ශ්‍රී ලංකාවේ ජනප්‍රිය පැරණි හින්දි ගී... (http://slhindihits.blogspot.com/) Latest Posts Most Popular Posts
:: Aane Se Uske.. ආලෝකේ බිහිවී.. :: ශ්‍රී ලංකාවේ ජනප්‍රිය පැරණි හින්දි ගී... තවත් ටිකක් ජනප්‍රිය පැරණිම පැරණි හින්දි ගීතයක් ගැන කියන්න තමයි අදත් ආවේ.. මෙන්න මේකයි ගීතය...ආනේසේ උස්කේ ආයේ බහාර්..ජානේසේ උස්කේ ජායේ බහාර්..බඩී මස්තානිහේ මේරි මෙහෙබූබා..බඩී සින්දගානීහේ මේරි මෙහෙබූබා.. 1969 වර්ෂයේදී තිරගතවුන “ජීනේ කී රාහ්“ (Jeene Ki Raah) කියන චිත්‍රපටියේ.. මේ චිත්‍රපටිය නිෂ්පාදනය, තිරරචනය සහ අධ්‍යක්ෂණය කලේ එල්. වී. ප්‍රසාද්. ජිතේන්ද්‍ර, තනූජා සමග ජග්දීප් සහ සංජීව් කුමාර් රංගනයෙන් දායක වුනා.. ගමේ ඉඳන් ...
:: Yehi Tho Hai Woh.. අනංගයා මං.. :: ශ්‍රී ලංකාවේ ජනප්‍රිය පැරණි හින්දි ගී... සෑහෙන කාලෙකට පස්සේ ඔන්න මේ පැත්තේ ඇවිත් ගීතයක් දෙකක් බෙදා ගන්න කියලා හිතුනා මගේ යාළුවෙක් ළඟදී මේ ගැන මතක් කරපු නිසා.. අද අරගෙන ආවේ අවුරුදු කාලෙට එහෙම ඇහෙන තනුවක මුල් ගීතය..යෙහි තොහේ වෝ.. යෙහි තොහේ.. 1958 තිරගත වුන “සෝල්වා සාල්“ චිත්‍රපටියේ තමයි මේ ලස්සන ගීතය අඩංගු වුනේ.. “සෝල්වා සාල්“ කියන එකේ සිංහල තේරුම තමයි අවුරුදු 16ක් කියන එක.. රාජ් කෝස්ලා ...
:: Mera Chohta Sa Deko.. මට ආලෝකේ ගෙන දේවි.. :: ශ්‍රී ලංකාවේ ජනප්‍රිය පැරණි හින්දි ගී... ඔන්න තවත් ජනප්‍රිය ගීතයක් අරගෙන මම ආපහු ආවා.. පහුගිය ලිපියට තිබුන ප්‍රතිචාර වලින් තේරුනා තාම මගේ බ්ලොග් එක කියවන අය ඉන්නවා කියන එක.. බොහෝම සතුටුයි ඒ ගැන ඉතින්..අද අරගෙන ආවේ 1956 තිරගත වුන “බායි බායි“ කියන චිත්‍රපටියේ අඩංගු වුන අති ජනප්‍රිය ගීතයක්.. මේ ගීතය මතක් කලේ අපේ නිලුපුල් සහෝදරයා.. මුලින්ම නිලුපුල්ට ස්තූතිවන්ත වෙනවා මේ ගීතය මතක් කලාට..“මෙරා චෝටා සා දේකෝ ...
:: Aye Mere Dile.. මේ නොනිමෙන දිවි ගමනේ.. :: ශ්‍රී ලංකාවේ ජනප්‍රිය පැරණි හින්දි ගී... (ලතා මංගේෂ්කාර්) සිංහල හින්දු අළුත් අවුරුද්දට මුකුත් දෙන්න බැරිවුන නිසා ඔන්න අද අරගෙන ආවා තවත් ලස්සනම ලස්සන ගීත දෙකක්.. හැබැයි සිංහල එක නම් චිත්‍රපටියක ගීතයක් නෙමෙයි.. පහුගිය ලිපියේ අරගෙන ආවේ දෙමළ ගීතයක් වුනත් මේ පාර නම් ගෙනාවේ හින්දි එකක්..ඒ මේරේ දිලේ නාදාන්..තුම් හම්සේ නා ගබ්රානා..ඉක් දින්කෝ සමජ්යේ ගී..දුනියා තෙරා අෆ්සානා.. 1962 තිරගත වුන “ටවර් හවුස්“ කියන චිත්‍රපටියේ තමයි මේ මියුරු ...
:: Sunlo Ji Sunlo.. වැල්ලේ කිරි වැල්ලේ.. :: ශ්‍රී ලංකාවේ ජනප්‍රිය පැරණි හින්දි ගී... ටික කාලෙකට පස්සේ ඔන්න ආයෙත් ආවා මේ පැත්තේ සුපුරුදු විදිහට ගීත දෙකක්ම අරගෙන.. දවස් කීපයකට කලින් ටීවීටරේ යාළුවෝ දෙන්නෙක් මගේ බ්ලොග් එක මතක් කරද්දී තමයි මට මතක් වුනේ මම මෙහෙම බ්ලොග් එකක් කරනවා නේද කියලා.. ඉතින් ඔන්න දිලින සහ සූලාරීව මුලින් මතක් කරලා ඉන්නවා අද විස්තර කියන්න කලින්.. හරි අද මම අරගෙන ආවේ 1957 තිරගත වුන “දෝ රොටී“ (Do Roti) ...
:: Itnee Haseen Itni Jawan.. කඳුලැල් සලා දෙනෙත් පියවී.. :: ශ්‍රී ලංකාවේ ජනප්‍රිය පැරණි හින්දි ගී... සෑහෙන කාලයකට පස්සේ ඔන්න ආයෙත් හිතුනා මගේ පරණ විනෝදාංශය පටන් ගන්න.. 2012 අප්‍රේල් මාසේ තමයි මම මීට කලින් ලිපියක් පල කරලා තියෙන්නේ.. පැරණි හින්දි ගී ප්‍රිය කරන බොහොමයක් දෙනා ඊමේල් පණිවිඩ හා ෆේස්බුක් හරහා ඉල්ලීම් කරා ආපහු මේ වැඩේ පටන් ගන්න කියලා.. ඉතින් ඔන්න අද ඉඳලා ශ්‍රී ලංකාවේ ජනප්‍රිය පැරණි හින්දි ගී තීරය රීස්ටාට් වෙනවා..අද අරගෙන ආවේ 1963 තිරගත වුන ...
:: Hum Hain To Chandh.. අපි පාගලා යාමුකෝ හැටේ.. :: ශ්‍රී ලංකාවේ ජනප්‍රිය පැරණි හින්දි ගී... ඔන්න ගිය සතියේ පොරොන්දු වුන විදිහටම අදත් ආවා ඉපැරණි ජනප්‍රිය ගී යුගලයක් අරගෙන.. සතියට අඩුම එක් ලිපියක් හෝ පලකරන එක පුරුද්දක් කරගන්න හිතුවා මොන රාජකාරිය තිබ්බත්..ඉතින් අද අරගෙන ආපු පැරණි හින්දි ගීතය මෙන්න මේකයි:හම් හේ තෝ චාන්ද් ඕර් තාරේ..ජහා කේ රංගී නසාරේ..හායෙරේ හායේ ඕ දුනියා.. හම් තෙරි නසර් මේ අවාරේ..1959 වසරේ තිරගත වුන මේ චිත්‍රපටියේ නම තමයි “මේ නශේ මේ ...
:: Bago main bahar hain.. සඳට අහස ආදරේදෝ.. :: ශ්‍රී ලංකාවේ ජනප්‍රිය පැරණි හින්දි ගී... මුලින්ම සමාව ඉල්ලනවා මේ අවුරුද්දේ මාස 3කුත් දවස් 3කුත් ගතවෙලා එකම ලිපියක් වත් ලියා ගන්න බැරිවුන එකට... පහුගිය ටිකේ අධික රාජකාරී ගොඩකුත් ක්‍රිකට් ලෝක කුසලානය සම්බන්ධයෙන් ව්‍යාපෘතියකටත් අතගහන්න වුන නිසා මේ පැත්ත බලන්නවත් බැරි වුනා.. ඒත් එහේ මෙහේ ඇවිදිද්දී ලස්සන ගීත කීපයක් හොයාගන්න අමතක කලේ නෑ.. ඉතින් ඔන්න අදත් ගෙනාවා ලස්සනම ලස්සන හින්දි ගීතයක් සහ එහි පදරුතට සමානව නිර්මාණය වුන ...
:: Dil ka bhawara.. මහද නමැති.. :: ශ්‍රී ලංකාවේ ජනප්‍රිය පැරණි හින්දි ගී... රජරට පුත්තරයාට කොච්චර වැඩ රාජකාරි තිබුණත් මොන තූත්තුකුඩියේ හිටියත් දැන් නම් පරණ හින්දි සින්දුවක් කොහොමහරි අපේ හින්දි රසික රසිකාවියන්ට අරගෙන එන තරමට උනන්දුවක් ඇතිවෙලා තියෙනවා...ඉතින් අදත් ගෙනාවා ලස්සනම ලස්සන සින්දුවක්.."දිල් කා බවරා කරේ පුකාර්... ප්යාර් කා රාග සුනෝ.. ප්යාර් කා රාග සුනෝරේ... හ්ම්ම්... හ්ම්ම්..."1963 දී තිරගත වුන "තේරේ ගර්කේ සාම්නේ" (Tere Ghar Ke Samne) චිත්‍රපටියේ තමයි මේ ...
:: Teri Pyari Pyari... ඔබ වේවා වේවා පහන මගේ.. :: ශ්‍රී ලංකාවේ ජනප්‍රිය පැරණි හින්දි ගී... ඔන්න අළුත් මාසේ අළුත්, ඒත් සෑහෙන්න පරණ සින්දුවක් අරගෙන ඔන්න ආවා..."තෙරි ප්යාරී ප්යාරී සූරත් කෝකිසීකී නසර් නා ලගේ.."සිංහල තේරුම:"ඔබේ ඔය ලස්සන සොඳුරු වතටකිසිවෙකුගේ ඇස්වහක් නොවදින්න.. "1960 වර්ෂයේ ටී. ප්‍රකාශ් රාඕ අධ්‍යක්ෂණය කල "සසුරාල්" චිත්‍රපටියේ තමයි මේ ගීතය අඩංගු වුනේ.. 1959 තිරගත වුන "ඉල්ලරිකම්" යන චිත්‍රපටියේ හින්දි පිටපත තමයි "සසුරාල්" කියන්නේ.. රාජේන්ද්‍ර කුමාර් සමග බී. සරෝජා දේවී ප්‍රධාන චරිත වලින් මේ ...
:: Ho Maine Pyar Kiya.. ගලනා සීත ජලේ.. :: ශ්‍රී ලංකාවේ ජනප්‍රිය පැරණි හින්දි ගී... අදත් අරගෙන ආවා තවත් ලස්සනම ලස්සන පැරණි හින්දි ගීයක් හා ඒ තනුවට ගැයුනු සිංහල ගීතයත්..."හෝ මේනේ ප්යාර් කියා.. හොයේ හොයේ ක්යා ජුර්ම් කියා... ආකෝකා රංග හෝගයා ගුලාභි.. ගුලාභි.. හායේ හායේ හායේ දිල් කා හාලත් ෂරාභි...""දෙයියනේ මං ආදරය කරනවාද ? නැත්නම් වැරද්දක් කරනවාද ? ඇස් රතුවෙන්න පටන් ගත්තා.. හදවතේ ඇති ආලය මත් වෙන්න පටන් ගත්තා.. "1960 වර්ෂයේ තිරගත වුන "ජිස් දේශ් ...
:: Unnei Kandu.. පණ වාගේ හිටියාට.. :: ශ්‍රී ලංකාවේ ජනප්‍රිය පැරණි හින්දි ගී... ඔන්න ඉක්මනටම තවත් ලස්සන ගීත දෙකක් අරගෙන මම ආපහු ආවා.. හැබැයි අද පොඩි අවුලක් තියෙනවා.. වෙනදා අරගෙන එන හින්දි ගීතය වෙනුවට අද අති පැරණි දෙමළ ගීතයක් තමයි අරගෙන ආවේ.. “උන්නෙයි කන්ඩු නාන් වාඩ..චන්නෙයි කන්ඩු නී වාඩ..කන්නීරු කදෙසුන්නුම් දීපාවලී..“ 1959 තිරගත වුන “කල්යාන පරිසු“ (Kalyaana Parisu) කියන චිත්‍රපටියේ තමයි මේ ගීතය අඩංගු වුනේ.. සී.වී. ශ්‍රීධර් අධ්‍යක්ෂණය කල මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිත ...
:: Duniya main.. නොකියාම එදා.. :: ශ්‍රී ලංකාවේ ජනප්‍රිය පැරණි හින්දි ගී... අපේ පැරණි හින්දි ගී රසික රසිකාවියන්ගේ ප්‍රතිචාර වලින් පණ ගහපු රජරට පුත්තරයාට තව තවත් පැරණි ගීත අරගෙන එන්න හොඳ පණක් ලැබුනා... ඉතින් ප්‍රතිචාර දක්වපු දුකායියා, තිස්සායියා, විශ්මි, පුංචි සමනලී, බුදාජීව මලයා, රවීන්, තමීර, හසී, චමිල ඩී අල්විස්, පොඩ්ඩා, අංජු, නොදරුවා (සඳුනා), බිංකුවා, මහේෂ් රන්දර, හසිත මදුෂංක, සහන්, උෂාන් මලයා, රන්දීර මලයා ඇතුළු එකී මෙකී නොකී ප්‍රතිචාර දැක්වූ මගේ බ්ලොගට ආපු ...
:: Dil Ko Dekho.. අවුරුදු ආවා නව අවුරුදු ආවා.. :: ශ්‍රී ලංකාවේ ජනප්‍රිය පැරණි හින්දි ගී... ඔන්න අපේ පැරණි හින්දි ගී රසික රසිකාවියන්ට ලබන්නා වූ සිංහල හින්දු නව වසර කිරියෙන් පැණියෙන් ඉතිරුණු සෞභාග්‍යමත් එකක් වෙන්ඩ කියලා මුලින්ම රජරට පුත්‍ර්‍රයා ප්‍රාර්ථනා කරනවා...අද ගෙනාවා මේ දවස් වල ජනප්‍රිය ගීතයක මුල් ගීය.. බලන්ඩ මතකද කියලා..දිල්කෝ දේකෝ.. චෙහෙරා නා දේකෝ..චෙහෙරෝනේ ලාකෝකෝ ලූටා..දිල් සච්චා ඕර් චෙහෙරා ජූටා...හදවත දිහා බලන්න.. මුහුණ දිහා නොබලන්න..මුහුණු වලින් ලක්ෂ ගණන් අය රැවටිය හැකියි..හදවතයි සත්‍යය.. මුහුණු බොරුවයි..1970 ...
:: Aajab Hai Malik.. දෙවියනි ඔබ මැවු ලොව පුදුමයි.. :: ශ්‍රී ලංකාවේ ජනප්‍රිය පැරණි හින්දි ගී... හරියටම මාස තුනකටත් වැඩි කාලෙකට පස්සේ තමයි ඔන්න අළුත් ගීතයක් අපේ පැරණි හින්දි ගී රසික රසිකාවියන්ට අරගෙන එන්නේ.. මුලින්ම සමාව ඉල්ලලා ඉන්නවා මාස තුනක නිහැඬියාවට..ඔන්න අද අරගෙන ඇවිත් තියෙන්නේ තවත් ජනප්‍රිය ගීතයක්..ආජබ් හේ මාලික් තෙරා ජහාන්චිරාග් කහා රෝෂනී කහා...ආග් ලගේ නහී උටේ දුවාචිරාග් කහා රෝෂනී කහා...ගොඩක් අය මේ ගීතය අහලා ඇති.. ඒත් දැකලා නම් නැතුව ඇති.. 1959 තිරගත වුන "චිරාග් ...
:: Do Din Ke Liye.. ලෝ අම්බලමේ.. :: ශ්‍රී ලංකාවේ ජනප්‍රිය පැරණි හින්දි ගී... හරියටම මාසෙකට පස්සේ තමයි ඔන්න අළුත් ලිපියක් අරගෙන එන්නේ.. රජරට පුත්‍රයා මුලින්ම සමාව ඉල්ලා සිටිනවා පමාවට..ඉතින් පහුගිය කාලේ රාජකාරී වැඩ කෝටියක් තිබුනා.. ඒ අතරෙදි අපේ බ්ලොග් සහෘදයන් කීපදෙනෙක්ම මුණගැහෙන්නත් වෙලාවක් කලාවක් ලැබුනා.. ඒ අතරින් අපේ නොදරුවා එක්ක සෑහෙන ලොකු චැට් එකක් දාන්න ලැබුනා රංගි අක්කලාගේ ගෙදර රට බීම බෝතල් බාගයක් හිස් කරන ගමන්ම.. මේ චැට් එකට නොදරුවාගේ බිරියයි, අපේ ආගන්තුකයායි, ...
:: Jo wadha kiya woh.. සමන් මල් පියල්ලේ.. :: ශ්‍රී ලංකාවේ ජනප්‍රිය පැරණි හින්දි ගී... ජෝ වාදා කියා වෝ.. නිබානා පඩේගා..රෝකේ සමානා චාහේ..රෝකේ ක්හුදායී තුම්කෝ ආනා පඩේගා..ජෝ වාදා කියා වෝ.. නිබානා පඩේගා..ඔන්න අද අරගෙන එන ගීතය සඳහන් කරලාම වැඩේ පටන් ගත්තා.. මේ ගීතය ගැන ලිපියක් පළ කරන්න කියලා ඉල්ලීම් කීපයක්ම තිබුන නිසාත් මම පොරොන්දු වුන නිසාත් "ජෝ වාදා කියා වෝ නිබා කරූන්ගා.." :)අමුතුවෙන් මේ ගීතය ගැන කියන්න දෙයක් නෑ.. ගොඩක් දෙනෙක් හොඳටම දන්නවා මේ ගීතය ...
:: Kanchi re.. ජීවිතයේ කාන්තාරේ.. :: ශ්‍රී ලංකාවේ ජනප්‍රිය පැරණි හින්දි ගී... සුපුරුදු විදිහට අදත් ගෙනාවා ලස්සනම ලස්සන හින්දි ගීතයක්..."කංචීරේ කංචීරෙ... ප්‍රීත මේරී සාතී.. රුක් ජා නා ජා දිල් තෝඩ්කේ... "1971 දී තිරගත වුන "හරේ රාමා හරේ ක්‍රිෂ්ණා" (Hare Rama Hare Krishna) චිත්‍රපටියේ තමයි මේ ගීතය අඩංගු වුනේ.. ඉතාමත් ජනප්‍රිය වුන මේ චිත්‍රපටියේ ගීත රාශියක් අඩංගු වුනා.. දේව් ආනන්ද් විසින් මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරමින් ප්‍රධාන නළුවාගේ චරිතයත් රඟපෑවා.. සීනාත් අමාන් තමයි ප්‍රධාන ...
:: Beegi Beegi.. සිඳි බිඳි ආදරේ.. :: ශ්‍රී ලංකාවේ ජනප්‍රිය පැරණි හින්දි ගී... ඔන්න සති දෙකකට විතර පස්සේ තමයි රජරට පුත්‍රයා ශ්‍රී ලංකාවේ ජනප්‍රිය පැරණි හින්දි ගීයක් අපේ රසික රසිකාවියන්ට අරගෙන එන්නේ.. අළුත් අවුරුද්දෙන් පස්සේ වැඩ කන්දරාවක් තිබුන හින්දා ලිපියක් ලියන්න වෙලාවක් කලාවක් හොයා ගන්න අපහසුවෙන් හිටියේ.. දැනුත් වැඩ තිබුනත් ඔළුවට පොඩි නිදහසක් ඕනේ නිසා ලිපියක් ලියන්න හිතුවා..අද අරගෙන ආවේ මෑතකදී සිංහල පද යොදා ගැයුනු මේ දවස් වල සෑහෙන ජනප්‍රිය ගීයක්.. නමුත් මේ ...
:: Mujhe Dhard E Dil.. මගේ නාමලී.. :: ශ්‍රී ලංකාවේ ජනප්‍රිය පැරණි හින්දි ගී... පහුගිය ටිකේ රජරට පුත්‍රයාට රාජකාරි ටිකක් වැඩි වෙලා තිබුනු නිසා සින්දුවක් දෙකක් අපේ රසික රසිකාවියොන්ට අරගෙන එන්න බැරිවුනා.. ඒ වගේම දුකායියා කියපු කාරණේ ගැනත් පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්.. මං බ්ලොග් ලිපියක් ලියන්නේ පොඩි නිවාඩුවක් ලැබුනු වෙලාවට.. ඉතින් ටිකක් වැඩිපුර කාල වේලා තිබුනාම මම වැඩිපුර ලියනවා.. ඉතින් ඒකයි පහුගිය ටිකේ වැඩිපුර ලිපි ලිව්වේ.. කැමති අයට ඉතින් ඕනෙ වෙලාවක මේ පැත්තේ ගොඩවැදිලා ...