නතර නොවන්න හිතනලන්තය ඇසක කැවෙන රොඩ්ඩක් මෙන් දිව ගිලෙන දහවලක් මෙන් මිරිඟුවක් මෙන් එන්න යන්න නතර නොවන්න
වැස්සක් හිතනලන්තය වැස්සක් කොහෙන් ආවාද හැංගී සිට හොරෙකු මෙන් ඈත ම ඈත ගිරි හිස කම්මැලි හිතී හිරි අරිමින ආවාද පෙන්වා යන්න නැති කමේ උජාරුව අප හට කරවිල වැල නිතර වතුර ඉල්ලන කෙට්ටු වී ගොස් නාකි ගැහැනියක මෙන් පතෝල වැල වියළි කැස්සක පෙන්ව පෙන්වා තම ඉරි තැලුණු ඇගපත තණකොළ යාය හේබා ඇදුම රෝගීන් මෙන ඉදහිට හුස්ම ගන්නවා ඇහෙනවා ඈතක සිටත් මට බාබන්ඩේසියා ...
ඔරලෝසු හදවත හිතනලන්තය කළු කණ්ණාඩි රාමුව තවමත් නිදි වැසූ කන්තෝරු බෑගයක අපහැදිලි වීදුරු ලෙන්ස මත මේ දිලිසෙන්නේ ඔබ තබා ගිය අකුරක්ද අපට නතර වී ගෙදර ලී ඔරලෝසුව බැටරි ඉල්ලන විට පෙන්වා තම අලුත් හදවත බෑගය ඇතුළෙන් ඇසෙන ටික්-ටික් හඬ නිදන මැදියමේ මොනවාද කියනවා මට යන්තමින් පාට වියැකී ගිය රන් පැහැති පාකර් පෑන මුතු වැනිම අකුරු ලිවූ බව අද දුටුවොතින් අදුනන්නවත් බැරිමය ඒ ...
පව් කිහිපයක් කරන හිතනලන්තය උන් පුදුම මිනිසුන් පින් කියා පව් කිහිපයක් කරන නිතර අත් සෝදන එහෙම්මම පව් සමාවෙන සිහිනෙනුත් ධර්ම ගැටලු විසදන නූල් බෝලෙක ධර්මය පටලවන උන් පුදුම මිනිසුන් පින් කියා පව් කිහිපයක් කරන ...
මල් පෙළකි හිතනලන්තය නෙළා ගත් පසු සුවඳයි කියන මල් පෙළකි මලින් මල වෙන් නොකර මාලයකින් එකට තුරුළු වී සිටින ගෙලින් ගෙල දැවටී හිදින මල් පෙළකි එකින් එක පෙති වැටෙන කුණු කූඩයක එකට ඇලවී ඉන්න ශේෂයකි නුඹ මල් පෙළකි නෙළා ගත් පසු සුවඳයි කියන ...
සමර හිතනලන්තය රුවල් අකුලා ඇත මුහුද සැඩ වන්නට පෙර ම නැවක - ජැටියක - මුහුදු පතුලක ඔබට ඉන්නට පුළුවන කැමති විට නැව බදේ කවි ලියන්නට පුළුවන බුබුළු යවමින් මුවගින් සකේ බොන්නත් පුළුවන කැමති විට අත් හැර මුහුදු පතුළම පුළුන් රොදක වෙස් ගෙන දෙව්ලොව කලබල ඇති කරන්නත් පුළුවන මුහුද සැඩ වෙන්නට පෙර ම අකුලා ඇත තමන්ගේ රුවල සමර; ...
මී හිතනලන්තය පොත් රාක්කය ළඟ වංගුවක් ඇත ඊට නුදුරින් පඩි පෙළක් මත සුවඳ හමනා අහරකුත් ඇත වන වනා ඔබෙ නැට්ට සිරිමත චෞර බැල්මෙන් බලා මා දෙස නින්දෙ දකිනා සිහිනෙ නොම දැක පඩි පේලියෙන් උඩට යනු මැන තබා පොඩි අඩි වැරදි තැනකට පඩිපෙළෙන් හෙම නොවැටෙන්න ඔබ හරිම තැන ඇති පොල් කෑල්ලටම සිංහයෙකු මෙන් ඇවිද යනු මැන උදය අහරට සම්බා බත් ඇත යන්න ...
අපේ බොරු ගෙදර හිතනලන්තය ලියුමෙන් ලියුම එකතු කර ලොකු ගෙයක් හදන්නයි හිටියෙ අපි ජනෙල්වලට මුද්දර තබා දොරවලට ලියුම් කවර තබා ගෙවත්තේ පුංචි පින්තූර හිටවා දවසට දෙවරක් වතුර දමන්නට මාරුවෙන් මාරුවට අප දෙදෙන ඊට පෙර කාටදෝ ලොකු හදිසියක් ඇති විය ගඩොලින් ගෙයක් හැදීමට ඒ ගෙදර ඔබ ඇත මම තවම අර අපේ බොරු ගෙදර හිනාවීගෙන ...
සෙරක මෙන් හිතනලන්තය සෙරක මෙන් ඇඟිලි තුඩගින් ඇවිද අතැගිලි නොවද්දා පිටු මත පත්තර පිටු පෙරළමි බිංදුවක් පපුව ගැහෙන විට ඔබේ නම දකිමි අන් කෙනෙකුගේ කවියක් සේ කියවමි ගැස්සෙමි සෙරක මෙන් හැසිරෙමි ගෙතුළ විටින් විට ඇවිදිමි යළිත් පත්තර පිටුවකට එබෙමි කවියක මුල් පේලියක දිගු කෙහෙරැල්ලක් දකිමි ගැස්සෙමි මම ඔබව සොරකම් කරමි ඇඟිලි තුඩගින් ඇවිදිමි අන් කෙනෙකුගේ කවියක් සේ කියවමි ...
මී දත් පෙන්වති උහු අපට හිතනලන්තය සිටියෝය රවුම් කර සියලු නැටි අත් බෑගයක වම් මුල්ලේ ඒ අය හදහන්ද-පත්තරද-රෑ ඇඳුම්ද සොරාගෙන ඉන් අඩක් කීතු කර මී දත් පෙන්වති උහු අපට ආ එන්න කා-බී-සැතපෙන්න ගොඩක් බඩගිනි නම් මගේ පරණ පත්තර ෆයිල් කන්න අපි ධාර්මික, මී පාසානම් අතින්වත් නො අල්ලන කෑම මේසයේ පුටු යට ගිමන් හරින්න අත් අල්ලාගෙන රවුමට ඇවිදින්න කම්මැලි වෙලාවට ගිනි ගිනි බෝලේ කරන්න මැදියමේ සොරකමේ ...
අන්තිම දවස් හිතනලන්තය හරියට දිය ඇල්ලක් වගෙයි සීතලට හද මැදින් ගලා යයි ඉසියුම් තෙතමනයක් ඉතිරි කර අවසන්ව යයි පිනි හිසේ අලවගත් ලිලී මල් වගෙයි දිලිසීමෙන් බොහෝ ආයුෂ ඇති බව කියයි සැනින් හිස නමා බිමට පරවෙයි අන්තිම දවස් පැටලුණු නූල් බෝලයක් වගෙයි ඉවර වූවත් ඒ බවක් නොදැනෙයි ...
ලියුමකට කළ හැකි දේ හිතනලන්තය ලියුමකට මාව විසාල බෝට්ටුවක බහා පා කරන්න පුළුවන් විට ලියුමකට මාව ඔන්චිල්ලාවක තබා පද්දන්න පුළුවන් විට කොයි තරම් සැනසීමක්ද හැම අකුරක්ම අදුනන එක මම
ගොම්මන් අහස හිතනලන්තය ගොම්මන් අහස රතුත්-කහත්-තැඹිලිත් හලාගෙන මුහුණ මත ගාලු මුවදොර අයාගෙන මුව සිප ගනිතැයි වහ වහා අහසම පැමිණ බිමට මද රතුද-තැඹිලිද ඉතිරි කර යන්න දෙතොල් අග මඟ බලා සිටිතැයි සැක කර කුඩා වැස්සක් එවා පොළොවට ගොම්මන් අහසක ලංකෘත මුහුණුවර ඉරා දැමුවේ ඇයි ඔබ ප්‍රේමයට ප්‍රේමයෙන් පිළිතුරු දීගන්න බැරි විට ...
රෝගය හිතනලන්තය මම මහත් පීඩාකාරී රෝගයකින් පසු වෙමි.ඒ ඇස් වැසූවත්,ඇස් විවර කළත් නොයෙක් රූප පෙනීමේ අභාග්‍යමත් රෝගයයි.සති,මාස ගණනාවක් පසු කළත් කිසිදු බෙහෙතකට සුව කළ නොහැකි මේ රෝගය හේතුවෙන් කාගේත් ඒකමතික තීරණය වූයේ අන් අයටද මෙය බෝ වීමේ අවධානමක් ඇති හෙයින් මේ ප්‍රාන්තයෙන් මා පිටමං කර දැමීමයි.කැමැත්ත අසන ඡන්දයක් ද පැවැත්වුණු අතර විශාල ඡන්ද දූෂණයකින් එය කෙලවර විය.ඡන්ද ගණන් කිරීමට කැදවා තිබුණේද ...
වැළඳගන්නට හිතනලන්තය අප හමු නොවනු ඇත වැළඳගන්නට අප හමු නොවනු ඇත සිනාවීමට අප හමු වුණොත් ළං ළංව අසුන්ගෙන බලා සිටිනු ඇත එකිනෙකා ඇස
මගේ හිත හිතින් ගෙන හිතනලන්තය මෙන්න මෙහෙම හෙවනැල්ලක් වාගේ ම කිසිවක් ම නොදොඩා ම පෙනෙන්නට ඔබ ඉන්න සිතුවිල්ලකින්වත් ළං වෙන්න ඉඩ නොදී විසල් තාප්පයක් මෙන් උස යන්න අන්තිමට ඒ උඩින් වීදුරු කටු අතුරන්න මට පැන එන්න බැරි වෙන්න මෙන්න මෙහෙම නොදන්නවා වාගේ ම මගේ හිත හිතින් ගෙන ඔබ ඉන්න ...
ලැවන්ඩර සුවඳක්ව හිතනලන්තය දැන් හිර වූ හුස්ම ලිහිල් වනු ඇති එපා යැයි වීසි කළ සේයා රූ සියල්ල ම කුණු ගොඩෙන් අහුලා ගන්න හැකි මෙන්න ඔබ යළිත් මගේ කොට්ටය යට ලැවන්ඩර සුවඳක්ව අලුත් සුවඳ විලවුන් බෝතලයක විටින් විට සුවඳ දෙන්නට පොරොන්දුව කැමති විට මඟ හැර යන්නට ගිවිස ගෙන ලැජ්ජා නැතිව මෙවරත් අප ...
ඉතා පැරැණි මල් උයනක් හිතනලන්තය කොතරම් දේ අත් හැරුණිද අලුත් කොණ්ඩා මෝස්තරය පැරැණි කොණ්ඩා ගස්වලට අලංකාරය එක් කළ අලුත් තුවාලය පැරැණි වෙළුම් පටියකින් වෙලන ලද තවත් කොයි තරම් දේ මඟ හැරිය යුතු ද අලුත් මල් පිපෙන කාලයක් උදා වෙන්නට පෙර ඉතා පැරැණි මල් උයනකට ...
ඕලු විල හිතනලන්තය ඕලු විල මාළු ඇති කරන කවා පොවා නිදි කරවන මාසයේ අන්තිම දා උන් මරා අහරට ගන්න ඒදණ්ඩ දඩයක්කරුවන් එගොඩ කරන කිසි දා අහිතක් නොහිතන රෑ බෝ වූ පසු ළයේ අත් ගසා වැළැපෙන ලේ වැකුණ පිහි ඇතිව එන උන්ව එගොඩ කරවන ඕලු විල පහළින් ගලන බව සිතන මාළු මරා කන බව සිතන පාපයෙන් සමානව සැරිසරන ඒදණ්ඩ ඕලු විලට ඉදහිට ඉරිසියා ...