ස්තූතියි විහඟ ගීතය ස්තූතියි ඔබ සැමට වසර ගනනාවක ලද අත්දැකීම් කැටිකොට බොලොග් වියමනෙහි විහග ගීතයෙන් ඔබ සැම සමගින් ලෙන්ගතුව එක්වු සිඩ්නි බණ්ඩාරනායක වන මා සැමියාගේ හදිසි වියෝව දැන ඔහුගේ දේහය ලංකාවට ගෙන ඒමටත් ඒ හා සම්බන්දව නන් අයුරින් උදව් උපකාර කළ සියලු දෙනට හා අප සමග දුක බෙදා ගනිමින් සෝව පල කල සැම දෙනට මාගේත් දියනියන් ...
මගේම ආදරනීය.................. විහඟ ගීතය ගන දුර හැලෙන රෑ පින්නේ පැලට වෙලා අහසින් හැලෙන වැහි කෝඩෙට මුවා වෙලා පැදුරට වැටෙන කදුලක බර එකතු වෙලා සීතල සුලග ඇයි මේ හැටි නපුරු වෙලා කඳු යායට උඩින් අඬ සද බැස ගොසිනී මූසල රෑහි හඩ නැග එයි තුරු මතිනී ලග සිටි නුඹත් මා ලග අද නැති බැවිනී එක සද නොවේ සියයක් බැස ගියා වැනී පැල තුල වැතිර සීපද ...
මෙහෙවර දනී නුඹ, මගෙ "තිළිණිය" නිතර.... විහඟ ගීතය නුවන් යුඟ දැවී දුක් කඳුළින් පිරුණ කියන්නට නොහැකි තරමට හිත හඬන දිනන්නට ලොවක් වෙත නුඹ යන ගමන බලන්නට අනේ... මම අහලක නොවින හුරු නොවී, තනිව කිසිවක් කරණු බැරී දුරුවෙලා රටක, ඉගෙනුම කරනු සරී බොරු නොවේ මටම අදහා ගන්න බැරි ගුරු වුනා අපිට, නුඹ කී දෑ සපිරී පෙරුම් පුරා ගෙන ආ ලෙස වෙන්න ඇතී හැඬුම් දෙඩුම් කඳුළින් දුක දොවා ගතී ...
මගේම ආදරණීය ( 2 ) ............... විහඟ ගීතය හෙට..........! පෙමාතුර හැගුම් අබියස දවා මුලු දිවිය කදුළක හොවා ගෙන ළතැවුලෙහි සිත කිමද කාරණා..................... දි දී නෙක පිළින මනනද ඉදී නුඹෙ සුවය විද, විද සැදී නොයන සද සිහිනය නිල් නුවන් තෙමා. නොකීවද මගෙහි සළකුනු නුඹේ සිත පෙලන නිරතුරු අසා දකින තුරු දිව, රෑ හඩන යුරු පෙනි. ලොවේ කොතැනකට වී හෝ නුඹේ කදුලු ඇස් දැක, දැක දමා යන්න බැරි හන්දා ...
සඳ වතක් වුනා නුඹ මට , විහඟ ගීතය සඳ වතක් වුනා නුඹ මට, තරු නෙතක් වෙලා නුඹ හට මුඳු සෙනේ ඉතින් දුර සිට විඳිනෙමී නිතින් දුරුනොවී නොගොස් ඈතක පිරු පෙරුම් වලින් පෝසිත සිහිනයක් නොවී මාසිත රැඳුනි දෝ ළඟින් නෙතු පියා නිදන යාමෙක සිත ඇඳුන රුවම සිහිනෙක පැටළිලා ඇවිත් නුඹෙ වඟ කොඳුරලා ගිහින් දුර ගියත් හිමව් වන වැද පෙර පිනම ගෙනා සඳ වත මෝඳු වෙන තුරා මඟ රැක හිඳිනෙමී ඉතින්..... ...
මංපෙත් හදාගමු...... විහඟ ගීතය සීතළ සඳට මුඳු සේළය පිරුවාය රෑ තරු දෙනෙත් එය දැක ඉඟිමැරුවාය ඊතළ දුනු දැරූ මල්සර දුනුවාය මේ වර නම් ඉතිං වරදක් නොකලාය පීදුනු පැතුම් බොල් සුළඟට යන්න නොදී ඈඳුනු හිතට අවුලක් අත්වන්න නොදී දේදුනු සිහිනයේ රැදිලා නොදී පෑහුනු නුඹේ, හිත ළඟ උණුසුමේහි රැදී සාර සියක් මල් සුවදට මුසු වූව නෑර එමල් සුවඳට ගත සිත පෑව කාරණාව දැන හැදිනූයෙන් මාව පූරමින් පෙරුම් සෙනෙහසකට යාව තල් පත් පුරාවට පෙම් ගී නොලියාම කල්ගත් නමුත් සෙනෙහස තරුණයි තාම බැල්මෙත් ...
සුභ අළුත් අවුරුද්දක් වේවා විහඟ ගීතය පිස එන මඳ සුළඟ එක් වූ දෙසක රැස රැස කට අළුත් අවුරුදු පැතුමකිය තොස තොස දෝරේ ගලා බ්ලොග් වියමනෙහි යස යස සිරි උදාවේ සැම දුක කඳුළ පිස ඔබ සැමට සුභ අළුත් අවුරුද්දක් වේවා ...
ඉතිං ආයුබෝවන් වසරක් ගෙවුනි විහඟ ගීතය ඉතිං ආයුබෝවන් වසරක් ගෙවුනි..... ඇසින් නොදුටුවත් කිසිදා, දුටු ලෙසිනි තුටින් මෙහි ඇවිත් ගුණ දොස් පෙන්වමිනි විටින් විට මතක මං පෙත් අහුරමිනි ඉතිං ආයුබෝවන් වසරක් ගෙවුනි, නොවී පමා අනුදත් කව් ගී මතුර තැවී නොතැවෙමින් කල් යල් බැලු අතර සෙවීමට අළුත් දෑ තිබුනෙන් නිතර ගෙවී ගිය වසර, දින ගනනක් විතර රන්දා සිනාවෙක දුක රැඳුන කඳුලෙක බින්දා වුව සිතැඟි දැන නොදැන කාලෙක හින්දා හිත මිතුරු , සිත් බැඳුන යායෙක මන්දාරමක් නැහ මෙහි පෙනෙන මානෙක ලියු දේ ...
Untitled Post විහඟ ගීතය නොකියු වෙසක් කවි බුදු, පසේ බුදුන්ටත් දෙවමින් නිගරුහුදු අපේ, අපේ කම්වල මං අහිරුපුදුමෙකී ගෙවුණ කල, හිමියනි මහරුඉඳු වෙසක් දොහේ බොහෝ වැඩ නම් බහුරූ සිල් ගනී කෙනෙක් , තවකෙක් සිල් රකිනමල් පහන් පුදා, හිත් මලකඩ කඩනඅල්ලමින් එකම නවගුණ වැල සොඳිනකල් බලයි ඉදන් අල්ලාගෙන කෙමණ හිත් පුරා ක්‍රෝධ, ඊර්ෂ්‍යා ව
Untitled Post විහඟ ගීතය මගේම ආදර.........සිහිනෙන් මිදී........දඹරන් පිලිම ගල්කනු සේ පෙනෙනවදපෙරගින් නැගුන සඳ අවරින් නැගෙනවදසුපසන් සෙනෙහසට නැවතුම තියනවදසිහිනෙන් කේතුමතියට පිය නගනවදඅඳ ගොළු බීහිරි වු කල පාමුල වැටිලාඅද නැත නොම සිතා හෙට දවසක් පතලාසඳ මෙන් සුසැදි සෙනෙහස ගැන ඉව වැටිලාවද වන දිනකදී වත් එනු මා පතලා ...
Untitled Post විහඟ ගීතය 29.04.2010 දින සිඩ්නි විසින් මගේ සමරැ පොතේ ලියන ලද්දක්නිධානය සෙවීම....ගලා ගෙන ගිය ගඟ සිදුනාසේසියලු මං පෙත් වැසුනා...........බලා ගෙන සිටි නඩය ඉන්නාඉසව්වක් වත් නොදැනාමුලාවක්මය කවුරැවත් නැතඅපිට අපිමයි කියනාවිලාසෙන් නුඹ හදිස්සියකටතිබු මසුරන් සොයනා.......... ...
හීනියට පෑ සිහිනෙකි විහඟ ගීතය හීනියට පෑ සිහිනෙකි පහන් තරුවට අරුතකී හිරුගෙ අභියස කදෝ පැණි සකි ගිලිහෙනා යුරු අරුමෙකී රෑ දවල් නිති රකිමිනී පෑ සෙනේ නොපිරුන මෙනී ගෑ සුවඳ සිහිනෙට විනී ඈ කොහිද..? මම තනියෙනී නෙතින් නෙත ඈඳුන නියා සිතින් සිත දෝරේ නොයා මතින් මත පීදුන දයා ඉතින් හිත කොහේදෝ ගියා දුකින් ළතැවිල්ලෙන් පිරී නෙතින් කඳුළක් වී පෙරී හිතා ගන්නටවත් බැරී කුණාටුව හද දොර හරී පියාඹන විහඟුන් රැහේ යළිඳු එයි රැඳුනත් කොහේ සිතින් පිටමං වුන දොහේ එයිද කවදාවත් මෙහේ බැඳුනු උඩුසිත් හැරපියා රිදුනු යටිසිත් හැඬවියා
මගේම ආදරනීය.................. විහඟ ගීතය ගනදුර හැලෙන රෑ පින්නේ පැලට වෙලාඅහසින් හැලෙන වැහි කෝඩෙට මුලා වෙලාපැදුරට වැටෙන කඳුලක බර එකතු වෙලාසීතල සුලග ඇයි මේ හැටි නපුරු වෙලාකඳු යායට උඩින් අඬ සද බැස ගොසිනීමූසල රෑහි හඩ නැග එයි තුරු මතිනීළග සිටි නුඹත් මා ලග අද නැති බැවිනීඑක සද නොවේ සියයක් බැස ගියා වැනීපැල තුල වැතිර සීපද කිව්වා එකටයායක ඉරිගු මල් පිපුනා නොවැ අපටකොයි? ඒ ගී සින්දු ...
Untitled Post විහඟ ගීතය මගේ ආදරනීය................ඔබේ අදහස් පැනිත්තකි....................මාවෙහෙසවු තොල තෙමෙනාඑකම ගීීයකි ලියන විට රෑලගින් හිද තනි රකිනාදිගු ගමන අත නෑර යමු අපිකැළණි ගග මෙන් ගලනා........ ඔබේ බසකින් කලා වැව වීීමගේ සිත රෑළි නගනා..... ...
නොපහන් විහඟ ගී හිතකට නොතරම්ද විහඟ ගීතය හිත ඇද බැඳුන මුත් ඒ සිත ළඟ තනිවී ගතවුන දින බොහෝ, නැති කිසි දින හමුවී නෙත කඳුළක එතුන දිග සුසුමක ගුළිවී මතකය අවදි කරනෙමි නුඹමෙන් තනිවී සිහිනෙන් ගෑව සුවඳක් මෙන් සිත ඇන්ද විඟහින් එනු නොවී කල් යල් බැලුයෙන්ද සුපසන් ඇල්ම ඇල්වී , බැමි දුටුයෙන්ද නොපහන් විහඟ ගී හිතකට නොතරම්ද සියපත් සේ සුමුදු පිවිතුරු පෙම බැන්ද සුනරුත් වී නෙතට කඳුලක් වී බින්ද නුඹ ලත් දුකම විඳි, මම නොනිදා නින්ද තවමත් ඒ සිහිනයෙම ...
මෙහෙවර දනී නුඹ, මගෙ "තිළිණිය" නිතර විහඟ ගීතය නුවන් යුඟ දැවී දුක් කඳුළින් පිරුණ කියන්නට නොහැකි තරමට හිත හඬන දිනන්නට ලොවක් වෙත නුඹ යන ගමන බලන්නට අනේ... මම අහලක නොවින හුරු නොවී, තනිව කිසිවක් කරණු බැරී දුරුවෙලා රටක, ඉගෙනුම කරනු සරී බොරු නොවේ මටම අදහා ගන්න බැරි ගුරු වුනා අපිට, නුඹ කී දෑ සපිරී පෙරුම් පුරා ගෙන ආ ලෙස වෙන්න ඇතී හැඬුම් දෙඩුම් කඳුළින් දුක දොවා ගතී පියුම් විලක් මැද සියපත් මුදු රුවැතී උතුම් ගති සිරිත් දැන, ඉගෙනුමෙන් නිතී පිරිවර ...
අළුත් අවුරුදු කවිය විහඟ ගීතය සියල් සිරින් පිරි සුභ අවුරුදු හීන කැළැල් සිත් සැදී මිතු දම් ගොඩ දාන සියල්ලන්ට සිතු පැතු සම්පත් ගේන මඟුල් ලකුණ කිය, කවි සිතිවිළි පාන කඩින් කඩ එකතුවී මහ ගඟක් වෙලා බලන් සිටිද්දිම මහ පෙළහරක් කලා නෙතින් නොදුටු බ්ලොග් සඟයිනි මෙතෙක් වෙලා හිතින් බැඳුන යුරු අරුමය පසක් කලා කියන්නට තිබූ බොහෝ දේවල් නොකිපි ලියන්නට ලැබුන ඉඩකඩ ගැන වැලපී නො එන්නට ගමන් යන තුරු වැද සැතපී පිපෙන්නට හරිමු මල්, මල් ලොව නොපිපී හිටු කියා ...
යෙහෙන් කොහේ හිටියත් මට සතුටකිය විහඟ ගීතය මල් උයන් මැදින් අත බැඳ ගිය තාලේ විල් තෙරේ පිපුන මල් දැක බැඳි ආලේ වල් වැදී මතක පොත අකුලන ලීලේ කල් බලන් හිටිය හොදටම ඇති රාලේ පින්නේ පිපුන බිම් මල වාසනාවන් උන්නේ කොහිද මෙතුවක් වී මුලාවන් දන්නේ නැති නමුත් සිතිවිළි මනාවන් එන්නේ ඇයිද මේ ලෙස වැහි වළාවන් රං මලේ වරුණ රන් මල නොදැක ගයා ලං වෙලා හිතට, හිත ගිය කරුණ සොයා තුං යමේ සිහිනයේ නිදි නැතිව පියා මං මෙහේ අවදියෙනි නුඹෙ ...
කල් බලන් ඉඳලම ඇතිවෙලා විහඟ ගීතය නෙතු පියාගෙන හිත ගොළු වෙලා නුඹ හිතෙ පතුලෙම සඟවලා සිතුවිළි කලලේ කල් සපිරිලා කල් බලන් ඉඳලම ඇතිවෙලා මුව සිප බදා තුරුලට වෙලා නුඹ කියු කතා නැත ගොළුවෙලා මුළු රැයම නෙතු පියවෙනු නොලා ඒ සිහිනයම සිතුවම් කලා නුපුරුදු නුහුරු සුවඳක ගලා ආ මිහිරි මතකය පුරවලා හිරු නැගෙන සඳ, හඳ බැස පලා යන ලෙසින් කොහෙදෝ සැඟවිලා රණ මොනර නැටුමක පැටළිලා යන ගමන ගැන අමතක වෙලා නුඹේ මඟත් මම අවහිර කලා ඒ නිමිත්තම තවමත් බලා කොයි කවුරු වෙද මෙය හිස ...
අළුත් ජනකවි 8 විහඟ ගීතය අළුත් ජනකවි 7 මෙතනින් කියවන්න පියයි මගේ උරුමය, එලෙසම රැක්කා ගියයි ඔහුත් පුරවැසි පෙරමුණ එක්කා ළමයිනේ වෙමින් නුඹලට දැනමුත්තා මමයි රටට නොව සිරිකොතටම ලොක්කා හම්බන්තොටට සව්සිරි ඉතිරෙමින් පිරි නැව් තොටුපොළ ගුවන් තොටුපොළ ගිමන් හරි මංමාවත් හැදෙයි පාලම් වෙමින් සරි සංවර්ධනය වෙයි කවුරුත් කොහොම හරි වී මිල අඩුවෙලා ගොවියෝ වහ බොනවා හාලේ මිල දැකල වැසියෝ දෙස් දෙනවා සිල්ලර සටන් පාටය සටනට එනවා මහරජ! කැකිල්ලේත් කැසපොට අමුනනවා කියත් බොහෝ දේ ඡන්දෙට පද බැදලා වියත් හූ නොවෙති ...