ඉන්දියාවෙන් පැමිණි ලංකාවේ අපෝස්තුළුතුමා 2 කොටස හරීගේ හීනලන්තය කලින් කොටස අපි නැවත්තුවෙ කොහෙන්ද? ආ.. ජුසේ වාස් පියතුමාත් එතුමාගේ සහයක ජෝනුත් ලංකාවට එන්ඩ පිටත්වෙච්ච තැනින්නෙ. එහෙනම් අද එතන ඉඳන් කතාව කියවමු. ඊට කලින් නොකියවපු අය කලින් ලිපිය කියවලා එනවානම් තමයි හොඳ. ජුසේවාස් පියතුමා කියන්නෙ කවුද? ජෝන් කියන්නෙ කවුද? ඒගොල්ලො ලංකාවට ආවෙ ඇයි? කියන ප්‍රශ්නවලට උත්තර හොයාගන්න නම් කලින් ලිපිය කියවන්නම වෙනවා. මෙන්න එහෙනම් ඒ ලිපියට යන පාර.ඉන්දියාවෙන් පැමිණි ලංකාවේ ...
ඉන්දියාවෙන් පැමිණි ලංකාවේ අපෝස්තුළුතුමා 1 කොටස හරීගේ හීනලන්තය ස්ථානය : කළුතර, කලමුල්ලේ මුදලාලි කෙනෙකුගේ නිවසක්.දිනය/වේලාව : 17 වෙනි ශතවර්ෂයේ අගභාගයේ අවුරුද්දක දෙසැම්බර් මස 24 වෙනිදා / දහවල්වැරහැලි ඇදගත් යාචකයෙක් මුදලාලිගේ නිවස අසලට පැමිණෙයි. "මුදලාලි මහත්තයෝ කෑමට යමක් දෙන්න පුළුවන්ද?"මුදලාලි මහ හඬින් සිනාසෙයි. "මොකද බැරි. උඹ හරිම වාසනාවන්තයි. අද මෙහෙන් විතරක් නෙමෙයි. මේ පළාතෙ ඕනෑම ගෙදරකින් කෑම හොයාගත්තැකි. අද රෑ නත්තල්නෙ මනුස්සයො. අපේ ජේසු ස්වාමිදරුවො ඉපදිච්ච දවස. අද අපේ ...
ශු. බයිබලය හරීගේ හීනලන්තය ශු. බයිබලය කියන්නේ කිතුනුවන්ගේ ආගමික ග්‍රන්ථය බව නොදන්නා කෙනෙක් ඉන්නවානම් මෙතනින් එහාට මේ ලිපිය නොකියවන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටින්න කැමතියි. විහිළුවට වගේ එහෙම කිව්වෙ බයිබලය කියන්නෙ කිතුනුවන්ගේ ආගමික ග්‍රන්ථය බව නොදන්නා කෙනෙක් නැති හන්දා. ඉතින් කාටවත් මේ ලිපිය කියවීමට අවශ්‍ය මූලික සුදුසුකම නැතැයි කියා මා හිතන්නේ නෑ. එහෙනම් වැලවටාරම් කියවන්නේ නැතුව ලිපිය කියවමු.ජුදෙව්වරුන් හා කිතුනුවන් පොදුවේ තමන්ගේ ආගමික ග්‍රන්ථය විදිහට ...
ජේසුස් වහන්සේගේ ප්‍රසිද්ධ ජීවිතයේ දෙවෙනි කොටස හරීගේ හීනලන්තය ජේසුස් වහන්සේගේ ජීවිත කතාව බොහෝම සරලව කෙටියෙන් කියාගෙන යන අතරෙ, මේ වෙනකොට කොටස් දෙකක්ම කියලා ඉවරයි. මම මුලින්ම මේ කතාව කොටස් හතරකට බෙදුවා.1. ජේසුස් වහන්සේගේ උපත (මෙතනින් කියවන්න.)2. ජේසුස් වහන්සේගේ ප්‍රසිද්ධ ජීවිතය3. ජේසුස් වහන්සේගේ දුක් විඳීම හා මරණය4. ජේසුස් වහන්සේගේ මරණින් පසු ජීවිතය හා දෙවන පැමිණීම පිළිබඳ විශ්වාසයන්ලිපි හතරකින්ම දාන්න පොරොන්දු උනාට දෙවෙනියට ලියවුනු ලිපිය බොහොම දිග වෙච්ච නිසා ...
සුභ නව වසරක් වේවා! හරීගේ හීනලන්තය එක දවසක් උදේ තරුණ වයසේ හිටපු ළමයි පිරිසක් එක්තරා දේශන ශාලාවකට වෙලා බලන් හිටියෙ දේශකතුමා එනකන්. දේශනය සඳහා දේශකතුමාගේ මේසය සූදානම්ව තිබුණා. චාම් මේස ඇතිරිල්ලක් මේසය වසාගෙන සිටිද්දී රෝස මල් පිරුණු පෝච්චිය මේසයට අලංකාරයක් ගෙනදුන්නා. එහෙත් එතන සිටි ළමුන්ගේ සිතගියේ මේස ඇතිරිල්ලට වත් මලින් පිරීගිය බඳුනටවත් නොවේ. වෙනදා මේසය මත නොදකින අමුතුම දේවල් කීපයක් එහි තිබුනා. තරමක් කට ලොකු භාජනයක් ...
භූමිකම්පාවක් ආවොත්... හරීගේ හීනලන්තය භූමිකම්පාවක් කියන්නෙ අතිශය විනාශකාරී ස්වාභාවික විපත්තියක් බව අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ. භූමිකම්පාවක් තවත් භායනක වෙන්න හේතුවක් තමයි කිසිම විදිහකින් ඒ පිළිබඳ අනාවැකි කීමට නොහැකි වීම. සුළි සුළං, ටොනාඩෝ, සුනාමි වැනි තත්වයන් වලදී අනතුරු ඇඟවීම් කළහැකි වුවත් භූමිකම්පාවක් සිදුවීමට පෙර ඒ ගැන අනාවැකි කියන්න තරම් තවමත් තාක්ෂණය දියුණු වී නෑ.'භූමිකම්පාවක් වෙන්නේ කොහොමද?' කියලා හැමෝම දන්නවානෙ. ඉතින් ඒ ගැන නොකියා භූමිකම්පාවකදී එයින් ...
නත්තල් කන්නේ කොහොමද? හරීගේ හීනලන්තය පාසල් මවගෙන් සමුගෙන බොහෝ කල් ගතවී තිබේ. එකල දැනසිටි බොහෝ මිතුරන් දැන් තාත්තලාය. දරුවන්ගේ වැඩකටයුතුත් රාජකාරී කටයුතුත් අතර හිරවී ඇති වැඩිහිටි ජීවිතය විරාමයකින් තොරව ඔහේ ගලායමින් තිබිණි. නමුත් හදිසියේ සියල්ල වෙනස් විය. ඇත්තෙන්ම මොහොතකට ලද විරාමයක් සියල්ල වෙනස් කළේය. හදිසියේම මාගේ පැරණි මිතුරන් කිහිපදෙනෙක් හමුවීමට, ඔවුන් සමඟ සල්ලාපයේ යෙදීමට හා උගුරක් තොල ගෑමට අවස්ථාව පෑදිණි. මෙදින කලකින් ලද විරාමයෙන් ප්‍රයෝජන ...
ජුදයින්ගේ කැලැන්ඩරේ හරීගේ හීනලන්තය මේ ඉන්නෙ මම. මම ජුදෙව්වෙක් බව ඕගොල්ලො දන්නවා ඇතිනෙ. නොදන්න අයත් ඇති ඉතින්. ජුදෙව්වෙක් කියනවාට අමතරව ඉශ්රායලයෙක් කිව්වත් වරදක් නෑ. කැමතිනම් හෙබ්රෙව්වෙක් කියලා උනත් කියන්න පුළුවනි. මොකද හෙබ්රෙව්වන්ගෙන්(Hebrew) කොටසක් තමයි ඉශ්රායෙල්වරු (Israelite) උනේ එයිනුත් කොටසක් තමයි ජුදෙව්වො ( Jewish) උනේ. මම දැක්කා මේ විස්තර බ්ලොගයක තියෙනවා. මෙතනින් ගියොත් ඒ විස්තර බලන්ඩ පුළුවනි.ඉතින් යාළුවනේ කොහොමද තොරතුරු. මම මේ මගේ දිනපොත ලියන ...
ජේසුස් වහන්සේ (ජීවිත කතාව සරලව කෙටියෙන්) අද කියන්නෙ ප්‍රසිද්ධ ජීවිතය ගැන හරීගේ හීනලන්තය කලින් කතාව අපි නැවැත්තුවෙ ජේසුස් වහන්සේ දේව මාළිගාවෙදි නැතිවෙලා ආයෙ හම්බුනාට පස්සෙනෙ. කලින් කතාවෙදි ප්‍රතිචාර දක්වපු බොහෝදෙනෙක් කිව්වා වගේ ජේසුස් වහන්සේගේ ජීවිත කතාවේ අවුරුදු 12ත් 30ත් අතර කාලය පිළිබඳව බයිබලයේ සඳහනක් නෑ. අද තමයි කතාවෙ දෙවෙනි කොටස. ඉතින් ඒක පටන් ගනිද්දිම ජේසුස් වහන්සේට වයස අවුරුදු 30ක් වෙන්නෙ ඒ නිසාමයි. ඔන්න මඟ හැරිච්ච කෙනෙකුට පුළුවන් පළමු කොටස කියවලාම ආරම්භයක් ගන්න. මතකනෙ ...
ජේසුස් වහන්සේ (ජීවිත කතාව සරලව කෙටියෙන්) හරීගේ හීනලන්තය එක්තරා ඉතිහාස කතාවක් කියන්ඩ යද්දි (මේක බ්ලොගයේ කෙනෙක් අහපු ප්‍රශ්නයකට පිළිතුරක්) මට තේරුනා ඒ ඉතිහාස කතාව හොඳින් තේරුම් ගන්න නම් ජේසුස් වහන්සේගේ ජීවිත කතාව දැනසිටීම හොඳ බව. ඉතින් ඒ ඉතිහාස කතාවට මූලාරම්භයක් විදිහට තමයි මේ කතාව කියන්නෙ. මේ කතාව කොටස් හතරයි.1. ජේසුස් වහන්සේගේ උපත2. ජේසුස් වහන්සේගේ ප්‍රසිද්ධ ජීවිතය3. ජේසුස් වහන්සේගේ දුක් විඳීම හා මරණය4. ජේසුස් වහන්සේගේ මරණින් පසු ජීවිතය හා ...
ලෝකයේ ලස්සනම පල්ලි (හැබැයි පින්තූර තමයි) හරීගේ හීනලන්තය අද පොඩි වෙනසකටත් එක්ක පින්තූර ටිකක් විතරක් දාන්න හිතුවා. ඉතින් මම අද ඔයාලාට පෙන්වන්න යන්නෙ ලෝකයේ ලස්සනම කතෝලික පල්ලි කිහිපයක්. ඇත්තම කිව්වොත් මේ ලිපිය ඉංග්‍රීසි ලිපියක අමු කොපියක්. ඒ ලිපියට පාර අන්තිමට ඇති. පල්ලි ලෑස්තුගත කරලා තියෙන්නෙත් ඒ ලිපියෙ විදිහටම තමයි. හැබැයි මම ඒ ලිපියට වඩා පින්තූර එකතු කළා.10. ස්වර්ගාරෝහණයේ බැසිලිකා සිද්ධස්ථානය (Basilica of the Shrine of the Assumption, Baltimore, ...
ඇති යංතං පොරොන්දු වූ දේශයටත් ආවා.. පොරොන්දු වූ දේශය කරා (අවසාන කොටස) හරීගේ හීනලන්තය ආබ්‍රහම් කියන්නෙ යහපත් ජීවිතයක් ගෙවපු එඬේරෙක්. එඬේර යුගයේ එඬේරු කියන්නෙ තැනින් තැන ගිය මිනිස්සුනෙ ඉතින් ආබ්‍රහමුත් තැනින් තැන යන ජීවිතයක් තමා ගත කළේ. යහපත් පුද්ගලයෙකුවෙච්ච ආබ්‍රහම්ගෙන් පැවත එන ජාතියට ඔවුන්ටම කියා රටක් දෙන්න දෙවියන් වහන්සේ පොරොන්දු වෙනවා.එහෙම පොරොන්දුවෙච්ච රටට තමයි 'පොරොන්දු වූ දේශය' (Promised Land) කියන්නෙ. ඕගොල්ලොන්ට මතකයි නේද ආබ්‍රහම්ගෙ මුණුබුරෝ දෙන්නා, ජාකොබ් හා ඒසව්. මතකනෙ ජාකොබ් තමුන්ගෙ සහෝදරයව රවට්ටලා ...
නොවැම්බරේ මොකෝ කරේ හරීගේ හීනලන්තය ගිය නොවැම්බර් මාසෙ තමයි මම මුලින්ම කතෝලික චාරිත්‍ර ලිපියක් ලිව්වෙ. ඒ වගේම ඒ මාසෙ එක දිගට දවස ගානෙ ලිපි පහක්ම දැම්මා. දවස ගානෙම දාපු නිසාද කොහෙද ඒවට එච්චර කියවන අයගේ අවධානය ලැබුනේ නැතිද කොහෙද. ඉතින් ආයෙමත් ඒ ලිපි වැදගත් වෙන කාලසීමාවක් ඇවිත් තියෙන නිසා ඒ ටික ආපහු මතක් කරන්න හිතුනා. මළවුන්ගේ නොවැම්බරය... නොවැම්බර් මාසෙදි කතෝලික සුසාන භූමි වගේම පොදු සුසාන ...
හරී ජනපති ආරක්ෂකට අරී හරීගේ හීනලන්තය මම සිස්සත්වෙ ඉවර කරලා ටික කලක් යනකොට අපිට ටිකක් හොඳ කල දසාවක් ලැබුනා. මුදල් හදල් එහෙම ටිකක් තිබුනා. ඒ පිහිටෙන් මට පුළුවන් වුනා රටේ තොටේ ලොකු ඉස්කෝලයක් කියලා හඳුන්වපු එකකට ඇතුල්වෙන්න. ඒ කාලෙ ජීවිතේ හරිම ලේසියෙන් ඇදිලා ගියා. හරියට පල්ලමක යන ෆුට් බයිසිකලයක් වගේ. කලින් වගේ ඉස්කෝලෙට පයින් ගාටන්නවත් පාන්දර නැගිටලා පුටාර් එකේ ලොකු අම්මලාගෙ දිහා යන්නවත් සිද්ධ වුනේ නෑ. ...
ස්වයං-විඳවීම 2 හරීගේ හීනලන්තය ස්වයං-විඳවීම 1 ලිපියේදී තමුන්ටම පහරදීගන්නා කසකරුවන් ගැනත් ජේසුස් වහන්සේ මෙන් කුරුසයේ ඇණගැසුම්කන්නන් ගැනත් අපි කතාකළානෙ. අද ලිපි මාලාවේ අවසාන ලිපිය බලමු.කසපහර ගසාගැනීමටත් කුරුසියේ ඇණ ගසාගැනීමටත් අමතරව නිරාහාරව සිටීම ආදී එතරම් දරුණු නොවූ ක්‍රියා මඟින්ද සිරුරට පීඩා ගෙනදෙන්නෝ සිටිති. නිරාහාරශීලයට කදිම උදාහරණයක් ලෙස ඉස්ලාම් භක්තිකයන්ගේ රාමසාන් සමය සඳහන් කළ හැක.පෙර කී කාරණා මෙන් නොව නිරාහාර ශීලය කතෝලික සභාව විසින් ද අගය ...
ස්වයං-විඳවීම 1 හරීගේ හීනලන්තය කසයකින් තමුන්ටම ගහගෙන එහෙම නැත්නම් වෙන විදිහකින් තමුන්ගෙ ඇඟට රිදවීමක් කරගෙන ආගමික භක්තිය පෙන්වන මිනිස්සු ඉන්නවා කිව්වොත් විශ්වාස කරනවද? විශ්වාස කරන්ඩම වෙනවනෙ. බලන්ඩකො හින්දු පෙරහැරක් ඒකෙ කටුගහගත්තු අය කොයිතරම් යනවද? ඇයි දේවාලවල කෙරෙන ගිනි පෑගීම්. මම හිතන්නෙ පන්සල්වලත් තියෙනවා. ඒවාත් ඉතින් සිරුරට වදයක් දීමෙන් තමුන්ගෙ ආගමික භක්තිය පෙන්වීමක්ම තමයි. අද මම කියන්න යන්නෙ ඒ විදිහට සිරුරට වදදෙන කිතුනුවන් ගැන. ...
සිංහල බ්ලොග් පටන් ගත්තේ කවුද? හරීගේ හීනලන්තය සිංහලෙන් මුලින්ම බ්ලොග් එකක් ලිව්වෙ කවුද? මම හිතන්නෙ බ්ලොග් ලෝකෙ ගොඩාක් දෙනෙක් දන්නෙ නෑ? ඒ ගැනත් කියන ගමන් මගේ බ්ලොග් ලිවීමේ ඉතිහාසය ගැනත් කියන්න තමයි මේ සූජානම. මුලින්ම කියලා ඉන්නම්කො මගේ බ්ලොග් ඉතිහාසෙ. මට හදිස්සි වැඩකුත් තියෙන එකේ කෙටියෙන්ම තමයි කියන්න වෙන්නෙ. අනික ඉතින් මගේ බ්ලොග් ඉතිහාසය දැනගත්තා කියලා වෙන කෙනෙකුට පලකුත් නෑනෙ. ඒක හින්දා ඔන්න කෙටියෙන්ම ගහලා දානවා.මේ සිද්ධිය ...
පොරොන්දු වූ දේශය කරා.... (12 කොටස) හරීගේ හීනලන්තය මෙතෙක් කතාව :-පොරොන්දු වූ දේශය කරා.... (1 කොටස) පොරොන්දු වූ දේශය කරා.... (6 කොටස)පොරොන්දු වූ දේශය කරා.... (2 කොටස) පොරොන්දු වූ දේශය කරා.... (7 කොටස)පොරොන්දු වූ දේශය කරා.... (3 කොටස) පොරොන්දු වූ දේශය කරා.... (8 කොටස) පොරොන්දු වූ දේශය කරා.... (4 කොටස) පොරොන්දු වූ දේශය කරා.... (9 කොටස) පොරොන්දු වූ දේශය කරා.... (5 කොටස) පොරොන්දු වූ දේශය කරා.... (10 කොටස) ...
ඔයා බොනවද? හරීගේ හීනලන්තය එක්තරා දවසක ඉර බහින හවසක මා සිටියේ මුහුදු වෙරළකය. එදා මුහුද වෙනදාට වඩා හරිම ලස්සනයි වගේම අමුතු කතන්දරයක් කියාපාන්නාක් වැනි හැඟීමක් මට දැනුණි. ඈතින් ඇදී එන සුළඟත් සමඟ අත්වැල් බැඳගෙන නටමින් ප්‍රීතියෙන් වෙරළට ඇදෙන රැල්ල නවතින්නෙ ඔවුන්ගේ සම්බන්ධයට එරෙහිව නැඟී සිටින සතුරෙකු වන් ගල්පරයක හැපීමෙනි. ගල්පරය අභිබවා රැල්ල ගෙනයාමට අපොහොසත් සුළඟ ද රැල්ල හැරදමා මෙගොඩ වදිද්දී තනිවූ රැල්ල නැවතත් මුහුදටම ...