කියා දෙන්න මට.. හීන කතන්දර.. නුහුරු නුපුරුදු..දිවියක ඇරඹුම..ගිලිහී යයි නෙතු අද්දරම..වින්ද සැපක පහස..බොඳවී යයි දෑස් අභියස..මැවූ හීන වැල් දෙනෙත පිනවන..එදා සුර සැප අහිමි වනු ඇත...කලෙක ගරු නම් නැවත නැත මට..නමුදු ඇත මට ඔබේ හදවත..එදා කියා දුන් පෙමක අරුමය..කියා දෙන්න මට..ඒ හිතින්ම අද..ගැට ගසන්නට..කටුක දිවියක්...කියා දෙන්න මට..ඒ හිතින්ම අද...නොසැලි ඉන්නට....හදුන ගන්න දුක...කියා දෙන්න මට..ඒ හිතින්ම අද..සතුට ලබන හැටි..දුක් ගැහැට මැද...සොයා දෙන්න මට..මගෙම ලෝකයක්..ආදරය පිරි...දුක ...
ෂෝ එකේ අවසානය... හීන කතන්දර.. කොහෙමෙන් කොහොමෙන් හරි දැකුම් කලුත් අපෙන් සමු ගත්තා.. ඇතුලේ කතා බහ සේරම ඉවර වෙලා අපි කස්ටියම එලියට බැස්සේ ගෙදර එන්න හිතාගෙන.. දොර ලඟ කට්ටිය තෙරපෙනවා එලියට බැහැ ගන්න..තෙරපිලා තෙරපිලා එලියට බැහැලා කාර් එක පාර්ක් කරපු තැනට එනකම් තමා එකම යුද්ධේ.. ඇයි ඉතින් අපේ අම්මලා තාත්තලා අදුරන අය වැහි වැහැලා...කඩේ ඉදි ආප්ප රාණි කියයි.. පොලේ බොංචි සුනිල් කියයි.. හන්දියේ ලාවුස් කියයි..ඔය ...
අම්මේ අම්මේ මගේ කොණ්ඩේ,, හීන කතන්දර.. අද මට ඔහොම ඉන්න ගමන් මතක් උනා මීට අවුරුද්දකට විතර කලින් මට වෙච්චි ඇබැද්දියක් ගැන.. මට ඉතින් උනොත් වෙන්නේ ඔය වගේ වැඩ තමයි නේ.. මේකත් අර කචල් හීනයක් තමයි.. කචල් උනත් මොකද හීනයක් නම්.. ඒත් මේක නම් හීනයක් නෙමේ.. හැබෑවට වෙච්චි සිදුවීමක්..එදත් වෙනදා වගේම අලුත් ඒත් එපා කරපු දවසක ආරම්භයක්.. එපා කරපු දවසක් කිව්වේ ඉතින් ඉස්කෝලේ යන්න වේලාස්සන නැගිටින්න ඕනේ ...
සිහිනය වී ඔබ.. හීන කතන්දර.. අරමුණක් නැති ජීවිතයක්..අකලේ ගලා යන..බාධක තිබුනත්..ගල් පර තිබුනත්...සම නෑ ගඟකට...සුදු, පෙණකැටි විසිරෙන...සම නෑ ගඟකට..සයුර සොයා යන..සැබෑ නොවෙනා හීනයක්..හොරෙන් දුටුව සිත..සතුට ලැබුවත්...පහස ලැබුවත්..සම නෑ ඔබේ ආදරයට...ලගින් හිද සනසන..සුසුමකට ලඟ..සම නෑ ඔබේ ආදරයට..ජීවිතය දෙන..පැතුම් ගෙන දෙන..ගඟක අරමුණ සයුරු තෙරමය...ජීවිත අරමුණ ඔබ වෙලා අද..ගඟකට සම කල නොහැකි ජීවෙක..කිසිදා නොදකින සයුරු තෙර ඔබ..සිහිනෙක අරමුණ සැබෑ වීමය..නොපියූ නෙත් අග සිහිනය වී ඔබ..කිසි දින සැබෑ ...
ෂෝ එක IV .. හීන කතන්දර.. මතකයිනේ ගිය සැරේ නවත්තපු තැන.. අර දැකුම්කලු මට මොනාද කියන්න සැරසුනේ.. එන්න එතන ඉදන් තමා අද ...----------------------------------------------------------------------------------------------අහම්බෙන් බලපු බැලිල්ලට එකටම මුලිච්චි උනේ දැකුම්කලුගේ මූණ.. දැකුම්කලූ මොනාද කියන්න සැරසෙනකොටම මම පටස් ගාලා අහක බලා ගත්තේ නොදැකපු ගානට.. නටාගෙන නටාගෙන එනකොට පැති මාරු වෙනවානේ.. ආයේම කොහොම හරි අර මනුස්සයවම මුලිච්චි වෙනවා..මොනාද කියන්න කට හදනකොටම මම නිකන් මට නෙමේ වගේ අහකබලා ගත්තාට මොකද ...
මීයෝ ඉන්නවාදෝ... හීන කතන්දර.. අද මම ඔයාලාට කියන්න යන්නේ මං පොඩි කාලේ සිද්ධ වෙච්චි දෙයක් ගැන.. මම ඒ කාලේ සෙල්ලම කොලුවෝ එක්කමයි.. ඒක හින්දා මගේ හොදම යාලුවත් පොඩි කොලුවෙක්.. අපේ නෑදෑයොත් වෙනවා.. අක්ෂරේ නම් මම දවසක් කියලාත් තියෙනවා අපි දෙන්නා එක්කහු උනාම කරන වැඩ ගැන.. මේකත් ඒ වගේම එකක් තමයි..මම ඔය කිව්වේ අපේ චමි අයියා ගැන.. පොඩි දවස් වල දවසෙන් වැඩි හරියක්ම අපේ ගෙදර ...
ෂෝ එක III හීන කතන්දර.. ඔයාලාට මතක ඇති නේ ගිය සැරේ ෂෝ එක II පෝස්ට් එකෙන් ඔයාලාට සිද්ධිය ගැන කිව්වා... අපේ හිතුවක්කාරිත් කොමල පපා අර කලු උනත් දැකුම්කලු කොලුවා එක්ක පොඩි හිනාවක් දාපු එක... මතක නැත්නම් මෙතනට ගිහින් බලන්නලාකෝ...------------------------------------------------------------------------------------------මමත් ඉතින් වේදිකාවේ ෂෝ එකයි, මට පිටිපස්සේ ෂෝ එකයි බලන ගමන් මගේ පාඩුවේ නට නට උන්නා... අනේ මන්දා හිතුවක්කාරිගේ බෙල්ල ගහලා ගියේ නැති ටික විතරයි.. හිටු ...
හැකිනම්.... හීන කතන්දර.. හැකිනම් සිත මා පා කර හරින්න..සීතල සුලං රැල්ලක් සේ..සිසිලස දෙන්නම් ඇවිලෙන සිතකට...නිවෙන්න දුක් ගිනි දැවෙන සිතේ..හැකිනම් දකින්න ලෝකෙම එකවර..අවකාශෙන් පිට සඳවත සේ..ඒලිය ගෙනෙන්නම් සැමදා එක ලෙස..අමාවක සඳක් නොමැති ලෙසේ..හැකිනම් යන්නට අතීත මතකෙට..පැටලුව පා පොඩි පුංචි කලේ..ඉගිලී යන්නම් කිරිල්ලියක සේ..නිදහස සොයලා ජීවිතයේ... ...
හැදූ මවක් II .. හීන කතන්දර.. "හ්ම්ම්ම්.... දුව දන්නවාද මම දුවලාගේ තාත්තා එක්ක එනකොට මට මගේය කියලා තිබුනේ ඇදන් උන්න වස්තරේ විතරයි... දුවගේ ආච්චි අම්මා මැරෙනකොට මට අවුරුදු දොලහක් දහතුනක් ඇති...ලොකු තාත්තා එක්ක මං තනි උනාම ගෙදර පන්නෙ පදවිය මට පුරුද්දකට ගියේ ඉබේමයි.. කන්න බොන්න අඩුවක් නොකලත් ඉස්තරම් විදියට අදින්න පලදින්න දෙන්න දූගේ ලොකු තාත්තාට වත්කමක් තිබුනේ නෑ.. හරිම දුප්පත් විදියට වගේම බොහෝම අරපිරිමැස්මෙන් තමයි අපි ...
ෂෝ එක II ... හීන කතන්දර.. කලින් මම අපි ගිය සංගීත සන්දර්ශනේ වට පිටාව කොහොමද කියලා කිව්වානේ.. ඔන්න ඉතින් අපේ කට්ටියත් අර වයින් කරපු බෝනික්කෝ වගේ අමුතු අමුතු නැටුම් නටන අය අස්සෙන් අස්සෙන් රිංගගෙන ටිකක් ඉස්සරහට පැන ගත්තේ හොදට ගායකයින්ව හෙම පේන හින්දා..අපේ කට්ටිය කිව්වාට ගියේ කවුරු කවුරුද කිව්වෙත් නෑ නේ.. මායි, හිතුවක්කාරියි,අපේ අම්මායි තාත්තායි,අක්කයි මස්සිනයි.. ඒගොල්ලන්ගේ තව යාලු කපල් එකකුයි තමා ඔන්න එදා අපිත් ...
ෂෝ එක ... හීන කතන්දර.. ඔන්න තවත් හීනයක්...නෑ නෑ මේක නම් ඇත්තක්... කතාව කොහෙන් පටන් අරන් කොහෙන් ඉවර වෙයිද මන්දා... ඇත්ත කතාවත් ඉතින් එහෙමනේ...පටන් ගත්තේ කොහෙන්වත් ඉවර උනේ තව කොහෙන්වත්.. හැමදාමත් වගේ කරුමේට ඉන්න පිරිමි ජාතිය හින්දා පෙරලුනු අහක යන බාල්දියක් ඕං මේක... අපි එහෙනම් සිද්ධිය වෙච්ච මුල්ම දවසින් පටන් ගමු.. හීනේකින් වත් සංගීත සංදර්ශනයක් දැකලා නැති අපේ හිතුවක්කාරිට ජිවිතේ පලවෙනි සංගීත සංදර්ශනය පෙන්වීමේ පින ...
හැදූ මවක්... හීන කතන්දර.. වෙනදා වගෙම හවස වැඩපල ටික සේරම ඉවරයක් කරලා උණු උණු තේ කෝප්ප දෙකත් අතින් අරගෙන බොහොම පරිස්සමට අඩිය තියමින් මම ගමන් කරේ මැහුම් කාමරය
අහිංසක පැතුමක්.. හීන කතන්දර.. හීනයක්...දකින්න ලස්සන...හරිම සැහැල්ලු..පාවෙන කුරුලු පිහාටුවක් වගේ...ඒ හීනය..ලස්සන ජීවිතයක්...ඔහේ ගලා යන...අර පිහාටුවට සම..ඒ ජීවිතය...අහිංසක පැතුමක්..බරක් පතලක් නැති සිතක...බොලද සිතුවමක් වගේ...ඒ පැතුම..සිත රවටන මිරිගුවක්..සිතින් පමණක් මවා ගත්..හැබෑවක් නැති හීනයක් වගේ...ඒ මිරිගුව..තිත්ත වුවත් ඇත්තක්..දුක සැප සම ලොවේ..සැම හට අත් වන.. ...
මං ගැන ... හීන කතන්දර.. අම්මේ සෑහෙන කාලයක් බ්ලොග් එකක් හැදිල්ල පස්සට දදා ඉදලා ඔන්න අද අන්තිමට මාත් මටම කියල බ්ලොග් එකක් හදා ගත්තා.. මගෙම කියලා බ්ලොග් එකක් කරන එක මං හීනෙකින්වත් හිතපු දෙයක් නෙමේ... ඒකත් අහඹුවක්... සේරටම ඉස්සර වෙලා මං මතක් කරන්න ඕනේ මගේ හොදම යාලුවව..එයා හින්ද තමා මං අද මගේම බ්ලොග් එකකුත් එක්ක මෙතන ඉන්නේ..ගොඩක් වෙලාවට මං පොඩි පොඩි කවි ලියලා මූණු පොතේ ...