ඔබ නොදන්න තවත් එක් ආදර කතාවක්.... වීදුරු ගෙවල්............ පොළව,අහසට ආදරේ කළා.......... තමන්ගේ මුළු ගතමතෙත් කරපුවැහි කඳුලටපොළව ආදරේ කළාපුර පෝයටඅහසේ ඉන්නසඳ ලපයටපොළව ආදරේ කළාතරු පායපු රෑඅහස් කුසේතරු මාලෙට පොළව ආදරේ කළාපොළව.... ඒ ආදරේහිතේ තියාන උන්නාඅහසක්ෂිතිජයේදීමුණ ගැහුනාමඒ ආදරේකියනවාමයි කියලාහිතාන උන්නා..................................ඒ ආදරේහිතේ තියානපොළව තාමත් ඉන්නවාඅහසක්ෂිතිජයේදී මුණ ගැහෙනකම්...... ...
ලෝකයේ දියුණුවෙන් මිනිසාට සිදුවන්නේ යහපතක්මද? වීදුරු ගෙවල්............ ජීවය මිහිපිට ආරම්භ වුණු දවසේ ඉඳන් අද වෙනකොට මිනිසා කියන සත්වයා කොච්චරනම් දියුණු වෙලාද? ඒත් හදිස්සිය්න් වගේ මගේ හිතට ආව ප්‍රශ්නයක් තමයි මිනිසාගේ මේ දියුණුව නිසා ඇත්තටම මිනිසාට යහපතක් වෙනවාමද කියන එක. අපි හිතලා බලමු වාහන කියන දේ හොයාගන්න කලින් මිනිස්සු බොහෝවිට ගමන් කරන්න ඇත්තේ පයින්මයි. ඉතිං ඒකාලේ මිනිස්සුන්ට අධික තරබාරුකම නිසා ඇතිවෙන ලෙඩරෝග බොහෝම අඩු වෙන්න ඇති. ඒත් මිනිසුන්ගේ වැඩ ...
ලස්සන වෙන්න මෙන්න තෛයිලේ....... වීදුරු ගෙවල්............ කළු අයවසුදු කරන්නමහත අයවකෙට්ටු කරන්නමූණේ කුරුලෑනැති කරන්නලප කැළැල්මකා ගන්නසති ගණන්යන්නේ නෑවැඩ දන්නවනම්එක පැයයි.............පොටෝෂොප් තෛයිලේඅත්දුටුවයිප්රත්යක්ෂයි! ...
අනාගතේ දවසක...... (කෙලි පැටික්කියෙකුට ටෙලි නාට්‍ය නිළියෙක් වෙන්න හිතිලා) වීදුරු ගෙවල්............ තේ කෝප්පයත් පසෙකින් තබා බැල්කනියේ පුටුවකින් වාඩි වූ මම අද පත්තරය අතට ගත්තෙමි. "වර්ෂ 2041 ක් වූ ජූලි මස 26 වෙනි සිකුරාදා". පිටුවෙන් පිටුව පෙරලන අතරතුර මගේ නෙතු තනි පිටුවක් පුරාවට දමා තිබූ දැන්වීමක නතර විනි. එම දැන්වීම පසිගිය සතියේ පාසලේදී සිදුවූ වේදනාත්මක සිදුවීම මට ක්ෂණයෙන් මතක් කරවීමට සමත් විය.ප්‍රාථමික පාසලේ මට ඉගැන්වීමට තිබුණේ කුසලතා සංවර්ධන විෂයයි. එදා තුන වසර ...
මිරිඟුවකට පෙම් කළ කාලේ....... වීදුරු ගෙවල්............ මිරිඟුවකට පෙම්කරයිහදවත යළිත්පෙනි පෙනීහැරයන්නත්බෑලං වෙලානැතිකරගන්නත්බෑප.ලි : කාලෙකට කලින් ලිව්ව එකක් පොතක් අස්සේ තිබිලා හම්බවුනා.........[පින්තූරෙ-http://farm4.static.flickr.com/3045/2671845245_9ebfd6be7c.jpg] ...
නූතන පංච කල්යාණියේ සිරි............ වීදුරු ගෙවල්............ මුහුණ සුදටඇඟ කළුවටඡවි කළණේස්ට්රේට් කරලාටින්ට් කරපුකෙස් කළඹේදත් දොස්තර යළි සැකසූදත් මුතු සේනෙක පැහැයන්තදට තැවරුතොල් සඟලේ දිගට වවාසිතුවම් ඇඳිනිය දිලිසේපංච කල්යාණියේසිරි වෙනස්ය මේ කාලේ ෴෴෴...:::විශේෂ ස්තූතිය:::...මට අමතක වෙලා තිබුණු පංච කල්‍යාණිය මතක් කරලා දුන්නු වත් අක්කාට......[පින්තූරෙ-http://4.bp.blogspot.com/_U4wZju5_ZxU/SyNNerPknDI/AAAAAAAAG7E/xweH8Uv7_xY/s400/muthu-imesha.jpg] ...
පන්නං ආවනම් පාටි ගන්න ඕනෙත් නෑ......... වීදුරු ගෙවල්............ ආ........ අයියේ කොහොමද ඉතිං? අපිට පාටියක් එහෙම නැද්ද?නෑ...නෑ.... ඒවා නෑ මල්ලී. නිකං නිස්කාරණේ දාස් ගණන් මොකටද බං ඕවට වියදම් කරන්නේ? මට හිතුනා මම එයාව එක්කං ආවා.මල්ලී මට දැං ඉන්න තැනක් තියනවා, රස්සාවක් තියනවා උඹට කියන්න පහුගිය කාලේ මම මෙතන තනියම ඉඳලා එපා වෙලා හිටියේ. හවසට හොඳටම මහන්සි වෙලා වැඩ ඇරිලා එනවා ඇවිත් ආයේ උයන්න ගියාම එපා වෙනවා බං. දැන් හිතෙනවා ...
මදුරුවෝ මොන රහද දන්නවද??? වීදුරු ගෙවල්............ දිනක් මහා රාත්රියේමැච් එකක් බැලුවනේපරදින ලකුණු දිස්වුනේනිදිමතකි මට පැමිණුනේහිඳි තැනින් නැඟිටුනේඅත් දෙපසට විහිදුනේකටත් හැකිතාක් අරිමිනේහොඳ හුස්මක් ගත්තනේඕං ඔය වෙලාවේමහා විපතකි සිදුවුනේමදුරුවෙකි පැමිණුනේඌට බ්රේක් නොතිබුණේ මදුරුවා උගුරේ හිරවුනේහිස්ම මඟ නැවතුනේදෙතුන් වරක් කැස්සනේනෑනේ ඌ පැමිණුනේදන්න ශිල්ප දැම්මනේ හැකිතාක් කැස්සනේකාරලත් බැලුවනේ යළි කටින් නොඑන්නේ මළ කෙලියකි සිදුවුනේමොකද දැන් කරන්නේමම මදක් සිතුවනේඅදහසක් ආවානේකුමට මම තැවෙන්නේකටින් උගුරට ගියානේතවත් ඇතුලට ගියාවේ බඩට නොවැ වැටෙන්නේ කුස්සියට මම ...
සමහරුන්ට ඕනේ වුනත් එන්නේ නැති, තවත් අයට ඕනේ නැතත් ඉබේට එන "නින්ද"....... වීදුරු ගෙවල්............ මට මුලින්ම නින්ද නොයන ලෙඩේ එන්නේ උපෙ කරන්න මාස 7කට විතර කලින් කෙනෙක් හින්දා. අන්තිමේදී මට එයාව ලැබුනෙත් නෑ නින්ද ලැබුනෙත් නෑ. උපෙ ලං වෙන්න ලං වෙන්න හිතේ තිබ්බ බයටද කොහෙද රෑට නින්ද ගියේම නෑ. උපෙ ඉවර වෙලා තවත් අවුරුද්දක්ම ඔය ලෙඩේ අල්ලලා හිටියේ දෙවෙනි පාරටත් උපෙ කරපු නිසා. හැබැයි දෙවෙනි පාර උපෙ කරන කොට මාව මහා නරක පුරුද්දකට ඇබ්බැහි ...
අදෘෂ්‍යමාන බලවේගය සහ කල්පනා සාගරයේ ගිලී හොඳ හැටි නා ගැනීම............. වීදුරු ගෙවල්............ එතරම් සෙනඟක් නොසිටි බසයේ මම සීට් දෙකක් අල්ලාගෙන සිටගෙන සිටියෙමි. දෙහිවල හන්දියේදී බසය සුළු මොහොතක් නවතා තැබූ අතර බසය අද්දන්නට මොහොතකට පෙර ඇය ඉදිරි පස දොරෙන් බසයට ගොඩවිය. ඇය තරමක් පැහැපත්ය. ඇගේ දිග කොණ්ඩය ලේයර් කර තිබිණි. ඇය හැඳ පැළඳ සිට අයුරු මෙන්ම ඇගේ රූපස්වභාවයද මගේ සිත් ගත්තේය. ඇය පා පුවරුවේ පළමු පඩි දෙක නඟිනවාත් සමඟ මේ සිතුවිලි සියල්ලම මගේ ...
අප්පටබොල හිඟන්නා! වීදුරු ගෙවල්............ යනවිට දිනක් හරහා අපි මරදානේරතු දැල්වී වාහනේ නැවතුනානේදිස්වන තුරු බල්බය කොළ පාටින්නේ නොකර කතා සැම ඉවසා සිටින්නේවාහනේ නවතා සිටිනා මේ වෙලාවේදෙකට නැමී යාචකයෙකි මේ ආවේ"කෑම ටිකක් ගන්නට මට මේ අව්වේ"පැවසුවේ ඌ දමමින් අපි මුලාවේරියදුරු අසුන එහා පැත්තෙ සිටි අංකල්දෙන්න යමක් සාක්කුවට අත දැමුකල්සාක්කුවේ තිබී ඇත්තේ පහකිය රුපියල් එය යාචකයා හට දුනි පාමින් හසරැල්රුපියක් පහ අතට ගත්තා යාචකයාදෙකට නැමී තිබුණු කොන්ද ...
ඉස්සර මිනිස්සු මේ කතා කිව්වේ කට කහනවට වෙන්න බෑ....... වීදුරු ගෙවල්............ පහුගිය මාසේ අපේ අහල පහල උදවියත් එක්ක අපි ලංකාව වටේම එක එක තැන් වලට ගියා. අර මම කිව්වේ මං දැකපු සුන්දර ගම්මානයක් ගැන එහෙම. එතකොට අර මුහුදු මහාවිහාරය ගැන එහෙමත් කිව්වේ. ඒ අපි ඇවිදපු තැන් වලින් දෙකක්. ට්‍රිප් යනකොට ඉතිං අංකල්ලා කට්ටිය සෙට් වෙන එක සාමාන්‍ය දෙයක්නේ. ඒ වගේ වෙලාවට එයාලා දන්න පරණ කතා, ඉස්සර වෙච්ච රසවත් සිදුවීම් එහෙම එළියට ...
මේ සිද්ධස්ථානවලට ඔබ ගිහින් තියෙනවද? (මුහුදු මහාවිහාරය-පොතුවිල්, මඟුල් මගාවිගාරය-ලාහුගල) වීදුරු ගෙවල්............ මුහුදු මහා විහාරයමා කලින් ලිපියේ සඳහන් කළ සුන්දර ගම්මානයේ සිට කිලෝමීටර් සීයකටත් වඩා දුරින් පිහිටි පෞරාණික සිද්ධස්ථානයකි පොතුවිල්හි පිහිටි මුහුදු මහාවිහාරය. දැන් දැන් පිරිස් තරමක් මේ සිද්ධස්ථානය නැරඹීමට පැමිණීයද සාමාන්‍ය සතියේ දවසකට එය බොහෝවිට වන්දනා නඩ දෙක තුන වඩා වැඩි නොවිය හැකියි. අනුරාධපුරයට පොළොන්නරුවට ඕනෑම දවසක යන ඔබට ඒ ස්ථාන දැක බලාගැනීමට පැමිණි බොහෝ පිරිස් දැක ගැනීමට හැකියි. නමුත් අප ...
කොන්ක්‍රීට් වනාන්තරයෙන් මිදී සැබෑ වනාන්තර මැදින් ගොස් හමුවන සුන්දර ප්‍රදේශයක් පිළිබඳවයි.................. වීදුරු ගෙවල්............ මාර්ගය දෙපසම කොන්ක්‍රීට් ගොඩනැඟිලි වලින් පිරි ප්‍රදේශයකින්, උදේ පාන්දරින් ගමන් ඇරඹූ අපි පැය ගණනාවක ගමනකින් පසු මාර්ගය දෙපසම ගස්කොළන් වලින් පිරිපුන් ප්‍රදේශයකට පැමිණියෙමු. කොන්ක්‍රීට් වනාන්තර පසුකර සැබෑ වනාන්තර මැදින් ගමන් කරන විට හිතට මෙන්ම ගතටද සුවපහසු හැඟීම් නිතැතින්ම දැනෙන්නට විය. මා මේ ප්‍රදේශ පසුකරන්නේ වසර 9කට හෝ 10කට පසුවය. එදා අප පණ බයේ ගමන් ගත් දහඅට වංගුව අද එහි නොවීය. ...
ආයේ බොන්නේ නෑ......................... වීදුරු ගෙවල්............ විභාගේ කාලේ අතරමැද නිවාඩු දවසකබිව්ව බියර් බෝතල් දෙකවිනාස කළා මුළු දවසක්මපාඩම් කරන්නට තිබූඊළඟ විෂයටආයේනම් කටේ තියන්නේ නෑ ඔය ජරාව.......................................................................................................විභාගේ ඉවර වෙනකම්! ...
මට කෙල්ලෙක් නෑ.......... වීදුරු ගෙවල්............ ඉතිං මට...............විනාඩියෙන් විනාඩියට රිං කට් නෑපැයෙන් පැයට මැසේජ් නෑඋදේ හවස කෝල් නෑනිදි වරන්න ඕනේ නෑඅප්පේ මට දැනෙන නිදහසක්......දවසක් මොකක්දෝ හේතුවක් නිසා නරියෙකුත් කිව්වලු මිදි තිත්තයි කියලා ;) ...
බ්ලොග් ලියන, කියවන හැමෝටම මගේ අවුරුදු සුභ පැතුම..... වීදුරු ගෙවල්............ කියවන ලියන පිරිස දිනෙන් දින වැඩි වේවාලියන අයගේ පෝස්ට් ගාන වැඩි වේවාපෝස්ට් වලට කමෙන්ට්ස් ගාන වැඩි වේවාකියවන අයටත් බ්ලොග් ලියන්න සිතේවාකෙල්ලන් නැති කොල්ලන්ට කෙල්ලන් සෙට් වේවාකොල්ලන් නැති කෙල්ලන්ට කොල්ලන් සෙට් වේවාසෙට් වෙලා ඉන්න අයගෙ සිතුම් පැතුම් ඉටු වේවාකියවන ලියන සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා ...
නොදැකපු නොලැබෙන පෙම........ වීදුරු ගෙවල්............ කිසිදින නොදැකපු රුවකටකිසිදින නොඇසූ හඩකටකිසිදින නොලැබෙන ඇයටමපෙම් කරයි හදවත කදිමට....
සිහින බක්මහ උළෙලට පැමිණ හුදෙකලා වීම........ වීදුරු ගෙවල්............ මුලින්ම කියන්නම් බක්මහ උළෙලෙ මට පෙනුන හැටියටනම් බොහොම සාර්ථකයි. හැබැයි මම හිතන විදිහට අර අපි ගැන හඳුන්වාදීම කරන්න තිබ්බේ තරඟ පටන්ගන්න කලිනුයි. ඒ කොහොම වුනත් තරඟ පැවැත්වෙන අතරෙදි වුනත් මම නම් බොහෝ දෙනෙක්ව දැන හඳුනා ගත්තා. හැබැයි දැන් දැන් සමහර බ්ලොග් වල සහ විවිධ තැන්වල විවිධ පුද්ගලයන් කතාවෙනවා දැක්කා එයාලා තනිවෙලා වගේ හිටියා කවුරුවත් එයාලා එක්ක කතා කලේ නෑ කියලා. ...