මනමේ සැබෑ මිනිසා ශාලාව අඳුරු වේ. ලෝහිත පැහැ තිරයෙන් වේදිකාව තවමත් වැසී ඇත. පසෙක වූ දොරටුවකින් යමෙක් වේදිකාවට ඇතුළුවේ. විදුලි ආලෝක කදම්බයක් ඔහු දෙසට එල්ල වේ. තීක්ෂණ දෑසත් , උස් තියුණු නැහැයත් , දිගු සුදෝ සුදු රැවුලත්, අත රැඳි පුස් කොළ පොතත් ඔහු පොතේ ගුරු බැව් කියා පායි. ” පළමුව බුදුන් වැඳ දෙවනුව දහම් වැඳ තෙවනුව සඟුන් වැඳ”… තිසරණයෙන් අවසර ගැනීමෙන් පසු කතා ...
ගී රස විඳිමු – 3 සැබෑ මිනිසා යු ටියුබ් එක තරණය කරමින් සිටි මගෙ එක්කෙනා ” ඒයි ඔයා දැක්කද මෙයා අළුත් නිළියක්– ලස්සනයි නේද ?” ගෑණියෙක් කවද්ද තවත් ගැණියෙක් ලස්සනයි කිව්වෙ.. ඒ නිසාම මම විගැහින් බැලුව ඒ චිංචිමානවිකාව කවුද කියල.මං ටිකක් ගැස්සුනා.හැබැයි ඒක පිටට පෙන්නුවේ නෑ. ( එහෙම උනා නම් ඉතින් එලියෙ තමයි දොයියන්න වෙන්නේ) එයා ටිකක් මාලතී වගේ. මාලතී කියන්නෙ මගෙත් [...] ...
ගී රස විඳිමු – 2 සැබෑ මිනිසා ගීතයක රස විඳින්න අඩ අඳුරේ තනිවෙන්න…. කවුදෝ එහෙම කියල තියෙනවලු. තව කොහොමද ලා වට මධු විතකුත් තොල ගාමින් තනි වුනොත්. ගී රස විඳින්න නම් ඊට සුදුසු වෙලාවක් ඕන. මට නම් එහෙමයි. අනික් අයට කොහොමද මන්ද ? හිමිදිරි උදේ බයිලා අහන්න පුළුවන්ද ? බෑ..නේ.. අපි අහන ගීත උත්තර භාරතීය රාග ස්පර්ශ කළ ඒවා. සමහර රාග වලට [...] ...
ගී රස විඳිමු……….. සැබෑ මිනිසා ලෝකය වෙනස්වේ. ඊට සමගාමීව නගර – ගම්- මිනිසුන්ගේ සිතුම් පැතුම්ද වෙනස්වේ. වෙනත් ආකාරයකින් දියුණුව කියන්නේ මේ වෙනස් වීමයි. අතීතයේ ගල් ගෙවල් වල ජීවත්වූ අය මෙන් අතට අසුවූ දෙයක් කා දමමින් , යන්තම් විලි වැසෙන්නට යමක් දවටා ගනිමින් සිටි යුගයට යමට මා අකමැති මුත් මේ ඊනියා දියුණුවට මම සාප කරමි. දියුණුව නිසා අපට නැතිවූ දෑ බොහෝය. [...] ...
කළු සහ සුදු සැබෑ මිනිසා කලු නපුරුයි. කැතයි. බියකරුයි. සුදු ලස්සනයි. නිල් පාට අහස් තලයෙ සුදුම සුදු වළා කුළු .. කොච්චර ඇස් පිනන දර්ශනයක්ද ? හිතන්න…… සුදු පාට කොකුන් රෑනක් ඉගිල්ලෙනව. කළු වළා කුළු එහෙමද ? කළු වළා කුළු එක් රැස් වෙනව දැක්ක ගමන් මිනිස්සු කලබල වෙනව. වැස්ස.. ඊලඟට ගංවතුර.. පාරවල් යට වෙනව. කඳු නාය යනව. ගංවතුරෙ ගහ [...] ...
ඉලංදාරියෝ… මං උඹට ණයයි සැබෑ මිනිසා මට මතකයි ලොකු හා හූවක් ගියා මාස කීපයකට ඉස්සර දුකා එහෙම සල්ලි එකතු කළා මොනවටද උඹට දුන්නෙ නෑ කීයක්වත් මං උඹ කවුරු වගේද උඹ කොහෙද ඉන්නෙ උඹට මොකද වෙලා තියෙන්නෙ කියල දැන ගන්න උඹේ බ්ලොගය අරින හැම වෙලාවෙම මගෙ කොම්පියුටරේ හිර වෙනව ඇරගන්න බැරි උනා උඹෙ බ්ලොගය මෙහෙම වෙන්න ඇති අඩු ගානෙ දහ දොළොස් වතාවක් [...] ...
දොදොල් සැබෑ මිනිසා එකොලොස් වන පංතියේ සිටියදී මම ඉතා විශාල සපත්තු පාරකට ලක්විය. හෙවත් බූට් පාරක් කෑමට සිදු විය. කිසියම් හේතුවක් කරන කොට ගෙන මා පෙම් බැඳි ලලනාව මගේම මිතුරෙකු හා හාද විය. මගේ නරකම දසාව ලැබූයේ ඉන් ඉක්බිතිවය. බඩු වැටෙන්නේ ඇති එකාටමය. මා දිහා කිසිම කෙල්ලක් නොබලයි. කෙලි පොඩිත්තියකගේ ඇසුර අවශ්‍යම කාලයේ මට සිදුවූ දෙය වනේ වන හතුරෙකුටවත් නොවෙවා ! උසස් පෙළ ...
වන්දනාවේ යමු . සැබෑ මිනිසා ඒ එක්දාස් නමසිය බර ගණන් වලය. අපි ඒ කාලයේ අධ්‍යාපන ගමන් හැරුණු විට ගියේ වන්දනා ගමන්ය. විනෝද ගමන් කියා දෙයක් අපේ ගම් වල නොවීය. අපේ ගමේ වන්දනා ගමන් සංවිධානය කළේ මැම්බර මාමාය. ගම්සභාවේ නිලයක් දැරූ නිසා ගම්මු ඔහුට ” මැම්බර ” යැයි කීහ. ඔහු නඩේ ගුරාය. මීයක් කඩන්නේ අත ලෙවකන්න නොවන නමුත් මේ ගමන් වලින් ඔහුට පාඩුවක් මිස ලාභයක් ...
කවුද මේ වැලන්ටයින් ? සැබෑ මිනිසා කවුද මේ වැලන්ටයින් ? වැලන්ටයින් ගැන පුරාවෘත කීපයක්ම ඇත. ඔහු ක්‍රිස්තියානි හෝ කතෝලික පූජකයෙක් විය යුතුය. මේ එක කතන්දරයකි. 14 වන සියවසේ අප්‍රිකාවේ රෝමානු පෙදෙසේ ක්‍රිස්තියානිකාරයන්ට අපල කාලයක් විය. ඔවුනට උදවු කිරීමද අපරාධයක් සේ සැළකිණි. වැලන්ටයින් නම් අයෙක් ක්‍රිස්තියානි කාරයන්ට උදවු කිරීම හා ඔවුනට විවාහ වීමට උපකාර කිරීමත් නිසා එවකට රජ කළ ක්ලෝඩියස් රජුගේ උදහසට ලක්වී මරා දැමින. ඔහුගේ දේහය ...