15 - අැතැම් කාල වලදී කුණු වී අහක දමන ලූණු මේ ආකාරයට ප්‍රයෝජනයට ගන්නට ලංකාවෙත් මෙවැනි කර්මාන්ත ශාලාවක් ඇත්නම් කොතරම් අගනේද? එසේම හිතහොදින් කිරි දෙන එළදෙනුන්, හතු පිළිබදව මෙන්ම බිත්තර පිළිබදවත්. සත් සමුදුර ඔබත්, මම වගේම ඇතැම් අවස්ථාවල ලූණු අතිරික්තයක් හෝ සුදුසු මිලක් නොමැතිකමින් නිස්කාරණේ කුණු වී යාමට අහක දමනවා දැකලා ඇති. දඹුල්ල වැනි ආර්ථික මධ්‍යස්ථාන වල මෙන්ම ගොවීන් පවා බොහෝ දුක් මහන්සි වී, ණය වී වගා කරනා ලූණු මේ ආකාරයේ විවිද කාරණා නිසා අහක දමන්න සිදුවීම ඉතා කණගාටුදායකයි. එහෙත් පෞද්ගලික හෝ රාජ්‍ය අංශය මැදිහත්වීමෙන් මෙවැනි කර්මාන්ත ශාලායක් බිහිකරන්නට හැකිනම් නිකරුණේ ඉවතලණ ලූණු ...
කතා ඇතුලේ තවත් කතාවක් ලිවීම - Writing thinsgs insidide another things - සත් සමුදුර අද ලිපියත් ඔබට බ්ලොග් ලිවීමේදී ප්‍රයෝජනවත් වේ යයි අදහස් කරනවා. මුලින්ම අද මේ හදුන්වාදෙන්න යන දෙය ඔබට යොදාගත හැකි අවස්ථාවක් සදහන් කරනවා නම්, අප ලියන බ්ලොග් පෝසට් එකක් ඇතුළේ එම ගලාගෙන යන කතාව හෝ යම් සිද්ධියට බලපෑමක් නොවන අයුරින් ප්‍රධාන ලිපියට ඍජුව හෝ වක්‍රව හෝ යම් ඔබගේ අදහසක් හෝ විස්තරාත්මක සටහන් කිරීමේ පහසුකම ලැබෙනවා. මේ භාවිතයට අමතරව තවත් ඔබට විවිද ...
විනාකිරි වලින් කළ හැකි බොහෝ දේ ගැන දැනුවත් වෙමු (100 Uses of Vinegar) සත් සමුදුර විනාකිරි පිළිබදව අප බහුල වශයෙන් දන්නේ එය ආහාර වලට යොද ද්‍රව්‍යයක් ලෙස පමණයි. ඒත් විනාකිරි එම කාර්යයට අමතරව තව බොහෝ දේවල් සිදුකරගැනීමට යොදා ගත හැකි බවත් කිවයුතුයි. දුර්ගණ්ධය නාශකයක් ලෙස, පිරිසිදුකාරයකයක් ලෙස, පැල්ලම් ඉවත්කාරකයක් ලෙස, වෙනකක් තබා අවහිරවී ඇති sink එකෙහි අවහිරතාවය වලකනයක් ලෙසට අමතරව තවත් බොහෝ කටයුතු වෙනුවෙන් විනාකිරි යොදා ගැනීමට හැකියි. මේ වීඩියෝවට අමතරව Readers' Digest සඟරාවේ ...
මහා යුද්ධයේ තවත් පින්තූර රැසක් (ගුවනේ සිදුවූ යුද්ධය පිළිබදවයි) ... සත් සමුදුර මෙම මහා යුද්ධය ප්‍රධාන ලිපිය ලියනා අතරතුර එයට සබැඳෙන නොදුටු පින්තූර/සේයාරූ කිහිපයක්ම ගෙන එන්නයි සැරසෙන්නේ. ගුවන් ප්‍රහාර, පළමු ලෝක යුද්ධය ආරම්භය සිදුවන 1914 අගෝස්තුව වන විට කෙසේ යොදාගන්නදැයි අවබෝධයක් එවක යුද නායකයන්ට වූයේ නැහැ. එක් අතකින් ගුවන් යානා යුද්ධයකට යොදා ගෙන තිබුනේ මෙම සුවිශාල සංග්‍රාමය සිදුවීමට යන්තම් වසර 10 ක් අතරතුර කාලයකදීය. පැහැදිලිවම කියනවා නම් 1911 දී ඉතාලිය හා තුර්කිය ...
යුරෝපය අපිට උඩින් ගියේ කොහොමද ? කාර්මික යුගයේ යුරෝපයේ ආසියාතික රටවලට වඩා දැනුමෙන් පොහොසත් වූයේ ඇයි? The Roman Era සත් සමුදුර මේ මාතෘකාවෙන් දැක්වුනේ පසුගිය දිනක ලියන ලද ලිපියට කමෙන්ටුවක් ලබාදුන් මිතුරෙකු අසන ලද ගැටළු කිහිපයකි. එසේම මාතෘකාවේ දැක්වූයේ නැතත් තවත් අසා තිබූ පැනයක් වන්නේ ක්‍රි.ව. 1000 පමණ කාලයේ යුරෝපය හා අප රටවල් සංසන්දනය කරන්නේ කෙසේද ? යන්නයි. කෙසේවෙතත් මා ඉතිහාසය පිළිබදව විශේෂඥයෙකු නොවුනත් කියවා ඇති පොත් පත් හා ලිපි ලේඛණ වලට අදාලව මේ කරුණුවලට උපකාරවිය හැකි ලිපියක් ලිවීමට සිතුවෙමි. මෙම ...
ගතවූ වසර කිහිපයේම වසරේ හොදම Uninstall මෘදුකාංගය ලෙස තේරුනේ මෙම මෘදුකාංගයයි... සත් සමුදුර මේ කියන්නට යන මෘදුකංගය තමයි වසර කිහිපයක්ම වසරේ හොදම මෘදුකාංගය ලෙස තේරුනේ. විවිද සඟරා සහ මෘදුකාංග පිළිබදව සන්සන්දනයන් කරනා සමාගම් විසින් පැවැත්වූ සමීක්ෂන් පර්යේෂන ආදියෙන් පසුව තමයි එය පවසා තිබුනේ. කෙසේනමුත් මෙම සඟරා හෝ ආයතන විසින් කියු පමණින් අපගේ භාවිතයන්ට අංක එක දිනුවත් ඇතැම් මෘදුකාංග කියන තරම් හරියන්නේ නැති අවස්ථා තිබෙනවා. මමත් ප්‍රායෝගිකව එවැනි අවස්ථාවන්ට මුහුණදීලත් තිබෙනවා. කොහොමනමුත් ...
09 - ඉවත දමන ප්ලාස්ටික් බෝතල් වලින් ඔබට කළ හැකි දේ සහ චීනයේ කරන දේවල්... සත් සමුදුර දැන් බොහෝවිට පැණි බීම අපට වෙළඳ පොලේදී ලැබෙන්නේ ප්ලාස්ටික් බෝතල් වල. ඒ විතරක් නෙමෙයි මෑතක සිට ගොඩක් දෙනෙක් ගෙදරින් වතුර බෝතලයක් රැගෙන එනවාට වඩා ප්‍රිය කරන්නේ විකුණන්න තිබෙන ප්ලාස්ටික් බෝතල් වල තිබෙන පානීය ජලය පානයට. හැබැයි මේ ප්ලාස්ටික් බෝතල් ක්‍රමක්‍රමයෙන් පාරිසරික ගැටළුවක් බවට පත්වෙමින් තිබෙනවා. ඇතැම් දෙනෙක් (සමහර වෙලාවට මෙය ලියන මම පවා) මේ බෝතල් නැවත නැවත පානීය ජලය අප විසින්ම ...
18 - දම්වැල්, නයිලෝන් කඹ, ස්ප්‍රින්ග්, බෝල්ට් ඇන, කාන්දම්... සත් සමුදුර මේ මාතෘකාවේ කියා තිබෙන දේවල් විවිද කාර්යයන් සදහා අවශ්‍ය වෙනවා. අපි මේවා භාවිතා කළාට හදන්නේ කොහොමද කියන එක කවදාවත් හිතුවේ නැති නිසා දැන් ඒවා හදන හැටිත් දැන සිටිමු... ...
කොකාකෝලා, මෝටර් රථ සහ බේස් බෝල් ගැන මිස යුද්ධයක උවමනාවක් නොතිබූ ඇමරිකානුවන්.... සත් සමුදුර විසිවන සියවසේ මුල් කාලය වන විට අළුයට ගිනිමෙන් යුරෝපයේ විවිද රාජ්‍යයන්ගේ අර්බුද, බලලෝභීත්වය, අනෙකා පරයමින් තමන් මුදුනාවෙන්නට තිබූ ඕනෑකමක් යනාදී බළුපොරයට එක්වීමට ඇමරිකානුවන්ට නොතිබුනි. ඔවුන්ගේ ආර්ථිකය වේගයෙන් ශක්තිමත් වෙමින් අනුන්ගෙන් යැපීමෙ අවශ්‍යතාවයක් නොතිබූ අතර 1914 වන විට ජනගහනයද 100,000,000 සීමාව ඉක්මවා තිබුනි. ඇමරිකානුවන් 1914 දී කිසිවකුගේ පැත්තක් ගෙන නොසිටි අතර බහුතර ඇමරිකානුවන්ගේ ජීවිතයේ ...
20 - පොත් බැඳිම, තින්ත ගල්වන ලද රබර් මුද්‍රා, රෙජිෆෝම්, නියෝන් නාමපුවරු සත් සමුදුර ටික දවසක් නිපැයුම් ගැන ලිපි පෙල නොලියා ඉදලා අද ආයෙමත් ඒ ගැන ලිපියක් පළ කරන්නට සිතුවා. අද මුලින්ම කියන්න යන්නේ පොත් බැඳිමේ ශිල්පය පිළිබදවයි. පැරණි පොතක් හෝ අළුත් පොතක් තද කවරයකින් යුතුව තවත් කාලයක් පුරා හානිය අවම වන සේ භාවිතයට ගන්නා නිර්මාණය කිරීම මෙම පොත් බැඳීමේදී සිදුකරන අතර එය සංරක්ෂන කටයුත්තක් වගේම එක්තරා ආකාරයක කලාවක් කියලත් කියන්නට පුළුවන්. බලමු එය ...
මියගිය තරුණිය වසර 7 ක් පුරා සිය සහකාරිය කරගත් වියපත් වෛද්‍යවරයා (විඩියෝ රැසක් සහිතය) - Man Sleeps with Corpse for 7 Years... සත් සමුදුර මෙම කතාව ආරම්භවනවිටත් ඔහු වියපත් මිනිසෙකි. මේ කතාව ආරම්භ වන විටත් ඔහු වයස අවුරුදු 50 ක්ව තිබුනි. වෛද්‍යවරයෙකු ලෙස හැදින්වූවද ඔහු වරෙක බැක්ටීරියා පිළිබදව පර්යේෂණය කරනා විද්‍යාඥයෙකු ලෙසද, තවත් විටෙක X-Ray විකිරණවේදියෙකු ලෙසද සලකණු ලැබීය. ඒ කෙබඳු ආකාරයේ වෘතියක් වුවද ඔහු සෞඛ්‍ය ක්ෂේත්රයට සම්බන්ධ වෘත්තිකයෙකි. ජර්මනියේදී 1877 දී උපත ලැබූ ඔහු නමින් Carl Tanzler ලෙසත් තවත්විටෙක Count Carl von Cosel ...
පීතෘ භූමියේ දෙවන යුද්ධය, ඔටෝමන් තුර්කි හමුදා සමග සටන්... සත් සමුදුර අප මෙතෙක් කතා කළ බටහිර යුද පෙරමුණට වඩා සුවිශාල එසේම හානියද ඉතා අධික නැගෙනහිර යුද පෙරමුණ පිළිබදචද යමක් කීමට අදහස් කරමි. පළමු සහ දෙවනලෝක යුද්ධ දෙකේදීම වැඩිම මිනිස් හානියක් සිදුවූ රාජ්‍යනම් ඒ රුසියාවටයි. එහෙත් කුහකකමට හෝ වැඩි වැඩියෙන් බටහිර යුද පෙරමුණේ සටන් කළ බටහිර ජාතීන් පිළිබදව වැඩියෙන් කතා කරන නිසාදෝ රුසියාව ප්රමුඛ නැගෙනහිර යුරෝපීය රටවල්වලට මෙම යුද්ධ වලදී සිදූව හානිය ...
වයර් දෙකක් නිවැරදිව පාස්සා ගන්නේ මෙහෙමයි - How to Solder Wires Together සත් සමුදුර ඔබට යම් අවස්ථාවක වයර් දෙකක් පාස්සා ගන්න අවශ්‍ය වුනොත් නැවත ගැලවෙන්නේ නැතුව පාස්සා ගන්නේ කොහොමද කියන එක මේ වීඩියෝවේ තිබෙනවා. පියවරෙන් පියවර සහ ආරක්ෂිතව කරගන්නේ කෙසේද යන්න සහ පාස්සා ගත් ස්ථානය ආරක්ෂිතව ආවරණය කරගන්නේ කෙසේද? සහ කුමනාකාරයේ ඊයම්වර්ග, ඒ සදහා කුමනාකාරයේ බවුතයක් භාවිතා කිරීම සුදුසුද? මේ කාර්යය සදහා මීට අමතරව භාවිතා කළ යුතු උපකරණ සහ රසායණික මිශ්‍රණ පිළිබදව යනාදී කරුණු ...
08 - යකුන් බැද ගෙන වැඩ ගැනීම හා සමාන ණයපත් (Credit Card) භාවිතය හා කොහොමද මෙම Card හදන්නේ්? සත් සමුදුර ණයපතක් හෝ කිහිපයක් තිබෙනවා කියන්නේ එක් අතකින් අර ඉස්සර මිනිස්සු කියුව යකුන් බැද ගෙන වැඩ ගැනීම හා සමාන වැඩක් තමයි. කිසිම අකමැත්තක් නැතුව මෙම Card නිකුත්කරණ බැංකුත් විශාල ණය සීමාවක් දෙන නිසා ඉතාම කල්පනාවෙන් තමයි මෙම ණයපත් භාවිතා කළ යුත්තේ. මක්නිසාද යත් හිතුමතේ ගන්න පුළුවන් හැමදේම මෙම ණයපත් භාවිතා කරල ගන්න ගියොත් ඉතින් දවසකින් වුනත් විශාල මුදලක් ණය ලෙස ගෙවන්න තියෙන ණයකාරයෙක් ...
අප රටේම නිර්මාණය වූ මෙවන් වූ සංගීත නිර්මාණ රසවිදීමට අපි තවමත් භාග්‍යවත් වී සිටින්නෙමු. සත් සමුදුර මේ අද කියන්න යන්නේ අප රටේම රූපවාහිනි නාලිකවකින් නිෂ්පාදනය වූ ඉතා ඉහල යයි මා හට හැඟෙන පර්යේෂනාත්මක අද්දැකීමක්ද සහිත සංගීත වැඩසටහනක් පිළිබදවයි. හැබැයි මෙම නිර්මාණ බිහිවූයේ ගතවූ වසර දෙක තුනක් ඇතුලත නිසා ඔබලා බොහෝදෙනෙක් මෙම වැඩසටහන් නරඹ රසවිද තිබෙනවාත් ඇති. කොහොමනමුත් නැවත එය රසවිදීමට හෝ එය අත්විද නැති කෙනෙකුට එය රසවිදීමේ හැකියාවද තිබෙන බව දැනුවත් කිරීමට මෙම ලිපිය පිටුවහලක් වේයයි ...
14 - උදෙන්ම ඕන කරන සබන් සහ ශරීර කෘත්‍යයට ඇවැසි දෑ සත් සමුදුර අද උදෙන්ම පළ කරන්නේ අපි උදේ අවදිවුනාට පස්සේ අත්‍යාවශ්‍යම වන දෑ කිහිපයක් පිළිබදවයි. සුවඳ සබන් අත්‍යාවශ්‍යමයි. පෞද්ගලිකත්වය සෑම අතින්ම තිබිය යුතු ශරීර කෘත්‍යය පිළිබදව කතා කිරීමට අපි අකමැතිවුනත් ඊට ආධාරවන මෙවලම්, උපකරණ පිළිබදව දැන සිටීම ලැජ්ජා හිතෙන දෙයක් නොවේවි. සබන් ටොයිලට් කොල ඒ එක්කම Face Tissue හදන විදියත් බලමු Toilet Bowl හදන විදිය එක එක විදියට අඩුවෙන් කතා කරන දෙයක් ...
මහා යුද්ධයට අදාල අළුතින් ලැබුන පින්තූර රැසක් සමග විස්තර "ස්වල්පයක්"... සත් සමුදුර මේ දක්වා ලියාගෙන පැමිණි පළමු ලෝක යුද්ධයට අදාලව අළුතින්ම ලැබුන පින්තූර රැසක් සමග විස්තර ටිකක් ගෙන එන්නයි මේ සැරසෙන්නේ. දැනට ලිපි කිහිපයකට පෙර ඔබට ගෙන ආ ඇමරිකාවේ මැදිහත් වීමට අදාලව එදා නොපැවසූ කාරණා කිහිපයක් අදාල පින්තූරද සමග ගෙන එන්නමි. ඔබට මතක ඇතිනේ බ්‍රිතාන්‍ය හමුදාවට සෙබළුන් බදවා ගන්න ව්‍යාපාරයේදී එරට හමුදාවේ ඉහළම තානාන්තර දැරූ Kitchner සාමිවරයා "ඔබව හමුදාවට අවශ්‍යයයි" යනුවෙන් දැක්වෙන ...
වැසිකිලි ගැන සැඟවුන කතා (The Toilet An unspoken History) සත් සමුදුර වැසිකිලි ගැන කතාවෙන්නේ අඩුවෙනි. නූතන ශිෂ්ඨාචාර ගත සමාජය ශරීර කෘත්‍යය විෂය අතිශයින්ම පෞද්ගලික කාරණයක් ලෙස සලකන අතර ශිෂ්ඨාචාර ගත වූ මිනිසුන් වුවද ඉන්දියාව, බංග්ලාදේශය වැනි අපේ අසල්වැසි රටවල සමහර දූගී ජනයාට තවමත් එය පෞද්ගලික කාරණයක් ලෙස සලකන්නට නොහැකිව ඇත්තේ ඔවුන්ගේ ප්‍රධාන වශයෙන්ම දූගී භාවයයි. සෞඛ්යාරක්ෂිත ජල මුද්‍රිත වැසිකිලි භාවිතය නොමැතිවීම අවට පරිසරය දුෂිත වීම මෙන්ම ලෙඩරෝග පැතිරීමටද හේතුවකි. ...
ඉන්දියාවේ සුවිශේෂතම විශේෂ බලකාය (B.S.F) සත් සමුදුර ඔවුන් ඉන්දියාවේ සන්නද්ධ හමුදාවන්ගේ සුවිශේෂතම විශේෂ බලකාය ලෙසද හදුන්වයි. පැය 24 පුරා වසරේ සියළු දිනකම සේවයේ නියුතු ඔවුන් දහඩිය වගුරුවන කාන්තාර දේශසීමාවේද, ශීතලෙන් හිරිගඬු පිපෙනා කාශ්මීරයේ අසීරු කඳුමතද සේවය කරති. තවත් අය වඟුරු බිම් වල සිය දේශයේ සීමාව ආරක්ෂා කරති. තවත් පිරිසක් මැසිමදුරුවන්, සර්පයන් සහ වෙනත් බියකරු සතුන් ගහණ වනන්තර තුලින් විහිදෙන දේශසීමාව රකිති. තවත් අය මුහුදු සීමාව රකිති. මෙම ...
ෆිඩෙල් කස්ත්‍රෝ පිළිබදව මතකයෙන් බිදක්... සත් සමුදුර ෆිඩෙල් කස්ත්‍රෝ පිළිදබව කතා කරන්නට සිතා සිටියේ ඔහු ජීවත්ව සිටියදීය. එහෙත් එය දැනට දින දෙකකට පෙර එනම් 2016 නොවැ. 25 වන දා 90 වන වියේදී මෙලොව හැර යන තුරු කරන්නට සිදු නොවීම පිළිබදව කණගාටුවක් ඇතත් කියුබානු මිසයිල අර්බුදය ගැන ලියූ ලිපි පෙලේදී යම්තාක් දුරට සුළුවෙන් ඔහුගේ දේශපාලනික නොනැමෙන සුළු භාවය පිළිබදව කතා කරන්නට ලැබූ බවද මතක් කරන්නට කැමැත්තෙමි. 1926 අගෝ. ...