ඔහු පුනරුදයේ මිනිසායි, එහෙමත් නැත්නම් විශ්වයේ මිනිසායි, කවුරුදු ඔහු? The Man Who wanted to know everything.............. සත් සමුදුර ඔහු පුනරුදයේ මිනිසායි, එහෙමත් නැත්නම් විශ්වයේ මිනිසායි, කවුරුද ඔහු? පසුගිය ලිපි කිහිපයෙන්ම ඔහුගේ විවිද නිර්මාණ ඔස්සේ ඔබගේ අවධානය ලබා ගත් පුනරුද යුගයේ විශ්මකර්මයා ලෙස සැලකෙන ලියනාඩෝ ඩාවින්චි නම් අග්‍රගණය කලාකරුවා, විද්‍යාඥයා, ඉංජිනේරුවා, තාක්‍ෂනවේදියා පිළිබදව වඩාත් සවිස්තරව කතා කිරීමේ අවස්ථාව මේ ලිපිය ඔස්සේ ලබා දෙන්නයි මේ බලාපොරොත්තුව. මේ ලිපිය තුල ප්‍රධාන කතාව තුල තව උපකතා මැවේවි. තවත් විටක ඒ උපකතා ඇතුලේ ...
ඉපැරණි ලාංකික සමාජය පිළිබදව දැනගන්න... සත් සමුදුර මේ සිංහලකම, දේශියත්වය ගැන වඩාත් කථාකරන කාල සමයකි. ගුවන් විදුලියෙන් ඇසෙන්නේත්, රූපවාහිණියෙන් පෙන්වන්නේත්, දේශපාලනය කරන උදවිය නිරතුරුවම කථා කරන්නේත් දේශියත්වය, අපේකම, සංස්කෘතිය යනාදී මෙරට දේවල් පිළිබදවයි. එහෙත් කියන්නන්, පෙන්වන්නන් විවිදාකාරදේ ගෙනහැර දැක්වූවත් ඒ ගැන නිවැරදිව නොදන්නේ නම් මේ කියන්නේ, පෙන්වන්නේ හරියාකාරවම අපේ දේ දැයි නොදැන ඔවුන් දෙන දේ ඒ සැටියෙන්ම පිළිගන්නට සිදුවේ.මෙවන් දේ පිළිබදව අපේ ඉතිහාසය පිළිබදව අත්පොත වන් මහාවංශයද ...
මෙන්න අපි ටික කාලෙකට ඉස්සෙල්ලා දැකපු Life සඟරාවේ පසුපිටේ පලවූ ඡායාරූප සමූහයට තව ටිකක් - 3 සත් සමුදුර ඔන්න අදත් පින්තූර ටිකක් තමයි ඔබට බලන්න දෙන්නේ. මොකද පසුගිය දින කිහිපයේම ගෙදර සිටියේත් නැති නිසා මොනවත් ලියන්නත් බැරිවුනා. ඔබට මතකද අපි මායාවරු හා 2012 ගැන ලිපි පෙලට කලින් බලපු Life සඟරාවේ පසුපිටේ ඡායාරූප සමූහය මෙන්න ඒ සමූහයට තව පින්තූර රැසක්ම. ඔබලාම කියන්නකෝ ඒවා දැක්කම මොනවද හිතුනේ කියලා... ...
2012 දී සිදුවෙන්නේ කුමක්ද? මායාවරුන්ගේ අකුරුකරවීම - 4 කොටස සත් සමුදුර මායාවරුන්ගේ ආගම් හා ඇදහීම් පිළිබදව පසුගිය ලිපියෙන් අපි කතා බහ කල අතරම අධික කාර්යබහුල බව නිසා කෙටි නිහැඩියාවකට පසු නැවතත් අපි මායාවරුන්ගේ සම්භාව්‍ය යුගයේ තවත් වැදගත් කරුණු මෙම ලිපියෙනුත් සොයාබලමු.විද්‍යාව හා ලේඛණයමායවරුන් සතුව ප්‍රායෝගික වශයෙන් ක්‍රියාවට නැංවිමට සමත්වූ දක්ෂතාවයන් රැසක්ම තිබූ අතර එයින් කැපී පෙනෙනම දක්ෂතාවය වූයේ ගණිතයට හා තාරකා ශාස්ත්‍රයට ඔවුන් දැක්වූ නිපුණතාවයයි. එම ඥානය භාවිතා කර ඔවුන්ගේ විවිද ...
2012 දී සිදුවෙන්නේ කුමක්ද? මායාවරුන්ගේ ස්වර්ණමය යුගය - 2 කොටස සත් සමුදුර පළමු ලිපියෙන් මායා ශිෂ්ඨාචාරය යුග වශයෙන් සැලකීමේදී පළමු ප්‍රධාන යුගය ලෙස සැලකෙන ප්‍රාග්සම්භාව්‍ය යුගය ගැන සාකච්ඡාකරනු ලැබූ අතර මෙම ලිපියෙන් දෙවන ප්‍රධාන යුගය ලෙස හා ඔවුන්ගේ සමෘධියේ වැදගත්ම යුගය යයි සැලකිය හැකි සම්භාව්‍ය යුගය හෙවත් Classic period අවධිය ගැන කතා කරමු.සම්භාව්‍ය යුගය - Classic periodක්‍රි.ව. 300 දී පමණ ඇරඹී සම්භාව්‍ය යුගය හෙවත් Classic period මායා ශිෂ්ඨාචාරයේ ස්වර්ණමය යුගය ලෙසද සලකෙන අතර මේ කාලය වඩාත් සංකීර්නවී ඇත. ...
සාහසික අපරාධ ගණනාවක සුලමුල හෙලිකල වෛද්‍ය නීති ක්ෂෙත්රයේ ඇතුලු පැත්ත - පෝරකය ඉවකල මිනිස්සු සත් සමුදුර අද කියන්නට යන්නේ පසුගිය දිනෙක කියවූ වෛද්‍ය නීති ක්ෂෙත්රයට අදාල පොතක් පිළිබදවයි මෙය ලියා තිබෙන්නේ ඩබ්ලිව්. ටී. එම්. මහින්දරත්න මහතායි. ඔහු මෙම ක්ෂෙත්රය සමග සක්‍රීයව සම්බන්ධවුන කෙනෙක්. ඒවගේම පුවත් පත් ගණනාවකට ඒ සම්බන්ධයෙන් ලිපිද ලියා ඇති ඔහු විසින් රචිත පොතක් තමයි මේ පෝරකය ඉවකල මිනිස්සු කියන පොත. සාහසික අපරාධ ගණනාවක සුලමුල හෙලිකල වෛද්‍ය නීති ක්ෂෙත්රයේ ඇතුලු පැත්ත තමයි එහි තේමාව විදියට ...
පුරාණ සිංහල රජ දවස දෙතිස් වද හා නූතන මරණ දඩුවම් ක්‍රම ගැන ලුහුඬින්. (Torture & Execution methods) - සත් සමුදුර මේ කතා කරන්නට යන්නේ සතුටුදායක මාතෘකාවක් නොවන අතර අමිහිර වුවත් එහි ඇති සමාජ විද්‍යාත්මක වටිනාකම නිසා යමක් ඔබට කීමට සිතුනි. මරණ දඩුවම හා සාක්ෂි විභාගයන් සදහා පුරාණයේ පටන් ඒ ඒ රටවල් විවිද ක්‍රම උපයෝගී කර ගත්හ. විශේෂයෙන් වර්ථමානයේ මරණ දඩුවම යනු ශිෂ්ඨාචාරගතවූ සමාජයක අශිෂ්ඨ දෙයක් ලෙස සලකන නමුත් ඇතැම් රටවල් මරණ දඩුවම ඒ කිසිවක් නොසිතා ක්රියාවේ යොදවන අතර සමහරක් රටවල් ...
ස්පාඥයේ වාමාංශිකයන්ට එරෙහිව දක්ෂිනාංශිකයන් - III සත් සමුදුර දෙවන ලෝක යුද්දයට පෙර ලිපි පෙලේ තවත් ලිපියක් ලෙස අද ඔබට ගෙන එන්නේ දෙවන ලෝක යුද්දයට පෙර සිදුවූ තවත් ජර්මානු හිතවාදී ආණ්ඩු පෙරලියක් පිළිබදවයි. මෙම ආණ්ඩු පෙරලිය සිදුවුනේ ස්පාඥයේදී ඒ 1936 ජූලි 17 සිට 1939 අප්‍රේල් 01 දා සිදුවූ ස්පාඥය සිවිල් යුද්දයෙන් අනතුරුවයි.ලේ හෙලවීම් රැසක් සිදුවූ මෙම කැරැල්ල සිදුවූයේ වාංමාශික ආණුඩුවක් වූ දෙවන ස්පාඥය ජනරජය හා හමුදා ජනරාල්වරයෙකු වූ Francisco ...
රාවණා රජු ඇත්තටම සිටියාද? King Ravana was Real or Myth? සත් සමුදුර මේ ලිපිය කුමන තේමාවකින් ලියන්නටදැයි ලිපිය ඇරඹුන මොහොතේ පටන් මට තිබුන ගැටළුවකි. කෙසේවෙතත් මෑත කාලයේ තාත්වික සීමාවෙන් ඔබ්බටද ගොස් පළකරන රාවණා රජු පිළිබදව ලිපි මතුපිටින් බැළු විට විහිළුවක් හෝ මානසික රෝගයක් ඇති අය විසින් ලියන්නේදැයි හැඟුනත් ගැඹුරින් බැළුවිට අතීතකාමයේ ගිලී මනංකල්පිත ලෝකයක හෝ ඇත්ත තත්ත්වයෙන් ඔබ්බට සිතන්නට යන අයට මෙම ලිපිය ගෝචර වෙන්නේ යයි සිතමි.මේ ලිපියෙන් කිසිවිටක අපගේ හෙළ මුතුන්මිත්තන් ...
තිරයෙන් පිටුපස සිදුවු දේවල් සියල්ල සවිස්තරව.............. සත් සමුදුර 1962 වසරේ ඔක්තෝබරයේ ඇතිවුන කියුබානු මිසයිල අරබුදය ගැන පැවසුන ලිපියේ දෙවැන්න මෙයයි. (මෙම ලිපිය තරමක් දීරඝ ලිපියකි). 1962 ඔක්. 26 වනදා සෝවියට් තානාපති කාර්යාලයේ උපදේශකයෙකු ලෙස තනතුරක් දැරූ එහෙත් නියාමාකාරයෙන් ගත් විට සෝවියට් තානාපති කාර්යාලයේ බුද්ධි තොරතුරු අංශයේ ප්‍රධාන නිලධාරියා ලෙස සේවය කළ Aleksandr Fomin හෙවත් Alexander Feklisov ගෙන් දහවල් ආහාරය සදහා ඇරයුමක් ලැබුනේ ඇමරිකානු රාජ්‍ය ...
නොමිලේ ලබා ගත හැකි ප්‍රයෝජනවත් තවත් මෘදුකාංගයක් පිළිබදවයි... සත් සමුදුර ටිකක් වැඩ අධික අවස්ථාවක මේ ගෙන එන පෝස්ටුව තවත් කුඩා එසේම නොමිලේ ලබා ගත හැකි මෘදුකාංගයක් පිළිබදවයි. ඔබ Windows OS එක භාවිතා කරන්නෙක් නම් එහි ඇති Notepad මෘදුකාංගය හොදින් දන්නවා ඇති. කුමන windows සංස්කරණයක් පැමිණියත් දැනට වසර ගණනාවකට පෙර ලබා දුන් ඉතාම සීමිත පහසුකම් ඇති මෘදුකාංගක් ලෙස Notepad හදුන්වාදෙන්නට පුළුවන්. සමහර විට Microsoft ආයතනය එසේ එම මෘදුකාංගය වැඩි දියුණු නොකරනවා ...
Windows වල Device Manager හි Device Status පෙන්වන Code වලින් කියවෙනා දේ... සත් සමුදුර ඔබ Windows භාවිතා කරන්නෙක් නම් ඔබ විසින් පරිගණකයට ඈදා ඇති දෘඩාංගයක drivers හරි හැටි ස්ථාපනය කර නොමැති නම් හෝ දැනටමත් භාවිතා කරමින් පවතිද්දීත් කිසියම් හේතුවක් නිසා එම drivers වල Conflict වීමක් සිදුව ඇත්නම් සාමාන්යෙන් දිස්වනවාට වඩා එම උපාංගය ඉදිරියේ කිසියම් අයිඛනයක් දිස්වෙමින් යම් දෝෂයක් තිබෙන බවක් පෙන්වනු දැක ඇති. උදාහරණයක් ලෙස Device Manager වෙත ගියවිට එහි කිසියම් උපාංගයක් මත රතුපාට කතිර ...
250 වන ලිපියද සමගින් ප්‍රයෝජනවත් දේවල් කිහිපයක්ම එකවර ඇති "අච්චාරු" ලිපියක්... සත් සමුදුර මාතෘකාවේ විදියටම මේ 250 වන බ්ලොග් ලිපියයි. ඉතින් අමුතුවෙන් කියන්න යන්නේ නැහැ සත් සමුදුරේ බ්ලොග් ලියවුන විදියවත් එය විකාශනය වි මේ දක්වා ආ ගමන් මග පිළිබදවත්. කොහොමවුනත් මේ දක්වා විවිද තත්ත්වයන් ඔස්සේ මේ ආ දුර පැමිණීමට ඔබ සැම ලබා දුන් සහයට මේ මොහොතේත් ස්තූතියි පුද කරනවා!මේ ලිපියදී කාරණා කිහිපයක් ගැනම සදහන් කරන්නට සිතුනා. පළමු කාරණය තමයි ඔබට ප්‍රයෝජනවත් විය හැකි ...
ලොව පුදුම හතට අයත් නිමැවුම් කිහිපයක් හා තවත් අග්‍රගණ්‍ය නිමැවුම් කිහිපයකම අතීත සේයාරූ සමග තවත් පැරණි සේයාරූ කිහිපයක්... සත් සමුදුර මේ පින්තූරයෙන් දැක්වෙන්නේ 2007 වසරේදී නම් කෙරුණ ලෝකයේ පුදුම හතටත් අයත් වන Machu Picchu නම් ඉන්කා ශිෂ්ඨාචාරයට අයත් ඓතිහාසික ස්ථානයයි. පින්තූරය රැගෙන තිබෙන්නේ 1911 දී. ඒ ඇමරිකානු දේශාඨක Hiram Bingham විසින් 1911 දී මේ ස්ථානය සොයාගත් අවස්ථාවේදීය. පේරු රටේ ඇන්ඩිස් කදුකර ප්‍රදේශයේ මුහුදු මට්ටමින් අඩි 7970 ක උසකින් පිහිටි මෙම ස්ථානය ඉන්කාවරු විසින් ගොඩනගනු ලැබුවේ ක්‍රි.ව. 1450 දී පමණ බව පැවසෙන ...
ටෙලිනාට්‍ය රුචිකත්වය හා තවමත් අපේ රටේ නම් බෝවී නැති නළුනිළියන්ගේ අතිශය පෞද්ගලික ක්‍රියාදාම ඇතුලත් S**tapes(**=ex) - +18 (වැඩිහිටියන්ට පමණයි) සත් සමුදුර මුලින්ම ලැබූවාවූ 2012 නව වසර සත් සමුදුර කියවන-නොකියන මෙන්ම ප්‍රශංසා-නින්දා කරන සෑමදෙනාට තමන්ගේ සියළු යහපත් වැඩකටයුතු සර්වප්රකාරයෙන් සාර්ථක වන සුභ නව වසරක් වේවායි පතන අතරේම, නැනනුවණ දියුනු වී ඇත්ත ඇති සැටියෙන් දකින, යථාර්තය දකින බුද්ධිමත් පිරිසක් වේවායිද පතමි.ඉතින් මේ ලිපිය ලියන්නට සිතුනේ අහම්බෙන්. සුපුරුදු මාතෘකාවටම අකුරු ගලපන්න සිතා සිටින මොහොතේ මීට සති කිහිපයකට පෙර ලියන ලද වර්ථමාන ලංකාවේ චිත්‍රපටි වලට ...
ලියනාඩෝ ඩාවින්චි මීට වසර 500 කට පෙර මිනිස් සිරුර දුටු සැටි +18 සත් සමුදුර ලියනාඩෝ ඩාවින්චි නම ඇසුන සැනින් ඔබට පමණක් නොවේ මටද මතක් වන්නේ ඔහු විසින් සිතුවම් කරනා ලද සුන්දර කාන්තාවකගේ සිතුවමක් වන මොනාලිසා,ප්‍රංශයේ ලූවර් කෞතුකාගාරයේ තබා ඇති මොනාලිසා මුල් චිත්රයඑහෙමත් නැත්නම් ජේසුස් වහන්සේගේ අවසන් රාත්‍රී භෝජනය රූපයට නැගූ Last Supper.අවසන් රාත්‍රී භෝජනය හෙවත් The Last SupperThe Last Supper චිත්රයේ කටුසටහන් ඩාවින්චිගේ සටහන් පොතේ තිබූ අයුරුඒත් ඩාවින්චි කියන්නේ චිත්‍ර ශිල්පියෙකු පමණක් නොවේ. මීට ...
නිර්මාණාත්මක අදහස් භෞතිකව සහ චෛතසිකව - Creative Ideas for your family and your life සත් සමුදුර ලිපියේ මාතෘකාව සිංහලෙන් එක විදියටත්, ඉංග්‍රීසියෙන් තවත් විදියකටත් නේද? කියලත් ඔබට සිතේවී. කොහොමවුනත් මම අදහස් කළේ මෙම ලිපියෙන් පෙන්වන දේවලින් මුලින් ඔබගේ එදිනෙදා ජීවිතය පහසු හා ආකාර්ශනීය කරගන්නටත් දෙවනුව ඉදිරිපත් කරන දේවලින් ඔබගේ දිවිය අර්ථවත් කරගැනීමට ඉවහල් වන නිර්මාණාත්මක අදහස් පෙළක් ඉදිරිපත් කිරීමටයි. අපගේ එදිනෙදා ජීවිතය බාහිරට අලංකාර කර පෙන්වීමට හෝ කිසියම් තෘප්තියක් ලැබීමට හෝ සමහර දේවල් ...
අශ්ලීල චිත්‍රපටි හෙවත් නිල් චිත්‍රපටි කර්මාන්තයේ සැඟවුන අදුරු පණිවිඩයක් - Dark Message Hidden in Pornography - Adults only +18 සත් සමුදුර නිල් චිත්‍රපටි එහෙමත් නැත්නම් Blue films හෙවත් අසභ්‍ය චිත්‍රපටි කියන්නේ ලංකාව තුල ලඟතබා ගැනීම, නැරඹීම, බෙදා හැරීම යනාදී සියළු කාරණා වලදී නීතියෙන් දඩුවම් ලැබිය යුතු තරම් වරදක්. පසුගිය කාලයේ තමන් දැනුවත්ව හෝ නොදැනුවත්ව එහෙම දෙයකට පෙනී සිට ඇත්නම් භාරවී එය නිවැරදි කරගන්න යයි නියෝග පැනවීමෙන්ම එය තහවුරු වුනා. ඒත් ලංකාවේ මෙසේ වූවත් ඇමරිකාව, එංගලන්තය වැනි රටවල මෙයත් අනෙකුත් සිනමා කර්මාන්තය ...
ගබඩා සමීක්ෂනයකදී අත්විදි අත්දැකීම් හා යෝජනා - Physical Verification of Consumables සත් සමුදුර මේ ලිපිය ලියන්නට සිතුවේ කාරණා කිහිපයක් අපේක්ෂාවෙන්. පසුගිය දිනවල මාහට පැවරී තිබුන රාජකාරීයක් තමයි පරිභෝජන භාණ්ඩ පිළිබදව ගබඩා සමීක්ෂනයක්. ඒ කියන්නේ එදිනෙදා භාවිතා කර ක්ෂය වෙලා යන දීර්ඝ කාලයක් නොපවතින භාණ්ඩ පිළිබදව. මේ කාර්යය අවසානයේ පැවරුන තවත් දෙයක් තමයි මේ කාර්යය පිළිබදව යෝජනා ඉදිරිපත් කිරීම. මම මේ පිළිබදව යෝජනා හා අත්දැකීම් පිළිබදව සටහනක් මේ වනවිටත් පිලියෙල කර අවසන්. ඉතින් මට ...
ඇමරිකානු උභයජීවී නාවික භටයන් - US Navy SEAL සත් සමුදුර මේ දිනවල ලෝකයේ බොහෝ රටවල වැසියන් තුල ඇමරිකාව පිළිබදව තිබෙන්නේ එතරම් පහන් හැඟිමක් නම් නොවෙයි. පසුගිය දිනවල ඇමරිකානු ගුවන් යානා කිහිපයක් ලංකාවේ ගුවන් සීමාවට ඇතුළුවුනැයි කියා කසුකුසුවකුත් තියෙන අතරතුර දැනට මාස කිහිපයකට කලින් ලෝකයේ අන්තවාදී ත්‍රස්ථ නායතයෙකුවන ඔසමා බින් ලාඩන් ඝාතනයට සම්බන්ධවූවායැයි කියන ඇමරිකානු නාවික සීල් භටයන් පිළිබදව යමක් ලියන්නට සිතුනා. කෙසෙවෙතත් මෙම මෙහෙයුම සිදුකලේ මෙම නාවික සීල් බලඇණිය සිදුකරන ලද බවට ...