මේ ඇමරිකාව අවුරුදු 150 කට විතර ඉස්සර පින්තූරයි... සත් සමුදුර බ්ලොග් ලියන එක අඩාලව තියෙන කාලයක දුර්ලභ ගණයේ පින්තූර ටිකක්වත් පළ කරන්නට සිතුනා. හැබැයි මේ ගැන මොනවත්ම ලියන්නේ නැහැ. හේතුව තමයි කතාකරන රූප තේමාව පටන් ගත්තේ ලියන එකට වඩා රූපවලින් යම් පණිවිඩයක් ලබාගන්නට ඉඩ කඩ ලබාදීම. ඒත් ඇතැම් අයගේ උවමනාවට රූපවලට වාක්‍යයත් එක් කරන්නට යෑමෙන් මේ තේමාවෙන් බලාපොරොත්තුවූ දේ නොවීමත්, ලියන්නට ඇති තේමාවන් වෙනුවට එසේ නොකිරීමට සිතා සිටි තේමාවක් වෙනුවෙන් ...
Windows Explorer ඔබට වද දෙනවාද? මෙන්න මේ විසදුම් ඔබට ගැලපේදැයි බලන්න... සත් සමුදුර මේ දවස් වල මම මේ කරදරයට සමහර අවස්ථාවල මුහුණ දෙනවා. ඒ තමයි හිටි හැටියේම Windows Explorer Crash වෙලා එය වසා දමන්නදැයි අසා සිටීම.ඉතින් මෙයට විසදුමක් ලෙස තෙවන පාර්ශවයේ Explorer Tool එකක් හොයන කොට කිහිපයක්ම ලැබුනා. ඉතින් මම ඒවායෙන් හිත් ගත් ඒවා කිහිපය ගැන ඔබටත් කියන්නට සිතුනා.මෙන්න එයින් එකක් Q-Dir. 1 MB එකකටත් වඩා කුඩා මෙම මෘදුකාංගය ඔබට http:/http://www.softwareok.com/?seite=Freeware/Q-Dir වෙබ් අඩවියට ...
පින්තූර කඩේදී වැඩ කිහිපයක් එකවර කරගැනීමට "Action" එකක් ගැනීම සත් සමුදුර මේ කියන්න යන්නේ Photoshop වලදී බොහොම ප්‍රයෝජනවත් උපක්‍රමයක් පිළිබදවයි. මේක Photoshop වල තිබුනට එතරම්ම බොහෝ දෙනෙක් වැඩගන්නේ නැති දෙයක්. ඒත් එකවර වැඩ කිහිපයක් පින්තූර රැසකට කරගන්න හොද උපක්‍රමයක් තමයි මේ. අපි උදාහරණයක් විදියට හිතමු පින්තූර කිහිපයක්ම එකම ප්‍රමාණයකට Resize කරගන්න අවශ්‍ය වෙලා තියෙනවා. ඉතින් මේ එක එකක් වෙනම කරනවාට වඩා බොහොම පහසුවෙන් Action එකක් සදා ගැනීමෙන් මේ කාරණේ එකවරම කරගන්න ...
ශාරුක් ඛාන්, ඓයිෂ්චර්යවලාගේ ඉටි බෝනික්කන් ජීවමානව පෙන්වන මැඩම් තුසාඩ් කටුගෙය සත් සමුදුර මේ ලිපිය ලියන්නට හිටියේ මීට බොහොම කාලෙකට පෙර. ඒ කියන්නේ ගිය අවුරුද්දේ ඔක්තෝබර් මාසේ අජීවී මුහුණ හා සජීවී මුහුණ - Death Mask and Life Mask ලිපිය පල කළාට පසුවයි. ඒත් ඒ එක්කම කතාකරන රූප තේමාව පිළිබදව නැගුන කතිකාවත සමග හදිස්සියේම ලියන්නට වුන කතාකරන රූප හෙවත් වචන ගොඩක් එක් පින්තූරයකින්... සහ ඉන්පසුව මොලොවින් සමුගත් ඇපල් සමාගයේ ප්‍රධානී Steve Jobs ගේ වියෝවත් ...
Digital කැමරා, පරිගණක, Photshop වගේ මෘදුකාංග හදුන්වාදෙන්න ඉස්සර රාජ්‍ය නායකයෝ පින්තූර වෙනස් කර තමන් හා නොරොක්වුන අය ඉවත්කල බවට උදාහරණ - How World Leaders done Photo Correction before Photoshop සත් සමුදුර අද කාලේ නම් ඡායාරූපයක් අවම දක්ෂතා මත වුවත් කැමරාවට නතුකරගෙන පස්සේ ඒක ඕන ඕන විදියට වෙනස් කරගන්න පහසුකම් සෑහෙන්න තියෙනවා. ඒ Digital Camers, Computes සහ Photoshop වගේ මෘදුකාංග භාවිතයෙන්. ඒත් ඒවා සොයා ගන්න සෑහෙන්න කාලෙකට ඉස්සර කොටින්ම කියතොත් 1814 දී මුල්ම සේයාරුව ගත්තට පස්සේ ටික කාලයක් ගිය තැනම මේ වැඩේට එදා හිටිය අයියලත් (සොරි, අයියල කියන්නේ කොහොමද අපේ වයසේ හැටියට ...
ඔපෙරාවෙන් බිහිවුන වාර්ගිකත්වය, විසිවන සියවසේදී ජර්මනියෙන් බිහිවූ නව ක්‍රිස්තුස්වහන්සේ සහ අදුරේ බලය සොයා ගිය වුන් ගැන - Before WWII - Part VII සත් සමුදුර ලෝකයේ හෝ යම් රටක හෝ යම් ආයතනයක සිදුවන්නාවූ දේවල් ඇතැම්විට ක්ෂනිකවම සිදුවූවත් සමහරවිටක එම දේවල් සිදුවන්නේ දීර්ඝ කාලයක් තිස්සේ ගොඩනැගෙන සංකල්ප, සිද්ධාන්ත, අන්තවාදී කොටස්වල බලපෑම හා සාම්ප්‍රධායික වෛරී සහගත ආකල්ප වැනි මානුශික වශයෙන් බලපෑ හැකි හේතුද පදනම් කරගෙනය.අප වෙසෙන තෙවනලොව පෙරදිග රටවල ජ්‍යෙතිශය හා වෙනත් අදෘෂ්‍යමාන ගුප්ත බලවේගයන් ගැන විශ්වාසය තබන මිනිසුන් බහුලවනවා සේම ඇතැම්විට යම්කිසි කාර්යයකට අතතබන්නේ එම බලවේගයන් ...
250 වන ලිපියද සමගින් ප්‍රයෝජනවත් දේවල් කිහිපයක්ම එකවර ඇති "අච්චාරු" ලිපියක්... සත් සමුදුර මාතෘකාවේ විදියටම මේ 250 වන බ්ලොග් ලිපියයි. ඉතින් අමුතුවෙන් කියන්න යන්නේ නැහැ සත් සමුදුරේ බ්ලොග් ලියවුන විදියවත් එය විකාශනය වි මේ දක්වා ආ ගමන් මග පිළිබදවත්. කොහොමවුනත් මේ දක්වා විවිද තත්ත්වයන් ඔස්සේ මේ ආ දුර පැමිණීමට ඔබ සැම ලබා දුන් සහයට මේ මොහොතේත් ස්තූතියි පුද කරනවා!මේ ලිපියදී කාරණා කිහිපයක් ගැනම සදහන් කරන්නට සිතුනා. පළමු කාරණය තමයි ඔබට ප්‍රයෝජනවත් විය හැකි ...
සුභ නව වසරකට ආසිරිද සමගින් Internet Speed වැඩි කරගැනීමට ටිකක් බැරෑරුම් වැඩ කිහිපයක් සත් සමුදුර මුලින්ම ඔබ සැමට 2012 සිංහල දෙමල අළුත් අවුරුද්ද සුභදායක වසරක් වේවා යන පැතුම එක් කරමි. පසුගිය දිනවල ගෘහස්ථව මේ කාලයේ යෙදෙන වැඩ රාජකාරි බහුල බව හා අවුරුද්දෙන් පසු තරමක් අසනීප තත්ත්වයෙන් පසුවන නිසා මේ මොහොත දක්වා සුභ පැතීමේ කාර්යයට හෝ අළුතින් යමක් ලියන්නට නොහැකි වුනා. ඉතින් දැන් තරමක් සුවය ලබා සිටින මොහොතේ ඔබ සැමට ප්‍රයෝජනවත් වන්නාවූ දෙයක් මුලින්ම මේ වසරේ ...
කටහැකරයන්ට ලෝකය පුරාම දේශපාලනයේ තැනක් තිබීම, මුදල් පුළුස්සා උණුසුම ලබාගැනීම, නායකයාට දිවිහිමියෙන් කැපවුන හා සමලිංගිකත්වය නිසා අපකීර්තියට පත් දුඹුරු කමීසකාරයන් සහ දේශපාලනයේ සදාතනික සත්‍යයන් - B සත් සමුදුර ලෝකය පුරාම දේශපාලනයේදී කටේ සද්දෙන් දෙඩවිය හැකි නම් ඔවුන්ට හොද තැනක් නැතැතින්ම ලැබේ. එසේම දේශපාලනයේ ප්‍රකට කියමනක් වන සදාකාලික සතුරන් හෝ මිතුරන් නොමැත යන කාරණයද ලෝකය පුරාම සත්‍ය වූ කරුණකි. අද අඹ යහළුවන් සේ සිටින අය ඇතැම් විට හෙට ජන්මාන්තර වෛරක්කාරයන් හෝ එදා සතුරන් අද මිතුරන් වීමටද ඉඩ ඇත. තවද කළගුණ සැලකීම සමහර විට සිදුවන්නාසේම බලය තබා ගැනීමට කළගුණ නොසලකා ...
පන්නරය සමග අවදි වුන ජීවිත අත්දැකීම් හා අදහස් සත් සමුදුර මෙම ලිපිය පදනම් ව තිබෙන්නේ පොතක් මත. මේ පොත නිර්මාණය වී තිබෙන්නේ මීට කලකට ඉහත සති අන්ත විකල්ප පුවත්පතක තීරු ලිපි ලෙස පළවූ ලිපි එකතුවකින්. පොතේ නම තමයි පන්නරය. ලේඛකයා නිර්ණාමිකව, ප්‍රභාෂ්වර නම් අන්වර්ථ නාමයකින් පෙනී සිටිනු ලැබේ. මෙම පොතේ ලිපි කෙටිවූවත් ඒවා සෑහෙන්න සංඛ්‍යාවකින් පිරී තිබෙන අතර ලිපි වල කෙටි භාවය ඉක්මවා එයින් ලබාදෙන පණිවිඩය අපේ ජීවිතයට යමක් එකතු ...
පොත් ගිනි තැබීම, වීදුරු බිදුන රාත්‍රිය, ටිබෙටයේදී මුහුනත් තහඩු අච්චු සැදීම - Before WWII - Part V සත් සමුදුර පෙර ලිපියටම මේ ලිපියත් සම්බන්ධවන බැවින් කෙලින්ම අපි අද ලිපියට පිවිසෙමු.ඒ ඒ කාල වකවානුවලදී විවිද මර්ධන ක්‍රියාපිළිවෙත් හරහා යුදෙව්වන් ලෝකයෙන් තුරන් කරන්නට විවිද පාලකයන් උත්සහ දැරූවද ඒ සියළු දුෂ්කරතා විද දරාගෙන තමන් නියෝජනය කල ක්ෂෙත්රයේ හිනි පෙත්තටම යාමට සමත්වූ යුදෙව්වන් රැසක් පළමු ලෝක යුද්දයට පෙරතුව හා ඉන්පසුවත් ලෝකයේ සිටි බව පැවසිය හැකියි. සුප්‍රකට විද්‍යාඥ ඇල්බට් අයින්ස්ටයින්, මනෝවිද්‍යාවේ පියා ලෙස සැලකෙන ...
යුදෙව්වන්ගේ ඉතිහාසයෙන් කොටසක් - Jews - Before WWII - Part IV සත් සමුදුර දෙවන ලෝක යුද්දය ගැන කියවෙන සෑම අවස්ථාවකදීම පාහේ කියවෙන පොදු නාමයන් දෙකක් වේ නම් ඒ එකක් හිට්ලර් ගැන විය යුතු අතර අනෙක යුදෙව්වන් ගැන විය යුතුය. මේ නම් දෙකම ඒ තරමටම ගහට පොත්ත මෙන් මෙම යුද්දය හා සබැදී පවතී. කෙසේවෙතත් යුදෙව්වන් ගැන කරුණු කාරණා කිහිපයක් අපි ඊශ්‍රායලය ගැන ලියවුන ලිපියෙදිත් කතා කරන්නට යෙදුනත් මෙහිදී ඊටත් වඩා පුළුල් මානයකින් යුදෙව්වන් හා ...
ස්පාඥයේ වාමාංශිකයන්ට එරෙහිව දක්ෂිනාංශිකයන් - III සත් සමුදුර දෙවන ලෝක යුද්දයට පෙර ලිපි පෙලේ තවත් ලිපියක් ලෙස අද ඔබට ගෙන එන්නේ දෙවන ලෝක යුද්දයට පෙර සිදුවූ තවත් ජර්මානු හිතවාදී ආණ්ඩු පෙරලියක් පිළිබදවයි. මෙම ආණ්ඩු පෙරලිය සිදුවුනේ ස්පාඥයේදී ඒ 1936 ජූලි 17 සිට 1939 අප්‍රේල් 01 දා සිදුවූ ස්පාඥය සිවිල් යුද්දයෙන් අනතුරුවයි.ලේ හෙලවීම් රැසක් සිදුවූ මෙම කැරැල්ල සිදුවූයේ වාංමාශික ආණුඩුවක් වූ දෙවන ස්පාඥය ජනරජය හා හමුදා ජනරාල්වරයෙකු වූ Francisco ...
කළු කමීසකාරයන්, ඉතියෝපියානු ආක්‍රමණය හා මුසලෝනි පිළිබදව ඔබ නොදුටූ නොඇසූ දේවල් - දෙවන ලෝක යුද්දයට පෙර - II සත් සමුදුර දෙවන ලෝක යුද්දයේදී ජර්මනිය යුද්දයට පෙරාතුව සැරසුන ආකාරයන් ගැන තව කතාකරන්නට බොහෝ දේ තිබියදී එය මදක් පමා කොට ජර්මනියට සහය දුන් තවත් රටවල සිදුවූ දේවල් ගැන කතාකල යුතුයයි සිතුනි. ඒ නිසා පළමු ලෝක යුද්දයේදී මිතුරු පාර්ශවයේ සිටියත් ඉන්පසුව ප්‍රතිවිරුද්ධ පාර්ශවය ගත් අනෙත් රට ලෙස සැලකෙන ඉතාලියේ මේ වෙනසට ආසන්න හේතු පිළිබදවත් ඊලගට කතා කල යුතු යයි සිතුනා.පළමු ලෝක යුද්දය අවසානයේ ...
දෙවන ලෝක යුද්දයට නෑකම් කියන ඔබ නොදුටූ පින්තූර හා විස්තර - I සත් සමුදුර සත් සමුදුරෙන් කවදත් නොදැකපු අළුත් දේ ඔබට ලබාදෙන්නට ගන්නා වෑයමේ තවත් ප්‍රතිඵලයක් ලෙස විසිවන සියවසේ මහා සංසිද්ධිය වූ දෙවන ලෝක සංග්‍රාමය හා සම්බන්ධවන සිදුවීම් වල ඔබ නොදුටූ නොඇසූ කරුණු ගණනාවක් ලබාදෙන්නට අරඹන තවත් ලිපි පෙලක ආරම්භයයි මේ. අපිට මෙහිදී දෙවන ලෝක යුද්දයට පෙර, යුද්දය අතරතුර හා යුද්දයට පසු විවිද දෙවල් පිළිබදව කතා කිරීමේ අවස්ථාව සමග දුර්ලභ සේයාරූ රැසක්ම දැකගැනීමේ අවස්ථාවද ...
නන්නාදුනයා - UNKNOWN සත් සමුදුර ඇමරිකාවේ සිට ජර්මනියට, තම බිරිය සමග අධ්‍යාපනික සමුළුවක් ඇමතීමට යන ආචාර්යවරයෙක්. තම අමතක වූ බ්රිෆ්කේසය රැගෙන ඒමට නැවත ගුවන් තොටුපල බලා යන අතරතුර සිදුවූ රිය අනතුරකින් අනතුරුව ඔහුට තමන්ගේ අනන්‍යතාවයේ බොහෝදේවල් අමතකවේ. ඉන්අනතුරුව නැවත තම බිරිය කරා පැමිණෙන විට ඔහුගේ අනන්‍යතාවය වෙනකෙකු සොරාගෙන තිබෙන අතර බිරිද පවා ඔහුව නොදන්නා බව පවසයි. ඉන්පසුව විවිද හැලහැප්පීම්වලට ලක්වෙන ඔහුගේ ජීවිතය කෙබදුවේද?මේ පූර්විකාවෙන් ඔබට ...
වයර් නැති ජාල වල දෝශ සෙවීමට පහසු ඔත්තු - Wireless Networking Troubleshooting Techniques සත් සමුදුර රැහැන් රහිත ජාල පහසුකම් එහෙමත් නැත්නම් Wireless Networking දැන් බහුලම භාවිතා වෙනවා. එහිදී වාසි වගේම අවාසිත් කිහිපයක් තිබෙනවා. වයර් මගින් ජාලගතවීමේදී ඒවා සදහා RJ-45 කෙවෙනි ප්‍රමාණවත් තරම් පරිශීලකයන් සදහා එම කාර්යාල අවකාශයේ තිබීම, වයර් ඇදීමේදී අවහිරතා මතුවීම, පෑගීමට හෝ යම් යම් තියුනු දේවල් ඒ මත වැටීමෙන් වයර් පළුදුවී, ඇඹරී කැඩී බිදීයාම වැනි කාරණා වගේම අළුතෙන් කෙවෙනි සවි කරන්නේ නම් තාක්ෂණික ...
පින්තූර කෑලි එක්කර තනි පින්තූරයක් තැනීම සත් සමුදුර මෙන්න කාලෙකට ඉස්සර ආරම්භ කරල වැඩිය මොනවත් ලිව්වේ නැති තේමාවකට අදාලව අද යමක් ලියන්නට සිතුනා. ඔබට මතකද ගියවර පල කල මධ්‍යතන යුගය ගැන ලියූ මධ්‍යතන යුගයේ ගමේ ලොක්කෝ හා සොක්කෝ - 5 ලිපියේ තිබූ මෙම කරත්තය.මේ පින්තූරය ඇත්තටම කොටස් තුනක් ලෙස Screen Capture කරල අරගෙන පසුව Photoshop වලදී එකට එකතු කරල තනි පින්තූරයක් කරන ලද එකක්. Screen Capture කරන්න භාවිතා ...
මධ්‍යතන යුගයේ ගමේ ලොක්කෝ හා සොක්කෝ - 5 සත් සමුදුර විවිද හේතු නිසා මන්දගාමී තත්ත්වයට පත්ව ඇති බ්ලොග් ලිවීම යථා තත්ත්වයට පත් කරගැනීමට, අද ලියා තිබෙන්නේ කාලෙකට ඉස්සර ආරම්භ කරල තවම ඉවරයක් දකින්නට නොලැබුන මධ්‍යතන යුගය ගැන තවත් විස්තර ටිකක්.අපි මුල් ලිපි වලින් කියවපු විදියට රජවරු ගාවින්ම ඉන්න බලපුළුවන්කාරයෝ තමයි බැරන්වරු, ඒවගේම බිශොප්වරු වගේ කෙලිකාරයෝ. ඔවුන්ට වඩා බලයෙන් අඩු ඒත් ගමේ හෝ ඒ ඒ ප්‍රදේශවලදී බලය තහවුරු කරගෙන සිටිය අය ...
Untitled Post සත් සමුදුර යම් වකවානුවක, යම් ප්‍රදේශයක ස්ථාපිතව පවතින ආගමක් විවිද හේතුමත කාලයාගේ ඇවෑමෙන් තුරන්වී ගොස් නව ආගමකින් එම රික්තය පුරවා තිබෙන බව ඉතිහාසය පිරික්සීමේදී පෙනී යන කරුණකි. ඇතැම්විට මෙය සිදුවන්නේ එම ආගම අදහන ජන කොට්ඨාශය ස්වාභාවික හෝ වෙනයම් කරුණක් මත තුරන්වීම, නැතහොත් ඔවුන් පසුකාලීනව යටත්කරගනු ලබන වෙනත් පාර්ශවයක් විසින් ඔවුන් අදහන ආගම අදහන්නට බල කිරීම වැනි කරුණු මෙන්ම තමන් දිගුකලක් අත්විදින පීඩාකාරී ...