දඟ මල්ල ලිහී අද, කඳුලු බිඳි විසිරිලා...... නැඟනියනි...ඔබට සුභ ගමන්!!!! සැහැල්ලුව කුසුමක්..විකසිත වූ විගස..නටුවෙන් ගිළිහුනු.. සුවඳ කුසුමක්..නෙක කිඩාරම් දෙපසය..නැත කිසිත් දොසක්...පරව යයි සුවඳ කුසුම්තබමින් නෙතඟ කඳුලක්......ජනිතා රාජපක්ෂ නැඟනියනි, ඔබට මෙවන් අකල් මරණයක් උපනූපන් ජාතිවත් නොවේවා....!ඔබ දුකාගේ මෙම සටහන දකින්න ඇතැයි සිතමි. එහෙත් අපට යමක් කරන්නට ඉඩ නොතබා ඇය රහසේම නික්ම ගොසිනි...! ...
සුනිල් පෙරේරාගේ දුන්තෙල්බත් දන්සැල.... gypsis vs Gypsis සැහැල්ලුව දන්සැල් කරුවන්ගෙ වදයෙන් බේරෙන්නට "අපි කතෝලික"යැයි බෝඩ් ගසාගත් පුවතක් පසුගිය දිනවල අන්තාර්ජාලයේ දුටු මට පැරණි සිද්ධියක් සිහිවුනි.ඒ මෙයට වසර දහයකට පමණ පෙර බක් මස අග විය. තම නව නිවසෙහි ඉදිකිරීමක් ගැන සාකච්ඡාවකට මම රත්මලාන බෙලෙක්කඩේ හන්දියෙහි තිබූ ජිප්සීස් නායක සුනිල් පෙරේරාගේ කාර්යාලයෙහි ඔහු හමුවන්නට ගිය දිනෙකි.සුනිල් පෙරේරා යනු වචනයේ පරිස්මාප්ත අර්ථයෙන්ම රසවතෙකි. ඔහු හා කතාවට වැටුනු කල කාලය ගතවීම ...
සම්භන්ධය! සැහැල්ලුව පුලුවන්නම් මේ පහත පින්තූර තුන දිහා බලල ඒවගෙ සහ සම්භන්ධයක් තියෙද කියල කියන්න බලන්න. ......... ..............හොඳම කමෙන්ටුවට අස්ග්රාලි වෙතින් වටිනා සුවඳ කැවූ පුළුන් කෑල්ලක් නොමිලේ!! ...
අපේ මාමා තම්බියෙක් උනානම්...! සැහැල්ලුව මගේ බිරිඳගෙ පවුලෙ පළවෙනි දෙවෙනි වටයෙ වැඩිහිටි ඥාති බොහොම දෙනෙක් ( ඇගේ මව් පියන්ද ඇතුළුව ) එක්කො වයසට, සමහරු අකලට සහ කීප දෙනෙක් සුනාමියටත් අහුවෙලා නැතිවෙලා, අන්තිමේ ඉතුරුවෙලා ඉන්න කීප දෙනයි.ඒ ඉතුරු අයගෙන් විතරක් නෙමෙයි ගිය අය එක්ක බැලුව උනත් තරමක් ගරු බුහුමන් ලබන, කවුරුත් කැමති හරිම හිත හොඳ මනුස්සය තමයි මාතුපාල මාම.සුනාමිය නිසා තරමක් තුවාල උනාට උන්දැගෙ හිත ...
දවස් හයක් රෑ පහක්..Journey to Moon with My Honey..! සැහැල්ලුව ඇත්තටම අද බලපුවම හිතෙනව ඒක මහ පුදුම ගමණක් කියල.අපි පටන්ගත්තෙ දෙදාස් හතරෙ ජූලි විසි හය. 24 තමයි අපේ හෝම් කමින් තිබ්බෙ. විසි පහ ඉරිද හති ඇරල ලැහැස්ති උනා. 26 උදේම පිටත් උනා. පටන් ගත්තෙ පානදුරේ, දේවිගෙ ගෙදරින් උදේට කාල. දවස් කීපෙකට ඇඳුනුයි වතුර බෝතල් දෙක තුනකුයි. තව ඩිජිටල් නොවුන කැමරාවයි, සී ඩී තොගේකුයි..යන්නෙ කොහෙද, ඉන්නෙ කොහෙද දන්නෙ නෑ. එන්නෙ ...
ඉඟුරු දී ගත්තු මිරිස් ..….. Putin’s bitch putting him down! සැහැල්ලුව ඒ ලාංකීය ඉතිහාසයෙ මෙන්ම ජාත්‍යන්තරයේද ඉතා අවධානයට යොමු වූ නඩුවක තීන්දුව දෙන දිනයයි.පසුගිය දින බ්‍රිතාන්‍ය ලංකාවට ජිනීවාහීදි කල දෙයෙහි පළිය ගැනීමට ලැබුනු මෙම අනගි අවස්ථාව මඟ නොහරින බවට සියලු දේශ හිතෛශී ජනතාව තුල තිබූ විශ්වාසය නිසා ඔවුන් අලුක්කාල් කඩේ වටකොට කඳවුරු බැඳ සිටියහ.උසාවිය තුල ප්‍රකාශ කෙරෙන මෙම තීන්දුව ජංගම දුරකථනයක් හරහා සන්නිවෙදනය කොට පිටත එක්වී සිටින දහස් සංක්යාත ආධාරකරුවන් ...
නයි අරින්න බැරිද? My car, my petrol…. parking at your place.. සැහැල්ලුව ඇයි අපි බ්ලොග් ලියන්නෙ??බලන්න කට්ටිය ඉන්න හින්දද, කට්ටිය බලල කමෙන්ට් එකරන හින්දද? බලන අය ඒ ඔස්සෙ අත්දැකීම් බෙදාගෙන සංවාද විසංවාද ඇතිවෙන හින්දද?. එහෙමත් නැත්තන් පොත් පත්තර බලල, ඒ වගේ තමන්ටත් ලියන්න, ලේඛකයෙක් වෙන්න ආසව තිබ්බත් අවස්ථාවන් නොතිබ්බ නිසාද!එච්චරද. තමන් පොරක් කියල පෙන්නන්න ඕන හින්ද, තමන්ගෙ හීන මානෙ වහගන්න, කෙල්ලෙක් සෙට් කරගන්න, ණයක් ගන්න, බිස්නස් වැඩිකරගන්න මේ වගේ ඕනම දෙයක් ...
අතුරුදන්වූ යානය ගැන ලොව කලඹන අනාවරණය. Breaking news – Missing Airplane Found in… සැහැල්ලුව මෙන්න දැන් ලැබුනු විශේෂ වාර්ථාවක්.පසුගිය දිනවල අතුරුදහන් වූ මැලේසියානු ජම්බෝ ජෙට් යානය මේ වනවිට සොයාගෙන තිබෙන අතර මෙම යානය සතියක් තුල සැඟව සිටි ස්ථානය සහ එයට හේතුව පැහැදිලි කිරීමේ විශේෂ පුවත්පත් සාකච්ඡාවක් තව මොහොතකින් ආරම්භ වීමට නියමිතය.හොඳයි අපි දැන් සම්භන්ධ වෙමු සඳ ලංකාවෙ අගනෞවර කිඩාරම් පොකුණශාලාවේ මේ මොහොතේ ඇරඹෙන ඒ අති විශේෂ සාකච්ඡාවට.මේ විශේෂ අවස්ථව වාර්ථාව සඳහා මැලේ ඇක්සිඩන්ට් ...
සාධු සහ භර්යාව! සැහැල්ලුව අපි පොඩි කාලෙ ගමේ පන්සලේ, දහම්පාසලේ හාමුදුරුවන්ට ඇමතුවේ පොඩි සාධු, ලොකු සාධු වගේ සාධු කියන නමින්. ඔක්කොම සාධුලගෙ ලොක්ක බුදු සාධු. ඒත් පස්සෙ හතරෙ පහේ පන්තිය පාස් කරනකොට ඉගෙනගත්ත නෙමෙයි ඉගැන්නුව සාධු කියන එක වැරදියි, මොකද සාධු කියන්නෙ ඉන්දියාවෙ ඉන්න සන්යාසි වර්ගයක්ය, ඒ නිසා හාමුදුරුවන්ට සාධු කියන එක අපහාසයක් වෙන දෙයක්ය කියල. ඉතින් ඉන් පස්සෙ අපි හාමුදුරුවන්ට හාමුදුරුවනේ කියල ...
බහරේනයේ මෝඩ මෝල! Bahrain Moda Mall. සැහැල්ලුව තාක්ෂනික දොසක් නිසා මගේ අලුත් පෝස්ට් එක එකපාර අප්ඩේට් වෙන්නෙ නෑ බ්ලොග් රෝල් වල. ඒ හින්ද මෙන්න පාර, මේකෙන් යන්න මෝල බලන්න.
බහරේනයේ මෝඩ මෝල! Bahrain Moda Mall. සැහැල්ලුව අර ඔටු කතා බ්ලොග් එක හඳුන්වල දෙන වෙලාවෙ කකා කියල තිබ්බ ඒ ඒ රටවල ඉන්න ඈයො ලියන්නෙ ලංකාවෙ එදිනෙදා දේ ගැන මිසක් ඒ රටවල් ගැන නෙමෙයි කියල. ඇත්ත, ඒ කියපු කකා විතරක් නෙමෙයි මම දන්න තරමින් නම්, බින්දි ඇර අනික් හැමෝම ලියන්නෙ ඒ වගේ ලංකාව ගැන මිසක් තම්න් ඉන්න රටේ තොරතුරු නෙමෙයිනෙ. ඒ හින්ද මම හිතුව මම ඉන්න රටේ ...
කිම්බ(ර්) මොන රටේද? සැහැල්ලුව එක දිගටම සැහැල්ලුවෙ "බර කතා" ගිය නිසා පොඩි සැහැල්ලු කතාවක් ලියන්න හිතුව. මේකත් අපේ ලොකු උන්දැ නොහොත් ලොකු බාහුගෙ තවත් ඉල ඇදෙන ස්ටෝරියක්.මිනිහ ඉඳ හිට ඔහොම හොඳ කතා කියනව. දැන් අය්ය එක්ක මල්ලිත් සෙට් වෙලා තත්වෙ තවත් දරුණුයි. ඒ ගොල්ලො අහන සමහර ප්‍රශ්ණ සහ කියන කතා වලට අපිට තමයි කට උත්තර නැති වෙන්නෙ.දවසක් මම ලොකු බාහුට කියල දුන්න ඔය ...
මිනිය මිනිහට වඩා බර වැඩිද? සැහැල්ලුව මිත්‍යාව පිලිගන්න අපේ රටෙ විතරක් නෙමෙයි දකුණු ආසියාවෙම මිනිස්සු බොහොම කැමතියි.සමහර විට මේ ඇහැට පේන සත්‍ය වෙනුවට මහා මිත්‍යාවක් කරපින්නගන්නව. එක අතකට මොන හෞතික විද්‍යාව ඉගෙන ගත්තත් බටහිරයොත් නොපෙනෙන දෙවියන් කෙනෙක් ගාව ගිහින් පිහිට ඉල්ලන එක පවා මිත්‍යාවලට රැවටීමක් නෙමෙයිද කියල කෙනෙක්ට අහන්න පුලුවන්. එහෙම තත්වයක් උන ඇයි අපේ අයට විතරක් බනින්නෙ කියල තර්කයක් ගේන්න බැරි කමකුත් නෑ. ඇත්ත. ...
මා නොතලන් බොරු කියා...! සැහැල්ලුව බ්ලොග් ලොව රෙජිස්ටර්ඩ් හොර ගෙඩියා මාතලන් විසින් මට අභියෝගයක කර ඇත. ඒ මා උගේ පෝස්ට් කටුවේ දමා ඇති බලාගාර රිපෝර්ට් එක ටැක්නිකලි වැරදියැයි කියාවියි කියනු ඇති බවත් එනිසා පරෙස්සම් වනු බවත්ය. එම්බා කෙළ තොල්ල. තා කෙදිනක මා හා සටනට වැද ජයගම්ද මෙවන් සුරු හරු කම් ගැන කතා කොටැ?මා ඉපදී ඇත්තේම බ්ලොග් ලොව වසුරු සුරු වෙන්කොටැ, දුහනන්ගේ ඇස්පෑදීමේ වරම් ලත් සඳුන් ...
විශවගේ අදහස.... පිළිතුරු දීමේ අයිතිය සහ එක් කතාවක අවසානය! සැහැල්ලුව SilentSahan ගේ බ්ලොග් එකේ සදහන් වැරදි ප්‍රකාශ වලට මම යොමුකරන ලද කරුණු වලට ඔහුගේ අපහාස සහ නොගැලපෙන පිළිතුරු නිසා ඒවා කියවන්නෙක් හට තේරුම් ගැනීම පහසු නොවේ. මෙම ලිපියේ අරමුණ ඒ සියලු කරුණු සවිස්තරාත්මකව පෙන්වා දීමයි. මෙහි තාක්ෂණික කරුණු ඇසුරෙන් ඔහුගේ ප්‍රෝඩාව පෙන්වීමක් වන නමුත් තාක්ෂණික දැනුමක් නැත්තෙකුට උනත් තේරුම් යන පරිදි මම ඉදිරිපත් කරමි.වෙනත් බ්ලොයක බ්ලොග් රෝලේ දකින ලද "ප්‍රහාරක ...
නොදන්න ගොඩ නොදන්න ඩිංගෙන් වැසීම නොහොත් ගලේ පහරන බළලාගේ දුම්බෝම්බ න්‍යයාය. සැහැල්ලුව කිසියම් කෙනෙක් ජීවිතයේ කිසියම් දිනක කිසියම් තැනකින් ගමණක් ආරම්භ කරයි…මෙහෙම කියල පටන් ගත්තෙ ඒ කාලෙ අපේ ප්‍රියතම ගුවන් විදුලු සඟරාව සැරිසර.වාර්ථාවක් කියන්නෙ අනුන්ගෙන්, එහෙන් මෙහෙන් ලැබෙන තොරතුරක් එහෙමම ඉදිරිපත් කිරීමකට වඩා බොහොම එහා ගිය දෙයක් කියල අපි ඉගෙන ගත්තෙ, තේරුම් ගත්තෙ සැරිසර අහල.එදා සම්මත ගුවන් විදුලි රීති අතික්‍රමණය කරපු සැරිසර වගේ වැඩසටහන්,අද සම්මත මාධ්‍ය භාවිතාව වෙනස් කරපු බ්ලොග් සටහන් ...
Silent Sahan ගෙ නිරුවත නොහොත් හොරු වෙනුවෙන් පෙනී සිටි හොරෙකුගේ කතාන්තරය. සැහැල්ලුව සයිලන්ට් සහන් යනු කවුද? සයිලන්ට් සහන් යනු දක්ෂ තාක්ෂනික ලිපි ලියන්නෙක්. ඊටත් වඩා දක්ෂ රැවටිලි කාරයෙක්. සාමාන්‍ය ලෝකෙ හරස්කඩක් වෙච්චි බ්ලොග් අවකාෂෙ සහන් වගේ රැවටිලිකාරයො නැතිවෙන්නෙ නෑ. ඒත් බහුතරයකගෙ වගකීම වෙන්න ඕන එහෙම අයට අනෙක් අය රවටන්න ඉඩ නොදෙන එක. ඒ රැවටිල්ලෙන් ගලවගන්න එක. මොකද මුලින් ටික ටික පටන් ගන්න ඔය රැවටිල්ල අන්හිමට ඉවර වෙන්නෙ මට උනා වගේ ලක්ෂ ගානක් ...
මහා පරිමාණ ඉදිකිරීම ගැන ඇත්තටම දැනගත යුතු දේ...දෙවැනි කොටස.. සැහැල්ලුව කලින් පොරොන්දු උන විදියටම මේකෙ අපි කතා කරන්නෙ විසාල පරිමාන ඉදිකිරීමක මිළ සහ සුකෝපභෝගී නිවාස සංකීර්ණයක ඉඩ ප්‍රමාණය පිළිබඳව.පහුගිය තිස් එක් වෙනිද දාපු පෝස්ට් එකේ පින්තූර හින්ද හරි වෙන හේතුවක් නිසා හරි ඒක බ්ලොග් රෝල් වල හරියට අප්ඩෙට් වෙලා තිබ්බෙ නෑ. අනික එක පාරට කට්ටියම දාපු අලුත් අවුරුදු සුභ පැතුම් පෝසෙට් කන්දරාවට මගේ මේ අමාරුවෙන් කොටාගත්තු පෝස්ට් එක වැහිල ගිහින්. ...
මහා පරිමාණ ඉදිකිරීම ගැන ඇත්තටම දැනගත යුතු දේ...දෙවැනි කොටස.. සැහැල්ලුව අපි පසුගිය ලිපියෙ කිව්ව මහා පරිමාණ ඉදිකිරීමක ආරම්භය සහ සැළසුම සිදුවෙන ආකාරය පිළිබඳව. එතනදි මම පොරොන්දු වුනා තව කරුණු දෙකක්, ඒ කියන්නෙ 1. සුඛෝපභෝගිමහල් නිවසක අවැසි ඉඩ සහ සැළසුම සහ 2. එවැනි ඉදිකිරීමක වර්ගඅඩියක වියදමගැන ඊළඟ ලිපියෙ කතා කරනව කියල. මේ අන්න ඒ අවස්ථාවයි.1. නිවාස සංකීර්ණයක ඉඩ සහ ප්‍රමාණ ගණනනය.සාමාන්යෙන් ඕනම නේවාසික ගොඩනැගිල්ලක් කාන්ඩ තුනක් යටතෙ වර්ග කරන්න පුලුවන්. ...