෴අඟුරු නොකා වතුර නොබී කොළඹ දුවන යකඩ යකා෴ (http://locolanka.blogspot.com/) Latest Posts Most Popular Posts
"පට්ටිපොල" සිට සුන්දර හෝර්ටන්තැන්න වන පියස ඔස්සේ "ඔහිය" බලා.... (අවසාන කොටස) ෴අඟුරු නොකා වතුර නොබී කොළඹ දුවන යකඩ යකා෴ <<<< මෙතෙක් ආ දුරඑම ගොවිපල පසු කල විට අප පිවිසෙන්නේ දුම්රිය මාර්ගයේ තරමක් ආනතිය වැඩි කොටසකටයි.පේන විදිහට මේ හරියෙ පල්ලම වැඩියි. :)කොහොම වුනත් ඉතින් අපි අපේ මාර්ගයේ ඉදිරියටම ගියා. මේ ගමන් වලදි වැඩියෙන්ම අවධානය යොමු කරන්න ඕනෙ කාරණාවක් තමයි ඉදිරියට ඇවිදිද්දි හැකි තරම් දුම්රිය මාර්ගයෙ නැතිව මාර්ගයෙන් පිටත ඇවිදීමට උත්සහ කරන එක. ඒක කකුල් වලට පහසුවක් වගේම ඔබේ පාවහන් වලටත් ...
"පට්ටිපොල" සිට සුන්දර හෝර්ටන්තැන්න වන පියස ඔස්සේ "ඔහිය" බලා.... (සිවුවන කොටස) ෴අඟුරු නොකා වතුර නොබී කොළඹ දුවන යකඩ යකා෴ <<<< මෙතෙක් ආ දුරමිනිත්තු දෙක තුනක පමණ කාලයක් ගතකර, වවුල් ආදි සතුන්ගේ අපද්‍රව්‍ය මුසු අප්‍රසන්න දුර්ගන්ධය සහිත බිම්ගෙය තුල දුෂ්කර ගමනකින් පසුව කිසිදු අනතුරකින් තොරව ඉවතට පැමිණීමට අපට හැකිවුණා. කෙසේ නමුත් ඉවතට පැමිණෙනවාත් සමගම දුටු දසුනෙන් අප දෙදෙනාගේම හදවත් මොහොතකට සසල වී ගියා.අහිංසකයෙකුගේ අවසානය පෙර දින රාත්‍රියේ අප පට්ටිපොලට පැමිණි රාත්‍රී තැපැල් දුම්රියේ ගැටී මිය ගිය අහිංසක ගෝණ දෙනකගේ නිසල ...
"පට්ටිපොල" සිට සුන්දර හෝර්ටන්තැන්න වන පියස ඔස්සේ "ඔහිය" බලා.... (තෙවන කොටස) ෴අඟුරු නොකා වතුර නොබී කොළඹ දුවන යකඩ යකා෴ <<<< චාරිකාවට සූදානම් වුනේ මෙහෙමයිඅපේ චාරිකාවට සහභාගිවුනේ දෙදෙනෙක් (මම සහ මගේ මිතුරෙක්) පමණයි. රාත්‍රී දුම්රියෙන් පට්ටිපොලට ලඟා වූ අප දෙනොට එහි තිබු දැඩි ශීත කාලගුණය නිසා, දුම්රිය ස්ථානයේ සේවක රොෂාන්ත මහත්මාගේ කාරුණික අවසරය මත හිරු නැගෙනතුරු දුම්රිය ස්ථානයේ රැඳී සිටීමේ අවස්ථාව ලැබුණා. ඒ අතරතුර කෙටි නින්දකින් වෙහෙස නිවාගන්නටත් අපට හැකි වුනා.හිරු උදාව - පට්ටිපොල දුම්රිය ස්ථානයේදී කැමරාවට හසුවුනේ මෙහෙමයි උදෑසන හිරු ...
පෙර සූදානම - "පට්ටිපොල" සිට සුන්දර හෝර්ටන්තැන්න වන පියස ඔස්සේ "ඔහිය" බලා.... (දෙවන කොටස) ෴අඟුරු නොකා වතුර නොබී කොළඹ දුවන යකඩ යකා෴ <<<< පෙර ලිපියටසුන්දර පට්ටිපොල දුම්රිය ස්ථානය මේ චාරිකාව අපි ආරම්භ කලේ පට්ටිපොල දුම්රිය ස්ථානයෙන්. පට්ටිපොල දුම්රිය ස්ථානයට ලඟාවෙන්න පුලුවන් පහසුම ක්‍රමය තමයි දුම්රියෙන් එන එක. මේ වගේ චාරිකාවක් යන්න කැමතිනම් වඩාත්ම හොඳ විදිය තමයි උදෑසනින් පට්ටිපොලට ලඟාවෙන එක. ඒ සඳහා කොළඹ කොටුවෙන් රාත්‍රී 8.00 පිටත් වන රාත්‍රී තැපැල් දුම්රිය (නිදන මැදිරි සහිත) භාවිතා කරන්න පුලුවන්. එය සාමාන්‍යයෙන් පාන්දර ...
"පට්ටිපොල" සිට සුන්දර හෝර්ටන්තැන්න වන පියස ඔස්සේ "ඔහිය" බලා.... (පළමු කොටස) ෴අඟුරු නොකා වතුර නොබී කොළඹ දුවන යකඩ යකා෴ ඔබ අප බොහෝ දෙනෙක් දන්නා පරිදි අපේ රටේ සුන්දරම අත්දැකීමක් විඳගන්න පුලුවන් දුම්රිය ගමන තමයි උඩරට මාර්ගයේ ගමන් කරන දුම්රියකින් චාරිකාවක් යාම. අතිශයින්ම සුන්දර වටිපිටාවක් ඔස්සේ වැටී තිබෙන මෙම දුම්රිය මාර්ගයේ සුන්දරත්වයෙන් මත්වූ බොහෝ දෙස් විදෙස් සංචාරකයන්, ඡායාරූප ශිල්පීන් ආදී බොහෝ දෙනෙක් මෙම මාර්ගයේ දුම්රිය වල නිරන්තර සංචාර වල යෙදෙනවා. ඒ වගේම නුවරඑලිය දක්වා සංචාරය කරන බොහෝ දෙනෙකුගෙ ...
෴S3 බලවේග දුම්රිය - උඩරට මාර්ගයේ දෛනික ධාවනයට යෙදූ එකම බලවේග දුම්රිය෴ ෴අඟුරු නොකා වතුර නොබී කොළඹ දුවන යකඩ යකා෴ Original Image hereක්‍රමක්‍රමයෙන් දුම්රිය සේවා පිලිබඳව මගී ජනයාගේ ප්‍රසාදය ඉහල යාමත් සමග එදිනෙදා දුම්රියෙන් ගමන් කරන මගී සංඛ්‍යාව වැඩි විය. එමගින් ඇති වුණු මගී තදබදය අඩු කිරීමේ විකල්පයක් ලෙස අඩු දුම්රිය එන්ජින් සහ මගී මැදිරි ගෙන්වීමට වඩා අඩු පිරිවැයකින් ධාවනය කල හැකි බලවේග දුම්රියන් ගෙන්වීමට දුම්රිය බලධාරීන්ගේ අවධානය වඩාත් යොමු විය. එහි ප්‍රතිඵලයක් ලෙස S3 දුම්රියද 1959 වසරේදී මෙරටට ගෙන්වා ...
෴S2 බලවේග දුම්රිය - ශ්‍රී ලංකාවේදී නිෂ්පාදිත මැදිරි යෙදූ මුල්ම බලවේග දුම්රිය෴ ෴අඟුරු නොකා වතුර නොබී කොළඹ දුවන යකඩ යකා෴ හිමිකම:- නලින් අබේසිංහS1 බලවේග දුම්රිය මෙරට මුහුදුබඩ මාර්ගයේ යෙදීම ඉතා සාර්ථක වුවත් S1 දුම්රිය ධාවනයෙන් ඉවත් කරන තුරුම මෙරට මාර්ග සඳහා අලුත් බලවේග කට්ටලයක් හඳුන්වා දීම සිදු නොවිණි. මෙම S2 බලවේග කට්ටල් මෙරටට ගෙන එන ලද්දේ අවසාන S1 දුම්රිය ධාවනයෙන් ඉවත් කර වසර දෙකකටත් පසුව 1958 වසරේදීය.දුම්රිය පන්තිය - S2නිශ්පාදිත රට ...
෴S1 බලවේග දුම්රිය - 1938 දී ශ්‍රි ලංකාවට ගෙන එන ලද මුල්ම ඩීසල් බලවේග දුම්රිය෴ ෴අඟුරු නොකා වතුර නොබී කොළඹ දුවන යකඩ යකා෴ වර්ෂ 1930 තරම් වූ මෑත අතීතය ආසන්න කාලය වන විට ප්‍රවාහන මාධ්‍යයක් ලෙස දුම්රිය, ජනතාව අතර ක්‍රමක්‍රමයෙන් ජනප්‍රිය වෙමින් පැවතුනු අතර ලොව රට රටවල දුම්රිය නිෂ්පාදක ආයතන රාශියක් ඒ වන විට දුම්රියයන් නිපදවීම මෙන්ම විවිඨ විශේෂ දුම්රියයන් සඳහා අත්හදාබැලීම් විවිධ කාල වලදී සිදුකර ඇත. විශේෂයෙන් මගී තදබදය අඩු වේලාවන් වල සහ මාර්ගවල ධාවනය කිරීම සඳහා විශාල දුම්රියයන් වෙනුවට ...
෴W3 දුම්රිය එන්ජිම - W1 එන්ජිමට නව බලසැපයුම් එන්ජින් සවිකර දේශීයව නිපැයූ එන්ජිම෴ ෴අඟුරු නොකා වතුර නොබී කොළඹ දුවන යකඩ යකා෴ ඡායාරූපය Railway Museum වෙබ් අඩවිය 1969 වර්ෂයේදි මෙරටට ගෙනඑනු ලැබූ වැඩිම එන්ජින් වර්ගය වුණ W1 පන්තියේ දුම්රිය එන්ජින්වල උපරිම සේවා කාලය වර්ෂ 20 කට පමණ සීමා වුනු බව මීට පෙර ලිපි වලදි ඔබ කියවන්නට ඇති. මෙසේ එම වර්ගයේ එන්ජින් විශාල ප්‍රමාණයක් ධාවනයෙන් ඉවත් කරනු ලැබු අතර පසු කලෙකදී දුම්රිය දෙපාර්තමේන්තු ප්‍රධානින්ගෙ යෝජනා අනුව මෙම අත්හැර දැමුණු එන්ජින් 10ක් තෝරාගෙන එම එන්ජින් ...
෴W2 දුම්රිය එන්ජිම - උඩරට ධාවනයට සුවිශේෂී, ඩීසල් හයිඩ්‍රොලික් වර්ගයේ අධිබලැති එන්ජිම෴ ෴අඟුරු නොකා වතුර නොබී කොළඹ දුවන යකඩ යකා෴ ඡායාරූපය:- THE PHANTASRAIL GALLERIES1969 වසරේදීම දේශිය දුම්රිය සේවයට එකතු වූ තවත් හයිඩ්‍රොලික් වර්ගයේ එන්ජිමක් වන මෙම W2 වර්ගයේ එන්ජිම අප රට වෙනුවෙන්ම විශේෂයෙන් සකසන ලද්දක්. නැගෙනහිර ජර්මනියේ නිෂ්පාදනයක් වන මෙම එන්ජින් විශේෂයෙන්ම සකසා ඇත්තේ මෙරට කඳුකර මාර්ගයේ ධාවනය සඳහා බවට කරැණු ඇත. මෙහි සාමාන්‍ය තාක්ෂණික තොරතුරු පහත දැක්වේ.එන්ජින් පන්තිය - W2නිශ්පාදිත රට ...
෴W1 දුම්රිය එන්ජිම - ශ්‍රී ලංකාවට ගෙනා මුල්ම ඩීසල් හයිඩ්‍රොලික් වර්ගයේ දුම්රිය එන්ජිම෴ ෴අඟුරු නොකා වතුර නොබී කොළඹ දුවන යකඩ යකා෴ ඡායාරූපය http://www.railwaymuseum.lk මෙතැන් සිට ඉදිරි ලිපි කිහිපය වෙන් වන්නේ ප්‍රධාන මාර්ග සඳහා භාවිත කරන ඩීසල්-හයිඩ්‍රොලික් වර්ගයේ එන්ජින් පිළිබඳ කරුණු ගෙන එන්නටයි. ප්‍රධාන වශයෙන් අප රටේ ප්‍රවාහන තටයුතු සඳහා යොදන ඩීසල් හයිඩ්‍රොලික් වර්ගයේ දුම්රිය එන්ජින් වර්ග තිබෙන්නෙ වර්ග තුනක් පමණයි. ඒ අතුරින් මුලින්ම ගෙන එනු ලැබූ එන්ජිම වන්නේ W1 ධාවන පන්තියයේ දුම්රිය එන්ජිමයි. (මෙම ලිපි වලදී දුම්රිය එන්ජින් යනුවෙන් අදහස් ...
෴අපේ රටේ ධාවනය වන දුම්රිය වර්ග ගැන දන්නවාද?෴ ෴අඟුරු නොකා වතුර නොබී කොළඹ දුවන යකඩ යකා෴ මේ වන විට දේශියව භාවිතා වන සහ වූ M පන්තියේ සියලුම දුම්රිය එන්ජින් ගැන විස්තර ඉදිරිපත් කර අවසන්. එම ලිපිපෙල කියවූ සියලු දෙනාට එයින් යම් අවබෝධයක් ලබාගන්නට හැකිවන්නට ඇති දැනට අප රටේ ධාවනය වන ප්‍රධාන එන්ජින් මොනවාද, ඒවායේ තාක්ෂණික විස්තර හා පසුබිම යනාදී විස්තර මොනවාද යනාදිය පිළිබඳව. M ධාවන පන්තියේ එන්ජින් අතුරෙන් මේ වන විට M1, ...
෴M9 දුම්රිය එන්ජිම - දුම්රිය සේවය උඩුයටිකුරු කල, අධිතාක්ෂණික, එහෙත් මෙරටට ගෙන්වූ අසාර්ථකම දුම්රිය එන්ජිම෴ ෴අඟුරු නොකා වතුර නොබී කොළඹ දුවන යකඩ යකා෴ ඡායාරූපය:- Ceylon Railway Museumබොහෝ දෙනෙක් බලාපොරොත්තු වූ පරිදි අද ඔබට ගෙන එන්නේ සමස්ථ දුම්රිය ක්ෂේත්රයම මහත් කැලඹිමකට ලක් කල එන්ජිම වූ M9 හෙවත් Alstom Prima එන්ජිම ගැනයි. මෙම එන්ජින් ගණුදෙනුව ශ්‍රී ලංකාවේ බොහෝ පිරිස් අතර කතාබහකට ලක්වුනා. එයට අදාල කරුණු විමසා බලන්නට පෙර මෙහි තාක්ෂණික කරුණු ප්‍රථමයෙන්ම පහත දැක්වෙනවා.එන්ජින් පන්තිය - M9නිශ්පාදිත රට ...
෴M8 දුම්රිය එන්ජිම - අපේ අසල්වැසි රටේ අරුම පුදුම නිෂ්පාදනයක්෴ ෴අඟුරු නොකා වතුර නොබී කොළඹ දුවන යකඩ යකා෴ ඡායාරූපය:- Ceylon Railway Museum1996 වසරේ ලංකාවට ගෙනා මෙම දුම්රිය එන්ජින් ගැන විවිධ කතකන්දර, අදහස්, චෝදනා රාශියක් තිබෙනවා. ඒ පිළිබඳව කතා කරන්නට කලියෙන් අපි මෙහි තාක්ෂණික විස්තර පිලිබඳව මදක් විමසා බලමු.එන්ජින් පන්තිය - M8නිශ්පාදිත රට - ඉන්දියාවනිපදවූ සමාගම ...
෴M7 දුම්රිය එන්ජිම - සාමාන්‍ය ධාවන කටයුතු වලට යොදාගන්නා කුඩාම එන්ජිම෴ ෴අඟුරු නොකා වතුර නොබී කොළඹ දුවන යකඩ යකා෴ ඡායාරූපය:- Ceylon Railway Museumක්‍රමක්‍රමයෙන් වාෂ්ප දුම්රිය එන්ජින් ධාවනයෙන් ඉවත් කරද්දී අපේ දුම්රිය සේවයට විවිධ වර්ගවල ඩීසල් එන්ජින් ගෙන එනු ලැබුවා. මෙම M7 එන්ජිමත් එලෙස 1981 වර්ෂයේදි අපේ දුම්රිය සේවයට එක්කරන ලද අතර මෙම එන්ජිම තරමක් සුවිශේෂී වනවා. එම කරුණු ගැන විස්තර කරන්නට පෙර මෙහි මුලික කරුණු කිහිපයක් මෙහි පහත පළමුවෙන් විස්තර කෙරෙනවා.එන්ජින් පන්තිය ...
෴M6 දුම්රිය එන්ජිම - කඳුකරයට සුවිශේෂී සාර්ථකම එන්ජිම෴ ෴අඟුරු නොකා වතුර නොබී කොළඹ දුවන යකඩ යකා෴ උපුටා ගැනීම Ceylon Railway Museumශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට 1979 වසරේදී ගෙන එන ලද තවත් එක් එන්ජින් වර්ගයක් වන මෙය දැනටත් අප දුම්රිය සේවයේ භාවිතා වන ඉතාමත් කාර්යක්ෂම සහ අති සාර්ථකම එන්ජිමක්. මේ සතු විශේෂ ලක්ෂණ නිසාම බෙහෙවින්ම උඩරට මාර්ගයේ ධාවනය වන දුම්රිය බොහෝමයක නියමුවා බවට පත්වන්නේ මෙම වර්ගයේ එන්ජින්. මෙම වර්ගයේ එන්ජින් වල සාමාන්‍ය තාක්ෂණික විස්තර පහත දැක්වෙනවා.එන්ජින් පන්තිය ...
෴මේ තවත් එන්ජිමක්ද? ~ අගුරු නොකා වතුර නොබී කොළඹ දුවන යකඩ යකා෴ ෴අඟුරු නොකා වතුර නොබී කොළඹ දුවන යකඩ යකා෴ කරුණාකර මෙම ලිපිය කියවා අවසානයේ ඔබේ අදහස සටහන් කර යන්නේ නම් මැනවි.෴අඟුරු නොකා වතුර නොබී කොළඹ දුවන යකඩ යකා෴ ඔස්සෙ මේ වෙනකොට ශ්‍රී ලංකාවෙ දුම්රිය සේවය සඳහා ප්‍රධාන වශයෙන් භාවිතා කෙරෙන (M1සහ M3 දැන් ධාවනයේ නැත) ඩීසල් එන්ජින් කිහිපයක් ගැන කරුණු කාරණා, ඡායාරූප ඔබ සැමගේ දැන ගැනීම සඳහා මේ වන විට ඉදිරිපත් කරල තිබෙනවා. ආරම්භ කරල තවමත් මාසයක් වත් ගත ...
෴M5 දුම්රිය එන්ජිම - Made in Japan෴ ෴අඟුරු නොකා වතුර නොබී කොළඹ දුවන යකඩ යකා෴ මේ තිබෙන්නේ M5 දුම්රිය එන්ජිමක්... pamuditha මහතා විසින් ගන්නා ලද ඡායාරූපයක්...... M5 එන්ජිම යනුවෙන් හැඳින්වෙන්නේ සුප්‍රසිද්ධ ජපාන සමාගමක් වන HITACHI සමාගමේ නිමැවුමක්. 1979 වසරේදි මෙරටට ගෙන්වා ඇත්තෙ. වාෂ්ප එන්ජින් ක්‍රමයෙන් මාර්ගයෙන් ඉවත් වෙද්දි එන්ජින් බල ඇණිය ශක් තිමත් කරන්නට ඩීසල් එන්ජින් විශාල සංඛ්‍යාවක් වරින් වර විවිධ රටවල් වලින් ආනයනය කරනු ලැබු 1960-1980 යුගයේදී මෙරටට ගෙන එනු ලැබුවා. මෙය ඒ අනුව ජපානයෙන් තමයි ...
෴M4 ඩීසල් දුම්රිය එන්ජිම - Made in Canada෴ ෴අඟුරු නොකා වතුර නොබී කොළඹ දුවන යකඩ යකා෴ M4 පන්තියේ ඩීසල් එන්ජිම හඳුන්වා දිය හැක්කේ අපේ දුම්රිය සේවය සතු සාර්ථක දුම්රිය එන්ජින් වර්ග අතුරෙන් තවත් එක් සාර්ථක එන්ජිමක් ලෙසටයි. M2 සේම මෙයත් ගෙන්වූ දා පටන්ම ඉතා සාර්ථක ලෙස සේවය සපයන කාර්යක්ෂම එන්ජිමක්. වඩාත්ම වැදගත් කාරණාව වනුයේ ආනයනය කරන ලද සියලුම M4 එන්ජින් මේ වන විටත් ඉතා සාර්ථය ලෙස ධාවනයේ යෙදීමයි. මෙය කැනඩාවේ මොන්ට්‍රියෙල් ලොකොමොටිව් වර්ක්ස් නමැති සමාගමේ නිෂ්පාදනයක්. ...
෴M3 ඩීසල් දුම්රිය එන්ජිම - දේශිය ඉංජීනේරුවන් විසින් මෙරටදීම සැලසුම් කර නිපදවූ දුම්රිය එන්ජිම෴ ෴අඟුරු නොකා වතුර නොබී කොළඹ දුවන යකඩ යකා෴ M3 එන්ජිමඡායාරූපය :- Ceylon Railway Museum 1938 වසරේදී මෙරටට මුල්ම බලවේග දුම්රිය කට්ටලය ගෙන එනු ලැබු අතර ඒ පිළිබඳ විස්තර මෙම සබැඳිය ඔස්සේ කියැවිය හැකියි. කෙසේ වුවත් මෙම බලවේග දුම්රිය මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ධාවනය සිදුකල හෙයින් ඉතා ඉක්මනින්ම දිරාපත් වීමට ලක් වීම නිසා 1955දී පමණ ඉවත් කරනු ලැබුවද එම බලවේග දුම්රියේ එන්ජින් සහ අනෙක් යාන්ත්‍රික උපාංග ඉතා හොඳ තත්වයෙන් තිබූ බව ...