වෙනස්වීම පියසටහන් දවසේ අන්තිම හිරු රැස් කදම්භයත් වෙරලට වැටිලා. දැන් මෙහෙන් බැහැගෙන යන ඉර, කොහෙටහරි පායනව ඇති. මේ වෙරල මත තියෙන්න ඇති පියසටහන් දහස් ගණනක්. සමහරවිට ගල් යුගයටත් එහා ඉඳන්. දෙවියො තමයි දන්නෙ. එ'ත් එක අතකට කවුද දෙවියො කියන්නෙ? " කැඩපත් අපි වටේ හැමතැනම තියාගත්තත් තමන්ට සම්පූර්ණයෙන් තමන්ව දකින්න බෑ, දෙවියො කියන්නෙ අන්න එ' නොපෙනීමටයි. " කොහෙන්දෝ ආපු සිතුවිල්ලක් එහෙම කිව්වා. ...
පින්න මල පියසටහන් අතට ආපු පින්න මල, ගහගෙන ගිය එකයි දුක ඒත්.. සුළඟ නැත්නම් තාමත් මගෙ ලඟ, සමහරවිට, සුළඟ නැත්නම් තාම ගහේ වෙන්නත් තිබ්බා. මොනා කරන්නද, පින්න මලක් නෙ.
ඇය පියසටහන් ඇස් නිලුපුල් නොවුනට , මුහුන සඳවත දෙතොල් නාදලු , සිගිනිඟ සිරිවසකෙස් සුනිල් වලා , නිය මුතු නොවුනටඇය ඔබද මන්දා.
නුඹ පියසටහන් හදවත සුවඳ රිවිකිරණක නතරවෙලා පන්හිඳ තිමිර පටලක් අග හිත රඳලා, කාටත් නොණය නුඹ තරුවක නතර වෙලා. ...
මතකයෙන්.. පියසටහන් ආයි ලියනව.විදුලි බලය ඇණ හිටල.ගේ ඉස්සරහ ලයිට් කණුවට නැගල එකෙක් මොනාද හදනවා.කවියක් ලියන්න පොත අතට ගත්තම ඔලුවට එන්නෙ "ඇල්කයින හැලජනීකරණය". මොනා කරන්නද,විභාගෙ ලඟටම ඇවිල්ල. ජීවිතේ ලඟින්ම හිටපු එක එකා (එක එකී) තමන්ව දාල යද්දි,ඒ අඩුව පුරවන්න කවුරුත් නැති වෙද්දි, හිතෙනව ආයිත් අතීතයට යන්න ඇත්නම් කියල. ආගම් කියල සංකල්පයක් මේ ලෝකෙ නොතිබ්බ නම් ඔබයි මායි එකතු වෙලා හුඟක් කල්. ඒත් ...
හසුන පියසටහන් "ආදරණීය ..... , ගතවෙලා දින ගණනක් - නොදැක ඔබ දෑස පාලුයි මා ලොව - අමාවකයි සඳ ගොහින් හොරෙන් දිනපොත පිටු අතර - කුරුටු ගාමි ඔබේ නම සිහිවෙයි මතකයන්, ලවැලි තලා වල...." බොළඳයි ආදරය ඉරා ගිලි කල කොළය වීසි කරමි ජනේලයෙන්. ...
මීදුම පියසටහන් මීදුම සීතලයි.බොරු කතා....කොහොමද මීදුම හීතල වෙන්නෙ.ඒත්,මීදුම හීතල කාලෙකුත් තිබ්බා.අත් අල්ලගෙන මීදුම යටින් අපි පියමැන්නෙ,හන්තානෙ.සමනල පාලම ළග අපි තරු දිහා බලන් හිටියා.ඒ තරු තාමත් එතනමයි.ඒත්,අපි..? ...
පුප්පන්න පියසටහන් පුරහඳ පායලා. "පුප්පන්නකෝ මේ මල" ඇය කිවුවා. පිපිච්ච මලක් වත් නෙලා ගන්න බැරි මම කොහොම පුප්පන්නද මල්? .
අංශචිත්‍රය (Profile picture) පියසටහන් ඉන්ද්රනීල නෙත් යුග කෙලිලොල් සිනාව ඔබ මා සිනාසුණු ඒ වැසි දිනය වැහි බිඳෙන් තෙමුණු පුරා වසරක් නොදුටු ඔබ රුව ....... පමා මට අයිති නැති මුහුණු පොත් තිරය මත ඔබේ අංශචිත්‍රය. ...
ඔබ ගිහින් පියසටහන් විල් තෙරේ අපි ඉද්දි ඔයාගෙ ප්රාශ්වාස වායුව මගෙ කම්මුලේ ගෑවෙන නොගෑවෙන තරමට ලං වෙලා ඔබ කිවුවා. " අපි දෙන්නා හැමදාටම එකට ඉඳීවි... වස්සානයේ ඉඳන් සිසිරය වෙනකම්ම..හිම කුණාටු ආවත් පොද වැහි වැස්සත්........ මට ආසයි තරු කැටයක් වෙලා ඔයාගෙ ඔය දෙනෙතට කඩා හැලෙන්න, ඔයා මගෙ...... .... ..." ඉතිරි ටික මට මතක නැහැ, ඔබ ගිහින් අවුරුද්දක් ගෙවිල. ...
අක්ෂරය, දෘශ්ඨි කෝණය සහ ඇහේ බබා පියසටහන් මේකෙ ලියන්න හදන්නෙ අක්ෂරයට ආවඩල වත්,නිදි යහන ගිනි ගනීට ගරහලවත් නෙමෙයි. කියවල හිතෙන එකක් හිතා ගන්න. ලාංකීය සිනමාවේ වර්තමානය ගැන කතා කරද්දි කතා කරන්න දෙයක් නැති තරම්. වානිජ චිත්‍රපට 100කට ඔනෙනම් සම්භාව්‍ය එකක් තියෙයි. ඒ තියෙන සම්භාව්‍ය එක රැඟුම් පාලක කමිටුව කපල කොටල ගත්තට පස්සෙ ගන්න හරයක් නැති තරම්. අක්ෂරයේ කතාව කොතරම් සංවාදවලට බඳුන් වුවද එවැනි කතන්දර නැතැයි කියා ...
හෙට ඉරක් පෑයුවෙ නැතත් පියසටහන් ශ්රෝඩිංගර් සමීකරණයෙන් වත් හදන්න බැරි ත්‍රිමාන ලෝකෙක උඹල වියෝග ප්‍රවේගයෙන් ගිහින් පාවි පාවි ඉඳල ඉඳලා හිටල ඇල්කොහොලෙන් විජලනය වෙලා ස්ථිර ද්වීධැව ආකර්ෂණයෙන් ඇදිලා නැත්තම් කාගෙන් හරි ප්‍රේරිත වෙලා යන්නෙ කොහෙද හිතාගන්න බැරුව ද්වීධැව ඝූර්ණයට ලක්වෙලා හිටියනම් මාස 11ක් නෙමෙයි යකෝ දවස් 325ක් දැන් ඉතින් කාලෙ ඇවිල්ල ඔය වලෙන් ගොඩ එන්න හෙට ඉරක් පෑයුවෙ නැතත් හඳ එලියෙන් හරි. ...
ඇය පියසටහන් ඇස් නිලුපුල් නොවුනට , මුහුන සඳවත දෙතොල් නාදලු , සිගිනිඟ සිරිවස කෙස් සුනිල් වලා , නිය මුතු නොවුනට ඇය ඔබද මන්දා.