දේදුනු පාට අතහරිමින් විහඟ ගීතය සීතළ දුරුත්තට කලියෙන් ඉල් මහ සීතළේ ගැහෙමින් ගිලිහුන වසන්තය සමඟින් උණුසුම සොයයි සිත තරහින් පීඳුනු සිහිනයට රහසින් ඈඳුනු හිතට කිති කවමින් දේදුනු පාට අතහරිමින් කලු සුදු ලොවක කල් බලමින් ගීතයේ තනුව හැර, ශ්රැතියෙන් දීගයේ බැඳුනු කළ කලියෙන් ඊතළ නොවිද්ද සඳ, මලවින් සීතළ දැනේද නෙතු කදුළෙන් රූසිරි බලා එබී හොරැහින් ආසිරි ගීත තළුමරමින් පැහැසර මැකී, මලානික මෙන් දොරහැර දමා.... මෙමා තනියෙන්..... ...
පදවි සම්ප්රාප්ති කවි විහඟ ගීතය කවුරු නොහොඳ දැක්කත් සපුමල් කුමරූ පහල නොවිනි නම් දැක ගත හැක බහුරූ විහිළු කාරයින් අඩු නැති කළ මිතුරූ වීර විකුම් පෙළහර කියනුද කවුරූ ඇසේ කඳුළු බිදු යළි එක්වෙන්න නොදී කෙසේ හෝ සතුරු කැළකට නොම පැරදී ඉසේ ඇම්ම නිට්ටාවට සුව කරදී දෙසේ බසේ නිරිඳුන්! ඔබමය වොරැඳී ගස්සා බිම දමා මරුවැල් ඇද තිබුනූ රස්සා කරපු රට, ඒ පින අත් විඳිනූ නිස්කාරනේටම හැමදාමත් බැඳුනූ පිස්සන් ටික කෙරෙත් දක්වනු මෙත් කුළුනු! ජාතිය දේශයක් තුල මඟ නොම ...
දිග සුසුමකට..... විහඟ ගීතය දිග සුසුමකට බර දී නිදි නැති යාමේ වඟතුග සොයයි සිතුවිළි විපරිත වීමේ නැඟ එන කඳුළකට උහුලන දුක දීමේ මඟ, බැඳි ඉවුරු බිඳගෙන යයි ඉවසීමේ රතුවෙන දෙනෙත් නැත, හිත නම් අඬන්නේ මතුවෙන කඳුළු නොව සුසුමයි ඇහෙන්නේ ඉතිරුණ සතුට හොරු ඇරගත් ලෙසින්නේ විසිරුණ සිනාමල් සඟවා සිටින්නේ ඉරගල වැටෙන ගොම්මන් අඳුරක් ලෙසිනේ විරසක වුනාවෙන් හිත දුකකිනි ඉතිනේ කරදර කම්කටොළු එකපිට එක ලෙසිනේ වැරදුන කළට තම අත හෙවනත් නොදැනේ නාවත් ඉදහිටලා කටහඩ ඇසුවාම පෑසිත් සෙනෙහෙ යළි අත්වින්දා සේම ආයෙත් ...
ගංවතුර විහඟ ගීතය පුරා පැය ගනන් පොළොවට ඇද හැළුනු යන එන මං නොදැන නුවරම යට කෙරුණු කොහෙ රැඳවුනත් අවසානයේ මඟ හැඳිනූ මහ මුහුද නම් නැත කවදාවත් සැලෙනු ගලනා මුත් පහත් බිම් හොයමින් හඳුනා රැදෙනා උස් බිමෙත් වෙනසක් නොම පෙනුනා උස් මිටි කම මොහොතකට පසෙකට ඇදුනා මහ වැස්සෙදී ලොකු පොඩි කාටත් ඇඬුනා බැඳගෙන මහපවුරු සීමා හදා ගෙන පර්චස් දහය පහලොවකට බෙදාගෙන අල්ලපු වැට දිහා ඇස් කන් පියාගෙන හිටියත් වතුර විත් එකමුතු විලාසෙන කුළ ගොත් පාට හෝ ...
ඉල් මහේ කඳුළු විහඟ ගීතය මඟ වරදවාගෙන හැත්තෑ එකේදී හා අසූ අට, අසූ නමයදී සුසුම් වැල් එක්වීය සුළඟට තබා මහා හිස්තැනක්.... ....................................... එකවරක් නොව දෙවරක්ම.. ඇයි වැරදුනේ මඟ..... ඉන් අනතුරුව යෂ්ටිය අතට ගත් පෙරගමන් කරුවෝද මඟ වරද්දාගති............. අනූ හතරේ හා දෙදහස් පහේදී යන එන මං නොදැන හතර බීරී කථා කියමින එකවරක් නොව දෙවරක්ම.. කියාදෙන්නට මඟ මොවුනට කිසිවෙක් නැත අහලක කියා දුන්නද... කෙසේ නම් අසනුද? අඳ බාල වූ කල නඩේ මුල.... මස් රාත්තලම ඉල්ලන "ෂ්යිලොක්" ලා මෙන පුරුද්දට වාගේ...
ඉතින් තාම නුඹ ඒ සිහිනෙද සොඳුරු.... විහඟ ගීතය ගිහින් බොහෝ දුර බැඳ මහ දිග පවුරු ඇහින් නොදුටුවත් කල් ඒ හා සපිරු සිතින් ලංවෙලා එක සිහිනෙම වැපුරු ඉතින් තාම නුඹ ඒ සිහිනෙද සොඳුරු ඈත් කර විහඟ ගී පද පෙල මියුරු කාත් කවුරුවත් නැති කතරක ඇහිරු මාත් නැති වුනා මගේ තනියට වැපිරු ඒත් ඉතිං නුඹ සඳ තරු මෙනි සොඳුරු අව්වේ තිබුන රැස් මාලාවට නපුරු හෙව්වේ සිහිළසකි නුඟ සෙවනක පැතිරු ගව්වේ දුර යොදුන් දුර වී ඉඩ ඇහිරූ කිව්වේ නුඹම මිස මං සළකුණු ...
මගින් මඟ බලමි,කෝ ඒ කියු අරුම විහඟ ගීතය ගෙයින් පිටව නුඹ ගොස් අවුරුදු ගෙවුණඑයින් බොහෝ කලකට පසුවත් නො එනකොහින් කොහොම පසිඳනු දැයි නොම හැදිණසිහින් කඳුළු බිඳු දෙකොපුල් තව තෙමන සිතින් බැඳුණු පෙම විස්මත වූ ලෙසමගතින් බොහෝ දුර වුව හිත, හිත ළඟමඋපන් සිහිනයේ නෙතු පියවෙන තුරුමමගින් මඟ බලමි,කෝ ඒ කියු අරුම පියා සලා දැක මල්වතු උයන් දො
හිරුත් ගියාමයි, ආවේ නැත ආයේ විහඟ ගීතය තරුත් නිවා ගෙන සඳ ගිනි ගත් යායේ කොනිත්තන්න වත් මතකය මට නූයේ විපත්තිනම් එක පිට එකමයි වූයේ හිරුත් ගියාමයි, ආවේ නැත ආයේ ඇවිත් යන්න එනවා කියලා ගියද අමුත්තක් දැනුණි, අයෙ එනවා නොවෙද? නිමිත්තම නුඹයි, මට නම් වෙන කවුද කවිත් එපා වෙන්නට අරුමය කිමද ගෙනත් සිතුමිණ ම දොර ළඟ තැබුවාට මිදිත් තිත්ත බව නොකියා කීවාට කලුත්ගොස් කේජු රස නැති වූවාට හෙනත් ගැසුවේද පැණි වරකා ගහට කිරෙත් දියෙත් රස හඳුනාගනු බැරිව ගියත් බොහෝ දුර කිරි ...
සඳ ගිනි ගත් සද විහඟ ගීතය කොනිත්තමින් මතකය රිදවුම් දේය තරුත් නිවි වළා පට දොරගුළු ළාය නිමිත්තක් වෙලා නුඹ වෙනතක යාය සඳත් නිදිවරා ගිනි ගත්තා සේය පුවත් දැන දැනත් ගඟටම ඉනි ලෑය තවත් හැඩවෙමින් සයුරට හිත පෑය ගියත් සුළඟ හා බොල් වී සමුදාය අමුත්තක් ඇයිද කෝ? සඳ රැස් යාය දියත් පතල මුත් නුඹේ සොමි ගුණ සෑය නිරුත්තර වුණේ සඳ අබියස මාය බලත් ය මා දෙස, හැඟවෙන්නා සේය නමුත් දනිමි මම, මා දෙස නොබලාය සිරිත් සව් සපිරි වට මඟුලක් ...
සිහිනෙන් ගෑ සුවඳ විහඟ ගීතය සිතුමිණ සොබාවා මාසිත පහන් වූවා ඒ එළිය ගාවා තව සිතක් බැබළෙමින් වූවා පෑදී දිය ලෙසින් දුටුවත් මහරු විලසින් බොර දියට හැරෙමින් බොඳවුණේ ඇයි සිත හඬවමින් සිහින් මඳ නැල්ලේ අසිරියෙනි නැළවිල්ලේ තනිව ළතැවිල්ලේ හැඩූ කඳුළිනි සිත තැවිල්ලේ සිහිනෙන් ගෑ සුවඳ සුවදේ නිදියනා සඳ ඇහැරී සිහින මැද සොයන්නේ ඇයි ඒ සුවඳ පොද නුඹේ නමට කැපවී ඒ සිහිනයෙම රැඳවී ලැබූ පිය පදවී තබා මාළඟ කොහිද සැඟවී නොවී සිත එකලස් හැඬූවද කදුළින් රොස් බැඳි පෙමෙහි අනුහස් වලින් හඬනා හිතද වේ තොස් තුටින් මඟ බලමී එනතුරු ඇඟිලි ගනිමී පුදුමෙකට නොනිමී ඇඟිලි අත
යන්නේ කවදාද මහ රජු දකින්නට විහඟ ගීතය අළුත් ජනකවි 8 මෙතනින් කියවන්න කන්නේ මාළු මයි හිතෙනා විටින් විට බොන්නේ ලැබෙන දේ කළ පව් වලින් පිට ඉන්නේ කැළණියේ පරවේනියයි මට යන්නේ කවදාද මහ රජු දකින්නට මං බාලේ පටන් වැලි කෙලියේ මිතුරු දැං රාලේ රජුන් හා කෙළි නම් නපුරු මුං කෝලේ කලත්, දවසක දී නුඳුරු අං ලීලේ බලන්නට එන්නෙද කවුරු ගස්සා අඩි තබා ලොක්කා වෙමිය කියා පුස්සා නටපු හැටි දැක්කම හිනහ ගියා බස්සා වගේ හිටියට නොදොඩමින් පියා නිස්සා නිසි තැනදි ...
හින්දා නුඹම, හිරු, සඳ, තරුත් සැනහුවා විහඟ ගීතය ඇවිත් ගී ගයා අවුරුදු සඳ පානේ කොහත් කොහේ ගියාදැයි නොදැනෙන වානේ තවත් මතක මතකෙට නොනැගෙන මානේ නුඹත් කොහෙද, හෙට අවුරුදු එනවානේ? විස්තර අසාගෙන යනමං දැන හැඳින ඉස්සර වුනාවද මම බැඳි වල බැඳින ඇස් හැර බලන්නෙද පෙරදා දුටු සිහින නිස්සර අකුසල් ද මේ කුසලට හැරුන ලිප ගිනි නිවා ගෙන ජිවිතෙහි මං පෙතේ කැපවී සිටින්නේමි ශුභ නැකත ගෙන අතේ ඇපයට සංක්‍රාන්තිය නොවෙද ජීවිතේ අපහට කොහෙද අවුරුදු තවම නොනගතේ රන්දා සිනා, වත සඳ මඬල කිති ...
ඉතින් අරුම නැතිවයි පවසනු කෝමා විහඟ ගීතය ගෙයින් පිටත ගිනි ගෙට ඇරගෙන මේමා සුපුන් සඳට ගිනි පිඹලූවැයි කෝමා හිතින් තනිවෙලත් බැඳි බැමි තද සේමා ඉතින් අරුම නැතිවයි පවසනු කෝමා සියල් සිරිත් හැර උඩුගං බලාගෙන උපුල් කොපුල් කඳුළැල්ලෙන් තෙමාගෙන විකල් සිතුම් පැතුමන් සේ හිතාගෙන ලකල් නුඹත් උන්නා හිත හදාගෙන සුපුන් සඳේ තරු පිරිවර හා රැඳුන ඉතින් නැවත මා එනතුරු මඟ බලන නෙතින් හැලු කඳුළු කුමකට සම කරණ පිපෙන්න ඇයිද? මල් අකුලක රැඳෙන පින්නේ පිපුන බිම මල සේ සොමි ගුණෙනී උන්නේ ළඟට වී දුක ...
නොනිදා පහන් වූ සිහිනයෙම රෑ වුන විහඟ ගීතය හිතට මුවාවී ගෙන ඉද සිත් බැන්ද දුකට උණු කදුළු වල පහසම වින්ද එකට යා නොහැකි උසුලා දුක් කන්ද දැහැට නොපෙනිලත් නුඹ සිටියේ මන්ද වදන් වල අරුත් පසිඳා ගත හොහිනී උපන් ගෙයිම ප්‍රේමය වළලා දැමුනී සිතන්නට පවා ලොබ හිත් තුල බැඳුනී පසන් පෙම දෙසිත් අතු ඉති ලා වැඩුනි උඩු සිත් අරා නැ බෑ කීවත් අරම යටි සිත් තුටු වු අරුමය කියනුද කෝම පිළිවෙත් ගරු කරන් හිත හැඩු කඳුළින්ම මුනිවත් රකින යුරු ඉවසන්නද ...