බ්ලොග් වසන්තය නි(ය)මයිද? සැහැල්ලුව බ්ලොග් වසන්තය ෆේස්බුක් පේජයට අනුව ඡන්දයට එක් කල සියලු සටහන්වල එකතුව 223 කි.ඒ අප බලාපොරොත්තු වූ ප්‍රමාණයට වඩා ඉතා ඉහල අගයකි. වැස්ස, ගං වතුර සහ කකුල් මාට්ටු මැද වසන්තය පිටුවෙහි මෙතරම් ලිපි දැකීමට ලැබීම සතුටුයැයි යලි කිවිය යුතුද?ඡන්ද ලද ගණන හෝ ලැබූ ඡන්ද ගණන නොව ඔබ ලියූ සටහන් ගණන ඉහල යාම, කලක් සිසිර නින්දේ හුන් බුද්ධි, සඳරු, බින්දි, ටොපිය මෙන්ම ...
මෙන්න ඡන්ද ප්‍රථිපල(යට) ලීක් වෙලා Election results leaked..? සැහැල්ලුව වැඩි විස්තර මෙතනට කොටල හොරාට ගෙහුන් බලා ගන්න. මං කිව්ව කියල කියන්න එපා.
මෙන්න ඡන්ද ප්‍රථිපල(යට) ලීක් වෙලා සැහැල්ලුව ඔව් මිත්‍රවරුණි, මේ වෙනකොට බ්ලොග් වසන්තය ඡනද විමසීම ඉතාම උණුසුම්ව පැවැත්වෙන අතර, ජාතියේ ඕපාදූප වාර්ථාකරණයේ ප්‍රමුඛයින් වන පත්තර මල්ලි හා කොන්ක්‍රීට් තම බොග් තවම ගල් කර සිටින නිසා ඒ ටිකත් මටම කරන්නට වූ වගයි.එහෙනම්, 2016 අප්‍රේල් මස විසි අට වන දින ග්‍රිනිච් මධ්‍යන වෙලාවෙන් පස්වරු තුණ ( 3pm) වන විට තිබූ ප්රථිපලයයි ඔය පහත පලවන්නෙ.තවමත් ඔබ ලිපි කියවා නැතිනම් හෝ ...
වසන්තයාට ඔබේ මනාපය දෙන්න - මෙන්න විස්තරේ සැහැල්ලුව දයාබර මිතුරු මිතුරියනි,ඔන්න බ්ලොග් වසන්තයේ බ්ලොග් මල් පල දරන්න පටන් අරගෙන. අපි හැමෝටම බ්ලොග් වසන්තයේ සුන්දරත්වය විඳගන්න කාලය ඇවිදින්. බ්ලොග් වසන්තය පිටුවෙහි පළ වෙන සියළුම ලිපි අතරින් ඔබගේ සිත් ගත් ලිපියට ඔබගේ මනාපය පල කරන්න ක්‍රමයක් ඔන්න හඳුන්වා දීලා තියෙනවා. බ්ලොග් වසන්තය පිටුවේ පළවන සෑම බ්ලොග් ලිපියක්ම අප මේ මනාප විමසුමට ඇතුලත් කරනවා. මැයි මාසයේ අවසානය දක්වා අපි මෙය පවත්වාගෙන ...
බ්ලොග් වසන්තයට කෙලිය නේද? සැහැල්ලුව ලාංකික අපිට වසන්තය කියන්නෙ අප්‍රේල් මාසෙ. සෘතු වෙනස නොතිබුනාට ඒක එහෙම තමයි.ඒ වෙනස දැනෙන රටවල අය දන්නව, වසන්තය කියන්නෙ තද ශීත, මිදුණු හිම සහිත අඳුරු කාලයකින් පස්සෙ, අර ඒ තාක් කල් කටුවට මැරිල වගේ හිටි ගහ්ස් වල අලුතින් දළු දාල මල්හට ගන්නෙ වසන්තයෙ කියල.අන්න ඒ අරුතින් තමයි අපි කිහිපදෙනෙක් එකතුවෙලා 2015 අප්‍රේල් මාසෙ බ්ලොග් වසන්තය පටන් ගත්තෙ. ඒ කිව්වෙ ඉස්සර ...
නැකතක් මොකටද ගිණි මොළ වන්නට ..? සැහැල්ලුව කලකට පෙර අවුරුද්ද කියන්නෙ කොළඹ උන්ට බඩගින්නේ ඉන්නට වෙච්චි කාලයක්. කොළඹ අවට බේකරි සහ කෑම කඩ, සිල්ලර කඩ වැහිල, ගෝලයො ගම්බිම් ගියපු පාලු නුවර පාරවල් දිගේ රතිඥ්ඥා බඹර චක්කර කැරකුනු ඒ කාලය තාමත් එහෙමද කියල දස වසරකින් අවුරුද්දකට ලංකාවේ ඉන්න බැරි වෙච්චි අපි කොහොම දැනගන්නද?මාත් මල්ලිලා දෙන්නත්, නංගීත් එක්ක අම්මා තාත්ත අපි ඔක්කොම අන්තිම පාරට අවුරුදු සැමරුවේ 2006 දි. ඉන් ...
උපාධි පට්ටම ගහන්න ඉස්සර ඒ කාලේ. socialist by the time he is 20..! සැහැල්ලුව සරසවි කඳුලු පායගුටිකෑ තුරුණු ගෝයරට ගැන හිතුව සොහොයුරන්ඒකයි කඳුලු මේ තරම්සටනට පෙරට ආවසරසවි කඳුළු රෑනහැදුවේ වීර දූ පුතුන්සරසවි කඳුලු මාලසොරකම් කරපු දායපෙලුවේ පපුව ගිණි වලින්ඒකයි කඳුලු මේ තරම්සරසවි කඳුලු පායගුටිකෑ තුරුණු ගෝයඉකිබිඳ හැඬුවෙ රෑ ගන්නරට ගැන හිතුව සොහොයුරන්ඒකයි කඳුලු මේ තරම්අවසන කඳුලු යායගම්බිම් පැතිර යායසටනට කඳුලු බත් බැඳන්අර හිත තරුණ යායපෙරමග කොඩිය දායරටතොට බඳිව් මහ තොරන්සරසවි කඳුලු පායගුටිකෑ තුරුණු ගෝයඉකිබිඳ ...
ජයග්‍රහණය.. Cheers boss..! සැහැල්ලුව කොඩිය දුවහන්, උඹට දුවන්න පුලුවන් හුxx.. දුවහන්...උන් එහෙම කිව්වට මගේ කකුල් ගල් වෙලා, පපුව නැවතිල, හුස්මත් හිර හිරවෙලා..කල්දෙමුල්ලෙ බෝ ගහ ගාව ඉඳල අඟුලාන පාරට, ඒතනින් ගාළු පාරෙ අඟුලාන හන්දියට, එතනින් ගොළුමඩම හන්දියට, අයිත් ගාළු පාර දිගේ කල්දෙමුල්ලෙ බෝ ගහ ගාවට.වටේකට කිලෝමීටර් හතරක් විතර. වට හයට කිලෝ මීටර් විසි හතරක්.උඹට දුවතෑකිද?අමිලය එහෙම ඇහුවෙ දුක දවටපු වචන වලින්. මොකද ඌ තමයි මා ...
ඉදිරී...යේන් එන්නා..වූ....නෙක්...වහලූ...න්..ගේ.... Hot Hot Anuradhapura සැහැල්ලුව කොකාගේ සුද පෙනෙන්නේ ඉගිලෙන විටයැයි කවුදෝ කියා තිබේ. කට වසාගෙන සිටින තෙක් ඕනෑ එකෙක් පණ්ඩිතයෙක් යැයි කියා තිබෙන්නේ ද එවැනි කට හැකර එකෙකුමය.පහුගිය දිනවල කවුදෝ කට හැකරයෙක් "මුන්ට පන්සල මතක් වන්නේ බලේ නැති විට" යැයි අලුත් කතාවක්ද හදා තිබුනි. මෙයනම් සහතික ඇත්තකි. බලේ නැති වූ දා පටන් බුද්ධ යන වචනය සහ සිංහල යන වදන බය්යන්ටම සින්නවූ ඒවා වී ඇත. කොටින්ම ...
ගිණි වගේද කෙළි? Dubai is not in fire.. සැහැල්ලුව සතුට සහ දුක එකවර දහස් ගණනකට ගිණි නිසා ඇතිවෙන අහඹු සහ දුර්ලභ අවස්ථාවක සාක්ෂි කරුවකු වන්නට මේ අලුත් අවුරුද්දේ හැකිවුනි.දුම් අතරින් ගිණිකෙළි අහසට එත්දී ස්වදේශික විදේශික සැම අත්පොළසන් දුන් අයුරු මෙන්ම, ගිණි ඉහලට එත්දී හෝටලයේ සිට පළා ආවුන් විළාප දුන් අයුරුද ඇසුවෙමි.එහෙත් වසරක් තිස්සේ සැළසුම් කල මහා ගිණි කෙළි ව්‍යාපෘතියක්, කිසිදු දැනෙන හෝ බලපෑමක් කරන්නට ඒ අසල වූ මහල් හැටක ...
හැඳිමිටේ නුවණ... feminist logic සැහැල්ලුව අපේ කට කහන එකා අලුත් පෝස්ට් එකක් දාලනෙ. ඒ පෝස්ට් එකේ මුල කෑල්ල ඌ මූණු පොතේ දාපුවම මම එතන දපු කම්නෙට් එකයි, තවත් වයිෆ් කතා කීපයකුයි එකතු කරල මාත් පෝස්ට් කට්ටක් තලා ගන්නයි බැලුවෙ.මේ ලඟදි දවසක මමයි තව ගේ ගාව ඉන්න යාළුවෙකුයි රෑ අටට විතර අපේ ගෙවල් වල ඉඳල කිලෝමීටර් 120 විතර ඈත තියෙන ෆුජෙයිර කියන සිටි එකට යන්න පිටත් ...
අපි නොදන්න රග්බි... Cant we do better in Rugby..? සැහැල්ලුව මේ ගතවෙන්නෙ ලෝක රග්බි වසන්තය. රග්බි, එහෙම නැත්තන් පුරුදු විදිහට කිව්වොත් රගර් ලෝක කුසලානය ගැන සහ රගර් සම්භන්ද මතක ගැන රාගල් මවි සහ රවුර්ය මාජ් දෙන්නම ලියල තීනවනෙ.මේ කියන්නෙ ඒ වගේ ලෝක කුසලානය ගැන විශේෂඥ විස්තර විචාරයක් නෙමෙයි, වෙනස් කතාවක්.මට සාපෙළ පන්තියෙ හොඳට හිටියට සලකල ගෙවල් කිට්ටුව ඉස්කෝලෙට උසස් පෙලට එන්න ලැබුනනෙ. ඉතින් එහෙම අලුත් ඉස්කෝලෙට අව පිනෙන් මමටත් උසස්පෙල ...
බය්යො දන්න "වාසුදේව" සැහැල්ලුව //පිටරටවල ජීවත්වෙන ලංකාවෙ ටොයියො හිතන්නෙ උන්ට වඩා දැන් ලංකාවෙ තියෙන දේශපාලන තත්වෙ ගැන දන්න වෙන අය නැහැ කියලා.දැනගනිල්ලා උබලට පර සුද්දන්ගෙයි පර හමිබයන්ගෙයි සල්ලි ලොකු උනාට මෙකෙ අපේ දරැවො ජිවත් වෙන්න ඔන.....// ඉහත සටහන මා ඥාති සහෝදරියක විසින් තම ෆේස්බුක් පිටුවෙහි තබන ලද්දකි.ඈ මෙය පලකරන විට අරාබියේ සිටින ටොය්යකු වන මමත්, එංගලන්තයේ සිටින මගේ සහෝදරියත් එය දකින බව දැන නොසිටින්න ...
මහින්ද එක්ක නැගිටිමු....! සැහැල්ලුව හොඳ මිතුරන් ලැබෙන්නේ හොඳ මිනිසුන්ටයැයි අර නාසය දිග බුරා මහතා වරක් පවසා තිබුනි.මිනිසෙකුට එවන් අගනා මිනිසුන් ලැබීම වාසනාවක් හෝ අහම්බයක් විය හැක. නමුත් එහි ප්‍රථිපලය වචනයෙන් පැවසිය නොහැකි තරමේ වටිනා හැඟීමකි.ජීවිතයේ ඕනෑම අසීරු අවස්ථාවක, එයට මුහුණ දෙන්නට යම් හය්යක් වෙන මිනිසුන් අවට සිටීම, උන්ගෙන් බලාපොරොත්තුවෙනවාටත් වඩා හය්යක් ලැබීම, මෙය අවාසනාව මැද දකින වාසනාවකි, කරදර මැද විඳින සතුටකි.ජීවිතය යනු කොටු ගසා, ...
නිදහස් අධ්‍යාපනය රැකගැනීමේ කුහක ව්‍යාපාරය. සැහැල්ලුව ජාතික කොඩිය, ව්‍යවස්ථා සංශෝධන කරළියෙහි රඟන අවස්ථාවක මේ ගැන යමක් ලියන්න සිතුනේ පහුගිය දිනවල දුටු බ්ලොග් ලිපි දෙකක් සහ මගේ සහෝදරියක හා වූ දුරකථන සංවාදයකි.මේ දිනවල ලංකාවේදී උසස්පෙළ විභාගයට සූදානම් වන තම පුතුට, උසස්පෙළවිභාගයෙන් පසු ගතයුතු මග ගැන සොයුරිය මා සමග සාකච්ඡා කලාය.අනෙක් කාරණාව අපේ කටකහන දුමියාගේ තෝම්බුවයි. තමන්ගෙන් කෙරෙන්නට ඕනෑ දෙයක් මිසක කරපු දෙයක් ගැන කවදාවත් කතා කරනවා අසා ...
බ්ලොග් වසන්තය - මත විමසුම - A Poll සැහැල්ලුව අළුත් අවුරුදු උදාවත් සමග උදාවූ බ්ලොග් වසන්තයෙහි අවසන් දින වන අද, එනම් අප්‍රේල් 15 වන දින වන විට වසන්තය වෙනුවෙන්ම වාගේ ලියැවුනු බ්ලොග් පෝස්ට් 70 ආසන්නව අපට දකින්නට කියවන්නට රසවිඳින්නට ලැබුනි. මේ සද් කාර්යට එක්වූ සියලු ලියන්නන් දිරිමත් කිරීමී අරමුනින් අදාල ලිපි කියැවූ පාඨකයන්ගෙ මත විමැසීමක් පැවැත්වීමට බලාපොරොත්තුවෙමු.මෙය හුදෙක් කියවන්නන සහ ලියන්නන් තවත් දිරිගැන්වීමේ සහ උත්තේජනය කිරීමේ අහිංසක ව්‍යායාමයකි.එනිසා, ඔබ ...
අළුත් අවුරුද්දේ සාංකාව...! සැහැල්ලුව අම්මෙ කොහොමද?අනේ...මගෙ ලොකු පුතේ..ඔයාටයි දුවටයි පුතාලටයි සියළු පැතුම් ඉටුවෙන, කිරියෙන් පැණියෙන් උතුරන, වැඩි වැඩියෙන ලැබෙන සුභම සුභ වාසනාවන්ත අළුත් අවුරුද්දක් වේවා...මගේ ප්‍රශ්ණය අහල ඉවරවෙන්නත් කලින් අම්මගෙ ආදරය පිරිච්චි වචන ගලාගෙන ආව.අම්මටත් එසේම වේවා..! අම්මගෙ දීර්ඝ ආශීර්වාදයෙන් පස්සෙ මමත් හැමෝටම කියන කෙටි වාක්යෙම්ම උත්තර දුන්න.අම්ම කිරිබත් කාල වැඩ අල්ලල ඉවරද..?ඔව් ලොකු පුතේ, මම කිරි උතුරවල, පහන් පත්තු කරල, ඕගොල්ලො ඔක්කොටම සුභ ...
සුභ දිනෙක පැතුම..අවසානය සැහැල්ලුව ඔබ පළමු කොටස කියා නැතිනම්, මෙතනින් ගොස් මුල දැනගෙන එන්න.අය්ය මේ....... පිටිපස්සෙන් ආව සද්දෙට මාව නතර උනා..මම හැරිල බලන්නත් ඉස්සල්ල එයා මං ගාවට ඇවිත්.අර සුදු දිග ගවුමක් ඇඳල, ඔළුවෙ මල් කිනිත්තක් ගහපු සුන්දර සුරංගනාවිය..අය්ය, ජීව කිව්ව මස් මාළු නැති කෑම මොනහරිත් ගේන්නය කියල.සුරංගනාවි හිමිහිට ගෙම්බට කිව්වකවුද ඒ මස් නොකන හරක..?හිතේ තිබ්බ දුකත් එක්කම තරහ කටින් පැන්න. චැහ්..ගෑණු ළමයි එක්ක කතාවක් ...
සුභ දිනෙක පැතුම.. Part - 2 සැහැල්ලුව ලොකු පුතේ ඔයා ලෑස්තිද? වෙනදට අන්තිමටම ඇඳ ගන්න අම්ම, එදා කලිම්ම ලෑස්තියි. ඉක්මනටම ඇඳගෙන හොටෙල් එකට යන්න.."හරි හරි, ඉන්න ඔයාව වෙලාවට එක්කන් යන්නං.." මම ඩියොඩ්රන්ට් ස්ප්‍රේ වෙන සද්දෙ අස්සෙමයි කිව්වෙ.මම කිව්ව එක ඇහුනද නැද්ද මන්ද, එයාගෙන් සද්දයක් නැති තැන මම ආයි ටිකක් තාලෙකට කෑගැහුව "අම්මව එක්කන් යන්නන්...මලක් ඔලුවෙ තියන්නං...තියල ෆොටෝ ගහන්නං.."හිතේ සැහැල්ලුවෙන් ඉන්න අය බාත් රූම් වල සින්දු කියනවලු. එතකොට ...
මහ නුගය...! A scary banyan tree..! සැහැල්ලුව "ඔය නුග ගහේ තමයි ඒ කෙල්ල එල්ලිල මැරිල තියෙන්නෙ.."ඉතින් කියන්නටවත් කිසිවකුගෙ කට නොහෙල්ලේ. රැහැයි හඬ, වවුල් පියාපත් හඬ සහ නිවී ගිය ගිණිමැලයෙ පුපුරන දර කැබලි හැර මගේ හඬට වෙනත් බාධා නොවීය."දවස් දෙකක් මිනිය එල්ලිල තිබිල, ගඳ එනකොට තමයි බලල තියෙන්නෙ"සීතල සුලඟින් ගැලවෙන්නට මෙන් අසේල අත තිබූ රෙද්දෙන් හිසද වසා ගති. රාත්‍රියෙහි නිහඬ අඳුර තවත් කැටි වන්නේ සහ සීතල බිය දෙගුණ ...