වැහි සත් සිහින තනි නිල් විසල් ගගනතකළඹා ඇඟිලි තුඩ'ගින කවි අකුරු සඟවා යමි වළා යැයි නුඹ රැවටෙනවසන්තයේ කෙළවරවළාකුළු අකුලන විටනුඹේ පාමුළ ගිලිහෙයිවැහි බිඳිති වී කවිකම
පණිවිඩය සත් සිහින අතින් අදිනා දිය රැළිති හායා යුතුව ඇත බෝ දුරක්බිඳක් නතරව නුඹ අසල හිඳරහස් ලෙස පවසමි යමක්අතු පතර නැලෙවෙද්දී පෙරදිනමගේ ළඟට වී ගී අසන්මගේ කොපුලත හාදු තැවරූපතක් ඇත තව මඟ බලන්හෙට දිනෙක ඈ ආවොතින්මේ ගං දියේ මා ගැන සොයන්කියනු පෙම ලොව සදාකල් බවඅපට අප හිමි නැති උනත්
මුතු හදමි සත් සිහින අතැර ගිය වැලි අහුරකින්කැවේ සිත යට සියුම් තැන්දුක දරා සුපුරුදු බැවින්මුතු හදමි මම වැලි අරන්යළිත් නුඹ ආවිට ඉතින්මුතු තබමි අත්ලත පෙමින්හැඬූ බව වත් නොම දැනන්සිනාසෙනු ඇත නුඹ නිතින් ...
කළු- සුදු සත් සිහින නයිස්ට නම දැම්මේ කවුද දන්නේ නැහැ. ඒ නම තිබුණ වෙළඳ දැන්වීමක් නම් ඒ කාලේ තිබුණා.නයිස් නිදාගන්නෙත් පුංචි කන් දෙක උස්සගෙනමයි. "නයිස්.. නයිස්.." කිව්වහම කොහේ හිටියත් පණ කඩාගෙන දුවගෙන එනවා.සමහරවිට වෙන නමක් කිව්වත් දුවගෙන එයි. ඒත් හැමෝම කිව්වේ නයිස් කියලා. සිරිදාස අයියාට "උපකුලපති" කියලා නම දැම්මෙත් කවුද දන්නේ නැහැ. ඒත් නයිස්ගේ නම වගේ නෙමෙයි, මේ නමට නම් හේතුවක් තිබුණා. අධ්යයනාංශේ කා.කා.ස ...
මෙතැන තවමත් මම සත් සිහින දුර අවරගිර අගඅහස ගුගුරා හැලුනදකඳුළු උතුරා ගැලුවදමෙතැන තවමත් මමඅසෙනි මහා වැසි මැදකඳුරු දිය ගොඩ ගැලුවදකැකුළු නටුවෙන් මිදුනදමෙතැන තවමත් මමඅඳුරට එළිය අරගෙන නුඹ නෑවිත්ම උන්නදඇවිත් කඳුලැලි සින්දදමෙතැන තවමත් මම ...
සලකුණු සත් සිහින මතකය මිස සැමරුම් නැතිපැතුමන් මිස සලකුණු නැතිනෙත පතුලත දිලිසුම මිසනුඹ ගත් ඉඩ ලොව දන්නැති-
යළි උපන් සත් සිහින මුල් ඇද්ද දා සිට ආකහෙන් ලද දිය මිස සෙනෙහසක් නොලැබූ බව සාක්කිය ඉරිතැලි කඳ අව් වැසි සුළං හඳුනන අකුණු සර ළඟ නොසැලෙන ඍතුවෙන් ඍතුව ගතවෙන දුර බලා නිති ඉවසන රළු පරළු අතු අග කිසිම දා මල් නොපිපුණ බඹර ගුමුවක් නොඇසුන තනිකමක් හා තනිවුණ හිස තියා මුල් රැස මැද බදා පහුරින් රළු කඳ ලතාවක මිමිනුම් හඬ ඇසුණි පැටලී සිහිනෙක අහම්බෙන් මේ ...
සිතට සීතල සත් සිහින ඈත කඳු මුදුනට හිම වැටෙන බව කිය කියහමන මේ සුළඟින්ඉරි ඇඳෙයි මගේ හදවතකුටියේ ඇති උණුහුමනොමැති දා මගේ සිත තුළනුඹ තවත් දුර බවසුළඟ මුමුණයි ඉඳහිට
රටා නැති රටාවක් සත් සිහින කවුළුවේ හීතලදැනෙන විට මා කොපුලටමතක් වෙයි හෙමිහිටවරුවක්ම මෙතැන උන් බවහුස්මකින් මීදුම බැඳුණු වීදුරු මතුපිටඇඟිලි තුඩගින් අඳිනෙමිරටා නැති රටාවක් හැඩ
දුර සත් සිහින කවුළුවෙන් පෙනෙන ඉම විසල් තණබිමක් ඇතසේලයක් සේ වැස්සඇද වැටෙන දවස් ඇතදුර ඈත නෙත රැඳෙනඉසිඹුවන් බොහෝ ඇතවැහි නැතත් වැහි වැටෙනදිලිසෙනා දෙනෙත් ඇත
හඬන්නී සත් සිහින ගිනිගත්තු දහවලේවළා සළුවක එතීසිනාසෙන මං සෙවූ අහස ඇත අඳුරු වී හවස් කල එළඹෙද්දී තවත් ඉවසනු නොහී අනෝරා වැසි එවාමහා හඬින් හඬන්නී
time zones සත් සිහින බැස යන හිරු ළඟමොහොතක් නතරවඅතහැර යන්නම්එකමෙක සුසුමක්නුඹේ ලොවට තවහිරු හිනැහෙන සඳමගේ හීනෙට වත්එනවාද පියමැන?
පළමු සත් සිහින උණුහුමත් ගානටදහරියටම බලන්නටගස මුලින් ඉපැද්දූපුංචි සුදු මල් කැකුළ...තාම හරි හරියකටඉර එළිය නැතිවුනත්හමන තෙත සුළං රැළිපෙති මතම දඟ කලත්හිත හදාගෙන තදින්හිනැහෙනා මල් කැකුළ! ...
කියාවිද? සත් සිහින සැනෙන් සසැලෙන දෙනෙත් රවටන වළා සිතියම ඇඳෙයි නුබ තල බලා සිටියොත් කඳුළු එන තුරු කියාවිද මට නුඹ හිඳින තැන?රහස් නොකියනසීත පොරවනසුළං රැළි මේ හමයි හැම අතසඟවා ගතහොත් දෑත එක්කර කියාවිද නුඹ යළිත් එන දින? ...
පරසතු සත් සිහින පරසතු මල නුඹපිපුණා නම් දුරකිම මේ ඈතටසුවඳ හමා එන?වැටකොටු සිඳබිඳදිව එන සුවඳටහදවත දොරගුළුඉහිරී විසිරෙන පරසතු සුපිපෙනසුවඳින් මත්වෙනලොව උපදිමි යළිසිත කය නැති ලෙස ...
shades සත් සිහින තව සය මසකින් පැහැය වෙනස් වීගිලිහෙන්නට වුවඅතු අතරින්...කොල පැහැ කීයක් තවරා ගන්නේදඅලුතින් තම ගත මේ තුරු වැල් .. ...
මිතුරු සත් සිහින පෙනෙන නොපෙනෙන දුරින්හිතේ මුල්ලක නිදනනුඹ නොආ හැමදිනමඇඟිලි තුඩගින් අනිනමතක අහුලා ගෙනත්හිත මැදම ගොඩගසනතනිකමත් සුමිතුරෙකි මා දමා දුර නොයන