අඳුරැ විමානයට ... හකාවතී|teraki "ඔන්න අද මට බාධා කරන්න එපා. මම කතාව කියාගෙන යන්නම්. පස්සේ ප්‍රශ්න ඇසීමෙ වාරයක් දෙන්නම් එතකොට ඔය සේරම අහන්න හරි ද?අපි ඒ කියන්නේ මම එදා යතුරැ හිලෙන් රිංගලා ගියේ කොහාට ද කියල කියන්නයි හදන්නේ. යතුරැ හිල තිබ්බේ ගස් බෙනයක. ගස් බෙනය තිබ්බෙ මම පිච්චුන ටයර් ගොඩට පොඩ්ඩක් එහා. ඒ ටයර් ගොඩ ගහ මුල තියෙද්දී තමයි මම අවසන් වතාවට දැක්කේ මගේ ...
සඳකඩ පහණ හකාවතී|teraki එදත් සුපුරැදු විදියට හවස හය වුනා. අපිත් ලයිට් නිවලා දැම්මා. ඉර බැහැගෙන යන එලියත් ටිකක් තිබ්බ නිසා අපි කාමරේට වෙලා ජනේලෙන් එලිය බලං හිටියා. සේරමලා අකුරට වැඩකළා. ගෙවල් කීපෙකට එහායින් හමුදාවේ වැඩ කරන කෙනෙක් හිටි ගෙදරත් වෙලාවට ලයිට් නිවනවා. විශේෂයක් තිබ්බේ නැහැ කාටවත්. සමහරැ සංතොසෙන් ලයිට් නිවුවා...සමහරැ දෙස් දෙවොල් මුහුණින් ලයිට් නිවුවා. විරැද්ධ අය මුහුණින් අරකෙන් මේකෙන් විරැද්ධත්වය පෙන්නුවට වචනයක් කතා ...
කළුවරේ කතා හකාවතී|teraki හකාවතී කියන්නේ කතන්දරකාරයට... හැබැයි ඒක සිංහල ගෑණු කෙනෙක් ගේ නමක් වගේ නිසා මට හිතුනා මේ බ්ලොග් එක එහෙම නම් කරන්න. මට මේ හකාවතී නම් යෝජනා කළේ නම් මගේ මිත්‍රයෙක්. එයා අරාබි බාසාව දන්නවා හොඳට. ඉතින් මගේ හිතටත් ඇල්ලුවා ඒ නම. ඒ හින්දා තමයි මේ.ගෑණුන්ගේ නම්වලින් දේවල් නම් කරන එක හරිම ලස්සනයි නේ. අමරාවතී කියල සයිවර් කඩයක් තියෙනවා හැබැයි ගිණි ගනන් ...
සිහින තුනක් හකාවතී|teraki 1. ඇම්බසි හීනයක් ඇම්බසියක් වගේ තැනක හිටියා මමත් හීන් නිල් ඉරි සහිත අත් දිග කමිසයක් ඇඳගෙන. ඒක හරියටම කීවොත් පිජාමාවක් වගේ රාත්‍රියට අඳින ඇඳුමක් වගේ. බොහෝ අය එහෙ මෙහේ කොරිඩෝවල ගැවසි ගැවසි නම් කතා කරනතුරු වගේ රස්තියාදු වෙමින් හිටියා. සමහරුන්ගේ මුහුණේ අධික බලාපොරොත්තු තියෙනවා දැක්ක. මමත් හිටියේ මොකද්දෝ මහ විශාල ගැලවීමක් සහනයක් වැනි දෙයක් ස්ථිරව සිදුවන්නට ආසන්න මොහොතකට ලං වූවා වැනි ...
මාරාව හකාවතී|teraki අපි දෙන්නම ගහළ ගාලෙන් පනිද්දි මට ඒකිගෙ අත අතෑරුනා ඇහිපිල්ලමක් ගහන ඉක්මනට. මම නැවතිලා ආපහු හැරෙද්දි පේමක්කා චීත්තේ ඇඟිලි තුඩුවලින් කකුල් පාදා ගන්න තරමට උස්සං ලැහැස්ති වෙනව ආයෙම පනින්න ඇඹුල් මූණෙන් බිම බලාගෙන. මම ආයෙම අනික්පැත්තට පැනලා පේමක්ක අල්ලගෙනම මේ පැත්තට පැන්නා හනිකට. වෙලාව තිබ්බේ නෑ විශ්වයටම කැරකිලා යන්න ගත්තා ආකාහේ වළාපටි සේරම කෑදැත්තො තටු ගහපු වේගෙට. පයට පෑගුණු මඩ ...
දහයේ සෘණ පන්සිය තුනේ මිනුමේ ජීවිතය... හකාවතී|teraki දහයේ සෘණ පන්සිය තුනේ මිනුමේ ජීවිතය..."අර පේන මන්දාකිණිය මොකද්ද?""ඒක ඉලෙකට්‍රෝන වළාවක්""එතකොට අපි මේ ඉන්න ලෝකය?""ඒක එක ඉලෙක්ට්‍රෝනයක්""මොනවා? අපේ ග්‍රහ ලෝකය ඉලෙක්ට්‍රෝනයක්?""ඔව් අපි ජීවත් වෙන්නේ මිනිස් විෂයේ මිනුමට සාපේක්ෂව දහයේ සෘණ පන්සිය තුනක් තරම් කුඩා මිනුම් සහිත ක්ෂුද්‍ර ලෝකයක""ඒ කියන්නේ අපට අපේ ග්‍රහ මඬුල්ල වගේ පේන දේ මිනිස් විෂයට අනුව පරමාණුවක් ද ?හරියටම සූර්යයා කේන්ද්‍ර කරගෙන කරකැවෙන ග්‍රහයෝ වගේ ප්‍රෝටෝන න්‍යෂ්ටිය ...