යළිත් සත් සිහින බිඳී ගිය රළ නැතත් තව රළක් සෙමෙන් විත් මුතු කැටක් තබනු ඇත දෙපා මුල..දෑස ළඟ නොපිපුණත්පිපෙනු ඇත තව මලක්දුරක තුරු හිසක, කොඳුරමින් නම..කල්පයක් ගත වුවත් නව සිහින යළි මැවෙත්දැවී හළු වූ පැරණි පැතුම් මැද..සුන්දරයි හෙට දිනත් සිනහ ගෙන එන යළිත් අද කඳුළු දිලිසුනත් දෙනෙත් අග.. ...
හිනැහෙමි සත් සිහින අතොරක් නැතිව කියවමි එහෙත් කිසිවක් නොකියමිකඳුළු ඉඳහිට සඟවමි නුඹ නොදුටු විට තුටු වෙමි අකුරු එක එක අමුණමිනුබ පුරා අතහැර යමිකවි මැවෙනු දැක හිනැහෙමිතරුයි නුඹ හට පෙන්වමි දින දසුන් කිසි නොතකමිසිනහසුණ දින හඳුනමි උණුහුමක සිත සතපමිකඳුළු බිඳුවක් සුරකිමි ...
අන්තිම සත් සිහින දවස තිස්සේ හැලුණු මහා වැස්සෙන් පසුවඅන්තිමම වැහි බිඳත් පැද්දෙමිනි,මලක් අග"හෙට අරුණ හිරු කිරණ හාදුවක සැඟවෙමිද..? ගලන බොර දිය පහර කිමිද පිහිනා යමිද..?"
හීනය! සත් සිහින තණබිම පියමැනහොරැහින් බලමිනමීදුම එයි දුරමන්දාරම මැද..සීතල අත් තලඋණුහුම් කොපුලතදවටා හිනැහෙමිනුඹ මගේ හීනය!
රූ සත් සිහින දෙතොල හරහාඇඟිලි තුඩගින්අඳිමි මතකෙන් සිනහ සලකුණුදෙනෙත ගැඹරෙහිකිමිද මොහොතක්සොයා යන්නෙමි මතක විසිතුරුඅවුල් කෙහෙරැළිඅතර පැටලීසුළං රැළි වෙමි සිඹින නිරතුරුරුවක නතරවඅතරමං වෙමිසිහිනයක් වී හෙටත් එනතුරු ...
එනතුරු සත් සිහින වහීවිම යැයි හිතුවත්වැහි අඳුර විතරයි නුබවිසල් ගස යට බංකුවවියළි පත් පොරවන් අද..පැණි කුරුළු බඳකින්ගිලිහුණු පුංචි පියපතසුසුම් පහරක පැටලී සුළඟ යැයි රැවටුණු රඟ! ...
wish upon a star සත් සිහින ගලපගන්නටත් පෙර පැතුමක්ගිලිහුණා ආකහෙන් තරුවක්ඉස්සිලා පා ඇඟිලි තුඩු අගින්නාස් කොණ තබද්දී හාදුවක්..දිලිසුණා දඟ දෑස පතුලතේ තරුවත්.. නොපැතූම පැතුමත්!
unique සත් සිහින වැස්සකට පසු එන්නහද සීත තවරන්නවෙව්ලනා දෙතොල් අගතුහින සුසුමක් වෙන්න...අව්වකට පෙර යන්නදිලිසිලා සැඟවෙන්නඅනුපම රටාවක් හදවතේ ඇඳ යන්න...
මුද්ද සත් සිහින ඉස්ඉස්සෙල්ලාම මුද්දක් ගන්න යද්දී ඇස් ගිනි කන වැටිලා තිබ්බේ. කඩේදී නෙමෙයි.කඩේට යන්න කළින්ම. වෝග් එකේ වාඩිවෙලා වටපිට බලද්දී නිකම් කලන්තේ වගේ දැනුනා. ඒ තරමට මෝස්තර. අන්තිමට වරුවක් ගිහින් එකක් තෝරා ගත්තා. උදවු කරපු ගෑනු ළමයා මූණේ ගැලවෙන්නේ නැති හිනාවක් අලවාගෙන මයි හිටියේ. මට ඒ වෙලාවෙත් හිතුනා මොකද මෙයා මෙතරම් හිනාවෙන්නේ කියලා. ඒත් හරියටම තේරුනේ නැහැ. "මේ ඇඟිලි හරි පුංචියි නේ!" ...
never to be සත් සිහින නොපතන්න කිසි දිනහිත හදාගෙන උන්නදසතුට ළඟ දුක ළඟනුඹ සොයයි නෙත හැමතැනඑවන් දිනයන් හැම නෙතේ කඳුළුද හිස් කර හිමි අහිමි කම් ගැන කොඳුර පාරයි හදවත
letting go සත් සිහින උඩඟු කඳු මුදුනටවගක් නැති බව දැන දැනනිතර ළඟ දැවටෙන වළාකුල දුටුවේද නුඹ?කඳු මුදුන අතහැරරිදෙන ගමනක් යන්නටහිත හදාගෙන, මොහොතක් හැඬූ හැටි දුටුවේද නුඹ?
time zones සත් සිහින මීදුමේ මඟ සොයාදුර ඇදෙන හැමදාමනුඹ සුවෙන් නිදි ඇතැයි හිතෙනවාදහස් ගව් දුර ඇතත්කෙහෙරැල්ල අවුල් කරමොහොතකට නුඹේ හිස සිඹිනවාඉර බහින හවස් කලඋණුහුම්ම තේ සමඟනුඹේ සිනා මතකයක් එබෙනවානුඹ සිටින දහවලේඑක පුංචි හුස්මකින්නළලතේ ඩා බිඳිති මකනවාරැයේ මැදියමට පෙරනිදි නෙතට නුඹ පැමිණසිහින මැද වෙහෙසවී පෙනෙනවාවිඩාබර දෙනෙත වෙතඑළි බිඳක් ගෙන එන්නසිනහවක් වී දෙතොල රැඳෙනවා ...
පුංචි යකා සත් සිහින පුංචි යකා හිටියේ කොට්ටම්බ ගහේ තුන්වෙනි දෙබලේ. අඟල් හයක්වත් නැතිවුණාට නෙරපු බඩගෙඩියයි, කොට මහත කකුල් දෙකයි නිසා ටිකක් භයංකර පෙනුමක් තිබ්බා. ගොඩක් නෙමෙයි- පොඩ්ඩක් විතර. සමහරවිට කට දෙපැත්තේ තිබුණ ඇබින්දන් දළ දෙක හින්දා වෙන්නත් ඇති. දෙබලේ තිබ්බ පොඩි බෙනේ තමයි පුංචි යකාගේ ගෙදර. එහෙම කිව්වට බෙනේට ගියේ මොරසූරන වැස්සකදී විතරයි. ගොඩක් දවස්වලට රෑට නිදාගත්තෙත් අත්තක් උඩ තරු දිහා බලාගෙනයි. මොකෝ ...
I am here සත් සිහින දේදුනුත් හිඟ කාස්ටකයටපාට ගෙන එමි මතක දියකරවිඩාබර නෙතු පියන් මතුපිටහාදු තවරමි සීත දෙතොලිනපහුරු ගානා ඉරුවාරදයකවිස උරාගමි ඇඟිලි තුඩු වෙත ඉර හඳත් දුර පුංචි ලෝකෙක උරහිසක් දෙමි නුඹේ සුසුමට ...
මොහොතක්! සත් සිහින වළාකුළු පියල්ලකතවරද්දී රන් පැහැයහිරුගේ පින්සල මතින්බිඳක් ගිලිහිණි බිමටනිදන රත් පැහැ මලකපුංචි සමනල බඳකරැළි නගන දුර විලකරන් පැහැය විය සැනෙකඅඳුර සළුපිළි රැගෙනවසන්නට පෙර දසතරන් පැහැති මතකයක්දිලිසුනා මොහොතකට ...
කඳුළු නොගනිමි සත් සිහින ඉඳහිටක දුර ඉඳන් හඬන හඬහීන් සරකින් සවන වැකෙනවාළඟ ඉඳන් සනහන්න නොහැකි දාසිනහවක් වී කඳුළු පිසිනවාමඟ දෙපස මා නිතර යනෙන අතනුඹේ රුවම දෙනෙත් ළඟ පිපෙනවාදෝතකට නෙලන්නට නොහැකි මුත්දුර තියා නුඹේ සුවඳ දැනෙනවානිදි නොනිදි අතර මැද නතර වීහීනයක කොණක නුඹ තැවෙනවාදෑත දිගු නොකර හදවත වසාකඳුළු නොගැනම සිනහ මවනවා ...
කවි සිඳුන දා සත් සිහින ඉඩෝරෙට හේබෑවමගේ සිතේ කවි කඳුරපිරී උතුරන සතුට අරන් හෙට එනවාද?ගිනිගහන ඉර මඬලදෝතකින් මුවාකරසිතට සිසිලස ගෙනෙනසෙවනැල්ල වෙනවාද?දූලි වැකි නිසාමයි උපන්නේ මේ කඳුළු වදන් නැති කතාවක් අසන්නට එනවාද? ...
සුළඟ සත් සිහින සුළඟ ඇවිදින් උදයේමතබා අත්සන වැලි මතරතු ලදලු කලබල කරමල් පියලි ගෙන නික්මිණවළා අතුරා ආ මඟ රහස් පිඹ පිඹ හැම අතදූලි තිර පට දිග හැර ආව සැණෙකින් සැඟවිණ
පිස්සු සත් සිහින මට හිටිය ගමන් හිතෙනවා ඔලුව හැරුණු අතේ යන්න. එහෙම හිතෙන්නේ පිස්සු තියෙන අයට කියලා මම දන්නවා. ඒත් මට පිස්සු නැහැ. පිස්සෝ තමන්ට පිස්සු නැහැ කියලා කියන බවත් මම දන්නවා. යනවට නෙමෙයි, ඇත්තටම ඔලුව හැරුණු අතේ යන්න පුළුවන්ද? ඔන්න අපේ පාර දිගේ කෙළවරට මුලින්ම ඇවිදගෙන යන්න වෙනවා. තාම ටික ටික සීතල තියෙන නිසා කබායක් ගෙනියනවද.. නිකම්ම ඇඳගෙන ඉන්න ඇඳුම පිටින් යනවද? ...
අදිසි සත් සිහින හිරු කෙඳිති එකතු කරඅවුල් කෙහෙරැල් බඳිමි දස අතම ඇවිද ගොස් මල් කැකුළු කිති කවමිතුරු මුදුන් හිනස්සාවියලි පත් බිම හලමිආ මඟක් උන් තැනක්ලකුණු හංගා මැකෙමි