මම උ\පෙ ලිව්වෙමි සිතුව්ලි පවුර උ\පෙ නං ඉවරයි.මට ඉවර උනාට තව ගොඩාක් අය දාහක් බලාපොරොත්තු තියං ලියනවා නොවැ.ඉතිං ඔන්න ඒ හැමෝටම හද පතුලෙන්ම ඒ කිව්වෙ මහා ප්‍රාචීරය කිට්ටුවෙන්ම සුභ පතනවා.ඔන්න ඉතිං මම ගියානෙ මේ ආසියාවේ භයානකම අසීරුම දරුණුම පරීක්ෂනේට ආයෙමත් මූන දෙන්න.හප්පා මමත් ඉතිං කවදාවත් නැතුව නැගිට්ටා උදේ පාන්දරම.ඒ කියන්නෙ හයහාමාරට විතර.දත් එහෙම මැදලා සුදු කමිසෙට කලු කලිසමක් ඇඳලා හරියට ටෙක් එකේ කෝස් එකකට යනවා වගේ.නමෝ ...
මේක පුoචි පහේ ප්‍රශ්ණ ටිකක් බලන්න උත්තර දෙන්න පුලුවන්ද කියලා.. සිතුව්ලි පවුර 01) ගල් කිලො එකක් හා පුලුන් කිලො එක බැගින් තරාදියකට දැම්මොත් බර වැඩි කුමන පැත්තද.......... 02) පෙනේ නම් මොකාද ? නොපෙනේ නම් මොකාද ? 03) අත්තක කුරැල්ලන් 10 සිටි දඩයක් කරැවෙක් වැඩි තබා දෙදෙනෙක් දඩයම් කරේ නම් ඉතිරි කුරැල්ලන් ගනන කියද? 04) අපේ අම්මා පාන්දර 4.00 නැගිටිනවා...4.30,ට හාල් ලිපේ තියනවා...4.45ට පරිප්පු හදන්න පටන්ගන්නවා5.00 පරිප්පු එකට දාන්න පොල් බිදිනවාපොල් ගෙඩිය ...
අපිම තමයි අපේ සවිය! සිතුව්ලි පවුර ඔබත් මමත් පෙරුම් පුරනවසන්තයේ නෞකාවටහෙමින් සැරේ ගොඩවන්නටඉඩක් සොයන්න ……මුහුදේ රළටිකක් සැරයිඅවදිව ඉන්න …….සිනහ මැදින් කඳුළු මැදින්තරණය කරනා දිවියේදුක සැප නිතොරව හමුවෙයිනොසැලී ඉන්න …….මගේ සෙනෙහෙඔබේ සිතෙහිතද කරගන්න …….අපේ පැතුම් හැම එකක්මඉටු කරන්න බැරි වුනාටඅපි අසරණ වෙලා කියාඑපා හිතන්න ……අපිම තමයි අපේ සවියඑය දැන ගන්න …….ප.ලි.බොහෝ කලකට පෙර ලියූ නිසඳැසකි.... ...
පශ්චාත් නන්දිකඩාල් දේශය සිතුව්ලි පවුර කාලෙකිං සිතුවිලි පවුරෙ මොකුත් දැම්මෙ නැති හින්දා ඔන්න මගේ බ්ලොගේ ටික දවසකට කලිං දාපු එකක් දාන්ඩ හිතුවා....ආශ්චර්යයේ දිවයින සීරීස් එක ලිව්වාට පස්සේ රජතුමා මාත් එක්ක එච්චර හොඳ නැත.නමුත් සකල ලෝක දැනුම් සම්භාරයකින් පරිපූර්ණව අකලට පරිණත වූ මා වැන්නෙක් අමතක කිරීම දැලිපිහියෙන් කිරි කන ඔහු වැනි රජෙකුට ලේසි නැත.මගේ දැනුම හා සසඳද්දී ඔහුගේ උපදේශක මණ්ඩලය සේනක පුක්කුසාදීන් වගේ පේනවා යැයි රජතුමාගේ ...
වැදගත් විශයය....2 ( Sex Education in Sinhala ) සිතුව්ලි පවුර හරි කලිං ලිපියේ කිව්වනේ බොහොමයක් සෛලවල තියෙන වර්ණදේහ ගැන.ඉතිං මේ වර්ණදේහ 46 පුද්ගලයෙක්ට ලැබෙන්නේ ඒ පුද්ගලයාගේ මවගෙන් සහ ජීවවිද්‍යාත්මක පියාගෙන් කියන දෙන්නගෙන්ම.අම්මගෙන් 23කුත් තාත්තගෙන් 23කුත් විදිහට ලැබෙන මේ වර්ණදේහ යුගල් ඒ කියන්නේ දෙකේ ගොඩවල් 23ක් විදිහට සළකන්ඩ පුළුවං.මේ යුගල් 23න් 22ක් සාමාන්‍ය ශරීරයේ ස්වභාවය සහ ක්‍රියාකාරීත්වය යාමනය කරන්ඩ දායක වෙද්දි එක යුගලක් පුද්ගලයාගේ ලිංගය තීරණය කරන්ඩ දායක වෙනවා.ඒ යුගලට කියන්නේ ...
කොපි කිරීමේ නිදහස සිතුව්ලි පවුර මේ දවස් වල නිදහස ගැන මහා ඉහලින් කතා වෙන හින්දා, මට හිතුණා මෙහෙම මාතෘකාවකට බහින්න. පොඩි කාලෙ ඉඳං ම සමහරු පුරුදු වෙලා ඉන්නේ කොපි කරන්ට. ඉස්කෝලෙදි ගෙදර වැඩ කරගෙන නාවාම ගෙඩි පිටිං කොපි කරන එක විතරක් නෙවෙයි.. ඊටත් පුංචි කාලෙ ඉඳලා කරන අනිත් අයව අනුකරණය කිරීමත් කොපි කිරීමක් තමයි.. ඉතිං හිතලා බලන්ටකෝ අපි කවුරු කවුරුත් අඩු වැඩි වශයෙන් කොපි කොරලා ...
වෙන් වෙන්න අවසරයි සිතුව්ලි පවුර තව එකම එක දවසක්, මම ජිවත් වෙනවා.මම ඔයාලට දුකක්වේදනාවක් දුන්න නම්,මට සමා වෙන්න........ඔයාල අතරට ,ආයෙමත් කවමදාකවත් ,මම එන්නේ නෑඔයාල හැමෝම ,සතුටින් ඉන්න,මම ඔයාලගෙන් සදහටම වෙන් වෙන්නයියන්නේ...... මම ඔයාලගේ ආදරණිය2011 පරණ අවුරුද්දලබන්නා වූ 2012 අවුරුද්දඔයාල හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා........ ...
නිශ්ඵල සිතුව්ලි පවුර දැඩි වෙහෙසෙන් දුබලහිස මත හිරු ද නැඟි කලසොයා සෙවනෙන් සිහිලරැඳී පල නැත කැහැටු රුක මුලතොල කට ද වේලීතල්ලේ දිව ද ඇලි ඇලීසොයා දිය නිකෙළීනොයන් සමුදුර බලා ඉගිලීසිතුවිලි ගුගුරලාහදවත සොවින් බිඳිලාඇතත් තනි වීලානොයන් ළඳකගෙ සෙවණ පතලා
අනේ ආදරය කොච්චර ලස්සනද? සිතුව්ලි පවුර ආදරය යනු දෙදෙනෙකු විසින් කරන දෙදෙනාටම ජය අත්වන ක්‍රීඩාවක්... ඒ නිසා කවමදාකවත් ඔබේ පෙම්වතා පෙම්වතියව පරාජය කර වීරයෙක් වන්නට යන්න එපා...ආදරය යනු පරිත්‍යාගයයි. අනෙකා වෙනුවෙන් කරන කැපකිරීමයි. අනෙකා වෙනුවෙන් ජීවත් වීමයි.දෙවියන්ට හැමවිටකදීම මිනිස්සුන්ට කතා කරන්න නොහැකි නිසා දෙවියන් ආදරය මැව්වේය. ආදරය ඇති හැම තැනකම දෙවියන් වැඩ සිටිනා බව මතක තබා ගන්නහැම කෙනෙකුගේම හදවතේ දෙවියෙකුත් යක්ෂයෙකුත් ඉදියි. යක්ෂයා රජවූ විට කෙනෙක් ...
හිඟන කොල්ලෙක්ගේ ආදර පැතුම්... සිතුව්ලි පවුර ජීවිතේ බබා චුට්ටක් කචල් වගේ නේද...මං කියන්නේ නිකං පැටලිලා පැටලිලා වගේ නේද....බලන්න....කවදාවත් නැති විදිහට සීතලයි.හෙට අනිද්දා ස්වීටර් අදින්නත් වෙයි...හද්දා වැස්ස....වැව් ඔක්කොම වානේ දානවා.ඇල වේලි පුපුරලා යනවා.ඇනිකට් උතුරනවා.සොරොව් ඉබේම අරිලා පුපුරනවා.මින්නේරියේ ගංගාප්රජා ශාලාවේ.....අනුරාධපුරේ රන්මලීසෙන්ට්රල් එකේ ශාලාවේ....කඩුවුලු වැවේ සඟරා මිටියකුත්ගහගෙන ගිහින්....මේ පැත්තෙන් පොල් ගෙඩිය හැටයිඅමු මිරිස් සීයයි...පොල්තෙල් තුන්සීයයි....පහනක් පත්තු කරන්නවත් හිතෙන්නෙ නෑ....ලාබ එකම දේඅවුට් ගොඉන් කෝල් රේට්ස් විතරය
ලංකාව ටෙලිනාට්‍ය හා අතුරු කතා.. සිතුව්ලි පවුර ලංකාවේ තියන ටෙලිනාට්‍ය වල ගොඩක් යන්නේ වල්පල්. මම මෙහෙම කියන්නේ හේතුවක් ඇතුව. මොකද අද සතියේ විකාශය වෙන ටෙලිනාට්‍ය 10 ක් ගත්තොත් එයින් 8 වත් කතා තේමාව වෙන්නේ එක්කෝ කිසිම හරයක් නැති දිගටම ගලාගෙන යන කෙහෙම්මලක්, එහෙමත් නැත්තන් හරයක් නැති පවුලක් ෆුල්ම අවුලෙන් ඉන්න කතාවක්. ඔය කතා වල සාමාන්‍ය සිද්දි වෙන්නේ එක්කෝ මංකොල්ලකෑම්, පැහැරගෙන යාම්, තර්ජන වගේ ඒවා තමා. ඔක්කොම ...
විමසුම සිතුව්ලි පවුර අපේ රටේ ජනතාව නැවතත් කුපිත කරවනු ලැබ ඇත.රට පුරා සිදුවන වර්ජනයන්ගේ නිමක් නැත.රට කුරිරු ත්‍රස්තවාදයෙන් ගලවාගත් අතිගරු ජනාධිපතිතුමාට තැන් තැන්වල බැණවැදීමෙන්ම අපේ රටේ ජනතාවගේ අවස්ථාවාදී කුහක මානසිකත්වය මනාව ප්‍රදර්ශනය වේ.රට ත්‍රස්තවාදයෙන් ගලවාගත් එතුමා ඉන් නොනැවතී ආරම්භ කළ මහා දැවැන්ත සංවර්ධන සංග්‍රාමයේ ප්‍රථිපල තවමත් ජනතාවට ලැබෙන්නට පටන් ගත්තා පමණි.මෙකී සංවර්ධනයෙන් රට ඉසුරට ඇදී යද්දී ඩොලර් කාක්කන්ගෙන් පිරී ඇති විපක්ෂය රජය අප්‍රසාදයට ...
ජේසු කියපු කතාවක් සිතුව්ලි පවුර සමූහයා අතරින් එක් අයෙක් කතා කොට, "ගුරුදේවයෙනි, මා සමග අපේ උරුමය බෙදා ගන්න මාගේ සහෝදරයාට කිව මැනවැ "යි උන්වහන්සේට කීය. එහෙත් උන්වහන්සේ කතාකරමින්, "මිත්‍රය, ඔබකෙරෙහි නඩුකාරයෙකු, නොහොත් දේපල බෙදන්නෙකු කොට මා පත්කලේ කවරෙක් ද ? " යි ඔහුගෙන් ඇසූ සේක."තවද, සියලු ආකාර තන්හා වලින් පරිස්සම් වෙන්නට බලාගන්න; මනුශ්්යකුට කොතරම් දේපළ තිබුනත් ඔහුගේ ජීවිතය ඒපිට රඳා නැතැ" යි ඔවුන්ට වදාල සේක. ...
පොඩි කාලේ සිතුව්ලි පවුර පොඩි කාලේ අපි හිටියේ අපේ සීයලාගේ ගෙදර, වෙනම ගෙදරක පදිංචියට එනකම් තවත් නෑදෑ පවුල් දෙකතුනක් එක්කම ජීවත් උනේ එකම ගෙදර. ඒ කාලේ දැන් වගේ පරිඝනක, ටීවී, විවිධාකාර සෙල්ලම් බඩු තිබ්බේ නැති නිසා අපි ගොඩක් වෙලාවට සෙල්ලම් කලේ වට පිටේ තියෙන දේවල් වලින්.පරණ ටයර් කියන්නේ ඒ කාලේ මහා අනර්ඝ වස්තුවක් ඕක දෙපැත්තෙන් ලී දෙකක් ගහගත්තාම බයිසිකලයක් වගේ තල්ලු කරන්න පුළුවන්. කාලයක් ...
ඩෙංගු සිතුව්ලි පවුර ඩෙංගු ආයෙත් රටේ පැතිරෙන්න පටන් අරන් නිසා ඒ වෙනුවෙන් සමීක්ෂණයක් කරන්න රජයේ හිතවතෙක් විදිහට මට ටෙන්ඩර් පටිපාටියට පිටින් කොන්ත්‍රාත්තුවක් ලැබුණා.රජතුමා කතා කළාම කටක් ඇරලා බෑ කියන්න බැරි හින්දාත්, බෑ කියලා ගෙදර ගිහිං මෑණියන්ගේ කන්දොස්කිරියාවට කන් දීගෙන ඉන්න බැරි නිසාත් මම ඔන්න ඔහේ හා කියලා වැඩේ බාර ගත්තා.'ඈ යකෝ හැඩි දෙමළගෙං මේ රට ගලවගත්ත, හමුදා පාලනයකට රට තල්ලු වෙද්දි ඒකව හිරේ ...
සිහින කුමාරි සිතුව්ලි පවුර වෙල් ඉපනැල්ලේගo දිය අයිනේහමුවීලා... පෙම්බස් දෙඩුවා..මතකයි මතකයි හැමදා....තරු මල් යහනේසඳ කැන් වතුරේකිමිදීලා...පෙම් ගී ගැයුවා...අද වාගෙම පෙරදා...කළුවර දුරලූ - පහනක් වාගේපෝදා අහසේ - සඳ මා තුරුලේනෑ නෑ දුර නෑ - මගෙමයි කුමරීපැතුමන් ඉටුවිලාමගෙ වී දිවියේමනමාළි... මගෙ ලොව රැජිනී..නුඹමයි මාගේ කුමරී...සුදු සඳ එළියේ - සැතපී තුරුලේනැලවෙන් කුමරී - සිහින විමානේ...නැලවෙන් කුමරී - පෙම් මල් යහනේ... ...
ඇගේ වරද ගැබිනියක් වීම ද?නැත්නම් මුස්ලිම් කාන්තාවක් වීම ද? සිතුව්ලි පවුර මේ සිදුවීම 2011.08.18 වෙනිද ගාල්ල බස් නැවතුම්පලෙන් රාත්‍රී 10.10 ට පිටත් වෙච්ච ලංගම බස් රථයෙ වෙච්ච දෙයක්.මේ දවස් වල වැල්ලෙ දේවාල පෙරහැර නිසා සැලකිය යුතු පිරිසක් රාත්‍රියට ගමනාගමනයෙ යෙදෙනව.මමත් පිරිත් පලකට ගිහින් ගෙදර එන්න බස් එකට නැගල වාඩි වෙලා හිටියෙ පිටිපස්සෙ සීට් එකේ දකුණු පැත්තෙ කොනේම.පෙරහැරට ගිහින් හිටි මිනිස්සු නිසා බස් එක පිරිල තවත් 10-12 ක් විතර නැගිටල හිටියෙ.මේ වෙලාවෙ ...
ලෝකේ බයානකම තැන.. සිතුව්ලි පවුර යාළුවො තුන් දෙනෙක් දුර ගමනක් යන ගමන් කතාවට වැටුනා. දැන් ඔන්න බයානක අනතුරු ගැන කතාව. මේ යාලුවන්ට නම් දාගමුකො අපේ පහසුවට. එකෙක් ටොම් අනිකා ඩික් අනිකා හැරී.ටොම්.:- උඹල දන්නවද ? අපේ සීයාගේ තාත්ත මලේ මුහුදේ ගිහින්. අපේ සීයත් මලේ මුදු ගිහින්.. අපේ තාත්තත් මලේ මුදු ගිහින්.. මුදු ගමන් හරිම අන්තරායදායකයි ..ඩික්:- මොනවා කියනවද.. මුද වගේද අහස ? වැටුනොත් ...
ආදරය, කෑදරය සහ ජීවිතය සිතුව්ලි පවුර සිතුවිලි පවුරට තියා මගේ අම්බලමටවත් කාලෙකින් මොකුත් ලිව්වේ නැහැ. මේකත් ඉස්සර ලියපු එකක්. ලිව්වේ කාලෙකට කලින් උනත් ලියපු දේවල් තවමත් වෙනස් වෙලා නැති නිසා ආයෙමත් ඒ ලිපිය මේකටත් දාන්න හිතුනා.මේකත් මාතෘකාව දැක්ක ගමන් හැමෝම හිතන ආකාරයේ ලිපියක් නොවෙන්න පුළුවන්. මොකද මේ මාතෘකාව සම්බන්දයෙන් ලියන්න නම් කොයිතරම්ම දේවල් තිබුනත් කොහෙන් පටන් අරන් කොහෙන් ඉවර කරනවද කියලා මට හිතා ගන්න බැරුව ඉන්නේ. ...