඒව දිරව ගන්ඩ බැරි වෙලා අනාත වෙන කෙල්ලො, බ්ලැක්මේල් වෙන කෙල්ලො මම ඕනේ තරම් දැකල තියනවා.
ඔන්න කෙල්ලනේ, ඔය ඇනෝනිමස් කුරුල්ලෝ, හාවෝ, පූසෝ යනාදී එක එක සිවුපාවෝ , තමුන්ගෙ නම් ගම් ඔක්කොම හංගලා ඉද්දි , කෙල්ලනෙ උඹලා කරන්නේ උඹලගෙ ආත්මේම වමාරන එක.
වැමෑරුව නම් ඉතින් ආයෙ අනුභව කරන්ඩ අමාරුයිනෙ. තේරෙනවනෙ.
ලිඛිත සාක්ෂි ඉතුරු කරන්ඩ එපා,පොඩ්ඩ එහා මෙහා වෙද්දි ඔය අහිංසක පූස් පැටවු භයානක යක්ෂයො වුනාම පාඩු වෙන්නෙ තමුන් වමාරපුවා ආයෙ ඇදල ගන්ට අමාරු නිසා කියල හිතට ගනිල්ලා.
කෙල්ලනේ පරිස්සමෙන්.... හිතේ අමාරුවක් තියෙනවනම් සමීප යෙහෙලියකට, දෙමව්පියන්ට, සහෝදරයෙකුට/ සහෝදරියෙකුට කියන්න.
විශෙෂයෙන්ම , රෑ මධ්යාහ්නයෙ 'මට තේරෙනවා නංගි ඔයාගෙ දුක' කියාගෙන එන ගැලවුම්කාර සර්ව සානුකම්පිත සෝශල් නෙට්වර්ක් එකවුන්ට්ස් වලට තමුන්ගෙ ඇතුලාන්තය වමාරන එකෙන් වලකින්න.
Subscribe to:
Post Comments (Atom)
දුක කියලා එක්ස්පිරියන්ස් යහමින් තියෙනවා වගේ.. :P
ReplyDeleteමං නම් හාවා නෙවේ.. "Bunny" :P
නම් ගම් හංගලා නම් නැහැ.. බ්ලොග් එකට ඇවිල්ලා බලන්න එකෙ තියෙනවා fb එකට ලිංක් කරලත් ;)
පස්සෙ දැක්කෙ..
ReplyDelete(කෙල්ලන්ට විතරයි හොඳේ) :D කියන කොටස.. මං නම් කොල්ලෙක් ඇ..
ඒත් හොරාට වගේ බලන්නම් නේද ? අවුලක් නැනෙ ?
Word verification අයින් කරනවා නම් හොදයි..!
හොරෙන් බලන්න එපා බනී.....කැත වැඩනෙ...
ReplyDeleteInternet එකට Girl Guide කියලා වෙනම ජිවිතෙට වෙන් කරන්න බැහැනේද ? ප්‍රායෝගික නැනේ ?
ReplyDeleteමොකද මේක කෙල්ලන්ටම විතරක්ම පේන්න කෝඩ් එකක් නැනෙ ? :D
හොරාට බලන්න දේකුත් නෑ..
මම මේ ප්‍රොෆයිල් එක අයිති එකාගේ වයිෆ්..... නංගිලා හොඳ වැඩක් කරනේ.. අපේ මිනිහත් රෑ දොගොඩහරි ජාමේ ඇහැරගෙන ගෑණුන්ගේ දුක අහනවද දන්නේ නෑ... :D :D :D :D
ReplyDeleteබනී අයියා... (එහෙම කිව්වට ඒකටත් බනීද මන්දා) :-ඪ්
ReplyDeleteමේ...බනී අයිය.ඔයාව අපි අඳුරන්නෙ නෑ. ඔයාට නෙමෙයි මේ පෝස්ට් එක ලිව්වෙත්.
හාවො පූසො බල්ලො ... ඊ ටී සී කියලා ලිව්වේ කවුරුවත් ටාගට් කරල නෙවේ... :-D
කවුද දන්නෙ ඉතින් ඇත්තටම එහෙම අය ඉන්නවද කියල.. සොරි.
මේකෙන් ඔයාල ඔක්කොම මේ වගෙ කිව්ව නෙවේ. අපි එස්පෑරිමෙන්ට් කරල හොයා ගත්ත ඔබ්සවේසන් ටික තමා මේ ලියාගෙන යන්නෙ.
කොලු ගැන්සි එක්ක කරේ අතදාගෙන ඉන්න ෆිට් කෙල්ලො සෙට් එකක් අපිත්. කොල්ලො කොච්චර හොඳද කියලා අපි දන්නවා.
ඉතින් මේක කෙල්ලන්ට පරිස්සන් වෙන දේවල් ලියන එකක්නේ. තරහ ගන්න ඔට්ටු නෑ ඕං ...
(සිනා සිනා)
ඇවිත් ගියාට හැමෝටම තෑන්කියු වෙරි ගොඩක් ... නෙතරා, බනී , අභීතගෙ වයිෆ් .
නංගිලාද අක්කලාද දන්නෙ නැහැ මෙව්වා මෙහෙම ලියන්නෙ. ඔයාලා අපිට ඔයාලගෙ දුක සතුට කිව්වොත් අපිත් අහන් ඉන්නවා. දුක බෙදාගත්දි තුනි වෙනවා, සතුට බෙදාගත්දි වැඩි වෙනවා කියලා හින්දි ෂො එකක දැක්කා. ඉතින් මට නම් කියන්න තියන්නෙ ඔව්වා එලිපිට දිගහැරලා දන්න ඔනා. ඇතුලෙ හංගන් තියන් ඉන්න එකෙන් කාටවත් හොදක් නැහැ අඩුම තරමෙ තව කෙනෙක් ආදර්ශයක් ව්ත් ගනි. කෙල්ලෙක් කොල්ලෙකුට කියන්නෙ නැතුව සත්තුවත්තෙ ඉන්න ගොරිල්ලෙකුට කියන්න යැ. තමන්ගෙ අත්දැකිම් තමන් හිතන පතන විදිය හැමොම හැමොම අතරෙ බෙදාගන්න එක හොද දෙයක්. අපිව අපිටම දකින්න පුළුවන්. එත් ගොඩක් පිරිමි අයත් , ගැහැනු අයත් මෙ සම්බන්දව ලොකු චකිතයක් තියනවා. සමාජෙ කොහොම බැලුවත් ගැහැනු කෙනා දිහැ අඩුවට දාන්නෙ.
ReplyDeleteරවාගෙ පියාපත් සෙවනට ඔයාලව සාදරෙන් පිළිගන්නවා...
ReplyDeleteඅනේ මංදා අයියා කිවාම ලැජ්ජාවෙ බැහැ.. මං හිතන්නෙ මං මල්ලී.. මං තාම චූටි එකෙක් නෙවැ :P
ReplyDelete@රවා.. කවද්ද අයියෙ තටු ආවෙ ? :P
ඇනෝලට කීමේ ආදිනවා කියන කතාවට මන් විරුද්ධයි
ReplyDeleteමන් හිතන්නේ ඕක ඕනේම කොල්ලෙක්ට කියලා වෙන්න පුළුවන්. අනික නම ගම ෆොටෝ විස්තර දාගෙන හිටියට ඒ ප්‍රොෆයිල් ඇත්තම ඒවා කියනන් බැහැ. ඔන්ලයින් යාලුවෙක්ට කියනවට වඩා හැබෑවටම දන්න මුනගැහෙන කෙනෙක්ට කියලා ඔයිට වඩා කරදර වෙන්නත් බැරි නැහැ.
රවා..... අන්තිමට අහපන් නංගිලා සෙට් එක 86ට කලින්ද 86න් පස්සෙද කියලා....
ReplyDeleteෂා ෂා මං පරක්කුද මංදා.. දැන් ඔයාලා කාටද දුකක් තියෙන්නේ.. එහෙමනං මෙහෙම බ්ලොග් ලිය ලිය අඩන්න එපා..එන්න මං ඉන්නවා ඔයාලගේ දුක අහන්න බලාගෙන...
ReplyDeleteදාගන්න අර ලිස්ට් එකට පූසෝ බනියෝ මාරයෝ කියලා..:D
මේ මේ මාරයො.. මට නම් වැඩ තියෙනවා ඔය වාදා බයිල අහා අහා ඉන්න වෙලාවක් නැ.. මගේ නම ගලව ගනින් ඇ :D
ReplyDeleteරවා අයියා
ReplyDeleteඔයාගෙ පියාපත් සෙවණ.හිනා ලෝකයයි.කෙල්ලො සෙට් එක මෙතන රෝල්වෙවී හිනාව.
හා හා. එහෙනම් ඔන්න අපෙ දුක අහන්න එන්නකෝ මේ පැත්තේ.
මොකද ඔය පීදෙන ගොයමේ ෆොටෝ එකක්? දාන්න ඇත්ත එකක්.
බනී
ReplyDeleteආ...ඔයා බනී මල්ලියෙක්ද? කමක් නෑ. එහෙනම් නිකම්ම නිකම්ම නිකම් බනී කියන්නම් අදට පස්සෙ.
ම
ReplyDeleteඕන්න ම, (මොකක්ද ආ, ම නැතුව වෙන නම තිබ්බෙම නැතුවද) :-) , ඔන්න ඔයාගෙ සැකේ දුරු කෙරුවා. ඇනෝ , ෆේක් සහ දඩයක්කාරයින් වෙන් වෙන්ව විස්තර කලා මම අලුත් පෝස්ට් එක.
හැබැයි තව දෙයක්, අපෙ දුක නොදන්න කෙනෙකුට කිව්වම අතුරු ප්‍රතිපල භයානක වැඩි නැද්ද?
අභීත
ReplyDeleteආ... ඇයි රවාට කියන්නෙ අහන්න කියලා. ඔයාට නේද දැනගන්න ඕනෙ? (හිනාවක්) අපි 86 නෙවෙයි.
මාරයාගේ හෝඅරාව
ReplyDeleteපරක්කුයි පරක්කුයි.... හොඳටම....
ඔන්න අපි දුක ලියනවා. ඔයා අහන් ඉන්න ඕනේ... හරිද?
බනි..නිකම් බනී
ReplyDeleteහා හා.ඔයාගෙ නම ගලවන්න