ආත්මාරක්ෂක සටන් කලාව ආත්මාරක්ෂාව සදහාම පමණක් බව කියාදුන් Karate Kid චිත්‍රපටි මාලාව සත් සමුදුර පසුගිය කාලයේ බ්ලොග් ලිවීමට හා වෙනත් වැඩ රාජකාරී සමූහයකට යටවෙලා සිටිය නිසා චිත්‍රපටි බැලීමෙන් ටිකක් බැහැර වෙලා සිටියත් කාලෙක සිට පරිගණක යන්ත්‍රයේ තිබුන Karate Kid චිත්‍රපටි කිහිපය බලන්නට සිතුනා. කෙසේවෙතත් ගියවසරේ (2010) The Karate Kid චිත්‍රපටිය නරඹලා තිබුනත් එය ගැන නම් එතරම් මනාපයක් ඇතිවුනේ නැහැ.හැබැයි අද කතා කරන්නේ ප්‍රධාන වශයෙන් ඒ ගැන නොවෙයි. ඊට දශකයට හා දෙකකට පමණ පෙර නිපදවන ලද John ...
MS Word වේගවත් කර ගන්න ඕනෑද? සත් සමුදුර අපිට ගොඩක් වෙලාවට දකින්න හමුවෙන්නේ අපි භාවිතාකරන පාලක මෘදුකාංගය විවිදාකාරයෙන් වේගවත් කරගැනීමට අවශ්‍ය ඉඟි හෝ උපදෙස්. ඒත සමහර වෙලාවට අපි බහුලවම භාවිතා කරන Word වගේ මෘදුකාංගයත් ඉතාමත් මන්දගාමී ස්වරූපයෙන් හැසිරෙනවාදැයි කියලා හිතෙන අවස්ථාවන් නැතුවා නොවේ. ඒ වගේම එම මෘදුකාංගයේ සමහර Options අපට අවශ්‍ය නොවුනත් ඒවා Default ආකාරයෙන් ක්‍රියාත්මක වෙමින් අනවශ්‍ය සම්පත් නාස්තියක් (memory, process) සිදුකරමින් අපගේ කාර්යයන් මන්දගාමී කරන බව ...
වර්ථමාන ලංකාවේ චිත්‍රපටි වලට පදනම් වන්නේ මේ මාතෘකා ටික පමණක්ද? සත් සමුදුර මේ ලිපිය ලියන්න හිතුනේ අහම්බෙන් වගේම ක්ෂනිකවම හිතට දැනුන අදහස් මතයි. මෙන්න මේකයි කාරනේ අපි කුඩා කාලේ චිත්‍රපටි නැරඹුවේ චිත්‍රපටි ශාලාවලට ගිහිල්ලා. එහෙමත් නැත්නම් රූපවාහිනියේ පෙන්වන චිත්‍රපටි. හැබැයි මුල් කාලේ සිංහල චිත්‍රපටි රූපවාහිනියේ පෙන්නුවේ නැහැනේ. පස්සේ මෑත කාලෙක තමයි බහුලවම සිංහල චිත්‍රපටි පෙන්වන්න පටන්ගත්තේ. දැන්නම් මොකක් හරි චැනල් එකක දිනකට එකක් හරි බොහෝවිට සිංහල චිත්‍රපටි ප්‍රදර්ශනය වන නිසා පැරණි වගේම ...
සුන්දර මාලදිවයින සත් සමුදුර මාලදිවයින යයි කියූ සැනින් අපේ මතකයට එන්නේ යම් දිනෙක මුහුදු මට්ටම ඉහල යාමෙන් ලෝක සිතියමෙන් මැකී යාමට ආසන්න රටක් ලෙසයි. එහි වරදකුත් නැහැ. මන්ද මාලදිවයින ලෝකයේ පහලම මුහුදු මට්ටමක පිහිටා ඇති රටක්. නිවර්ථන කලාපයේ රටක් වන මෙය සංචාරක කර්මාන්තය අතින් ලෝක ප්‍රසිද්ධයි. වරක් ඩිස්කවරි චැනලය මගින් ලෝකයේ හොදම මුහුදු වෙරලවල් 10 තේරීමේදී මාලදිවයිනටද එයින් එක් ස්ථානයක් හිමිවුනා. අපේ රටේ බොහෝදෙනෙකුත් රැකියා ...
බ්ලොග්කරණයේ වසරක මතක සටහන් සත් සමුදුර මාතෘකාව දැක්ක ගමන් දැනගන්න ඇති අද මේ මොකක් ගැනද කියන්න යන්නේ කියලා. ඔව් අද තමයි සත් සමුදුරට හරියටම ලිපියක් ලියලා අවුරුද්දක් පිරෙන දිනය. ගිය අවුරුද්දේ, ඒකියන්නේ 2011 ජනවාරි 13 වැනිදා අහම්බෙන් වීඩියෝ සහ සංගීත ධාවක මෘදුකාංග ගැන ලියපු ලිපියකින් තමයි මේ ගමන ආරම්භකරේ. එදා නම් කොහොමවත් හිතුවේ නැහැ මෙතරම් දුරක් එන්නවත්, වෙනස් වෙනස් තේමාවන් ගැන ලිපි ලියන්නවත්.කොහොමවුනත් ටිකෙන් ටික ලිපි ...
සුදු ඇඳිරිය - දෙවියන් සහ යමපල්ලන් සේම මිනිසුන්ද ජීවත්වන්නේ එකම මිනිසුන් තුලය සත් සමුදුර මිනිසුන් දිව්‍ය ලෝකයට ඇළුම් කරති. වැරදි කරත් අපායට යාමට කිසිවකුත් කැමතිනැත. අඩුමතරමේ බොරුවට හෝ පින්දහම් කරති. තමන් තුළ මනුෂ්‍යත්වය තිබේද? නැත්ද? නොදනිතත් මනුෂ්‍යත්වය ඇති සමාජයක විසීමට හැමවිටකම අපේක්ෂාකරති. මෙවන් මිනිස්ගත් අපි කාටත් උරුමය. අඩුවැඩි වශයෙන් කවුරුන් තුලත් මේවා තිබේ. අපේ රට වැනි පෙරදිග රටවල පමණක් මෙවැනි ආකල්ප තිබෙනා බව බොහෝ දෙනෙක් සිතා සිටියත් එය සමස්ථ ලෝකය පුරාවටම සදාතනික සත්‍යයකි. ...
2012 දී සිදුවන්නේ කුමක්ද? හිරු දෙවියන් කෝප වූ කල - 9 කොටස සත් සමුදුර මීට පෙර ලිපියේදී මායාවරුනගේ දින දර්ශනය ලෝක විනාශයට බලපාන්නේද යන කාරණාවට අවධානය යොමුකල බව ඔබට මතක ඇති. එහිදී පෙනුන කරුණ වූයේ ඔවුන්ගේ Long Count දිනදර්ශනයට අනුව එය අවසන් වී නැවත මූලාරම්භයට පත්වීම වැනි කරුණකින් ලෝක විනාශයට හේතුපාදක නොවන ආකාරය හා එයින් සිදුවන්නේ යම් කාලපරාසයක් අවසන්ව නව කාලපරාසයක් ආරම්භවන බව එම ලිපියේ මුලින්ම සදහන් කරන ලද්දෙමි.එහෙත් මෙම 2012 දෙසැම්බර් 21 වන ...
2012 දී සිදුවන්නේ කුමක්ද? ආක්‍රමණිකයාට මුහුණදීම - 6 කොටස සත් සමුදුර මෙම දීර්ඝ ලිපිපෙලේ එක් සංධිස්ථානයක් වෙත අද අපි පැමිණ ඇත. ඒ මායාවරුන්ගේ තීරණාත්මක අවස්ථාවන වන ආක්‍රමණිකයාට මුහුණදීමයි.ස්පාඤය ආක්රමණයපළමුවෙන්ම මායාවරු සිටි භූමියට එනම් Yucatán වෙත 1511 දී ස්පාඤය ජාතිකයන් පැමිණ ඇත්තේ ඊට ආසන්න මුහුදේදී සිය නෞකාව අනතුරට පත්වීම නිසයි. ඉන්පසුව 1517 දී දේශගවේශකයෙකු වන Francisco Fernández de Córdoba මෙම ප්‍රදේශයට පා තබන අතර ඔහුට හා ඔහු හා පැමිණි පිරිසට විරුද්ධව මායාවරු ...
වෛද්‍ය විල්ගේ විස්මිත ලෝකය (Cancer Cocaine and Courage) හා අපේ රටේ දාර්ශනිකයෙකු පිළිබදව... සත් සමුදුර මෙන්න ලංකාවේ 2011 වසරේ පැවැත්වෙන ලොකුම පොත් ප්‍රදර්ශනයේ අවසාන දිනයට ඔන්න මෙන්න තබා තිබියදී තවත් පොත් දෙකක් ගැන පොඩි විස්තරයක්. මේ පොත් දෙකම කීර්තිමත් චරිත දෙකක් පිළිබදව ලියවුන ඒවා වන අතර එකක් එතෙර සහා අනෙක මෙතෙර සිටි බොහොම සිත්ගන්නා සුළු පුද්ගලයන් දෙදෙනෙකු පිළිබදවයි.වෛද්‍ය විල්ගේ විස්මිත ලෝකය පරිවර්ථන කෘතියක් වන අතර එහි පරිවර්ථකයා අභය හේවාවසම් මහතායි. මෙය Cancer Cocaine and Courage ...
තමන්ගේ නොසැලකිලිමත් කමින් හෝ වරදින් තමන්ගේ ඇට වලට හානි කර ගැනීම හා එය නිරාකරණයට මුලාවේ වැටීම.. සත් සමුදුර කටයුතු යෙදෙන්නේ ඇතැම් විට පුදුමාකාර අන්දමටය. මට ගිය සතියේ දිනක MSN සෙවුම් යන්ත්‍රයේදී දුටු ඔබගේ අස්ථී දිය කරනා ආහාරපාන හයක් ගැන තොරතුරු ඔබටද යම් අවස්ථාවක පවසන්නට සිතා සිටියදී, අපේ රටේ ආගමික මෙන්ම සාමාජීය පුනර්ජීනයට අතහිත දෙන මහමෙව්නා බෞද්ධාගමික ආයතනයේ මහඟු කාර්යයක් ඉටු කරන්නාවූ මහාමේඝ සඟරාවේ පළවූ ඔස්ටියෝපොරෝසිස් නම් රෝගය දඩමීමා කරගනිමින් කූඨ ලෙස මිනිසුන් මුලා කිරීම පිළිබදව වූ කාලීන ලිපියද ...
විදුලිය නිපදවා ගැනීමට භාවිත කරන අමුතුම උපක්‍රම කිහිපයක් සමග පරිසර හිතකාමී නිර්මාණ කිහිපයක් සත් සමුදුර විදුලි බලය නිපදවීමට ලෝකයේ විවිද ක්‍රම භාවිතා කළත් ජල විදුලිය, සුළං, උදම් බලය, සූර්ය ශක්තිය හැරුන කොට ඛනිජ තෙල් දහනය හෝ න්‍යෂ්ඨික බලය භාවිතා කිරීම වියදම් අධික මෙන්ම පාරිසරික අවධානමක් ඇති ක්‍රම ලෙස නම් කළ හැකියි. මේ ක්‍රම වලට වඩා කුඩා පරිමාණයේ විදුලිය නිපදවීමේ ක්‍රම ලෝකයේ බෝහෝ ස්ථාන වල භාවිතා කළත් ඒවා පිළිබදව ලෝකයට දැන ගන්නට ලැබෙන්නේ අඩුවෙන්. මෙලෙස කුඩා ...
ලන්ඩන් පුරවරයේ අසිරිය හා අවලස්සන සත් සමුදුර අපි ඊයේ ලන්ඩනය නම් මහා නගරයේ අසිරිය දැක්වෙන පැරණි සිතුවම් පෙලක් දැකගත්තා. මේ ලිපියේදිත් එහිදී දැක්වුන ආකාරයේ දර්ශනීය ගම්බද ස්වරූපයක් ගන්නා පැරණි ලන්ඩන් නගරයේ අසිරිය වගේම දහනවවන සියවසේ අග හෝ විසිවන සියවසේ මුල ලන්ඩන් නගරය දැක්වෙන දර්ශනීය මුහුණුවරක් නොගන්නා සේයාරූ කිහිපයක්ද ඔබට දැක ගැනීමට ලබා දෙනවා.ඉහත රූප වලින් සිත්තරුන් උත්සහ ගත්තේ ලන්ඩන් පුරවරයේ සුන්දරත්වයක් ඉස්මතු කරන්නයි. ඒත් පසුගිස සියවසේ මුල්භාගයට ...
ප්‍රයෝජනවත් කුඩා මෘදුකාංගයක් පිළිබදව කුඩා ලිපියක් සත් සමුදුර මේ ලිපිය නම් බොහොම කුඩා එකක්. හැබැයි එකෙන් පැවසෙන දෙය නම් ඔබට ඇතැම්විට ගොඩක් ප්‍රයෝජනවත් වෙන්න ඉඩතියෙනවා. මෙම මෘදුකාංගය පරිවර්ථක මෘදුකාංගයක්. නියමාකාරයෙන්ම කියනවා නම් මෙයින් Flv එහෙමත් නැත්නම් Flash Video files අපි කැමති ආකෘති කිහිපයකටම පරිවර්ථනය කර ගන්නට හැකියාව ලබා දෙනවා. MPEG 4, DivX, XVid, MP3, WMV, 3GP වගේ Format කිහිපයකටම පරිවර්ථනය කර ගැනීමේ හැකියාව තිබෙනවා.දැන් ඔබට හිතෙන්න පුළුවන් අද ...
සිංහල පරිගණක පාඩම් වෙබ් අඩවි පිළිබදව සත් සමුදුර මේ ලිපියෙන් බලාපොරොත්තුවෙන්නේ මේ දක්වා දකින ලද සිංහල පරිගණක පාඩම් සහිත වෙබ් අඩවි පිළිබදව සුළු දැනුවත් කිරීමක් වගේම මෙවැනි වෙබ් අඩවි ගැන දන්නා අයගෙන් ඒ පිළිබදව තොරතුරු දැන ගැනීමටයි.පසුගිය දිනක Techකතා ඔස්සේ email හරහා ලැබෙන පණිවිඩ වලින් තමයි මෙම වෙබ් අඩවි පිළිබදව දැනගත්තේ. ඇත්තෙන්ම සිංහල බසින් ලියන ලද සහ සිංහල බසින් නිරූපනය කරන වීඩියෝද සහිත මෙම පරිගණක පාඩම් ආධුනිකයන්ට ඉතාම ...
ඔපෙරාවෙන් බිහිවුන වාර්ගිකත්වය, විසිවන සියවසේදී ජර්මනියෙන් බිහිවූ නව ක්‍රිස්තුස්වහන්සේ සහ අදුරේ බලය සොයා ගිය වුන් ගැන - Before WWII - Part VII සත් සමුදුර ලෝකයේ හෝ යම් රටක හෝ යම් ආයතනයක සිදුවන්නාවූ දේවල් ඇතැම්විට ක්ෂනිකවම සිදුවූවත් සමහරවිටක එම දේවල් සිදුවන්නේ දීර්ඝ කාලයක් තිස්සේ ගොඩනැගෙන සංකල්ප, සිද්ධාන්ත, අන්තවාදී කොටස්වල බලපෑම හා සාම්ප්‍රධායික වෛරී සහගත ආකල්ප වැනි මානුශික වශයෙන් බලපෑ හැකි හේතුද පදනම් කරගෙනය.අප වෙසෙන තෙවනලොව පෙරදිග රටවල ජ්‍යෙතිශය හා වෙනත් අදෘෂ්‍යමාන ගුප්ත බලවේගයන් ගැන විශ්වාසය තබන මිනිසුන් බහුලවනවා සේම ඇතැම්විට යම්කිසි කාර්යයකට අතතබන්නේ එම බලවේගයන් ...
ජයග්‍රහණය = පරාජය - කොරියන් යුද්ධය (3 වන කොටස) සත් සමුදුර උතුරු කොරියාව විසින් පෙර දැනුම් දීමකින් තොරව ගන්නා ලද යුද ක්‍රියාමාර්ගය හෙවත් "Police Action" (http://en.wikipedia.org/wiki/Police_action) මැඩලීම පිණිස ඇමරිකාව ප්රමුඛ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ගන්නා ලද පියවර පිළිබදව උතුරු කොරියාව වෙනුවෙන් තිරය පිටුපස සිට ක්‍රියා කළ සෝවියට් දේශයට එය ගැනීමට පෙරම වළකා ලීම හෝ යම් ආකාරයකින් ප්‍රමාද කිරීමේ හැකියාවක් තිබුණි. ඒ ඔවුන් සහභාගීවීම වර්ජනය කළ එක්සත් ...
ලොකු ගල් දෙකක් වෙනුවෙන් රණ්ඩුවෙන ජපානය හා දකුණු කොරියාව - Dokdo a.k.a. Takeshima island incident සත් සමුදුර ජපානය හා දකුණු කොරියාව කියන්නේ ආසියාවේ මුලින්ම සංවර්ධනය වූ හා ආසියාවේ සිටින ඇමරිකාවේ සුමිතුරුම රටවල් දෙකයි. වර්ථමානයේ ජපානය කියන්නේ බොහොම ගෞරවනීය සාමකාමී රටක් ලෙස පැවතුනත් අතීතයේ, ඒකියන්නේ දෙවන ලෝක යුද්දයට පෙරාතුව නම් බොහොම දඩබ්බර, කවුරුවත් කියන දෙයක් අහන්නේ නැති රණකාමී, යුදකාමී රටක් ලෙස හැදින්වූවාට වරදක් නැහැ. එදා අග්නිදිග ආසියාවේ බලය ඉතා දරුණු හා බිහිසුනු ක්‍රමවේදයන් ඔස්සේ අනුගමනය කළ ජපානය, මෙල්ල ...
සුභ නව වසරකට ආසිරිද සමගින් Internet Speed වැඩි කරගැනීමට ටිකක් බැරෑරුම් වැඩ කිහිපයක් සත් සමුදුර මුලින්ම ඔබ සැමට 2012 සිංහල දෙමල අළුත් අවුරුද්ද සුභදායක වසරක් වේවා යන පැතුම එක් කරමි. පසුගිය දිනවල ගෘහස්ථව මේ කාලයේ යෙදෙන වැඩ රාජකාරි බහුල බව හා අවුරුද්දෙන් පසු තරමක් අසනීප තත්ත්වයෙන් පසුවන නිසා මේ මොහොත දක්වා සුභ පැතීමේ කාර්යයට හෝ අළුතින් යමක් ලියන්නට නොහැකි වුනා. ඉතින් දැන් තරමක් සුවය ලබා සිටින මොහොතේ ඔබ සැමට ප්‍රයෝජනවත් වන්නාවූ දෙයක් මුලින්ම මේ වසරේ ...
ශාරුක් ඛාන්, ඓයිෂ්චර්යවලාගේ ඉටි බෝනික්කන් ජීවමානව පෙන්වන මැඩම් තුසාඩ් කටුගෙය සත් සමුදුර මේ ලිපිය ලියන්නට හිටියේ මීට බොහොම කාලෙකට පෙර. ඒ කියන්නේ ගිය අවුරුද්දේ ඔක්තෝබර් මාසේ අජීවී මුහුණ හා සජීවී මුහුණ - Death Mask and Life Mask ලිපිය පල කළාට පසුවයි. ඒත් ඒ එක්කම කතාකරන රූප තේමාව පිළිබදව නැගුන කතිකාවත සමග හදිස්සියේම ලියන්නට වුන කතාකරන රූප හෙවත් වචන ගොඩක් එක් පින්තූරයකින්... සහ ඉන්පසුව මොලොවින් සමුගත් ඇපල් සමාගයේ ප්‍රධානී Steve Jobs ගේ වියෝවත් ...
19 වන සියවසේ විසූ චිත්රශිල්පීන් ඇමරිකානු ජන ජීවිතය සිතුවමට නැගූ හැටි - How early American Artists saw their 19th Century life සත් සමුදුර මෙම ලිපියට පෙර පළවූ "ඔහු පුනරුදයේ මිනිසායි, එහෙමත් නැත්නම් විශ්වයේ මිනිසායි, කවුරුදු ඔහු? The Man Who wanted to know everything" ලිපිය මෙතෙක් සත් සමුදුරේ පළ කරන ලද දීර්ඝම ලිපියයි. ඒත් එය එතරම් දෙනෙකුට විශය වී නොමැති බව හැගුනේ එය කියවන්නට ආ පිරිස ඉතාමත් ස්වල්පදෙනෙකු වීම නිසයි. කෙසේවුවත් සතියක් පුරාවට ඉමහත් වෙහෙසක් දරා ලියූ එවන් ලිපි කවදා කාට හෝ ප්‍රයෝජනවත් වේ ...