සුහද ආරාධනයයි! වෙබ් ආලෝචනා | web alochana වසර කීපයක් තිස්සේ මුනගැහෙන, විවිධ දෘශ්‍ය හා ප්‍රසංග කලා නිර්මානවලට සාමූහික ශ්‍රමය එක් කල, ඒ පිලිබඳ කිසියම් සම්භාශනයක නිරත ව හුන් මිතුරු පිරිසක් අතර ඒ කාලය පුරා ම, විවිධ ස්වරූපවලින් මෙන්න මෙවැනි අදහස් කීපයක් ඔබ මොබ වීසි වුනා:අපේ සංස්කෘතික අවකාශ තුල නර්තනය හා එය පාදක කොටගෙන ගොඩනැඟුනු "සමකාලීන" අභිවාහ්‍ය කලා තව මත් බොහෝ සෙයින් පවතින්නේ කෞතුක වටිනාකම් හා වින්දනයන් හැටියට ...
Colombo International Theatre Festival 2012 (කොළඹ ජාත්‍යන්තර රංග කලා උළෙල 2012) වෙබ් ආලෝචනා | web alochana පසුගිය දෙසැම්බර් 15 වැනි දා කොලඹ ජර්මානු සංස්කෘතික මධ්‍යස්ථානයට (Goethe Institute) රැස්වූ නාට්‍යකරුවන්, රසිකරසිකාවන්, ජනමාධ්‍යවේදීන් හා විචාරකයින් පිරිසක් අතිවිශේශ කර්තව්‍යයකට මුල පිරුවා: ඒ තමයි කොලඹ ජාත්‍යන්තර රංග කලා උලෙල. නිල වසයෙන් එදා නිවේදනය කෙරුනත් මේ උලෙල පිලිබඳ අදහස පැන නැඟී එහෙ මෙහෙ විසිවෙන්න වෙලා දැන් වසර කීපයක් වෙනවා. නාට්‍යවේදී එම්. සෆීර් ප්රමුඛ ඉන්ටර් ඇක්ට් ආර්ට් සංවිධානය (Inter Act Art) පසුගිය ...
මීලඟ පියවර: සතිපතා පර්යේශනාත්මක අභිවාහ්‍ය කලා/ප්‍රසංග කලා අවකාශයක් වෙබ් ආලෝචනා | web alochana පසුගිය බදාදා අභිවාහ්‍ය/ප්‍රසංග කලා සමාරම්භක වැඩසටහන ඉතා සාර්ථක ව පැවැත්වුනා. විවිධ ක්ශේත්‍රවල නියුතු ඒ සා විචිත්‍ර පුද්ගල සමූහයක් සමග වැඩ අරඹන්න ලැබීම භාග්‍යයක්. සියලු දෙනාගේ අභිමතය අනුව තීරනය කරගත් පරිදි දැන් මෙය සතිපතා සැසියක් ලෙස පැවැත්වෙනවා. ඒ අනුව සෑම බදාදාවක ම සවස 4ට පේරාදෙනිය විශ්ව විද්‍යාලයීය ලලිතකලා අධ්‍යයනාංශයේ දී පැවැත්වෙන මීට ඔබ සැමටත් සහභාගී විය හැකි යි: අලුතින් ම පැමිනෙන ...
Flying Fish චිත්‍රපටයට සහ සංජීව පුෂ්පකුමාරට එරෙහි තර්ජන වෙබ් ආලෝචනා | web alochana දෙස් විදෙස් සිනමා ලෝලීන් සිත් තුල පැහැබර අනාගත අපේක්ශා පුබුදුවමින් සිටින සම්මානිත සිනමාකරු සංජීව පුෂ්පකුමාරටත් ඔහුගේ කෘතිය Flying Fish චිත්‍රපටියටත් එරෙහි ව ආරක්ශක ලේකම්වරයාත් ස්වාධීන රූපවාහිනියත් ඊයේ රාත්‍රියේ යුද ප්‍රකාශ කලා. පහත දැක්වෙන්නේ ඒ පිලිබඳ පල කෙරුනු වියරු හා වෛරී "පුවත්" වාර්තාව යි:මෙහි දක්නට ලැබෙන්නේ සිනමාකරුවාටත්, කෘතියටත්, ඊට දායක වූ සියලු පාර්ශ්වයන්ටත් කිසිදු නිදහසකට ඉඩක් හසරක් නොතබා සමස්තයක් හැටියට ම ...
පත්තර පිටු මත මැවෙන අන්තර්ජාල ජංජාලය වෙබ් ආලෝචනා | web alochana පත්තරවල අන්තර්ජාලය ගැන පල කෙරෙන දේවල් දැක්කම අනේ කියලා හිතෙනවා! දැන් දැන් අන්තර්ජාලය ගැන ගමරාල දිවියලෝකේ ගිය හැටි සිහිගන්වන "විශේශාංග ලිපි" විතරක් නෙමෙයි කතුවැකිත් ලියවෙනවා.පසුගිය ජනවාරි 29 වැනිදා රාවය පුවත්පතේ කතුවැකිය එවැන්නක්:"ජනවාරි 18 වැනිදා අන්තර්ජාලයේ ජනප්‍රිය වෙබ් අඩවි කිසියම් විශාල ප්‍රමාණයක් (ගූගල්, යාහූ, යූ ටියුබ්, ෆේස්බුක්, ටුවිටර්, ඊබේ, රොබ්ලොක්ස්, විකිපීඩියා වැනි) වෙබ් අඩවිවලට අදාළව ඇමරිකාව කෙටුම්පත් කර ඇති නීති සම්පාදන ...
ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරය ගැන වෙබ් ආලෝචනා | web alochana "මේ වගේ වෙලාවක ලැජ්ජා නැතුව මිලියන ගානක් දෙනා අබියස ක්‍රීඩා පිටියට පිවිසෙන්නත් මොන තරං ධෛර්යයක් තියෙන්න ඕනැද?" ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අතරතුර මම එහෙම ලිව්වේ අපේ මාතර මන්ත්‍රී සනත් ජයසූරිය මැතිඳුන්ගේ ක්‍රීඩා කෞශල්‍යය අගය කරමින්. එවර එතුමා කන්ඩායමේ තැනක් ලබාගත් අන්දමත් එම ලිපියේ සඳහන් තරගයට ක්‍රීඩා කල අන්දමත් ක්‍රිකට් ලෝලීන්ට රහසක් නෙමෙයි. ඒත් අද ලිපිය එතුමන්ගේ ක්‍රීඩාව ගැන නෙමෙයි, ක්‍රීඩා ...
අතුරුදන්කිරීම් නවතනු! Stop Disappearances! වෙබ් ආලෝචනා | web alochana ශ්‍රී ලංකාව තුල පුද්ගල පැහැරගැනීම් හා අතුරුදන්කිරීම් අතිශය සාමාන්‍ය සංස්කෘතිකාංගයක් බවට පත් ව තිබෙනවා. අප්‍රේල් 7 වැනි දින වාර්තා වුන නවතම සිද්ධිය එනම් ප්‍රේමකුමාර් ගුනරත්නම් සහ දිමුතු ආටිගල දෙදෙනාගේ අතුරුදන්වීම මේ ප්රවනතාව එන්න එන්න ම නරක අතට හැරෙමින් පවතින බව පෙන්නුම් කරන සාක්ශියක්. ඔවුන් දෙදෙනා ම අලුතින් ආරම්භ කෙරුනු දේශපාලන ප්රවනතාවක හා පක්ශයක නායකයින්. අතුරුදන් වන විට ඔවුන් දෙදෙනා ම ...
ප්ලීස් චෙක් මයි බ්ලොග්! වෙබ් ආලෝචනා | web alochana මා ප්‍රිය කරන පැරනි බ්ලොග්කරුවෝ සහ බ්ලොග්කාරියෝ නිහඬ ව ම හුඹස්වලින් එලියට ඇදෙනවා. ගරු මන්ත්‍රීතුමන්ලා අපට සිහිගන්වන්නේත් බ්ලොග් අඩෙවිවල කියැවූ කතා තමයි. එවැන් උතුමන් කෙලිදෙලෙන් පසු වුනත් පූසෝ තව ම නිදි. ඉර පායයි. සඳ බබලයි. කුරුල්ලෝ කැදලි කරා පියාඹති. සම්මතයෙන් ඔබ්බට ගිය ඇතැම් විටෙක දේවල් වඩාත් රසවත්. "Paradoxically though it may seem, it is none the less true that life ...
යට ගිය දවස ඊමේල් කිරිල්ල වෙබ් ආලෝචනා | web alochana පසුගිය මාස දෙක පුරා මම සති තුන බැගින් පමන දික් වූ ඊමේල් විරාම දෙකක් ගත්තා. පරිගනකයෙනුත් අන්තර්ජාලයෙනුත් හැකි උපරිමයෙන් ඈත් ව ඉන්න සිදු වුනා. මේ සියල්ල මගේ අත්වල මැනික්කටු හා වැලමිටට බලපාන අන්දමින් හටගෙන තිබූ ආර්එස්අයි රෝග තත්වය නිසයි. පරිගනකය මතත් ඊමේල් මතත් මොන තරම් තදින් රඳා පවතින්න පුරුදු වී තියෙනවා ද යන්න වැටහුනේ මේ කාලය තුල යි. පරිගනකය සම්බන්ධ ...
වචන හත්සිය පනහේ ලිවිල්ල: 750 words වෙබ් ආලෝචනා | web alochana දිනපතා ලිවීම, පරිවර්තනය හා සංස්කරන කටයුතුවල යෙදෙන්න වීම ඇතැම් විට බොහෝ ම වෙහෙසකර කාර්යයක්; විශේශයෙන් මුද්‍රනය සහ වෙනත් මාධ්‍ය සඳහා ලියවිලි සකස් කිරීම. ඒ වගේ තත්වයක් තුල තමුන්ගේ ලිවීමේ පදම තියාගැනීම වගේ ම ලිවීමේ සතුට තියාගන්න එකත් අභියෝගයක්.Writing Challenge by Gene Wilburn (cc by-nd-sa)අනිත් අතට අදහස් සංවිධානය කරගන්න, වැඩ ගැන ශබ්ද නඟා හිතන්න අවශ්‍ය වෙනවා. මේ වගේ වැඩවලට හැම අතින්ම ...
"බොදු බලයට" එරෙහි ව "බොදු බලය"? වෙබ් ආලෝචනා | web alochana බොදු බල සේනා සංවිධානයට එරෙහි ව "ධර්මය" නඟා සිටුවන බවට ශපථ කරමින් කැඳවුම් කෙරුනු විරෝධතාවක් ඊයේ පොලිසියේ මැදිහත් වීමෙන් අඩපන කොට විසුරුවා හරිනු ලැබුවා. Buddhists Questioning Bodu Bala Sena නමින් හැඳින්වුනු Facebook පිටුවක් වටා ගොනු වුනු මේ විරෝධතාකරුවන්ගේ ප්‍රකාශිත අරමුන "බොදු බල සේනා සංවිධානය ධර්මයට එකඟ ව ක්‍රියා කරන්නේ ද?" යනාදී ප්‍රශ්න ගනනාවක් මතු කොට "ධර්මය" සහ බොදු බල සේනාව ...
ඒරොන් ශ්වාර්ට්ස් වෙබ් ආලෝචනා | web alochana ඒරොන් ශ්වාර්ට්ස්ගේ මරනය පසුගිය මාසය පුරා අන්තර්ජාල වාසීන් අතර ආන්දෝලනයට මෙන් ම බලවත් සන්තාපයට ද තුඩු දුන් සිදුවීමක් වුනා. අද හැක්ටිවිස්ට් යනුවෙන් හැඳින්වෙන, අන්තර්ජාලය පාදක කරගත් ක්‍රියාධරයන් අතර ඔහු ප්‍රමුඛයෙක්. ගෙල වැල ලාගෙන සියදිවි හානි කරගන්නා විට ශ්වාර්ට්ස් ඉතා දුශ්කර නඩු විභාග ක්‍රියාදාමයක් තුලින් ගමන් කරමින් සිටියා. ඇමෙරිකා එක්සත් ජනපදයේ MIT ආයතනය තුල සිට JSTOR වෙබ් අඩෙවියෙන් ශාස්ත්‍රීය හා පර්යේශන ...
පොම්පීනියා - විප්පයෝගයේ සම්පයෝගය වෙබ් ආලෝචනා | web alochana අපට බොහෝ නාට්‍යකරුවන්, නිශ්පාදන හා නාට්‍ය පිටපත් හමු වන්නේ රංග කලා ඉතිහාසයේ බලපත්‍ර ලද, "කතිකාගත වූ" දැවැන්ත අදහස් සම්භාරයකුත් එක්ක යි. සොෆොක්ලීස්ගේ සිට ශේක්ස්පියර්ගේ දක්වාත්, ඉබ්සන්ගේ සිට දාරියෝ ෆෝ දක්වාත් තත්වය එහෙමයි. ඔවුන් ගැනත්, ඔවුන්ගේ කෘති ගැනත් බොහෝ දේ ලියැවී තියෙනවා. කවුරුහරි නාට්‍යයක් පරිවර්තනය කරන්න, එහෙමත් නැත්නම් නිශ්පාදනය කරන්න තෝරාගනිද්දී අවිඤ්ඤානික ව හරි මේ කරුනු කාරනා හා සන්දර්භය සැලකිල්ලට ගැනෙනවා. ...
සිවුමංසල කොලුගැටයාගේ රුවන් වැකි වෙබ් ආලෝචනා | web alochana සිංහලෙන් පල වන සියලු පුවත්පතක ම පාහේ අන්තර්ජාලය ගැනත්, නව මාධ්‍ය ආදිය ගැනත් යමක් පල වුනොත් එය නම් අදාල මාතෘකාව ගැන මෙලෝ සංසාරයක් නොදැන කුරුටු ගෑ නන්දෙඩවිල්ලක් ය යන නිගමනයට එන්න ගත වෙන්නේ සුලු වේලාවක්. එක විකල්පයක් හැර මා මෙතෙක් අන්තර්ජාලය පිලිබඳ ව කියවා තිබෙන සියලු ම සිංහල පුවත්පත් ලිපි මේ ගනයට අයත් වෙනවා. ඉංගිරිසි පත්තර ඊට වඩා බොහෝ බුද්ධිමත් ...
ජනමාධ්‍ය සහ විශ්ව විද්‍යාල අර්බුදය වෙබ් ආලෝචනා | web alochana පසුගිය දා කටුනායක නිදහස් වෙලඳ කලාප කම්කරු උද්ඝෝශනයට එරෙහි ව සිදු කෙරුනු පොලිස් ප්‍රහාරය හා කම්කරු ඝාතනය මෙරට මාධ්‍ය වාර්තා කල ස්වරූපය ගැන කනස්සල්ලට පත් කෙනෙක් මට මෙහෙම කිව්වා. "සමහර තැන්වල බේරෙන්න දුවගෙන ගිහින් හැංගුන ගෑනු ලමයින්ට පවා එලියට ඇදගෙන ඇවිත් ගහල තියෙනවා. ඇයි ඒවා මේ පත්තරවල ටීවීවල නොයන්නෙ? අර අවමගුලට කරල තියෙන බලපෑම ගැන මොකුත් කියන්නෙ නෑනෙ? නිකම් එක ...
සිංහල වල් කතා වෙබ් ආලෝචනා | web alochana "සිංහල වල් කතා" යනු මේ බ්ලොග් අඩෙවියට පිවිසෙනු පිනිස සැලකිය යුතු සෙනගක් භාවිත කර ඇති සෙවුම් යෙදුමක් (search term) බව දැකගන්න ලැබුනා! ඒත් එවැන්නක් හොයන අයට සරිලන යමක් මෙහි නොතිබීම අඩුවක්.ගොවිජන සේවා හා වනජීවී අමාත්‍යාංශය පසුගිය දා නියම සපන්කමක් කර ඇති බව පුවත්පත් වාර්තා කලා. මෙතෙක් වල් අලි වසයෙන් අප දැන සිටි සත්ව කොට්ඨාසයේ නම එම අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් වන ...
නාට්‍යයක බැට්රි බැහීම වෙබ් ආලෝචනා | web alochana 25 වැනි දා පේරාදෙනිය විශ්ව විද්‍යාලයීය එලිමහන් රංග පීඨයේ දී ට්‍රෝජන් කාන්තාවෝ නරඹන්න ලැබුනා. වැහිබර කාලගුනය ද නොතකා එදා ම විශේශයෙන් දුවගෙන ගියේ 1999 පටන් අඛන්ඩ ව වේදිකාගත කෙරුනු මේ නිශ්පාදනයේ අවසන් දර්ශනය එය බවට ආරංචියක් ද තිබුනු නිසයි. අතුරු සිදුරු නැති ව පිරී ඉතිරී සිටි ප්‍රෙක්ශකයින් අබියස ධර්මසිරි බන්ඩාරනායකයන්ට විශේශ තිලිනයක් ද ප්රදානය කෙරුනා. කෙටියෙන් සභාව ඇමතූ ඔහු දශක ...
බටහිර මුහුදින් ඉර පෑයූ වග වෙබ් ආලෝචනා | web alochana වැරදි හොයන්න මම බොහොම දක්ශයි; විශේශයෙන් අනුන්ගේ වැරදි. මේ බ්ලොග් අඩෙවියේ වැඩියෙන් ම තියෙන්නෙත් නානාප්‍රකාර වැරදි ගැන විවේචන කියලයි මට මේ මොහොතේ කල්පනා වෙන්නේ. රන්ධ්‍ර ගවේශීභාවය ඒ තරම් ප්‍රසන්න දෙයක් නම් නෙමෙයි. ඒත් මේ මට අලුතින් මතක් වුනු එවැනි වැරදි වර්ගයක්. කිසියම් පොතකින් විස්තර කරන්න අදහස් කරන පරිසරයට, රටතොටට හා සංස්කෘතියට එතරම් සමීපත්වයක් නැති වුනාම ලේඛකයින් අතින් ඇතැම් විට මේ ...
ක්‍රියේටිව් කොමන්ස්: කොහෙ තියෙන සංගීතයද්ද ඒ? වෙබ් ආලෝචනා | web alochana මීට පෙර ලිපියේ සාකච්ඡා වුන සංගීතය සහ ඡායාරූප කලාව "බල්ලාට යාම" පිලිබඳ ප්රශ්නය හා සම්බන්ධ යි.දුරාතීතයේ පටන් කලා නිර්මාන විතරක් නෙමෙයි සමස්තයක් වසයෙන් පතපොත ලිවීම සම්බන්ධ කටයුතු සියල්ල ම සිදු වුනේ "කොපිරයිට්ස්" හෙවත් "ප්‍රතිරූපන අයිතිය" සහ "බුද්ධිමය දේපොල" පිලිබඳ සම්මුතීන්ගෙන් හා නීතිවලින් සමන්විත ලෝකයක නෙමේ. එවැනි සංකල්ප වර්ධනය වී නීතිගත වී තහවුරු වුනේ ඉතා මෑතක. අදහස්, නිර්මාන නැවත නැවත එහාමෙහා ...
බිඳුනු බැඳුම් වෙබ් ආලෝචනා | web alochana මේ බ්ලොග් අඩෙවියේ පැරනි ලිපිවල තියෙන ඇතැම් සබැඳි (links) කල් ඉකුත් වී බිඳී ගිහින් බව පේනවා. එයින් ඇතැම් ඒවා දැනටත් ඉතා ම ප්‍රයෝජනවත්. සබැඳුම් පල කර කලක් ගත වූ විට ඒ ඒ වෙබ් පිටු එක්කෝ වෙනත් ලිපින කරා ගෙන යාම නිසාත් නැත්නම් සම්පූර්නයෙන් අන්තර්ජාලයෙන් චුත වීම නිසාත් මේ තත්වය හටගන්නවා. සමහර පුවත්පත් පවා සිය ලිපිලේඛනවල ලිපින නිශ්චිත ව තබාගැනීම ගැන ...