මෙරුවෝ සහ මරුවෝ සිතුව්ලි පවුර තටු ලැබිලාඋද්දාමයෙන්මහ පොළවෙන් මතුවෙලාමම පියාඹගෙන එනකොටඅවඥාවේ එක අතුල් පාරකින්ගහපන් මගෙ තටු කැඩෙන්නමම වැටුනාමආයෙත් පටන් ගත්තුමහ පොළොවටමදත්මිටි කාගෙන'නොදකිං මේ කාළකන්නි සත්තු' කියලාපාගලා දාපන් චප්පම වෙලා යන්නඒත් හිතන්න එපාඉවරයි කියලාමෙරු එන තරමටකී පාරක් කියලා ඕක කරන්නද? ...
විමසුම සිතුව්ලි පවුර අපේ රටේ ජනතාව නැවතත් කුපිත කරවනු ලැබ ඇත.රට පුරා සිදුවන වර්ජනයන්ගේ නිමක් නැත.රට කුරිරු ත්‍රස්තවාදයෙන් ගලවාගත් අතිගරු ජනාධිපතිතුමාට තැන් තැන්වල බැණවැදීමෙන්ම අපේ රටේ ජනතාවගේ අවස්ථාවාදී කුහක මානසිකත්වය මනාව ප්‍රදර්ශනය වේ.රට ත්‍රස්තවාදයෙන් ගලවාගත් එතුමා ඉන් නොනැවතී ආරම්භ කළ මහා දැවැන්ත සංවර්ධන සංග්‍රාමයේ ප්‍රථිපල තවමත් ජනතාවට ලැබෙන්නට පටන් ගත්තා පමණි.මෙකී සංවර්ධනයෙන් රට ඉසුරට ඇදී යද්දී ඩොලර් කාක්කන්ගෙන් පිරී ඇති විපක්ෂය රජය අප්‍රසාදයට ...
කොපි කිරීමේ නිදහස සිතුව්ලි පවුර මේ දවස් වල නිදහස ගැන මහා ඉහලින් කතා වෙන හින්දා, මට හිතුණා මෙහෙම මාතෘකාවකට බහින්න. පොඩි කාලෙ ඉඳං ම සමහරු පුරුදු වෙලා ඉන්නේ කොපි කරන්ට. ඉස්කෝලෙදි ගෙදර වැඩ කරගෙන නාවාම ගෙඩි පිටිං කොපි කරන එක විතරක් නෙවෙයි.. ඊටත් පුංචි කාලෙ ඉඳලා කරන අනිත් අයව අනුකරණය කිරීමත් කොපි කිරීමක් තමයි.. ඉතිං හිතලා බලන්ටකෝ අපි කවුරු කවුරුත් අඩු වැඩි වශයෙන් කොපි කොරලා ...
කැම්පස් යන නංගිලා මල්ලිලා වෙත ආදරයෙන්... සිතුව්ලි පවුර මේ ලිපිය ක්සැන්ඩරයා ගේ කොළමේ 26/01/2012 දින පලවූ ලිපියක් නැවත පල කිරීමකි.කැම්පස් යන නංගිලා මල්ලිලා වෙත ආදරයෙන්...අවුරුදු 13 ක පාසල් ජීවිතෙන් පස්සේ තවත් හොඳට ඉගෙනගෙන ලොකු මහත්තයෙක් නෝනා කෙනෙක් වෙන්න හිතාන කැම්පස් එකට අඩිය තියපු ඔයාල කරන කියන දේවල් දැක්කම මට මේක නොකිය ඉන්න හිතක් ඇත්තෙම නැති තරම්. පුංචි බැංකු කෑල්ලක එල්ලිලා පස්ස හිරිවටෙනකම් ටියුෂන් ගිහින් ඉගනගන්නකොට හැමදාම අපි හිතුවේ ...
ඔක්කොම තියෙනවා--එහෙනම් මොකද යකෝ ඕකේ කරන්නේ ? සිතුව්ලි පවුර ඔටු අම්මයි ඔටු පුතයි බර සාකච්චාවක්.ඔටු අම්මට 'අ' කියලයි පුතාට 'පු" කියලයි දාගෙන මේක කියමුකෝ.අ:- ඇයි පුතේ උඹ ආස පොලොව ගැටලන්න වගේ කල්පනා කොරන්නේ ?පු :- අම්මේ මං ප්‍රශ්න කීපයක් අහන්නද ? ඔන්න පලවෙනි එක.. ඇයි අම්මේ අපේ මේ මහා මල්ලක් වගේ මොල්ලියක් තියෙන්නේ.?අ:- ආ ඒ පුතේ අපි කාන්තාරේ දුර යනකොට තිබහ වෙන එක නවත්තන්න වතුර ගබඩා කර ගන්නනේ..පු: එතකොට ...
පොඩි කාලේ සිතුව්ලි පවුර පොඩි කාලේ අපි හිටියේ අපේ සීයලාගේ ගෙදර, වෙනම ගෙදරක පදිංචියට එනකම් තවත් නෑදෑ පවුල් දෙකතුනක් එක්කම ජීවත් උනේ එකම ගෙදර. ඒ කාලේ දැන් වගේ පරිඝනක, ටීවී, විවිධාකාර සෙල්ලම් බඩු තිබ්බේ නැති නිසා අපි ගොඩක් වෙලාවට සෙල්ලම් කලේ වට පිටේ තියෙන දේවල් වලින්.පරණ ටයර් කියන්නේ ඒ කාලේ මහා අනර්ඝ වස්තුවක් ඕක දෙපැත්තෙන් ලී දෙකක් ගහගත්තාම බයිසිකලයක් වගේ තල්ලු කරන්න පුළුවන්. කාලයක් ...
ගංජා, සිගරට්, මත්ද්‍රව්‍ය, අරක්කු, පරැෂ වචන ඇතුලත්ව ඇති හෙයින් 20+ය. සිතුව්ලි පවුර ඔන්න දමිත් අසංකගේ අලුත් සිංදු ඇල්බම් එකකුත් ඇවිල්ලු.... ඔහොම කියාගෙන පීස් කඩේට ගොඩවුනේ මධුවන්තයයි. අපි කිව්වේ මධුවා කියලා. කොහොම හරි අපි අපේ ෂොප් එකක් වගේ හිටියට ඒක ඇත්තටම මධුවගේ. ඒකා අපිට උගේ ෂොප් එක බාරදීල යනවා කෑලි ටෝක් කරන්න. අපිට රජ මඟුල් වෙන්නේ හවස ස්කෝල ඇරෙන ටයිම් තමා ඉතිං. මොකද මේකා ඉන්නෙම නෑනේ ඒ වෙද්දී. මේකා යනවා උගෙ ගෑණිත් එක්ක ...
හිමි පෙම පතා නොකළ යුතු කතා සිතුව්ලි පවුර ඔන්න මුලින්ම කියන්න ඕන මේක මම ලියපු එකක් නෙවෙයි.මම මේක හොයාගත්තෙ නවලිය පත්තරෙන්.මේක ලියලා තියෙන්නෙ ප්‍රේමා සුමනසීලි සුරවීර කියන ලේඛිකාව.මේ තියෙන දේ බ්ලොග් කියවන අක්කලාට වගේම අය්යලාටත් වැදගත් වේවි කියලා හිතුනා.(කසාද බැඳපු හා බඳින්න ඉන්න අයට විශේෂයෙන්.)ඉතින් කියවලාම බලන්නකෝ.අපේ මෙයාගෙ අතේ ගෙනියන සෙල්ෆෝන් එක මේසේ උඩ යට පොත් ගොඩවල් , පත්තර අස්සේ , හැම තැනම හෙව්වා, නෑ. "මන් කියලා තියෙනවා ...
...:: තමන්ගේ Blog එකෙන් සල්ලි හොයන්නේ මෙහෙමයි ::... ~ !! [*BlogShan*] !! සිතුව්ලි පවුර ...:: තමන්ගේ Blog එකෙන් සල්ලි හොයන්නේ මෙහෙමයි ::... ~ !! [*BlogShan*] !!
අවවාදයයි : මෝල් වීමට කලියෙන් පර්ස් එකේ සල්ලි ඇත්දැයි බලන්න (18 + ද මන්දා ) සිතුව්ලි පවුර අපි කනවා බොනවා ජොලි කරනවා තමයි. ඒත් ඒ හැම දේකම මොකක් හරි සීමාවක් තියෙන්න ඕනේ. කතාව කියවලා ඔයාලට මොනවා හරි හිතෙන දෙයක් ලියල යන්න. (ආයෙමත් කියන්නේ මේක ලිව්වේ කට්ටිය ආතල් ගන්නවට විරුද්ද වෙන්න හිතල නම් නෙවෙයි ) සල්ලි තියනවනම් කාපල්ලා බීපල්ලා ආතල් ගනිල්ලා අපට මොකෝ............... මේක පහු ගිය මාසේ මට සිද්ද උන ඇත්තම සිද්දියක්. මේ සිද්දියට අදාළ පුද්ගලයන්ගේ අහල පහල ...
2012 දී අපි යන්නේ කොයිබටද? සිතුව්ලි පවුර පහුගිය කාලයේ අපි කරපු කියපු, බලාපොරොත්තු වුණු දේවල් වලින් මොකද වුණේ..? මොනවද අපි ඉස්සරහට අරං යන්නේ...? මොනවද අපිට වැරදුණේ..? මොනවද පහුගිය අවුරුද්දේ හමුවුණු වැදගත් කඩයිම්...?අලුත් අවුරුද්ද ලබන දවස් වල.. ඒ කියන්නේ 2012 මුලදී, නැත්නං 2011 අග දී අපි හිතුවා.. අලුත් ප්ලෑන් ගැහුවා.. ඒ අපේ පුද්ගලික සංවර්ධනය වෙනුවෙන්.. මේ ගැන අපේ බ්ලොග් වලත් හොඳ හොඳ ලිපි ලියැවිලා තිබුණා.. මේ මං දැකපු ...
වීර ක්‍රියාව සිතුව්ලි පවුර එතුමාගේ නම ජාතික වීරයින්ගේ ලයිස්තුවේ උඩටම තිබුනේ තමුන්ම ඉතිහාසය ලියාගත්ත නිසා නොවේ.. සැබෑවටම රටේ සතුරන් හා යුද වැදී ලේ වගුරුවා සටන් කොට ජීවිතය පුජා කල නිසයි..වසර සිය ගණනක් මුළුල්ලේ වල බුරු ලන්තයේ ප්‍රධාන නගරයක ඉදිකර තිබුණු එතුමාගේ කඩුවක් අතින් ගත් සෙල්මුවා පිළිරුව පසුකර ගමන් කල එකම බුරුලන්ත වැසියෙකුටවත් මදක් එහි නැවතී ආචාර කරන්නට හෝ තම දු දරුවන්ට ඔහු ගැන කියාදෙන්නට ...
පිටසක්වල ජීවය... පුරාතනයේ සිට පැවතුනාද? III විදුලිය හා ආලෝකය සිතුව්ලි පවුර මේ ක්සැන්ඩරගේ කොළමේ පළවුණු අලුත්ම ලිපිය. මේ මාතෘකාවට ගොඩක් අය දක්වන ආසාව කුතුහලය නිසාම මම මේ ලිපි මෙහි නැවතත් පල කරන්නේ තවත් කියවන බොහෝ දෙනාගේ මනදොල සපුරන්නයි. මේ දෙදහස් දොළහ වසරේ ක්සැන්ඩරයාගේ කොළමේ පලවෙන පලවෙනි ලිපිය. ඉතින් ඔය කියවන හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වගේම සියලු සුබ සිහින ඉටුවන නව වසරක් වේවා කියල ක්සැන්ඩර් ඉස් ඉස්සරලාම ඉතසිතින් ප්‍රර්ථනා කරනවා.ඉතින් අවුරුද්දේ ...
කළම්බෝ කළම්බෝ අයි ලව් යූ.........කළම්බෝ....... සිතුව්ලි පවුර 'කොළඹ කියන්නෙ ලංකාවෙ තියෙන අග නගරය උනාට ලංකාවට වඩා කොළඹ ලොකුයි.ඒ කියන්නෙ ලංකාව තියෙන්නෙ කොළඹ ඇතුලෙ'.ඔන්න එතකොට ප්‍රේක්ෂකාගාරෙ ඇතුලෙ මුණු මුණුවක් යනවා.ඇත්ත නේන්නං ලංකාවට වඩා කොච්චර ලොකුද කොළඹ.හැබැයි මෙතෙන්දි කතා වෙන්නෙ කොළඹ අපි දකින සුන්දර සීනි බෝල පාවෙන ජීවිතවල ඇතුලාන්තය.ඒ කියන්නෙ ඒ ජීවිතවල ඇත්ත.වැල්ලවායෙ මිසක් වැල්ලවත්තෙ නොවන කොල්ලෙක්ගෙන්, බත්තරමුල්ලෙ මිසක් බත්තලංගුණ්ඩුවෙ නොවන කෙල්ලෙක් බලාපොරොත්තුවෙන අවිනිශ්චිත අනාගතයක් ගැන.නාට්‍ය බලන අපි උඩ ...
වෙන් වෙන්න අවසරයි සිතුව්ලි පවුර තව එකම එක දවසක්, මම ජිවත් වෙනවා.මම ඔයාලට දුකක්වේදනාවක් දුන්න නම්,මට සමා වෙන්න........ඔයාල අතරට ,ආයෙමත් කවමදාකවත් ,මම එන්නේ නෑඔයාල හැමෝම ,සතුටින් ඉන්න,මම ඔයාලගෙන් සදහටම වෙන් වෙන්නයියන්නේ...... මම ඔයාලගේ ආදරණිය2011 පරණ අවුරුද්දලබන්නා වූ 2012 අවුරුද්දඔයාල හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා........ ...
සිරා කරපු මගේ ලව් එක! සිතුව්ලි පවුර අද පෝය දවස..කාමරේ ලයිට් නිවල තිබ්බට ඒ වගේම එලියකින් කාමරේ පිරිලා..මං ආස නෑ එලියට..මට ඕන කළුවර..එහෙම හිතලා පැත්තකින් තිබ්බ කොට්ටෙ අරං මූන වහගත්තා..හ්ම්ම්ම්...රංගි එක්ක එක දිගට රණ්ඩු වුන කීවෙනි දවසද මේ කියල මං කල්පනා කරන්න පටන් ගත්තා..අදත් සුපුරුදු පරිදි අපි කතා කලා...රණ්ඩු උනා..මට පුලුවන් උපරිමයෙන් මං එයාට ආදරේ කලා..අදටත් කරනවා..හැබැයි එයා කවදාවත් මං කරන කිසිම දෙයක හොඳක් දැක්කේ නෑ..මං කරන ...
පිටසක්වල ජීවය... පුරාතනයේ සිට පැවතුනාද? II - ගුවන් යානා තාක්ෂනය සිතුව්ලි පවුර මේ ලිපිය ක්සැන්ඩරයාගේ කොළමේ පලවූ ලිපියක් නැවත පළකිරීමකි. අද ලියන්නේ පිටසක්වල ජීවීන් පිළිබඳව ලියන ලිපි පෙලේ දෙවැන්නයි. මේ ලිපියේ මුල් කොටස කවුරුහරි කියෙව්වේ නැතිනම් මෙතනින් ගිහින් කියවන්න පුළුවන්. ගුවන් යානා ගැන කතා කරනකොට දැන් නම් පොඩි එකෙක් උනත් කියාවි ඒක හොයාගත්තේ රයිට් සහෝදරයෝ කියල. එත් ඇත්තටම එහෙමද උනේ? මේ ලෝකේ ගුවන් යානා තිබ්බේ 1903 දෙසැම්බර් මාසේ ඉඳලද? ඉතින් ඒ අපි ...
ගංජා කවි සිතුව්ලි පවුර හිරු අවරට යද්දි......ගොම්මන් කලුවර ගලා හැලෙද්දී.....තනිකමයි පාලුවයි.....දස අතේ පැතිරිලා.....අදුර නැතිවෙන්නටම පහන් දැල්වෙන පැයේ..සද ඇවිත් හිනාවෙයි පොල් අතු පීරගෙන..සුවද දස අත දිදි සමන් මල් පිදෙද්දි...මල් සුවද හොයාලා යන්න සිත කියාවි..මල් පැනි රොදක රස බලන්නට කාසි නැත..කාන්සිය මකා ගන්න වෙනයම්ද දෙයක් නැත..සිතා දස අත මට වැටුහුනා ක්රමයක්ද..සොයා දස අත ලැබුනි ඉතිරි වු කාසි..නැග්ගෙ පාගලෙ අරන් පියඹුවා හන්දියට.."ඇබා" ඇතිදැයි සොයා රින්ගුවා පොට් එකට..දීලා ...
ඩෙංගු සිතුව්ලි පවුර ඩෙංගු ආයෙත් රටේ පැතිරෙන්න පටන් අරන් නිසා ඒ වෙනුවෙන් සමීක්ෂණයක් කරන්න රජයේ හිතවතෙක් විදිහට මට ටෙන්ඩර් පටිපාටියට පිටින් කොන්ත්‍රාත්තුවක් ලැබුණා.රජතුමා කතා කළාම කටක් ඇරලා බෑ කියන්න බැරි හින්දාත්, බෑ කියලා ගෙදර ගිහිං මෑණියන්ගේ කන්දොස්කිරියාවට කන් දීගෙන ඉන්න බැරි නිසාත් මම ඔන්න ඔහේ හා කියලා වැඩේ බාර ගත්තා.'ඈ යකෝ හැඩි දෙමළගෙං මේ රට ගලවගත්ත, හමුදා පාලනයකට රට තල්ලු වෙද්දි ඒකව හිරේ ...