මහාමාරියේ කුමාරයා හකාවතී|teraki මහාමාරියේ කුමාරයා ”මිනිස්සු නොපෙනෙන්න පටන් ගත්තම මම මේ රට පාලනය කරන්නේ කොහොම ද? අඩුම තරමින් රටේ පාලකයා වශයෙන් මම වත් රටේ මිනිස්සුන්ට පේන්නේ නැත්නම් කොහොමද මිනිහෝ මම මේ රට පාලනය කරන්නේ? මමවත් නොපෙනී යාමෙන් වලක්වා ගන්නට ක්‍රමයක් නැද්ද?”රාජ්‍යයේ මුහුදු බඩ ප්‍රදේශ වල වාසය කරන මිනිසුන්ගේ අත්වල සහ පාවල නියපොතු මැකී යාමක් හදිසියේ සිදුවූයෙන් ඉමහත් ත්‍රාසයට පත් ගැහැණුන් සහ පිරිමින් ...
බිත්ති හරහා පෙරටම... හකාවතී|teraki බිත්ති හරහා පෙරටම...මැජික් ශිල්පියාගේ ගෙලට තොණ්ඩුව දමා මුහුණ කළු ආවරණයකින් වසා දමද්දීද ඔහුගේ දෑස් දීප්තියෙන් බබළමින් තිබූ බවත් පෝරකයේ යටි තට්ටුවේ හරි මැද්දෑවේ ඔහු සිටුවා අත පය බැඳ සෘජු කාය විලාසෙන් සිටිනු තමන් හොඳින්ම දුටු බවත් ලීවරය ඇද ඔහුගෙ සිරුර මළ පුඩුව තද වී එල්ලුම් ගහේ කඹය රැඳි කුඹගසේ මුදුනතේ එල්ලී කඹයේ දැඩි බව කුඹයට දැනෙද්දී ඔහු පොළවට සිරස්ව අවලම්බාකාරයෙන් ...
සුජාත පුත්‍රයන්ගේ වික්‍රමය හකාවතී|teraki "මට කවි පැටියෙක් හදා ගන්න ඕන! "කවියාගේ මව ගැස්සී බලා සිටිද්දීම ඇයව කරට උස්සා ගත් කවියාගේ පියා දංගොල්ලට එපිටින් වූ කුඩා වණ රොදට ඇයව ඉමහත් වේගයෙන් රැගෙන ගියේය. ක්ෂණයකින් කවියාගේ මවගේ රෙද්ද කඩා දැමූ හෙතෙම ඇයව උස්සා ගස් දෙබලක හිර කරගෙන සිය යටි කයෙන් පහර දෙන්නට වූයෙන් අසමතුලිත වූ ගස් දෙබල පොලව දෙසට බර වීමත් සමගම ඇයගේ යටි කය ඉහලට ...
On Line පාංශුකූල හකාවතී|teraki On Line පාංශුකූලමහාචාර්යවරයා කුදලාගෙන විත් අඳුරු කුටියකට දමා එහි වූ දැවැන්ත යකඩ දොර වසා දමන ලදී. දින තුනක් ඝණ අන්ධකාරයේ සිටි හෙතෙම හතරවන දිනයේ දී යකඩ දොර හැර බලද්දී මරණාසන්නව සිටියෙන් ඔහුගේ දෙකකුලින් ඇද කුටියෙන් එළියට ගත් වදකයෝ ඔහුව වත්තං කරගෙන ගොස් කොන්ක්‍රිට් බංකුවක් මත හොවා මුහුණට වතුර ඉස බලා සිටියහ."කෝ උඹගේ ලියවිල්ල හංගපු තැන? කියපං දැංවත්? "මහාචාර්යවරයා දෙනෙත් හැර ...
ක්ලෝප්‍රොමයිසින් තීන්ත කුප්පිය හකාවතී|teraki "මම උඹව දික්කසාද කරන්නේ නැහැ. පුළුවන් දෙයක් කරපං."ඔහු දුරකතනය විසන්ධි කළේය. ඩිස්පෙන්සරියේ දොරගුළු ලෑවේය. මෝටර් රථය තුළට වන්නේය.රිය පණ ගැන්විණි.මොටෝරිය සීඩී ධාවකයේ තැටිය මතින් සීටී ප්‍රනාන්දු සිය මධුර ස්වරය අවදි කරයි. තාර පාරේ අඳුරු වාටි අස්සෙන් සීටී ගේ රුව මතුවෙයි. සුමධුර හඩ රිය ඇතුළ සනීප කුෂන් මතුපිට හැපෙමින් කන් පුරවයි."මා කුඹුරේ සිට මුළු දවසේදෑත දෙපා වෙහෙසීපැලට යන්නෙමි මම මගේසැන්දෑ වුනා ...
ව්‍යාකරණ බිඳුනු සිහින [18+] හකාවතී|teraki ව්‍යාකරණ බිඳුනු සිහිනජීවිතයම ඇනග්රමයකි. සියළු ජීවිත තුළ ඇත්තේ ද එකම සිදුවීම් ය. ව්‍යාකරණය නිසා ඒවායේ සමහරකට තේරුම් ලැබෙන වගන්ති වීමට වාසනාව ලැබේ. අනිත් ඒවා සියල්ල විකාර බවට පත්වේ.***ඇයගේ සිරුර තුවාල වලින් වැසී ගොස් තිබුණි. ඔහු ප්‍රාණවත් ලිඟුව ඒ සියලු තුවාල තුල ඔබමින් සිරුර පුරා ඇවිද්දේය. අවසානයේ නොසිතු තැනක තිබී නිවැරදි තුවාලය ඔහු සොයා ගත්තේය. ඔහුට අවශ්‍ය වූයේ සිය ලිඟුව ...
වෘක්ෂ බන්ධනාලංකාර සූත්‍රය හකාවතී|teraki වෘක්ෂ බන්ධනාලංකාර සූත්‍රය ලංකා නමැති දූපත් රාජ්‍යයේ සියළු රුක්හි පුෂ්පයෝ එකක් හෝ දෙකක් පිපී තිබුණි. ගස් කඳේ කවුරුන් හෝ කැමැත්තෙන් බැඳී තිබුණි. එහි නිදාන කතාව කියහු නම් මෙලෙසේ යැ.ප්ලෝයම පටක තුළ රුධිරය ගලා යද්දී, ගස් කඳන් හෘදය සාක්ෂියේ හඩින් ලබ්ඩබ් ගාද්දී, මිනිස්සු ගස් කඳන් බදා ගෙන සිපාචාරයෙන් වැළඳ, උනුන් හා අනුරතියෙන් ඔද වැඩී, අනුරාගික ගස්පොතු ලෙව කමින් සංසාර්ගාභිමුව පිපිරෙන්නට ලං ...
පාසාණ යන්ත්‍ර මහා භාණ්ඩාගාර සූත්‍රය හකාවතී|teraki රාජෝත්තමයාණන් වහන්සේ රාජ භාණ්ඩාගාරය සංචාරය කරනු පිණිස වීදියට බට හොත්තේ දහසකුත් හස්තීන් පිට නැගි දිගු දුර මෙහෙයුම් බලකායේ න්‍යෂ්ටික අවි හිස දරාගත් ජාන ඉංජිනේරු තාක්ෂණයෙන් අලි ඩීඑන්නේ සහ මකර ඩීඑන්නේ මුහුකර නිමැවුනු හෝමෝසේපියන් ජාතික මිනිසුන් දහසක් සමග පූර්ණ ආරක්ෂාව යටතේය. භාණ්ඩාගාරය පිහිටා තිබුණේ හිමාලයට නොදෙවෙනි මහා ගිජිකුළු පව්වේ හුදකලා ගිනි කන්දක් පාමුල යොදුනක් යටින් වූ උමගක කෙළවරය.භාණ්ඩාගාරය ට ඇතුළු ...
බීට් රූට් ලේ හකාවතී|teraki බීට් රූට් ලේඇය සියල්ලන් මවිතයට පත් කරමින් බීට් අල තැම්බූ වතුර රුධිර පාරවිලයනය සඳහා සාර්ථකව යොදා ගත්තෙන් ස්වර්ගය පෘථිවිය මතට පාත් වූයේ හදිසියේම ස්වර්ගයේ සිදු වූ බර වැඩි විමේ ප්‍රතිඵලයක් ලෙසටය යන්න සාක්ෂාත් වූයේ පෘථිවියෙන් අර්ධයක් ජනගහණය මාස තුනක් වැනි කෙටි කාලයක් තුල ස්වර්ගස්ථ වූයෙන් ස්වර්ග ලෝකයේ ගුරුත්ව කේන්ද්‍රය විතැන් වීමෙන් මේ අලකලංචිය සිදු වූ බව තහවුරැ කළේ පුරා ...
ඔහු වෙනුවෙන් ලියූ අපූරු යතුරුපුවරුව හකාවතී|teraki ඔලිම්පියා වර්ගයේ යතුරුලියනයක් ඔහුට මිළ දී ගන්නට මුදල් ලැබුණේ එක්තරා අපූරු ආකාරයකටය. එනම් මීට වසර තිස්පහකට පෙර අනපේක්ෂිත ලෙස නිර්භීතම පුවත්පත් කලාවේදියා සම්මානයට පාත්‍ර වූ අවස්ථාවේ රජයෙන් ලද මුදල් ත්‍යාගයෙනි. එකල ඔහුගේ නිර්භීත ක්‍රියාව වූයේ බෝගල පතලක අධික වැසි වැටීමෙන් පසුව පස් කඳු කඩා වැටී පොළව යට සිරව හුන් කම්කරුවන් පිරිසක් බේරා ගන්නා අතිශය දුෂ්කර අන්තරායකර බිම් ගුහා හාරාගෙන ගිය ...
ලිඟු බිත්තිය හකාවතී|teraki ඇය ඉමහත් පීඩාවෙන් සිටියාය. ඇගේ සර්වාංගයම තෝන්තු ගතියකින් පෙලෙන්නේ යැයි ඇයට සිතුණි. ඉරිදා උදෑසන පුවත් පත ඇගේ ආලින්දයේ කනප්පුව මත තබා ගොස් තිබුනි. ඇය පිටු කීපයක් දිග හැර පිටුවල තිබූ නොයෙකුත් පින්තූර බලමින් සිටින්නට වන්නී නොයෙකුත් ගැහැණු පිරිමි සිරුරු මතුපිට රේඛාවන් විවිධ කෝණවලින් ඩැහැගත් ඡායාරූප ඇගේ සිත කිතිකවනු දැනෙන්නට විය. ඒ සියළු රූප රේඛා කිසිදු වැදගැම්මකට නැති රසකළ කොන්ඩම් සින්තටික් ...
මහා ජල පාතනය හකාවතී|teraki ඒ නොපෙනෙන සියල්ල විශ්වාස කරන්නා වූ ද පෙනෙන්නට තිබෙන සෑම දෙයක්ම අවිශ්වාස කරන්නා ද වූ මිනිසාගේ යුගයයි.භාෂාවේ තර්ක ශාස්ත්‍රය ඉපදෙමින් සිටි සමයයි.කාලය මැනීම පිළිබඳ අදහසක් කිසිම ප්රාණියෙකුට නොමැති වූයෙන් දරැවන් ද දෙමව්පියන් ද එකිනෙකා මතක නොතබාම ජීවත් විය. පරම්පරා අතර වෙනසක් ගැන ද කිසිවෙකුට කිසිම අවබෝධයක් නොවුනෙන් පියවරැන් සමග දියණියෝද සහෝදරියන් සමග සහෝදරයෝ ද පුතනුවන් සමග මව්වරැ ද අහඹු ලෙස ...
ඊවා ලූනා සහ අනුර හකාවතී|teraki ඊවා ලූනා සහ අනුරමරණයට නිශ්චිත හේතුවක් අවශ්‍ය ද?නැත. කවදාවත් අවශ්‍ය නැත.හොඳයි මේ කතාව අහන්න.අනුර සන්නද්ධ කණ්ඩායමක් ඇවිත් කුදලං අරන් යන්නේ හරියටම රාත්තිරි හතට බොරලැස්ගමුවේ හන්දියට කිලෝමීටර දෙකක් එහායින් තිබ්බ සුගත් සර්ගේ රාත්‍රී පංතිය අවසන් වෙන වෙලාවෙමයි. ඒ සිද්ධිය අපි දැනගත්තේ පංතියේ හිටිය කකුලක් රොට්ටි වෙච්ච සුගන්ධිකා කවුරැත් පිට වෙලා ගියාට පස්සේ හෙමින් හෙමින් තාත්තා බයිසිකලෙන් එනතුරැ පංතියේ ළමයි ශ්රමදානෙන් හදාපු ...
මිරැන්ඩා හකාවතී|teraki රතුපාට නිල්පාට කොරහැඩි දිලිසෙන සර්පයා සිය සියුම් දිගැටි දෙපෙති දිව "සුරුස්... සුරුස්" හඩින් පිඹිමින් ජනේලයේ මළකඩ කෑ යකඩ පොලු අතරින් කාමරයට සිය හිස ඇතුල් කරද්දී ගැබ්බර සඳලතා තවත් තම උදරය යහන් ගැබේ සුසුදු පලස මත සීරුවට බර කර නින්දේ පසු වූවා ය. රතු නිල් පැල්ලම් අතර රන්වන් කොරපොතු රටාවේ දිස්නයෙන් දිලිසෙන සර්ප බඳ කළු පාට ජනෙල් පොල්ලෙන් එතී පහලට චලනය ...
ශ්‍රම ශක්ති විප්ලවය හකාවතී|teraki ශ්‍රමය නැමැති සංගීතය නිසා මම වොල්ගා නදිය වෙත ඇදී ගියෙමි. අද වුවද එම ශ්‍රමකාමී ගීතය මගේ හදවත ප්‍රීතිමත් ලෙස මත් කරවා ලයි. ශ්‍රමයේ වීරෝදාර කාව්‍යයේ රසය මට ප්‍රථම වතාවට වින්දනය කිරීමට හැකි වූයේ කවදා දැයි මට තවමත් ඉතා හොඳින් මතක ඇත.මගේ සරසවි - මැක්සිම් ගෝර්කිඑක්ස් මහත්තයා අත්සන ගසා දමා ඉක්මනින් කාර්යාල ගොඩනැගිල්ලෙන් මහමගට පැන සිය දෑතින්ම තාරපාර හාරා මහ පොලව ...
ඇය ශෝකී නම් වූ ඇස්ටරොයිඩයයි හකාවතී|teraki ඇය ශෝකී නම් වූ ඇස්ටරොයිඩයයිමේ අහන්න කෆ්කා. දැන් ඔයා අත්දකින දේ තමයි හුඟාක් ග්‍රීක ශෝකාන්තවල ගරු අරුත වෙලා තියෙන්නේ. මනුස්සයා තමන්ගේ ඉරණම තෝරා ගන්නේ නැහැ. ඉරණමයි මනුස්සයා ව තෝරා ගන්නේ. ඒකයි ග්‍රීක නාටකයේ මූලික ලෝක දර්ශනය. එතකොට ඇරිස්ටෝටල්ට අනුව ඛේදවාචක අර්ථය එන්නේ ප්‍රධාන චරිතයේ නරක ගුණයක් නිසා නොවෙයි. යහපත් ගුණයක් නිසා. ඒක යි උත්ප්රාසය. මං මේ කොතනටද එන්න හදන්නේ කියලා ...
අත්‍යවශ්‍ය සටහනක් හකාවතී|teraki අත්‍යවශ්‍ය සටහනක්මා අනාගත ලේඛකයකු විය හැකියැයි කිසිවකු වරදවා වටහා ගනිතැයි මට සිතුනි. මන්ද යත් මගේ අනාගත ලේඛන දිවිය උදෙසා ඔවුහු මට උපදෙස් ආචාර ධර්ම සහ ඥාණය ලබා දීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන බැවිනි. අයෙක් මට අක්ෂර වින්‍යාස ගැන ද තවෙකෙක් ව්‍යාකරණය ගැන ද මට ආදරයෙන් ද හාසයෙන් ද අපහාසයෙන් ද උපදෙස් දෙති. තවත් අය ප්‍රතිචාර සමාචාර කිරීමේ වත්පිළිවෙත් ගැන සිය ඥාණ ...
ජයසරණංකර හකාවතී|teraki ජයසරණංකර පාරේ තාමත් පහු වෙන්නේ අංක තුන්සිය අසූ ගණන්ය. බල්ලන්ගෙන් ප්‍ර වේසම් වෙනු පුවරුවලින් හැඩ වුන නානාප්‍රකාර හැඩෙන් රුවෙන් විශාලත්වයෙන් ගාම්භීර ලෙස නැගී ඇති ගේට්ටු පියන් එකිනෙකින් පසු කරමින් යන මේ ගමන අංක පන්සිය දහ තුනෙන් දෙක සොයා ගැනුමටය. නැවත ජංගම දුරකතනයේ කෙටි පණිවිඩය පරීක්ෂා කළ සඳුන් ලහිලහියේ ඉදිරියට පා තබන්නට විය.කළුපාට රේන්ද මෝස්තර පෑන්ටියකින් වැසුනු කොකා කෝලා බෝතල බඳ ...
විනෝදය හකාවතී|teraki ජනේලය අද්දර මේසයේ රෝස පාට මේස රෙද්දේ වාටියේ සුදු පාට රේන්ද සැරසිල්ල මේසය වටා කිරිබත් කැට පළුවක හැඩයෙන් තරංගාකාර රටාවක් පරිමිතිය ඔස්සේ පැතිරී ඇත්තේ ලැප්ටොප් පරිගනකය මේසය මධ්‍යයේ බැබලෙන පරිද්දෙනි. ජනේලයේ මල් වීදුරු රටාවේ කිරිබත් කැට අස්සෙන් උදා හිරු කිරණ පොදක් කාමරයට වෑස්සී ඇත. සුගතදාසගේ සුරතල් ලැපයේ සිට ඔහු සැතපෙන සුව යහනට දේදුන්නක් වැටී ඇත. දේදුන්නේ වර්ණාවලියෙන් ආලෝකවත් වක්රාකාර දිස්න ...
සදාකාලික කන්‍යාව හකාවතී|teraki සදාකාලික කන්‍යාව"අද මොකද්ද කතාව? ""අද අපි අනාගතයට යනවා. ආයෙම එනවා හරියටම කාල යන්ත්‍රයේ අත්දැකීමක් ... ""හ්ම්...හොඳයි හොඳයි...හොල්මන් ගැන නොකිය ඕන දෙයක් ""මේක හොල්මන් කතාවක් නොවුනට ඒ වගේ තමයි. ඒත් මෙතන මේ කතාවේ ජීවත් වෙන මිනිස්සුන්ගෙන් නැවත ඉපදෙන හොල්මන් ස්වරෑප තමයි එකිනෙකා හමුවන්නේ. ඒකයි අපට කාලයන්ත්රයේ යන්න වෙන්නේ. ""තේරෙන්න කියන්න මල්ලි. නැත්නම් අපට නින්ද යන්නේ නැහැ. ඕව කල්පනා කරන්න ගත්තොත් මේ ...