ප්‍රේම ත්‍රිකෝණය හිතනලන්තය ඉබන්, මම හිතුවා ඔයා මට ඇත්තටම ආදරෙයි කියලා. ඒත් එහෙම දේවල් ලෝකෙ නැහැ. හැම දෙයක්ම ගනුදෙනු විතරයි. මම හිතුවා ඒ ගනුදෙනුව වත් ඔයා හොඳට කරයි කියලා. ෆෝන් කඩේ මිනිහට මගේ ෆෝන් එකේ බැකප් එකක් අරගන්න කියපු එකට බොහොම ස්තූතියි. දැන් මගේ ළඟ ෆෝන් කඩේ මිනිහගෙ බැකප් එකයි ඔයාගෙ ෆෝන් එකේ බැකප් එකයි දෙකම තියෙනවා. ඔයා මාව බ්ලැක්මේල් කරන්න හිතනවා ...
ඔබ කැමති දිය; ඔබට හිතනලන්තය අතහැර දැමුණි ඒ ළිඳ බොන්නට නුසුදුසු බව කියමින් දැන් ඔබ පිරිසිදුම ජලය පමණක් බොන දිය සෙවල බැඳි ළිං කට පවා පිළිකෙව් කරන අත්හැර දැමුවාට පසුව, ජල තරංග නංවමින් පීනන මත්ස්‍ය රංචුව නොතකා ගල් කැට හෙළන එහෙම පෙරළියකින් පසුව ඔබ පිළිකෙව් කළ ළිඳ නොතකා යන්නැයි මට බල කෙරෙන දිය නොබොන්නැයි අවවාද කරන මේ සියුම්-දිගු විහිලුව නවතා දමනු යුතුය අප පිපාසය ...
ෆෝන් කඩේ පපායා හිතනලන්තය ‘මට සමාවෙන්න ඇවකාඩෝ’ වීදුරු පෙට්ටිය උඩින් එයාව තියපු ගමන්ම මම කිව්වා. ඒ වෙලාවෙ මගේ කටහඬේ තිබ්බෙ සීතල වෙව්ලීමක්. ඇවකාඩෝ පුරුදු හිනාවෙන් මගේ දිහා බැලුවා. ‘ඒකට කමක් නෑ පපායා. ඔයාට ඕන වුණේ අමොර්ගෙ හතුරගෙන් පළිගන්න කියලා මම දන්නවා. ඒත් අමොර් ඔයාව පාවිච්චි කළා විතරයි. බලන්න දැන් අන්තිමට වෙච්ච දේ!’ මගේ පරිපථ කැඩිලා-බිඳිලා, බෙල්ල ළඟ බොත්තම පවා කුඩු වෙලා තියෙද්දිත් මම ...
අබලි නගරයේ සමනල්ලු• හිතනලන්තය අපි හිටියේ උඩු බැලියෙන් වීදුරුවක් ඉඩ වැතිරිලා. වහලෙන් හිම වැටෙන්න පටන් ගත්තෙ ඒ වෙලාවෙමයි. කඩේ අයිතිකාරයා ගණකම, රතු පාට ජැකට් එකක් ඇඳගත්තා. ඊට පස්සෙ එයා ඉබන් වාඩි වෙලා හිටපු, කැරකෙන පුටුව පැත්තට හැරුණා. ඉබන් කමිස සාක්කුවෙන් ඇවකාඩෝ 0.3 අරගෙන වීදුරුව උඩින් තිබ්බා. ‘මොකක්ද සර් ප්‍රශ්නෙ?’ ඉබන් දිග හුස්මක් අරගෙන 0.3 එහෙට-මෙහෙට පෙරලන්න ගත්තා. මගේ පරණ ෆෝන් එකේ තියෙන පින්තූර ...
අමොර්ගේ ප්‍රේමාලාප• හිතනලන්තය ‘මට ඕන වුණේ අරූගෙ මුළු ගේම අළු කරලා දාන්න. අමොර් සති ගාණක් තිස්සෙ කඳුළු බිබී, අඬා අඬා හිටපු හැටි මමනෙ දැක්කෙ. ඒ වගේ දිව්‍ය අංගනාවකට වංචා කරන්න පුළුවන් මිනිහෙක් ඉන්නවද මේ තුන් ලෝකෙ? හහ්…මොකෝ නැත්තෙ!! ඔය ඉන්නෙ’ මම පණ කඩාගෙන දුවන්න පටන් ගත්තා. මේ ගිනි පෙට්ටි වගේ ගෙවල් අස්සෙන් දුවලා පාරට එන එක ලේසි නෑ. ගල්කිස්ස හන්දියට මම එද්දි ...
ඒත් මට මතක• හිතනලන්තය ලුහුව ඇවිදින අය ඉරිදාට මුහුදු වෙරළේ, තඹ වැල්ල පාගා, ඒත් රළ නොපාගා දමා හිස එළියට වේගයෙන් දිවෙන දුම්රියෙන් අල්ලා ගනිමි ලුණු රස වේදනාවෙන් බරිත අය සුළඟට විසිකර ගිය ඒත් මට තවම මතක බොත්තම් ලිහූ ඔබේ කමිසය කුපිත වූ සුළඟින් මඬින ලද සිහින් විලවුන් පුසුඹ සමඟින් මුහුණේම දැවටෙන වෙරළක් අහිමි මුහුදක සදාකාලයටම මා ගිල්වන ලද ජූනි කාංචනා අමිලානි• ජූනි 10• ...
පපායා දැල්වූ ගිනි හිතනලන්තය පාන්දර 5.16 ට අමොර් පණිවුඩයක් එවලා. මම නිදිමරගාතෙම ඒක කියවලා තිරය නිවා ගත්තා. ඒත් නිකමට වාගෙ ආයෙ තිරය පත්තු කර ගත්තා. ‘අපි මේ සම්බන්ධය නවත්තමු’ අමොර් කවදාවත් නැතිව හරි සිංහලෙන් පණිවුඩයක් එවලා. වෙනදට එයාගෙ පණිවුඩ එක්කො සිංග්ලිෂ්, නැත්නම් බරසාර ඉංග්‍රීසි. කෙටි පණිවුඩයක් ඇවිත් කියන්න කීප පාරක්ම සද්ද කරන්න මට සිද්ධ වුණා. රෑ ජාමෙ හතර වටේ පාටිවලට ගිහිල්ලා බීලා ඇවිල්ලා ...
ලව් කොටියා හිතනලන්තය මම දවසක් ‘සුපර් ඩෝරියෝ’ සෙල්ලම් කරමින් හිටියා. ජෙට් පැක් එකත් අරගෙන දිය අගලට උඩින් පියාඹලා යන්න විතරයි එතකොට ඉතිරි වෙලා තිබ්බේ. දිය අගලේ නිදාගෙන ඉන්න මකරා ඇහැරවන්නෙ නැතිව ගල් පඩිපෙළ උඩට ජෙට් පැක් එකේ නැඟලා යන එක ලේසි නෑ. තව එක ලයිෆ් එකයි ඉතිරි වෙලා තිබ්බේ. ඒ අව් අස්සේ ඉබන් ආවා ආතබූත නැතිව. සුදු පාට වයර් එකක් මගේ කකුල් ...
ඩමි මහත්මයා හිතනලන්තය ‘අනේ දෙයියනේ, මගේ උගුර වැඩ කරන්නෙත් නෑ මෙන්න හොරු, අල්ලපියෝ කියලා කෑ ගහලම. අනික අනිත් හැමෝමවම බේරගනියෝ කියලා කෑ ගහලා මට ඇතිවෙලා. එදා දැක්කනෙ වැඩේ. අර අසමජ්ජාති ෆෝන් එක නොදන්න එකෙක්ගෙ සාක්කුවේ බැහැගෙන ගිය ලස්සන. ම්හ්!! ඒවා වැඩක් නෑ එක අතකින්. පරණ කුණු!!’ ‘ස්…ස්…මේහ්…ටීටී…’ මම කතා කළේ මගේ එහා පැත්තෙ ෆුල් සූට් එකක් ඇඳලා බිම බලාගෙන ඉන්න ඩමි මහත්මයට. ...
ඉබන්ගේ කන්ද උඩ දේශනාව හිතනලන්තය මම මේ කිසි දෙයක් හිතලා කරපු දේවල් නෙවෙයි. ඔක්කොම නිකං ඔහේ පිළිවෙලට සිද්ධ වුණා විතරයි. මම හරි අවංක මිනිහෙක්. ඔව්…ඉතිං කාගෙත් හිත්වල ආසාවන් තියෙනවනේ. බියංකා ට මම කැමති බව ඇත්ත. මිකී මවුස්ට මම කැමති එයාට සිංදු කියන්න පුළුවන් නිසා. ලීනා මැක්ස් නිකං වාත්තු කරපු දේව රූපයක් වගෙයි. ඒත් අමොර්ට තරම් කාටවත් මාව තේරුම් ගන්න බෑ. අමොර් තමයි මගේ ලෝකෙ ...
ඒත් ඔබ ආස හිතනලන්තය මම රළ ඔසවාගෙන වෙරළට දිව එන ඇතැයි සිතා නිය ආලේපන ගැල්වූ පා මුදු ලූ සිනිඳු කකුල් රන්වන් වෙරළ අසබඩ කිංකිණි සිනා පාමින් වැල්ල මත පා ගිල්ලවමින් මීදුම පමණි කිංකිණි සිනා නැත ඈතින්-මෑතින්-සොරුන් මෙන් හරවාගෙන මුහුණු පාර දෙස සැර දමා හැරී යන මෝටර් රථ ඒ ඇතුළත, පා මුදු ලූ, නිය ආලේපන ගැල්වූ කිංකිණි සිනා අලංකාරය තරමක් කටුක විට කටුක කාලයක ...
බිංදුවයි දශම තුන (පුරුෂ) හිතනලන්තය එයා මාව කට්ට කළුවර ලාච්චුවක දාලා 'දඩෝං' ගාලා වැහුවා. තප්පර දෙකෙන් මම තිරයේ ලයිට් එක දාගෙන ඉබන්ගෙ ඊමේල් කියවන්න ගත්තා. මම කලින් නොදැක්ක අලුත් ලේබල් එකක් දැක්කෙ එතකොටයි. ලේබල් එකේ නම 'ටොම් ඇන්ඩ් සිරී'. ඒක ටිකක් සැක හිතෙන නමක්. ඉබන් කාටුන් බලන කෙනෙක් නෙවෙයි. අමොර් කාටුන් බලන්නෙත් නෑ. මම එකින් එක කියවන්න පටන් ගත්තා. හැම ඊමේල් එකකම ආමන්ත්‍රණය ඉංග්‍රීසි ...
චපල ඇවකාඩෝ හිතනලන්තය පොලිස් රාලහාමිලා දෙන්නා බිමට නැවිලා ඉන්න චික බොනීටා අල්ලන්න හදන කොටම කුඹුර පැත්තෙන් කළු බල්ලෙක් දුවන් ආවා. උගේ ඇස් ගිනි බෝල දෙකක් වගේ. පැන්න ගමන් මහත රාලහාමිගේ කකුලෙ බත් කෙණ්ඩ ඇල්ලුවා. එක හුස්මට කෙට්ටු රාලහාමිගේ කලවයේ එල්ලුණා. 'අමරසිංහ.....දුවපාං....හයියෙන් දුවපාං....කළු බලු පිල්ලියක් මගේ කකුලෙ කෑල්ලක් කෑවා. අයියෝ දුවපාං... මෙහේ වරෙල්ලා...මේ බල්ලට පොල්ලකින් ගහලා මරපල්ලා....යකුනේ....කට ඇරං බලන් ඉන්නෙ වරෙල්ලා.....' චික බොනීටා ...
චික බොනීටා හිතනලන්තය මම ඇස් පියාගෙන හිටියේ. එයා ළඟින් ආවේ අමුතු පර්ෆියුම් සුවඳක්. හැම තැනම අඳුරුයි. ඒත් ලයිට් කණු කිහිපෙකින් පොඩි එළියක් විහිදුණා. මට ඕන වුණේ එයාගෙ හැඩරුව බලාගන්න. කෝ කොහෙද මාව සාක්කුවෙන් එළියට ගත්තෙම නෑනෙ. ඒ අතරේ මාව නොනැවතීම වයිබ්රේට් වෙන්න පටන් ගත්තා. හා...ඔය මාව මතක් වෙලා තියෙන්නේ. අමොර් ගෙ ෆෝන් එකෙන් ඉබන් කෝල් ගන්නවා. මම කොහෙද අහලා පණිවිඩ එවනවා. ඔව්....දැන් ...
ඩමියයි-මමයි හිතනලන්තය ‘කෝ මගේ දුඹුරු පාට කොඩ්රොයිල් කලිසම?’ එයා බාගෙට ඇඳගෙන ගේ පුරාම දුවනවා. රැවුල කපලා හරියට මූණ හෝදගෙනත් නැද්ද මන්දා. බෙල්ලෙයි, උරහිසෙයි රැවුල් කොට. ඒ මදිවට ඉරිච්ච බැනියමක් ඇඳගෙන. එහාට-මෙහාට පැනලා වඩිගපටුන නටලා එයා කොඩ්රොයිල් කලිසමයි, සුදු පාට කපු කමිසෙයි ඇඳ ගත්තා. එතකොටම තමයි මාව වයිබ්රේට් වෙන්න පටන් ගත්තෙ. ස්ක්‍රීන් එකේ ‘අමොර්’ කියලා නමකුයි හින්දි නිළියෙකුගෙ පින්තූරෙකුයි වැටුණා. තනි සපත්තුවක් ...
ඇවකාඩෝ හදවත හිතනලන්තය “ඇවකාඩෝ 0.2 අමතන්න; අමතන්න. අපි ඔබේ පිළිතුරක් බලාපොරොත්තුවෙන් ඉන්නවා. අමතන්න; වහාම අමතන්න.” මාව ගැස්සිලා ඇහැරුණා. හදිස්සිය කොයි තරම්ද කියනවා නම් 5.30 ට සද්ද කරන්න ඕනා එලාම් එක 5.10 ට සද්ද කළා. පාන්දර 5.00 ඉදන් 6.00 වෙනකන් එලාම් 10 ක් විතර තියලා තියෙන නිසා හොඳයි. මට වැරැදුණා කියලා කාටවත් තේරුණේ නෑ. මමත් හෙමිහිට අතපය අකුලගෙන ආයෙ නිදාගත්තා. ඒත් ඒ මොකක්ද ...
වර්චුවල් මල් හිතනලන්තය එයා හිටියෙ ෆෝන් එක ඇතුළේ. ඉඩ නෑනෙ වැඩිය. ඉතිං සර්පයෙක් වගේ දගර ගහගෙන තමයි උන්නේ. ඒත් මම කතා කරපු ගමන් දුවගෙන එනවා. ඒක වෙන්නෙ මෙහෙමයි කියලා පහදන්න මට බැහැ. ඒ වුණාට මට අනුමානයෙන් කියන්න පුළුවන්. ෆෝන් එක ඇතුළ නිකන් සපත්තු පෙට්ටියක් වගේනෙ. වැඩිය වයර් ජාති නැති වුණාට තඹ තහඩු කීපයක් තියෙනවා. ඒවා දියසෙවල බැඳුණු පාටයි. එක තැනක කාණුවක් වගේ ...
ඊට පස්සේ ….. බීප්!!! බීප්!!! හිතනලන්තය එයා මං ගැන හිතන්නෙ කොහොමද? එයා හිතනවයි කියලා මම හිතන්නේ මොකක්ද? මේවා අලි විසාල පටලැවිලි සහිත දේවල්. ඒත් මගේ බැටරිය නිවිලා යන්න කලින් මේ දේවල් කොහේ හරි ලියලා තියන්න ඕනා. එදා සිකුරාදා දවසක්. මේසෙ උඩ උඩුබැලියන් අතට වැටිලා නිදාගෙනයි මම හිටියේ. බැටරිය සීයට 24යි තිබ්බේ. පවර් සේවින්ග් මෝඩ් එකටවත් මාව මාරු කරන්න එයාට සිහියක් නෑ. සුදු කොල්ලෙක් අලුතින් ගෙනාපු ...
ඇපල් ගෙඩියක බයිනරි ශක්තිය හිතනලන්තය හැම තප්පර දෙකකටම පාරක් ම ෆෝන් එක වයිබ්රේට් වෙන්න ගත්තා. පණිවුඩ එකක් පිටිපස්සෙ ඒකට ම අදාළ අනු පණිවුඩ 20–30ක් පෝලිමට හිටගෙන ඉන්නවා මට පෙනුණා. සමහර පණිවුඩවල තිබ්බ නො ඉවසිලිමත් ගතිය මට පෙනුණා. ඒවා තමන් දාගෙන ඉන්න සනීප සපත්තු පවා හොලවනවා මට පේන්න ගත්තා. නො ඉවසිල්ලෙන් නැවෙන-දිගෑරෙන කමිස අත් දිහාව මම බලාගෙන හිටියා. මේසයේ කෙළවරට තට්ටු කරන කප්පාදු නොකරපු නියපොතු ...
එකයි බිංදුවයි එකයි• හිතනලන්තය මම හිටියේ උකුල උඩ. ඒක හරිම සුවපහසු ඉරියව්වක්. කෙනෙක් වෙනුවෙන් මුළු හදින්ම කැප වෙනවා කියන්නෙ මේකට වෙන්න ඇති. ඒක වැහිබර ඉරිදාවක්. සමහර ඉරිදාවල මට කරන්න වැඩක් නැතිම තරම්. සතියේ දවස් නම් එහෙම නෙවෙයි. උදේ 6.00 ට ලැබෙන නොනවතින තෙරපුමක් එක්ක කෑ ගහගෙන මට නැගිටින්න සිද්ධ වෙනවා. ඊට පස්සෙ ඉතිං එක සීරුවට වැඩ. “එලාම් එක ඕෆ් කරන්න” “චේතන් භගත්ගෙ ඊ ...