සිහින සෙවනැළි || Blood Injected Dreams (http://sihinasewanali.blogspot.com/) Latest Posts Most Popular Posts
මොකද මේ වැහි? සිහින සෙවනැළි || Blood Injected Dreams මොකද මේ හැටිකඩින් කඩ වැහි?කලක් වේලාවකුත් නොකියාහිතුමතේ ඔහෙඇවිත් යන හැටිතුරුලු කරගෙන මගක් යනකොටඅතැර ගොස් අතරමං කෙරුවාඅවුකූටයේ දැවි දැවී යනකොටඇද වැටී තෙතබරිත කෙරුවාඅනාවැකි බොහොමෙකට කන්දුන්නමුත් බියසැක හිතේ ඇතුවාවට මුලදි විඳි නැවුම් පුසුඹදඑන්න එන්නම මතක නැතුවාමොකද මේ වැහිඑක ලෙසට නැති? ...
ප්‍රේමිය... සිහින සෙවනැළි || Blood Injected Dreams දිවා රෑ පුරා සිහිනයෙන් ඇවිද්දවන ප්‍රේමය කවදාක කෙළෙසක හිතේ උපත ලැබුවාද?... දෑස් ඇරගෙනම දකින සිහින අයදින්නේ හදවත වෙලෙන අග්නිජාලාවට උප්පත්තිකාරක වූ ගිනිපුපුරද?සයියා...එහෙමත් නැතිනම් පෙම්වතිය... අතිශයින් සුන්දර ප්‍රේමගීතයක්. ප්රේමවන්තයෙක්ගේ හදින් නැගෙන හද කම්පනයට පත් කරන ආයාචනාවක්...මේ ගීතය ගයන්නේ කයිලාෂ් ඛෙර් නම් වූ ගායන ශිල්පියායි. ඉන්දියානු ගැමි සංගීතයේද අභාෂය ලැබූ ඔහුගේ ගීත තුළින් මම හැමදාම විඳින්නේ අපූර්ව රසයක්...සයියා කියන්නේ කයිලාෂ් ඛෙර් ...
ආරාධනාවයි! සිහින සෙවනැළි || Blood Injected Dreams ආරාධනාවයි!හිතවත් සමනළය,නොපෙනේද?වැඩි කලක් නැත තොපටඅහවරව යාවිඅද හෙටමමල් සුවදබැරි උනත් අප වන්නඋපතින්මපුරුදුවව් දැන් සිටමපමා නැත තොප තවමනෙක වර්ණ හැඩකාරපියාපත් හංගන්නකුණූධූලි ඇති පදම්ඇතිය මේ හතරවටවාදයක් බේදයක්නැතිය කිසි අප අතරබොහෝ දේ තිබෙනකලවිඳගන්නමල් සුවඳ බිඳක් රැකගනු පිණිසකුමට අරගල මිතුරසාමයෙන් සැනසෙන්නප්රීතියෙන් විදගන්නඑන්න අප හා එක්ව ඉගිලෙන්නයන්න හැකි වෙතොත්බෝ දුරක් එලෙසින්මනිල ලැබූ නිල මැස්සෙක්මවන්න හැකි වෙයි නුඹටමතු දිනකමීටනිලමැස්සා ...
ලයිට් කණුවට ඉහලින් රාත්‍රිය සිහින සෙවනැළි || Blood Injected Dreams තුරු වියන්කොරව ගියඇඟිලි දිගුකර පෙන්වනකොයිතරම් අපූරුදරෑ අහසපැහැදිළිව පෙනේතරු වුවදඅන් කවරදාටත් වැඩිය
මරණයට මග බැලුම සිහින සෙවනැළි || Blood Injected Dreams ඈතින් පෙරි පෙරී එන වීදි ලාම්පු එළියෙන් අපගේ සෙවනැළි සිතුවමට නැගෙන්නට පටන් ගත්තේ කොයි වේලාවක පටන්දැයි මට මතක නොතිබිණි. බොහෝ වේලාවක් අපි බලාගෙන උන් වගක් පමණක් මතකයේ ඇත.“අපි දැන් මොකද කරන්නෙ”අනිකා අසයි.“මොනා කරන්නද? ඒකිව මරණව මිසක්.”මම දරදඬු ස්වරූපයෙන් පිළිතුරු දුන්නෙමි.“මරන්න?”අඩ අඳුර මැද වුව බියෙන් හා විස්මයෙන් විසල් උන අනෙකාගේ දෑස් මගේ දෑසින් නොසැඟවේ.මම මාරාවේෂ වෙමි.“මරන්න නෙවෙයි නම් යකෝ වෙන මොන ...
තවත් මොහොතක්.. සිහින සෙවනැළි || Blood Injected Dreams මම නැඟිටීමි. බඩවැල් කරකවා පපුව හරහා දිවඟට පැමිණි අපුල දැන් මට නොදැනේ.දෙනෙතින් කඩා හැලෙන බිඳු කමිස අතින් පිස දමමින් මසොයුරා සමඟ කතා කරන ඔහු මගේ පළමු බැල්මට කොටු විණි.ඔහු ඇවිත්....... ඔහු ඇවිත්......ඔහුගේ උරයකට අතක් තබාගෙන අයියා මොනවදෝ ඔහුට පවසමින් අස්වසයි..... දෑසින් වැගිරෙන කඳුලු බිඳු ඔසරි පොටෙහි සඟවමින් අම්මා මා අසලම අඳ විට්ටමට බරවී සිටී.....ගතට දැනෙන සැහැල්ලුව විඳිමින් මම ඔහු දෙස ...
නොලියවෙන දේවල් සිහින සෙවනැළි || Blood Injected Dreams මේ දවස් වල මොකුත් වැඩිපුර ලියවුනේ නෑ. ලියැවුනත් ලියැවුනේ ලියන්න ගිය නමුත් නොලියවෙන දේවල් ගැනම තමයි . ලියපු නමුත් නොලියවුන නිසා දානවද නොදානවද කියල හිත හිත ඉන්න එකේ නොලියවෙන දේවල් ගැන ලියවුන අරවා මේවා ටිකක් එක්කාසු කරල දානවා. කියවල වැඩක් වෙයිද නම් මන්දා? කවිය නුඹ කවිය නුඹ දහස් වර කියවන කවි දහක් පබඳින නමුත් නොකියවෙන කවිය නුඹ .......................... ඵලක් නැත නුඹට කවි ගෙතුම ඵලක් නැත නුඹට කවි ගෙතුම නුඹව හැර අන් බොහෝ දේ ...
මා ප්‍රියාවිය.. සිහින සෙවනැළි || Blood Injected Dreams ප්‍රේමය ගැන කොතරම් නම් කවි ගී බිහිවෙයිද?කොතරම් නම් කටහඬවල් වලින් විවිධ භාෂාවන්ගෙන් සහ මියැසියන්ගෙන් අප වෙත ඒ ගැන තතු කියාවිද...අද මෙන්ම හෙටත්.නන්නාදුනන බසකින් වුව පැමිණ හද අමතන තනුවකට අපේ ඇස් බොඳ කරන්නට ඉඩ හරින ප්‍රේමයේ අපූර්වත්වයට සහ ගුප්තබවට මම පෙම් කරමි..රාහත් නස්රත් ෆතෙ අලි ඛාන් ගායනා කරන "ඔරෙ පියා" ගීයද එවන් සුන්දරත්වයක් සහ අපූර්වත්වයක් කැටි වූ ගීතයක්.2007 දී තිරගතවූ ආජා ...
මිතුරා මිතුරෙකු නොවිනි.. සිහින සෙවනැළි || Blood Injected Dreams 1964 වර්ෂයේදී තිරගත වූ සංගම් චිත්‍රපටය අතිශයෙන් ජනප්‍රිය ගීත රැසක් රැගත් චිත්‍රපටයක්.එහි එන හර් දිල් ජෝ ප්යාර් කරේගා, මේ ක්යා කරු රාම්, මේරේ මන් කී ගංගා, යෙ මේරා ප්‍රේම පත්‍ර ආදී ගීතවල ජනප්‍රියතාවය අදටද එලෙසින්ම නොනැසී පවතිනවා කිවුවොත් නිවැරදියි.රාධා(වෛජයන්ති මාලා), සුන්දර්(රාජ් කපූර්) සහ ගෝපාල්(රාජේන්ද්‍ර කුමාර්) යන මිතුරන් තිදෙනෙක්ගේ ජීවිත වටා ගෙතෙන මෙම චිත්‍රපට කතාව මිත්‍රත්වයේ සහ ප්‍රේමයේ ගැටීම පිළිබිඹු කෙරෙන ...
නොතේරුම සිහින සෙවනැළි || Blood Injected Dreams ගීයක්රැඳී උන්නාලැබෙන තුරු හඬක්තරුවක්බලා උන්නීයදරාගෙනඅහසක්සදාකාලික දුරක්දිළෙන තරු එළියෙන්මැවෙනු දැකගොලුව ගියමිනිසෙක්පහුරු ගෑවා නොනිමිඅඳුරක් ...
මා ඔබට කොතරම් පෙම් කරයිද... සිහින සෙවනැළි || Blood Injected Dreams 1981 දී තිරගත වූ කුද්රත් චිත්‍රපටයේ ගීතයකි මේ... මජ්රූහ් සුල්තාන්පුරි පද රචනා කල මෙම ගීතය, ආර්.ඩී. බර්මන් ගේ සංගීතයෙන් සංගීතවත් වී වරක් ගායිකා පර්වීන් සුල්තානාගේ කටහඬින්ද.... යලිත් වරක් කිශෝර් කුමාර්ගේ කටහඬින්ද ඔපවත් විය.... මෙම ගීතය සඳහා පර්වීන් සුල්තානා හට හොඳම ගායිකාව ලෙස ෆිල්ම් ෆෙයාර් සම්මානයක්ද හිමි විය.... මේ ගීතය සහ එය ඇතුළත් වූ චිත්‍රපටය ගැන වැඩි විස්තර අපේ උදාර සහෝදරයාගේ ...
නොනැගෙන කවිය සිහින සෙවනැළි || Blood Injected Dreams නිල් තරු ඇසින්ගිලිහෙන එළියඇහිඳිමිහද තත් සැලීඋපදින මියැසිවිඳගමිඋහුලනු බැරිවපන්හිඳ රැගෙනසසැලෙමිමලබැඳි වදන්පත් ඉරු මතටපුරවමිඋවම් දෙන්නටසම කරන්නටසොයමිකුරුටු ගා මකමිඉවත ලමි.. ...
මොහොතක්... සිහින සෙවනැළි || Blood Injected Dreams 'ජීවිතේ උගුලක්' ඔහු කීය.සුදු පෙණ නංවමින් ගල් කුළු අතරට වන් දිය කඳ ගල් මතු පිට සෝදා දමා යලිත් මුහුදට එක්විය.' ඔව්... ජීවිතේ ලොකු උගුලක්... පුංචි පුංචි උගුල් ගොඩකින් හැදිච්ච ලොකු උගුලක්...' දඟ කරන කෙහෙරැල් වලට අත්වැල් අල්ලන සුළඟට මගේ කට හඬද මුසු විණි.'හිතිල නැද්ද කවදාවත් අපි කාගෙ හරි සෙල්ලමක ඉත්තො කියල, අපි කරන කියන හැම දෙයක්ම කවුරු හරි බලන් ඉන්නව ...
වියපත් නොවූ පෙම.. සිහින සෙවනැළි || Blood Injected Dreams මහ මෙරක බර දැනෙනජීවිතය අතින් ගෙනගත වාරු නැති හිතටදිරිය ගෙන හිමි රකිනවියපත් කතක් දුටිමිදිනක මහ මග කොනකවැහැර ගිය මුත් දිවියඅත නෑර හිමි සබඳනුඹ පෑ දයා දුටිමිගත නැගුණු වෙහෙස මැදරකින්නට ඔහු පෙමින්මුවා කර හිරු අතින්විරි දැරූ නුඹ දුටිමිහිරුට කර සමච්චල්නෙක සිතුම් සිත නැගුනඅතර තෙත් දෙනෙත පිසසිත පුරා රැවු නැගුනිබිරිඳකැයි මමද අද-විශ්මි- ...