බටර් විස්කෝතුව… සුදු,කලු සහ අළු මේ මා කොටස් වශයෙන් සටහන් තබන දෙවන සටහන් මාලාවය.(පලමු සටහන් මාලාව) මෙයට ප්රස්තූත ගත කාරනාව ‘බටර් විස්කෝතුව‘ නොවූවත් මෙහි දී බටර් විස්කෝතුවට හිමිවන්නේ සුවිශේෂි වූ තැනකි. ඒනයින්ම එය මෙහි තේමාව වන්නේය….මෙයට මුල් වන්නේ මා වෙසෙන ගම් පෙදෙසය, එය පාරම්පරික ව පැවතෙන ගමක් නොවන බව මා අසා ගත්තේ මගේ මවගෙනි.උපරිම වශයෙන් එයටත් එහි සිටින වියපත්ම මිනිසාටත් ඇත්තේ වසර 90 කට නොවැඩි ...
අයි ඈම් නොට් අ ‘කොටියා‘ සුදු,කලු සහ අළු මා නිතරම ගොඩවදින අපේ මාමාගේ අන්තර්ජාල කුටිය වෙත පසුගිය දිනෙක පිවිසුනේ මට කරගැනීමට මහ ලොකු වැඩක් නොතිබුණද මගේ ජන්ම ගත පුරුද්දට ඉඩ දිය යුතු නිසාවෙනි. මා එහි යනවිටත් සැලකිය යුතු මට්ටමක පිරිසක් එහි සිටියේය. එය සුපුරුදු පරිදි කාර්ය බහුලව පැවතින.හිස්ව තිබූ පරිගණකයක් වෙත පිය මැනූ මා යමක් බා ගැනීමට සෙවුමක් දැමීමි.ඒ අතර එයින් සේවා ලබා ගැනීමට පැමිණි සිටි අයෙක් ...
ප්රවාදයන් අමරණීයය!!! සුදු,කලු සහ අළු (Ideas are Bulletproof!!!) මිනිසුන් ලොව බිහිවෙති.. විනෝද වෙති.. දුක් වෙති.. වෛරයෙන් පීඩිත වෙති.. එලෙසින්ම ඔවුන් මිය යති.. නමුත්.. සාම්ප්‍රදායට බැහැර වූ.. “මිනිසුන්“ ද සිටිති. සොබාදහමේ තුලිත ...
බටර් විස්කෝතුව (II) සුදු,කලු සහ අළු මංගල්ලේ………. මේ මා ඉහත තේමාවට අනුව සටහන් තබන දෙවැනි ලිපියයි.(පලමු වැන්නට).සාමාන්‍යෙයන් අයෙක් විවාහ වන්නේ වයස අවු 18 න් ඉහලදීය.නුමුත් අසාමාන්යෙයන් වුව ද මා වෙසෙන පෙදෙසේ එය පරයා යමින් විවාහ වූ පිරිස අපමණය. සාමාන්‍යෙයන් විවාහයකට සූදානම් වීමට නූතන ලෝකයේ සැලකිය යුතු කාලයක් අවැසි වෙයි.සියල්ලට ම ඉහලින් මතුවන්නේ පොටෝ ඇල්බමයයි.අවසානයේ සමස්ත විවාහයම සිදුවන්නේ ඡායාරූප ශීල්පියාට අවැසි ලෙසය….. ...
ඈ… සුදු,කලු සහ අළු ආයෙත් ගෑනු පරාණයක්.. වෙන්න බෑ නුඹ ඒවට තිත තිබ්බ නෙව.. ඔව් .. එත් මට මේ කෙල්ල… හැම වෙලාවෙම.. ඔව්! හැමවෙලාවෙම.. බැහැ.. කීයයි කිව්වත් බෑ.. ඕකට ඉඩ දෙන්න. ඒත් ඇයි.. මට මේ මනුස්සයවම මතක් වෙන්නේ.෴ ...
අයියා…… ???? අංකල්…… ???? සුදු,කලු සහ අළු නිවුටන් කියන්නේ අපේ කැන්ටින් එකේ ටෙන්ඩර් එකෙන් හැමදාම ආයිමත් කැන්ටින් එක බාර ගන්න මහත්මයා තමයි. ඒකට අපි නිවුටන් ටෙන්ඩර් කියමු. එසේම ටවුන් එකෙන් හෝ සයිවර් කඩේකින් ගන්නා ආහාර වල ගල් හෝ වෙනත් යමක් (පොල්කටු කෑල්ලක් වගේ) දෙයක් තීබු විට අපි “නිවුටන් ද දන්නෑ කුක්” කියා කියමු, බත් අමු නම් “නිවටන් හාල් “යයි කියමු. ඒවා වැඩක් නැත.... සීන් එක ...
නුඹ... සුදු,කලු සහ අළු හරිම අපූරුයි...නුඹහිටි හැටියේමමගේ ගතත් මනසත් අවනතකරගත් හැටි...මෙතුවක් කල් මගේ (නො)සන්සුන් මනසනොසන්සුන් කල හැටි....කිසිදා ඉවත නොකල හැකි සේනුඹ මගේ මනසේ රික්තයක්නිමවූ හැටි.....මගේ තනිකම ට තවත්තනිකමක් එක් කල හැටි...වෙනස් ම වූ ලිපි ලියනවෙනස් ම වූ චින්තනයක් ඇතිමිනිසෙක් නිමවූ හැටි...මගේ සුපිරිසිදු අවධානය වෙනස් කල,ප්‍රේමය නූඹ අපූරුය.. ...
තිබ්බතයේ මළ පොත සහ මම සුදු,කලු සහ අළු මෑතකදී මා කියවූ පොතකි “තිබ්බතයේ මළ පොත” තිබ්බත වාසීන් මරණය මෙනෙහි කරන වර්ගයකි.ඔවුන් ට ආවේනික වූත් අපූරු වූත් චර්යා රටා එහි ගැබ්ව තිබිණ. අප ඉපදුනායින් පසු සහතිකේටම අප දන්නේ අප මැරෙන බව පමණකි.මා ද මරණය මෙනෙහි කරන්නෙක්මි.එය අද ද හෙට ද මාසෙකින්ද වසරකින් ද තව අවුරුදු සියයකින්ද යන්න මා නොදනිමි.දන්නේ එකම දෙයකි එය කවදා හො නිෂ්ඨාවටම සිදුවන බවයි. ...
ගොඩයා… සුදු,කලු සහ අළු මේ ලිපියට ප්රස්තූත වූ කාරණා බොහොමයක් මා පසු ගිය කාලයේ අත්වින්දෙමි.මා ගෙන්දම් පොලොවේ පය ගහන වාර ගණන වැඩිවත්ම මෙය වඩ වඩාත් තීව්ර ලෙස දැනෙන්ට විය. මගේ පියා මට කුඩා කල සිට මට සිහිපත් කල කතාවක් විය. “පුතා ප්‍රංශෙට ගියාම ප්‍රංශ කාරයෙක් වගේ හිටපන්“ කුඩා කල මට මෙහි තේරුණේ ප්‍රංශය පමණි.පසුකලෙක මා මෙහි යථාර්තය වටහා ගතිමි. ...
රත්තරන් පොරොව!!! සුදු,කලු සහ අළු මා කොළඹ කොටස් වෙලඳපොල සමග සම්බන්ධ වූයේ මීට වසර එකහමාරකට පෙරාතුවය.ඒ සඳහා යොමු වීමට මට කාලයක සිටම අවශ්‍යතාවයක් තිබූණි.පළමුවෙන්ම මා කලේ මෙහි ගණුදෙනු සිදුවන ආකාරය සොයාබැලීමය.මේ කාලයේ මට තැරැව්කාර සමාගමක නිලධාරියෙක් හමුවිය.සුපුරුදු ලේඛන ගොන්න පුරවා මා ද ගිණුමක් විවෘත කර ගතිමි.දැන් ඇත්තේ මිලදී ගැනීමේ වාරයයි.“මල්ලී ඔයා ගන්න Share එකේ ගාන දාලා මේක පුරවල දෙන්න“ඔහු මට පෝරමයක් දිගු කලේය.මා ද ...
දැන් මේ ෆෝන් එක ඕෆ් වෙලාද? සුදු,කලු සහ අළු මා පසුගිය දිනෙක නගරයට ගියේ දුරකථන බිලක් ගෙවීම සඳහාය.ලංකාවේ ඇති සුප්‍රසිද්ධ දුරකථන සමාගමක ශාඛාවක් වූ එහි මා යනවිට එතරම් කාර්යබහුලත්වයක් පෙනෙන්ට නොතිබිණ. එහි සිටි නිලධාරින් සියල්ල ගේ මුවඟ රැදි මද සිනාව සුපුරුදු “ව්‍යාපාරික“ සිනාව නොවන බව මට පසක් වූයේ එහි ගොස් විනාඩි දෙක තුනකට පසුවය. වයෝවෘද්ධ මහතෙකු දුරබනුවක් අතතැතිව එහි සිටියේය.එය නවීන පන්නයේ එකක් නොවූ අතර ඔහු ...
මොන්ටිසෝරිය සුදු,කලු සහ අළු මගේ මව මොන්ටිසෝරියට මාව ඇතුලත් කරන විට මගේ වයස අවුරුදු තුනකි.රතු තිත් සහිත සුදු ෂර්ටයක්ද රතු කලිසමක්ද එහි නිළ ඇඳුම විය. එය කන්යාරාමයකි එනිසාම එහි ඉංගිරිසි ආරකට කටයුතු සිදුවිය.එනිසාම මට කුඩා කල සිටම ඉංගිරිසි බසෙහි හුරුවක් ද තිබුණි.මග තොටේ දකින හැම බෝඩ් ලෑල්ලක්ම මා කියැවීමි.එනිසාම මට කියවීම සැලකිය යුතු මට්ටමකින් වැඩි දියුණු කරගැනීමට ද හැකිවිය. ...
කාලසර්ප යෝගය සුදු,කලු සහ අළු කාලසර්ප යෝගය වනාහි මා ජ්‍යොතිෂය ඉගෙනීමට බලපෑ ප්‍රධානතම කරුණු තුනෙන් එකකි.අනෙක් දෙක වනුයේ මගේ වැඩිමහල් සහෝදරයා හා ජ්‍යොතිෂය බොරු කිරීමට මට සිතුනු යටපත් කල නොහැකි ආශාවය. අයියා ජන්ම ලාභය ලබා ඇත්තේ කාලසර්ප යෝගය ඇතිවය.මීට අමතරව ඔහුගේ බැලූබැල්මට පාපී ග්‍රහ පිහිටීම් කිහිපයක්ද තිබෙන බව එකල දෛවඥයෝ මව්පියන්ට පවසා ඇත.මේ කරුණු පසුව දැනගත් ඒවාය. අයියාගේ කලවයස හරියන විට අඹුවක් ...
ලා නිනා…… La Nina සුදු,කලු සහ අළු වෙනදාට හතට ඇහැරෙන මාව දහය වෙනකම් යහනේ තැබූ නුඹ.. දවස පුරා පොරෝනයෙන් වසා තැබූ නුඹ.. නිරුවත් දෙපා බිම නොතබන්නට ඉඩ නොතැබූ නුඹ.. මගේ ඇඟිලි හිරි වට්ටවා මට යතුරුලියනය අපහසු කල නුඹ.. ...
මටත් හදවතක් ඇත!!!(අවසන් කොටස) සුදු,කලු සහ අළු මේ ඇගෙන් එක දිගට ප්‍රතිචාරයක් නොලැබුනු තෙවන අවස්ථාවය.මෙයින් සිදු වූයේ මගේ මනස තව දුරටත් නිරුත්තර කිරීමට තරම් හදවත කරුණු එක් රැස් කරගැනීමය.සරසවියේ සමීපතම මිතුරෙක් මේ විපරියාසය ගැන හොදන් ඇස ගසාගෙන සිටි නිසා මා මේ පිළිබඳ ඔහු සමඟ මේ පිළිබඳ කටයුතු සාකච්ඡා කලෙමි.ඔහු ඉතාමත් පරිණත ලෙස මෙහිදී කටයුතු කල බව මා කෘතඥ පූර්වකව සිහිපත් කරමි. “මචං මං උඹ ගැන ...
උඹ ලියන්නේ ජීවිත කතාවද? සුදු,කලු සහ අළු මීට දින කිහිපයකට පෙර මගේ මිතුරෙක් මගෙන් පැනයක් ඇසුවේය.“උඹ ඔය ලියන්නේ ජීවිත කතාවද?“මා එයට සිනහවකින් පිළිතුරු දුන් නමුදු එය මෙහි සටහන් තැබීමට තරම් වූ ප්රස්තූතයක් බව මට හැගුණි.මට ස්වයංලිඛිත චරිතාපදානයක් බිහිකිරීමේ කිසිදු වුවමනාවක් නොමැත.මා එතරම් අධ්‍යයනය කරන්න තරම් වැදගත් අයෙක් නොවෙමි.මේ ගෙවීයන්නේ මගේ විසිතුන්වැනි වසරය,ආසන්න වශයෙන් මා මේ වනවිට මගේ දිවියේ තුනෙන් එකක් ගෙවා දමා හමාරය.(මෙය භාගයක් ද තුන් කාලක්ද ...
මටත් හදවතක් ඇත!!!(සිව්වැනි කොටස) සුදු,කලු සහ අළු මා එකල ප්‍රේමයට සුහුඹුලෙකු වූ බව ඇත්තය.දැනුදු එහි මහා වෙනසක් නැත යැයි මා සිතමි.දිනෙන් දින මුහුකුරා වැඩුණු මේ සම්බන්ධය කෙසේ ඇතිවූවාදැයි මට අදට ද ගැටළුවකි.“අපි ඉස්කෝලෙදි වචනයක් වත් කතා කරල නෑ නේද? “ “ඔව් ඒක තමයි මටත් හිතා ගන්න බැරි“ මා දිනක් ඈ සමග පැවසීමි. ඒ දිනවල මෙය ප්‍රේමයද නැත්නම් වෙන කුමක් හෝ දෙයැක්දැයි නිගමනය කිරීමට මා මැළිවිය.උදක්ම ...
බත්තලංගුණ්ඩුවේ දවසක්…(දෙවැනි කොටස) සුදු,කලු සහ අළු කෙමෙන් කෙමෙන් ගොඩබිම කුඩා වන්නට විය. ඒ වනවිටත් අප සිටි බෝට්ටුව වෙත විශාල ප්‍රමාණයේ භාණ්ඩ තොගයක් පටවා හමාරය.ඒ අතර පිටි මුට්ට,හාල් මුට්ට,බීම බෝතල් එළවලු වර්ග, සිගරට් ආදිය තිබිණ. අප සිතුවේ එහි සිටින සල්ලිකාර මිනිසුන් වෙත ඒවා රැගෙන යන භාණ්ඩ ලෙසය. අප කලපුවෙන් නික්මෙන විට ම වාගේ නාවික හමුදා යාත්‍රාවක් ගොඩබිම දෙසට යාත්‍රා කලාය. අප මුලදී සිතුවේ බෝට්ටුවේ යාමට ඇත්තේ විනාඩි ...
මචං සංජීව ... උඹට හොඳ වැඩේ... සුදු,කලු සහ අළු සංජීව... උඹට හොඳ වැඩේය. ලංකාවේ උඹට ඕනෑ හැටියට නටන්නට ඉඩදිය නොහැකිය. උඹ ලංකාව නම් වූ උඹේ රට ගැන හිතාගෙන ඉන්නේ මොනවාදැයි මම හොඳින්ම දනිමි. උඹ එක එකාගේ අයිතීන් වෙනුවෙන් පෙනී හිටින්නට යන එක ඕනෑවට වැඩිය. උඹ හිතා ඉන්නා තරම් ප්‍රශ්න මෙහේ නොමැත. ඔය ඉතින් උඹ දන්නා තරමය.රී ලංකාවට සරසවි නම් වූ ආයතන ලබාදී ඇත්තේ සර්ව බලධාරී දෙවියන් වග නොදැන උඹලා ...
ආපු විදිහටම ආයෙත් පලයං සුදු,කලු සහ අළු එකෙකුට මදිවූ...තවකෙකුට අහරක් වූ...නුඹට මදිවූ...මට ලැදිවූ.. කාලය අාපු විදිහටම අායෙත් පලයං...෴