නාට්‍යයක බැට්රි බැහීම වෙබ් ආලෝචනා | web alochana 25 වැනි දා පේරාදෙනිය විශ්ව විද්‍යාලයීය එලිමහන් රංග පීඨයේ දී ට්‍රෝජන් කාන්තාවෝ නරඹන්න ලැබුනා. වැහිබර කාලගුනය ද නොතකා එදා ම විශේශයෙන් දුවගෙන ගියේ 1999 පටන් අඛන්ඩ ව වේදිකාගත කෙරුනු මේ නිශ්පාදනයේ අවසන් දර්ශනය එය බවට ආරංචියක් ද තිබුනු නිසයි. අතුරු සිදුරු නැති ව පිරී ඉතිරී සිටි ප්‍රෙක්ශකයින් අබියස ධර්මසිරි බන්ඩාරනායකයන්ට විශේශ තිලිනයක් ද ප්රදානය කෙරුනා. කෙටියෙන් සභාව ඇමතූ ඔහු දශක ...
චිත්‍රපටියක්: අභූතරූපී ඒකාධිපත්‍යය ;-) වෙබ් ආලෝචනා | web alochana Happy World - Burma, the dictatorship of the absurd from Happy World on Vimeo.මේ මට අද නරඹන්න ලැබුනු අගනා වාර්තා චිත්‍රපටියක්. ඔබට HTML5 පහසුව තියෙන බ්‍රවුසරයක් තිබේ නම් විශේශ සබැඳි හා ආශ්රිත ලිපි ලේඛන, ආධාරක වීඩියෝ ආදී මූලාශ්‍ර සහාය කරගනිමින් මෙය ම වඩාත් සවිස්තර ව නරඹන්න පුලුවන්. මේ වෙබ් අඩෙවියට යන්න: http://www.happy-world.com/en/ ...
බටහිර මුහුදින් ඉර පෑයූ වග වෙබ් ආලෝචනා | web alochana වැරදි හොයන්න මම බොහොම දක්ශයි; විශේශයෙන් අනුන්ගේ වැරදි. මේ බ්ලොග් අඩෙවියේ වැඩියෙන් ම තියෙන්නෙත් නානාප්‍රකාර වැරදි ගැන විවේචන කියලයි මට මේ මොහොතේ කල්පනා වෙන්නේ. රන්ධ්‍ර ගවේශීභාවය ඒ තරම් ප්‍රසන්න දෙයක් නම් නෙමෙයි. ඒත් මේ මට අලුතින් මතක් වුනු වැරදි වර්ගයක්. කිසියම් පොතකින් විස්තර කරන්න අදහස් කරන පරිසරයට, රටතොටට හා සංස්කෘතියට එතරම් සමීපත්වයක් නැති වුනාම ලේඛකයින් අතින් ඇතැම් විට මේ වගේ ...
යට ගිය දවස ඊමේල් කිරිල්ල වෙබ් ආලෝචනා | web alochana පසුගිය මාස දෙක පුරා මම සති තුන බැගින් පමන දික් වූ ඊමේල් විරාම දෙකක් ගත්තා. පරිගනකයෙනුත් අන්තර්ජාලයෙනුත් හැකි උපරිමයෙන් ඈත් ව ඉන්න සිදු වුනා. මේ සියල්ල මගේ අත්වල මැනික්කටු හා වැලමිටට බලපාන අන්දමින් හටගෙන තිබූ ආර්එස්අයි රෝග තත්වය නිසයි. පරිගනකය මතත් ඊමේල් මතත් මොන තරම් තදින් රඳා පවතින්න පුරුදු වී තියෙනවා ද යන්න වැටහුනේ මේ කාලය තුල යි. පරිගනකය සම්බන්ධ ...
ඇදුම සුව කිරීමට හුස්ම ගැනීම අත්හිටුවමු ද? වෙබ් ආලෝචනා | web alochana උසස් අධ්‍යාපන ඇමති එස්. බී. දිසානායක මහතා සෞන්දර්ය විශ්ව විද්‍යාලයට සිසුන් ඇතුලත් කරගැනීමේ ප්‍රායෝගික පරීක්ශනය අහෝසි කිරීම ගැන බොහොම දැඩි අදිටනක ඉන්න බව 15 වැනිදා පැවැත්වූ ප්රවෘත්ති සාකච්ඡාවේ දී පෙන්නුම් කලා. මේ ගැන ඔහු දක්වමින් ඉන්න හේතුව අරුම පුදුම එකක්. ඔහු කියන්නේ මේ ප්‍රායෝගික පරීක්ශනයේ බොහෝ ම අක්‍රමිකතා සිදු වන බවට සිසුන්ගෙන් තමන්ට පැමිනිලි ලැබී ඇති බව යි. ඉතින් ඒ ...
වෙබ් අඩෙවි ලියාපදිංචිය සමග ව්‍යාකූලත්වය, අවිද්‍යාව සහ අවනීතිය වෙබ් ආලෝචනා | web alochana පසුගිය වසර අග ශ්රේශ්ඨාධිකරනය දුන් නියෝගයකට අනුව යන බව කියමින් "වෙබ් අඩවි ලියාපදිංචි කිරීම" අරඹා දැන් සෑහෙන කලක් වෙනවා. මාර්තු අග ජනමාධ්‍ය හා ප්රවෘත්ති අමාත්‍යාංශය නිකුත් කල නිවේදනයකට අනුව - මාර්තු 29 දින අවසර ලද අඩෙවි 13ක් ද ඇතුලු ව - ඒ දක්වා ලියාපදිංචි කොට සහතික ලබා දී තිබෙන වෙබ් අඩෙවි සංඛ්‍යාව 40ක්. නමුත් ඊට පෙර ජනවාරි 13 වැනි දා ...
තව්තිසා දෙව් ලොව සිට සම්මුඛ සාකච්ඡාවක් වෙබ් ආලෝචනා | web alochana ගිය සතියේ පල වුනු කටුගෙයි කෙරුවාව ගැන ලිපියේ මම මෙහෙම කතාවක් ලිව්වා: "මේ චිත්‍ර සම්බන්ධයෙන් ප්‍රශ්න දෙකක් තියෙනවා. ඒවා පිටපත් කරපු කලාකරුවා සම්බන්ධයෙන් තිබුනු ඓතිහාසික වැදගත්කම එකක්. ඔහු මියපරලොව ගිහින් නිසා නැවත ඔහු ලවා චිත්‍ර අන්දන්න අමාරුයි(මේක නාථ දෙවියන් වැනි විකල්ප මාධ්‍ය මගින් පුලුවන් ද බැරිද නොදන්න නිසයි කෙලින් ම බෑ කියල නොලිව්වේ)."අද කාලේ සිද්ද වෙන දේවල් ගැන කල්පනා කරද්දී ...
පොත් හමුවීම, කියැවීම, බෙදාගැනීම සහ DRM ආදිය ගැන... වෙබ් ආලෝචනා | web alochana පසුගිය වසරේ සම්මුඛ සාකච්ඡාවකට එක් වූ ප්‍රවීන ගත්කරු නීල් ගේමන් ඉතා සිත්ගන්නාසුලු දෙයක් ප්‍රකාශ කලා. ඔහු කිව්වේ තමන් ලියූ පොත් අන්තර්ජාලය හරහා හොරෙන් බාගැනීම අන්තිම හොඳ වැඩක් කියල යි. මේක වැඩිදුරටත් පැහැදිලි කල ගේමන් එසේ බාගැනීම කෙනෙකුගෙන් පොතක් කියවීම සඳහා ඉල්ලාගැනීමට (borrowing) සමාන කලා. ඔහු මෙවැනි "පයිරසි" වැඩ ගැන කනිපින්දම් කියූ අයගෙන් ප්‍රශ්නයක් ඇහුවා. "ඔබ ඔබේ ප්‍රියතම ලේඛකයා හොයාගත්තේ කෙලින් ...
"හැක් කතා" ගැන කතා සහ සාමාන්‍යයෙන් නොකියන කතා වෙබ් ආලෝචනා | web alochana සාමාන්‍යයෙන් නොකියන කතා හෙවත් Taboo Subjects නමැති බ්ලොග් අඩෙවිය "හැක්" කොට, මකාදමනු ලැබ ඇති බව කියැවෙන ලිපි හා ප්‍රතිචාර අතිවිශාල ප්‍රමානයක් පසුගිය සති කීපය තුල බ්ලොග් අවකාශය පුරා දකින්න ලැබුනා. මේ පසු සටහන්වලින් ඇතැම් එකක් Taboo Subjects රචකයා ලෙසින් පෙනී සිටිමින් පල කෙරුනු ඒවා. තවත් සටහන් ප්‍රමානයක් එම අඩෙවියේ විරුද්ධවාදීන් පල කල ඒවා වන අතර තවත් කොටසක් එයට සහානුභූතිය දක්වන ...
කටුගෙයි කෙරුවාව හෙවත් කෞතුකාගාර සම්ප්රදාය වෙබ් ආලෝචනා | web alochana එදා ලෝක නර්තන දිනය. ඒ නිසා වරදින්න විදිහක් නෑ. අප්‍රේල් 29. ඒ නිමිත්තෙන් රාජ්‍ය අනුග්‍රහයෙන් විවිධ විච්චූර්න හා සැමරුම් කීපයක් තිබුනා. නර්තනය ගැන කලා භවනේ ප්‍රදර්ශනයකුත් තිබුනා. ඉතින් මේ තැන්වල ගැවසිලා ගිනිමද්දහනත් පහු වෙනකොට පරන පුරුද්දට කෞතුකාගාරේ කැන්ටිම මතක් වුනා. නමුත් මා සමග හිටි මිතුරෙක් කිව්වේ "ඒකට දැන් එහෙම යන්න බෑ, චෙක් කරනවා. අර හොරකමට පස්සෙ යන්න එන්න අමාරුයි" කියලයි. ...
ප්‍රොසීනියම් අවකාශයක් තුල පොම්පීනියා, නාට්‍ය තරග සහ "බොක්සිං" වෙබ් ආලෝචනා | web alochana පොම්පීනියාටෙලි නාට්‍ය සිහිගන්වන "වේදිකා" නාට්‍ය නරඹන්න මගේ කිසි ම කැමැත්තක් නැහැ. වේදිකාවේ දී යොදාගන්න සුදුසු, වේදිකාවට ආවේනික ශිල්පක්රම හා රූපන විධි ආදිය තියෙන බව අමතක වෙන තරමට රූපවාහිනියෙත්, වෙලඳ දැන්වීමෙත්, ටෙලි නාටකයෙත් බර අද නලුනිලියන්ට වගේ ම අධ්යක්ශකවරුන්ටත් පැටවිලයි තියෙන්නෙ. මේක අද නිර්මානය වෙන බොහෝ "වේදිකා" නාට්‍ය දකිනකොට මට හිතෙන දෙයක්. ඒවාට ව්‍යතිරේක සපයන විශේශ නිර්මානයක් ඉඳ හිට දුටු විට ...
මගේ නාමයෙන් නො වේ!: ආගමික අන්තවාදයට හා ප්රචන්ඩත්වයට එරෙහි ව නව මාධ්‍ය අවකාශයෙන් අර්ථාන්විත මැදිහත්වීමක් වෙබ් ආලෝචනා | web alochana කෙටියෙන්: කරුනාකර Not In Our Name වෙබ් අඩෙවිය මත සිංහලෙන්, දෙමලෙන් සහ ඉංග්‍රීසියෙන් තිබෙන ප්‍රකාශය සුපරීක්ශාවෙන් කියවා ඔබේ සහාය පල කරන්න. ඔබේ හඬ ඇහෙන්න සලස්වන්න. ආගමේ නාමයෙන් දියත් කෙරෙන බව කියන මේ ප්රචන්ඩත්වය "ඔබේ නමින් නම් නොවන බව" කියන්න. තරමක් සවිස්තර ව: පසුගිය සතියේ බෞද්ධ භික්ශූන් වහන්සේලා විසින් නායකත්වය දෙනු ලැබූ දෙදහසක පමන මැර බලකායක් දඹුල්ල මුස්ලිම් පල්ලියට එරෙහි ප්රචන්ඩ ...
ශාස්තෲ සහ තවත් කතා වෙබ් ආලෝචනා | web alochana "ඕක ඔහොම කරල හරි යන්නෙ නෑ. කෝ ඉන්ඩ මම අඳින්නං." ඊට ස්වල්ප වේලාවකට කලින් අපට අඳුනාගන්න ලැබුනු අජිත් පැරකුම් ජයසිංහ පින්සලක් අතට ගත්තා. කමිසය අසල තිබුන පුටු ඇන්දක එල්ලූ ඔහු පෝස්ටර් අඳින්න පටන්ගත්තා."මෙහෙම කලාම ඉක්මනට ඉවර කරගන්න පුලුවනි."කිසි ම පැහැදිලි "හේතුවක්" නැතුව ඔහු ඒ ඇඳ දුන්නේ අපේ නාට්‍යයේ පෝස්ටර්. ලියූ අකුරු තුලින්, කවි තුලින් හඳුනාගෙන හිටි, අපෙන් ගෞරව සම්ප්‍රයුක්ත පිලිගැනීමක් ...
අද වගේ දවසක ඇන්ටිගනී - ආයෙත් දවසක වෙබ් ආලෝචනා | web alochana *ඇන්ටිගනී පිලිබඳ පෙර ලිපිය හා සම්බන්ධ යිප්රියංකර රත්නායකගේ ඇන්ටිගනී නාට්‍යය ගැන මම කලින් ලියපු සටහන ඔබට මතක ඇති. එහි දී මම තරමක් නිශේධාත්මක දේවල් කීපයකුත් කිව්වා, විශේශයෙන් ඇන්ටිගනී(ප්‍රසාදිනී අතපත්තු) සහ ක්‍රියොන්(විශ්වජිත් ගුනසේකර) යන දෙදෙනා ඇතුලු නලුනිලියන් කීපදෙනෙක්ගේ රංගනයන් ගැන. ඒත් නොවැම්බර් 01 වැනිදා බිශොප් විද්‍යාලයීය ශ්‍රවනාගාරයේ දී නැවතත් වතාවක් ඇන්ටිගනී නරඹද්දී මට පෙනුනේ ඒ තත්වය සම්පූර්නයෙන් ම උඩුයටිකුරු වූ සෙයක්. ...
මාස තුන හමාරකට පසු ... වෙබ් ආලෝචනා | web alochana මාස තුන හමාරක පමන දීර්ඝ විරාමයකට පස්සේ නැවතත් වෙබ් ආලෝචනාව සක්‍රිය වෙනවා. මේ අඩෙවිය එතරම් දීර්ඝ කාලයක් අක්‍රිය කර තියන්න අදහස් කලා නොවුනත් ඒ හැටියට කටයුතු සිද්ධ වුනා, කාර්ය බහුලත්වය නිසා.ලිවීමට හේතුත් මාතෘකාත් නොතිබුනා නෙවෙයි. ලියපු ලිපි හා සටහන් කීපයකුත් "පුස් කමින්" තිබුනත් ඒවා පල කරන්න සුදුසු විදිහට සකස් කරගන්න අවකාශයක් ලැබුනේ නැහැ.කෙසේ වෙතත් නිදහසට කාරනා මොකට ද? හැම දෙයක් ...
විලිලැජ්ජාවේ සන්තෝසේ බෑ! වෙබ් ආලෝචනා | web alochana ඔන්න රාජ්පාල් අබේනායක උන්නැහේ තවත් වික්‍රමාන්විත වැඩකට අතගහලා. අද ලක්බිම පත්තරේ වාර්තා කරන අන්දමට එතුමා දවස් හතරකින් ග්‍රේශන් සම්මානය ලැබීමට සුදුසු මට්ටමේ පොතක් ලියන්න පුලුවන් ය කියමින් නැඟූ අභියෝගාත්මක සිංහ නාදය සෙරන්ඩීබ් පොත් ප්‍රකාශන ආයතනය බැරෑරුම් ව භාර අරගෙන තියෙනවා. ඒ කියන්නේ එතුමා එවැනි ග්රන්ථ රත්නයක් රචනා කලොත්, සෙරන්ඩීබ් ප්‍රකාශකයෝ එය මුද්‍රනය කරන්න සූදානම්. මේ කාරනයට හේතුභූත වුනේ පසුගිය වතාවේ ග්‍රේශන් සම්මානයට ...
Black Box ප්‍රසංග කලා අත්දැකීම නැවතත් ජූලි 27 සිට වෙබ් ආලෝචනා | web alochana Inter Act Art සංවිධානය මීට ප්‍රථම ඉදිරිපත් කළ බ්ලැක් බොක්ස් ප්‍රසංග කලා උලෙලේ දී අත්විඳි ආස්වාදජනක අත්දැකීම ගැන මා මීට පෙර ලියූ සටහන ඔබට මතක ඇති.මෙන්න දැන් නැවතත් වරක් එවැනි ම බ්ලැක් බොක්ස් ප්‍රසංග කලා උලෙලක්! මෙය ආරම්භ වෙන්නේ ජූලි 27 වැනි දා. එදා පටන් දිනපතා හවස 4 ට සහ 6 ට රාජගිරිය, ඔබේසේකරපුර, නානායක්කාර මාවතේ 133/48D දරන ස්ථානයේ දී නාට්‍යමය, ...
මෙන්න ප්රවෘත්ති: ශ්‍රී ලංකා පොලිසිය වේදිකා නාට්‍ය අධ්‍යක්ශනයට පිවිසෙයි! වෙබ් ආලෝචනා | web alochana ප්‍රසන්න විතානගේ අධ්‍යක්ශනය කල දෙබිඩ්ඩෝ නාට්‍යයේ ප්‍රසිද්ධ දර්ශනයක් ආරම්භ වීමට මත්තෙන් එහි පැමිනි පොලිසිය එහි අන්තර්ගත ජවනිකාවක් පිලිබඳ අධ්‍යක්ශකවරයාගෙන් ප්‍රශ්න කල බව ඊයේ වාර්තා වුනා. ප්‍රශ්නයට තුඩු දී ඇත්තේ නාට්‍යයෙහි තුන්වැනි අංකයෙහි එන දුම්බීමේ දර්ශනයක්. දෙබිඩ්ඩෝ නාට්‍යය සුප්‍රකට ඉතාලි ජාතික නාට්‍යකරු දාරියෝ ෆෝ ලියූ Trumpets and Raspberries කෘතියේ පරිවර්තනයක්. එය ලොව බොහෝ තන්හි විවිධ භාශාවන්ගෙන් වේදිකාගත ව ඇති කෘතියක්. 1991 ...
අපි නොදන්න ජාතික සංස්කෘතික ප්‍රතිපත්තිය වෙබ් ආලෝචනා | web alochana අද (ජූනි 29) ලංකාදීප පුවත්පතේ වීමංසා අතිරේකය පෙරලද්දී අමුතු පුවතක් හමු වුනා. "සංස්කෘතික ප්‍රතිපත්තිය" යන හිසින් යුතු එහි සඳහන් ව තිබුනේ ජූනි 01 වැනිදා එම පුවත්පතේ ම පල වූ සංවාදාත්මක විශේශාංගයකට පිලිතුරක් වසයෙන් සංස්කෘතික කටයුතු අධ්‍යක්ශවරයා විසින් එවනු ලැබූ ලිපියක්.මෙහි සුලමුල මෙහෙමයි. මේ කියන ජූනි 01 විශේශාංගයේ දී ලංකාදීප පුවත්පත මෙරටට අදාල සංස්කෘතික ප්‍රතිපත්තියක් පිලිබඳ සාකච්ඡාව යොමු විය යුත්තේ කවර ...
පුරුශ ශක්තිය සහ කාන්තා හොකී කන්ඩායම වෙබ් ආලෝචනා | web alochana ක්‍රිකට් විස්තර විචාරකයන් හැරුනු කොට ලාහෝරය ගැන වැඩියෙන් ම සිංහලෙන් ලියා ඇත්තේ සුනේත්‍රා රාජකරුණානායක නමැති ස්ත්‍රිය විය යුතු යි. ඇය ඒ විස්තර ලියන්න එහි ගියේත් ලක්ශ ගනනින් සෙනග රොද බඳින ක්‍රීඩා තරග පැවැත්වෙද්දී නෙවෙයි. සාමාන්‍ය ජනී ජනයා ගැවසෙන විදි හා පුරාන නටබුන් අතර සාමාන්‍ය මනුශ්‍ය ප්රානියෙක් හැටියට තනි ව දෙපයින් ඇවිද යමින් ඇය මැවූ වදන් සිත්තම් මා මෙතෙක් කියවා ඇති ...