මිලින සත් සිහින කහ පැහැති දුම්රියවිදුලි රැහැනින් දිවි ලද යකඩ රෝදෙට දැනුනදපණ නල සිඳෙනු කුසුමක? එකම හුස්මට දිව යනනිමාවක් නැති ගමනකමොහොතක් මැවී පෙනුනද පැතුම් ගොන්නක් මියැදුන?ගැහැට පිරි ලොවකටකඳුළු නොසිඳුනු නෙතකට කහ පැහැති දුම්රිය නුඹ විය එකම සැනසුම හැමදාම යන එන මඟසිල්පර කොටං සිඹ සිඹ රතු මල් පිපෙයි ගොන්නක්පර නොවී මෙහි කිසිදින ...
උදෑසන සත් සිහින හිනැහෙන විට නුඹකැල්මට සසලවඅලුයම අහසේතරුකැට මිලිනවගනඳුර දුරලනපළමු අරුණ ඉරලෙස විකසිත වෙයිනුඹ ළඟ මගේ සිත මල්වල නිදිමතපිස එන සුළඟකදඟකම ගෙන එයිනුඹ ගැන මතකය ...
නුඹ! සත් සිහින දෙතොලගදැවටෙනදඟ දෙනහස නුඹහදවත මන්මත්කරවන රස නුඹසිතුවිලිකළඹන නුපුරුදු බස නුඹ කවියක පදයකසැඟවෙනයස නුඹ!
සඳ එළිය සත් සිහින කවුළු දොර දිලෙන්නේ දුර හඳේ සෙවනැල්ලදුර වුවත් ළඟ වැන්නළඟ වුවත් දුර වැන්නකවුළුවේ වැතිර ඇතිසඳ එළිය දහර මතකඳුළු බිඳුවක් රැගෙනයළි අඳිමි ඔබේ රුව
ගඟ සත් සිහින මරේ ගඟ...ඉවුරු ළඟ එක පෙළටවිලෝ තුරු හඬන,දිය රැළිත් සසල, කළු හංස පවුලක්ම ආදරෙන් රකින, ගඟ ඉහත තුරු හෙලූපත් හිසින් රැගෙන, හෙමි හෙමින් ගලන...පොඩි කවිත් කියන,කලාතුරකින් දිනක රුදුරු වී කිපෙන,ඉවුරු බිඳ දමන,කඳු කඩා හලන, බොර වතුර වීසි කර "මේ මමයි!" කියන, දවස් දෙක තුන හඬා ආයෙමත් නිදන, කිසිත් නොවූ ලෙසින කීකරුව රඟන, මරේ ගඟ...මා තුළත් ගඟක් වෙයිනුඹ ලෙසම ගලන... ...
ලොවක් ඇත දුර සත් සිහින මතකයෙන් ගිලිහෙනා රූ හැම උපදිනා තව ලොවක් ඇත දුරමැකෙන පියසටහන්ද එක එකඑහි ළවැලි මත මැවෙයි නිතරමදෙනෙත් පිස පිස ගැලූ කඳුලැලිදොළක් වී එහි ගලයි බෝ දුරසිත් සතන් මැද සැඟවූ පැතුමන්මල් පොකුරු වී පිපෙයි තැන තැනනුඹට මා අමතක වූ දවසටමඟ සොයා යමි, හිස් පැසක් ගෙනකඳුළු දොළ අස පුරුදු නිම්නෙකමල් නෙලමි මම මාල ගෙතුමට ...
thinking of you සත් සිහින සිනාසෙන හැම විටකවිදිලියක් සේ හදෙහිඇඳී නොපෙනී මැකෙනපුංචි කඳුලත් නුඹයිහඬා වැටෙනා විටෙකහිසත් පිරිමැද සෙමෙන්මතකයට මුවාවෙනපුංචි සුසුමත් නුඹයි
මගේ තරු එළිය සත් සිහින ආකහෙන් සොරා ගෙනදිලිසෙනම තරු කැටයමගේ හදවත ගැඹරවසන් කර හිඳිමි මමමගේ දෙනෙතෙන් එබෙනප්රීතියක මුදු කැල්මඒ රහස් තරු එළිය...මගේ සොඳුරු තරු එළිය!
සීතලෙන්! සත් සිහින හිම ඉහෙන හීතලේපුංචි දිය කඩිත්තකදිය නාන කුරුළු මිතුනුඹ ඉතා ප්රීතියෙන්!කබා දෙක තුනක් ඇඳකුටියේ උණුහුමත් විඳනුඹ දෙසම බලා ඉමිමම තවම සීතලෙන්!
life.. සත් සිහින රන් පාට හිරු කිරණතැවරුණද තුරු මුදුනමොහොතකට විතරමයිඉන්පසුව කළුවරයි ඒ සුවඳ හිත තියාසියක් මල් පුබුදුවා ගස නිතර සිනාසෙයිජීවිතය එහෙමමයි ...
බලා ඉමි සත් සිහින දිනක් එළඹෙවී මතුහිරු සඳුත් නුපදිනතරු එළිය බිඳුවකුදුරහසිනුදු නොතැවරෙනපහුරුගාමින් දසතසුළඟ අතු ඉති අහිනමල් කැකුළු නොපූදිනසත් සයුරු ගල් ගැසෙනලෝකයම නතර වීකල්ප මහා වැසි වැටෙනනොම සැලී බලා ඉමිහුරුපුරුදු දසුන් දෙසමගේ ලොව නතර වීකාලයක් ගතව ඇත ...
කවි සිඳුන දා සත් සිහින ඉඩෝරෙට හේබෑවමගේ සිතේ කවි කඳුරපිරී උතුරන සතුට අරන් හෙට එනවාද?ගිනිගහන ඉර මඬලදෝතකින් මුවාකරසිතට සිසිලස ගෙනෙනසෙවනැල්ල වෙනවාද?දූලි වැකි නිසාමයි උපන්නේ මේ කඳුළු වදන් නැති කතාවක් අසන්නට එනවාද? ...
සිතට සීතල සත් සිහින ඈත කඳු මුදුනට හිම වැටෙන බව කිය කියහමන මේ සුළඟින්ඉරි ඇඳෙයි මගේ හදවතකුටියේ ඇති උණුහුමනොමැති දා මගේ සිත තුළනුඹ තවත් දුර බවසුළඟ මුමුණයි ඉඳහිට