යළිත් සත් සිහින බිඳී ගිය රළ නැතත් තව රළක් සෙමෙන් විත් මුතු කැටක් තබනු ඇත දෙපා මුල..දෑස ළඟ නොපිපුණත්පිපෙනු ඇත තව මලක්දුරක තුරු හිසක, කොඳුරමින් නම..කල්පයක් ගත වුවත් නව සිහින යළි මැවෙත්දැවී හළු වූ පැරණි පැතුම් මැද..සුන්දරයි හෙට දිනත් සිනහ ගෙන එන යළිත් අද කඳුළු දිලිසුනත් දෙනෙත් අග.. ...
වැහි සත් සිහින තනි නිල් විසල් ගගනතකළඹා ඇඟිලි තුඩ'ගින කවි අකුරු සඟවා යමි වළා යැයි නුඹ රැවටෙනවසන්තයේ කෙළවරවළාකුළු අකුලන විටනුඹේ පාමුළ ගිලිහෙයිවැහි බිඳිති වී කවිකම
never to be සත් සිහින නොපතන්න කිසි දිනහිත හදාගෙන උන්නදසතුට ළඟ දුක ළඟනුඹ සොයයි නෙත හැමතැනඑවන් දිනයන් හැම නෙතේ කඳුළුද හිස් කර හිමි අහිමි කම් ගැන කොඳුර පාරයි හදවත
තටු සත් සිහින සොයා හදවත හරි මැදවපුල නෑඹුල් බිජුවටනඟා අංකුර හෙමිහිටතටු මැවිණි උර තල මතබියෙන් වක් වූ පියපතසෙමෙන් සෙනෙහෙන් පිරිමැදදුර අහස වුව ළඟ බවරහස් තැබුවා සවනතගිලෙන විට කඳුලැලි ගඟසෙමෙන් තුරුලට අරගෙනපියාඹන හැටි මුලසිටකියාදුන්නා මතකද?පියාපත් සවි වී අදසරන සඳ මා පැතූ නුබනුඹේ සිනා මිස දුර සිටතවත් දිනුමක් නැහැ මට ...
හිනැහෙමි සත් සිහින අතොරක් නැතිව කියවමි එහෙත් කිසිවක් නොකියමිකඳුළු ඉඳහිට සඟවමි නුඹ නොදුටු විට තුටු වෙමි අකුරු එක එක අමුණමිනුබ පුරා අතහැර යමිකවි මැවෙනු දැක හිනැහෙමිතරුයි නුඹ හට පෙන්වමි දින දසුන් කිසි නොතකමිසිනහසුණ දින හඳුනමි උණුහුමක සිත සතපමිකඳුළු බිඳුවක් සුරකිමි ...
අන්තිම සත් සිහින දවස තිස්සේ හැලුණු මහා වැස්සෙන් පසුවඅන්තිමම වැහි බිඳත් පැද්දෙමිනි,මලක් අග"හෙට අරුණ හිරු කිරණ හාදුවක සැඟවෙමිද..? ගලන බොර දිය පහර කිමිද පිහිනා යමිද..?"
හීනය! සත් සිහින තණබිම පියමැනහොරැහින් බලමිනමීදුම එයි දුරමන්දාරම මැද..සීතල අත් තලඋණුහුම් කොපුලතදවටා හිනැහෙමිනුඹ මගේ හීනය!
එනතුරු සත් සිහින වහීවිම යැයි හිතුවත්වැහි අඳුර විතරයි නුබවිසල් ගස යට බංකුවවියළි පත් පොරවන් අද..පැණි කුරුළු බඳකින්ගිලිහුණු පුංචි පියපතසුසුම් පහරක පැටලී සුළඟ යැයි රැවටුණු රඟ! ...
I am here සත් සිහින දේදුනුත් හිඟ කාස්ටකයටපාට ගෙන එමි මතක දියකරවිඩාබර නෙතු පියන් මතුපිටහාදු තවරමි සීත දෙතොලිනපහුරු ගානා ඉරුවාරදයකවිස උරාගමි ඇඟිලි තුඩු වෙත ඉර හඳත් දුර පුංචි ලෝකෙක උරහිසක් දෙමි නුඹේ සුසුමට ...
සුළඟ සත් සිහින සුළඟ ඇවිදින් උදයේමතබා අත්සන වැලි මතරතු ලදලු කලබල කරමල් පියලි ගෙන නික්මිණවළා අතුරා ආ මඟ රහස් පිඹ පිඹ හැම අතදූලි තිර පට දිග හැර ආව සැණෙකින් සැඟවිණ
කියාවිද? සත් සිහින සැනෙන් සසැලෙන දෙනෙත් රවටන වළා සිතියම ඇඳෙයි නුබ තල බලා සිටියොත් කඳුළු එන තුරු කියාවිද මට නුඹ හිඳින තැන?රහස් නොකියනසීත පොරවනසුළං රැළි මේ හමයි හැම අතසඟවා ගතහොත් දෑත එක්කර කියාවිද නුඹ යළිත් එන දින? ...
in the moonlight සත් සිහින එක් කර පිණි බිඳුමල් කෙමි ඔඩමටතැනු මී මදිරා බී මත්වී සඳ රැස් තැන තැන වැතිරී නිදි අද මල් පෙති පොරවා උණුහුම් වී
හුරු සත් සිහින ඉඳහිටක හඬවනහැඬූ කඳුළුත් පිසලනසිනහ මල් පළඳනසුසුම් පිඹ යළි විසුරණහදවතේ සිව් කොනඇවිද මුල්ගල් සිටුවනකටු ඇනුණු තැන් දැනහෙමින් මල් පොඩි පුබුදනඇඟිලි තුඩු සිපගෙනකවි බිඳිති පැළකර යන නොකියනා වදනිනකතා දහසක් මුමුණන ආදරෙයි නොකියනහිතේ මැද උණුහුම් වෙනපෙර පුරුදු සුවඳිනදිවිය පුරවා සැඟවෙන ...
රූ සත් සිහින දෙතොල හරහාඇඟිලි තුඩගින්අඳිමි මතකෙන් සිනහ සලකුණුදෙනෙත ගැඹරෙහිකිමිද මොහොතක්සොයා යන්නෙමි මතක විසිතුරුඅවුල් කෙහෙරැළිඅතර පැටලීසුළං රැළි වෙමි සිඹින නිරතුරුරුවක නතරවඅතරමං වෙමිසිහිනයක් වී හෙටත් එනතුරු ...
පණිවිඩය සත් සිහින අතින් අදිනා දිය රැළිති හායා යුතුව ඇත බෝ දුරක්බිඳක් නතරව නුඹ අසල හිඳරහස් ලෙස පවසමි යමක්අතු පතර නැලෙවෙද්දී පෙරදිනමගේ ළඟට වී ගී අසන්මගේ කොපුලත හාදු තැවරූපතක් ඇත තව මඟ බලන්හෙට දිනෙක ඈ ආවොතින්මේ ගං දියේ මා ගැන සොයන්කියනු පෙම ලොව සදාකල් බවඅපට අප හිමි නැති උනත්
වැහි සත් සිහින දුර අහස ඇතිරුණවැහි බීරුමක සලකුණදම් පැහැම පුරවයිබැලු බැලූ හැමතැනඅඳුරු වී යැයි රැවටුණසියොත් කැල තැතිගෙනසෙවණක් සොයා පියඹති ආ ගමන් අමතක කරකුසීතව සැඟවුනහිරු, පුංචි එළියකි දුරවළා යහනක සැතපී නේන බව වත් නොකියන ...
සලකුණු සත් සිහින මතකය මිස සැමරුම් නැතිපැතුමන් මිස සලකුණු නැතිනෙත පතුලත දිලිසුම මිසනුඹ ගත් ඉඩ ලොව දන්නැති-
so very far සත් සිහින නුඹ උරයේ උණුහුම් තැනඅමතක වූ සුසුමක් ඇතවදනට නොහැරි දහසක්රහසේම එහි ලියැවී ඇතවැසූ කළ වුව නෙතු පියඅවදිවන සේයා ඇතසිනහා බිඳු ගෙන කැලතූනුඹේ ඇඟිලි සලකුණු ඇත ...
වැස්සට පසු සත් සිහින දුර ඈත ඉසව්වෙන්පාව ආ වැහි කෝඩේටපෙති හොඳටෝම තෙමුණත්කිසිත් නොකියා උන්නෙමිහිස නමා බිමටම රහස් පවසා සුළඟට වැහි දියේ කඳුළු හංගා කිසිත් නොකියා උන්නෙමිහිනා අහුරක් අරගෙනයළිත් හිරු පෑයූ දා කඳුළු විසිකර මතකෙට පෙර මඟට වී ඉන්නෙමි මහා වැස්සට තෙමුණත් නොහංගා පාට බිඳකුදුපැතුම් දහසක් අතැතිව මඟ බලාගෙන ඉන්නෙමි