ප්‍රතිපත්තිය විසිතුරු | visituru මෙය එංගලන්තයේ සත්වෝද්‍යානයක වඳුරන් සම්බන්ධ කරගෙන කරන ලද පරීක්ෂණයකි. එහිදී පර්යේෂකයන් විසින් වඳුරන් 8 දෙනෙකු එක් කාමරයකට දමා වසන ලදී. එම කාමරය මැද ඉනිමඟක් වූ අතර ඉනිමඟට උඩින් සිවිලිමේ කෙසෙල් ගෙඩි කිහිපයක් එල්ලා තිබුණි. වඳුරෙකු ඉනිමඟ දිගේ නැඟ කෙසෙල් ගෙඩි ගන්නට උත්සාහ කරන හැම වතාවකම අනෙක් වඳුරන් සත් දෙනා අධික සීතල වතුර ප්‍රහාරයකට ලක් විය. කාමරයේ තිබූ සිසිල් බවත් සමඟ ...
ඇමරිකන් සිහිනය විසිතුරු | visituru ඇමරිකාවේ නාසා ආයතනය ඇපලෝ ව්‍යාපෘතිය සඳහා සූදානම් වෙන අතරතුර අභ්‍යවකාශගාමීන් සඳහා පුහුණු වැඩසටහනක් නවාජෝ නම් ඉන්දියානු ජනයා වෙසෙන රක්ෂිත ප්‍රදේශයක පවත්වන්නට කටයුතු යෙදුවේය. මෙම වැඩසටහන පවත්වාගෙන යන අතරතුර දිනක් වයස්ගත නවාජෝ නායකයෙක් සිය තරුණ පුතා සමඟ මෙම ස්ථානයට පැමිණියේය. ඔහු නවාජෝ භාෂාව පමණක් දැන සිටියෙකි. අභ්‍යවකාශගාමීන් පිරිස හමු වූ ඔහු "ඔබලා මේ මොනවාද කරන්න සූදානම් වෙන්නේ යැයි විමසීය?" ඔහුගේ පුතා ...
අනාවැකිය! විසිතුරු | visituru ඔහු ඉතාමත් ප්‍රසිද්ධ දෛවඥයෙක්. ඔහු කී දෙයක් වැරදුනේ යැයි කිසිවෙකුත් කවදාවත් අසා තිබුණේ නෑ. එක් දිනක් තරඟ විභාගයකට පෙනී සිටින්නට නියමිත සිසුන් 3 දෙනෙක් මේ දෛවඥයා හමුවට ආවා. ඔවුන් තම විභාගය ගැන ප්‍රශ්න කිහිපයක්ම දෛවඥයාගෙන් අහුවා, නමුත් ඔහු කිසිවකට පිළිතුරු දුන්නෙ නෑ, ප්‍රශ්න සියල්ල අවසානයේ එක් ඇඟිල්ලක් පමණක් ඔසවා පෙන්නුවා. සිසුන් තිදෙනා ආපසු හැරී ගියා. ඔවුන් තම මිතුරන් අතරත් මේ ...
අවංකම මන්ත්‍රීවරයා! විසිතුරු | visituru ඔහු එම යුගයේ සිටි අවංකම, නිහතමානී මන්ත්‍රීවරයා ලෙස ප්‍රකට විය. අල්ලසට, වංචාවට කිසිදිනක යට නොවූ හෙතෙම සිය නිකලැල් මහජන සේවයෙන් විශ්‍රාම ගන්නා දිනය උදා විය. ඔහුගේ බලප්‍රදේශයේ සිටින ජනතාවගෙන් නියෝජිතයෝ පිරිසක් එදින මන්ත්‍රීතුමාගේ බිරිඳ හමුවට ආහ. ඔවුන්ගේ අරමුණ මන්ත්‍රීතුමාට උපහාර පිණිස යමක් කිරීමට අදහසක් ලබාගැනීම විය. නමුත් මේ පිළිබඳව ම
මාක් ට්වේන්ගේ අවංකකම විසිතුරු | visituru ටොම් සෝයර්, හකල්බරි ෆින් ආදී ලොව පුරා පාඨක සිත් වසඟ කල පොත් ලියූ මාක් ට්වේන් හට දිනක් දේශනයක් සඳහා ආරාධනාවක් ලැබුණා. මාතෘකාව "අවංක භාවයේ වැදගත්කම". දේශනය ආරම්භ කරමින් ඔහු මෙසේ පැවසුවා."මම බොහොම ආසයි කොමඩු කන්න. ඔන්න දවසක් පොඩි කාලේ මම පාර දිගේ ඔහේ ඇවිදගෙන යද්දි දැක්කා කොමඩු පිරුණ කරත්තයක්. වටපිටාවේ කවුරුත් හිටියෙත් නෑ. මම් හෙමිහිට ...
පොළිය විසිතුරු | visituru දිනක් නසෘදීන්ට හදිසි කාරණයක් උදෙසා මුදල් සොයාගැනීමට අවශ්‍ය විය. ඒ ඔහු රාජ මාලිගයෙන් බැහැරව ගෙවූ කාලයකි. එහෙයින් ඔහුට ඩිනාර් දහයක තරම්වත් මුදලක් හදිස්සියේම ඉල්ලා ගැනීමට අයෙක් නොවීය. වෙන කරන්නට කිසිම දෙයක් නොවූ නිසා අවසානයේදී නසෘදීන් මැදියම් රැයේදීම දෙවියන්ට යාඥා කරන්නට තීරණය කළේය. මෙය තරමක් අමුතු කාරණයක් වූයේ ආගමේ නාමයෙන් පූජකයන් සහ වෙනත් බලධරයන් කරන දූෂණ ක්‍රියා වලට සහ අන්ධ ආගමික ...
පරිශ්රමය (1951 දේදුන්න කවි සඟරාව) විසිතුරු | visituru පරිශ්රමය1951 දී දේදුන්න කවි සඟරාවේ පළවූ බදුල්ලේ විල්මට් පෙරේරා කිවිඳුන්ගේ නිර්මාණයකිහැඩි දැඩි පරංගින්ගේ අණසකෙහි වැටින්පැනගෙන අභීතව මරුගේ නිකට යටින්තරකොට රැගෙන කඩුපත දකුණතෙහි මිටින්වීරෝදාර මිනිසෙක් එයි අසකු පිටින්නැඟ ආ රණ මතෙහි වේගය කරණ කොටඋණුසුම් කරද්දී සම් මස් නහර ඇටපසු බැස නොගොස් නොසැලී වෙන කිසිවකටවීදිය බණ්ඩාර එයි තව ඉදිරියටමරණය නියතමය තව එක මොහොතකදීයනුවෙන් සිත සිතා
අලෙවි නියෝජිතයෝ විසිතුරු | visituru එක් ප්‍රසිද්ධ සමාගමක අලෙවි නියෝජිතයක් දෙදෙනෙක් දුර පළාතක ආයතනයකට භාණ්ඩ වගයක් අලෙවි කරන්න ගියා. නමුත් මේ දෙන්නට හිතපු විදියට රෑ වෙන්න කලින් පිටත් වෙන්න බැරි වුණා. බැලින්නම් අන්තිම බස් එකත් ගිහින්. කරන්න දෙයක් නැති හින්දම දෙන්නම අර ආයතනයට ආපහු ගියා. එතන හිමිකාරිය වූ කාන්තාවත් ඒ වෙනකොට ගෙදර යන්න සූදානම් වෙමින් හිටියා. අතරමං වුණ අලෙවි නියෝජිතයන් දෙන්නට තමන්ගේ නිවසට එන්න කියලා ...
කතරගම දෙවියන් හා නාඩි වාක්‍යය විසිතුරු | visituru අප බොහෝ විට අසා ඇත්තේ කතරගම දේවාලයේ වැඩ වසන්නේ හින්දු දහමේ එන ස්කන්ධ කුමාර දෙවියන් බවයි. ඔහු මුහුණු සයක්, අත් දොළහක් ඇත්තෙකි. මෙහි කියවෙන්නේ කතරගම දෙවියන් පිළිබඳ වෙනස්ම කතන්දරයකි. එය ඉන්දියාවේ නාඩි වාක්‍ය ක්‍රමය අනුව පැවසෙන්නකි.බුදු රදුන් දවස එහි සුබ්‍රහ්මණ්‍ය නම් වූ දෙවියෙක් වාසය කළා. ඔහු බුදු දහම පිළිගත් යහපත් තැනැත්තෙක්. දිනක් මේ දෙවියා ඇමතූ බුදු රදුන් ඔහුට ලංකාවේ රෝහණ ...
හිතන විදිය විසිතුරු | visituru එක්තරා විද්‍යාඥයෙකුගේ පර්යේෂණාගාරයක සිටින ගිනිපිග්ස්ලා දෙන්නෙක් අතර මෙහෙම දෙබසක් ඇති වුණා. මෙම පුද්ගලයා සත්තුන්ගේ බුද්ධි මට්ටම් ගැන පර්යේෂණ කරන ලෝක ප්‍රසිද්ධ සත්ත්ව විද්‍යාඥයෙක්..පළවෙනි ගිනිපිග් - දන්නවද? මම අන්තිමේදි කොහොමහරි හරි අර සයන්ටිස්ට්කාරයා පුරුදු කරලා ගත්තා!දෙවැනි ගිනිපිග් - මොකක් ? ඒ කොහොමද?පළමු ගිනිපිග් - මම අර මිනිහා හදපු වංකගිරිය වගේ එක අස්සෙ තියෙන බෙල් එක ගාවින් දුවලා ගියාම බෙල් එක වදිනවනේ? ...
හොඳයි හොඳයි! විසිතුරු | visituru මේ කතාව ගම ජෝඩුවක් ගැන. මේ දෙන්න බැඳපු අලුත බොහොම ආදරෙන් තමයි දැන් ඉන්නෙ. මේ ගම හාමිනේ හරිම ආසයි "හොඳයි" කියලා කියවාගන්න. තරුණ ගමරාළ කුඹුරෙ වැඩට ගිහින් හවස් වෙලා ගෙදර එනකොට හාමිනේ ගෙදර එදිනෙදා වැඩ වලට අමතරව මොකක් හරි විශේෂ දෙයක් කරලා තියෙනවා.ගමරාළත් ගෙදර ඇවිත් වැඩේ දැකලා හොඳයි කියනවා.ඔන්න එක දවසක ගම හාමිනෙට හිතාගන්න බැරි වුණා හොඳයි කියලා අහගන්න කරන්න ...
හොඳම කතාව විසිතුරු | visituru දිනක් දඩයක්කාරයෝ දෙදෙනෙක් කැලයකට ගියා දඩයමක් කරගන්න හිතාගෙන. නමුත් කැලේට ඇතුළු වෙලා වැඩි දුරක් යන්න කලින් එක දඩයක්කාරයෙක් පය පැටලිලා ඇදගෙන වැටුණා. කලබල වෙච්ච අනිත් දඩයක්කාරයා වහාම තම මිතුරාව පරීක්ෂා කරලා බැලුවා ඔහු හුස්ම ගන්න බවක් පෙනුනේ නෑ. දෑස් ආයාගෙන වැටුන තැනම වැතිරී සිටියා. කිසිවක් කරකියා ගත නොහැකිව මදක් වේලා සිටි අනෙක් දඩයක්කරු වැටී සිටින මිතුරාගේ දුරකතනය ගෙන හදිසි අනතුරු ...
වලංගු හේතුව විසිතුරු | visituru මහාචාර්යතුමා විසින් ඉතාමත් වැදගත් පර්යේෂණ ව්‍යාපෘතියක් ගැන තමන්ගේ දේශනයේදී සඳහන් කළා. එම වාරයේ ඇගැයීම් ප්‍රශ්න පත්රයකට පෙර පැවැත්වෙන අවසන් දේශනය නිසා ඔහු තරයේ සිසුන්ට අවධාරණය කරන්නට යෙදුනා එම ව්‍යාපෘතිය පිළිබඳ පුළුල් දැනුමක් තිබීම සහ ඇගයීමට පෙනී සිට එය සමත් වීම ඔහුගේ විෂයය සමත් වීමට අනිවාර්ය අවශ්‍යතාවයක් වන බව."ඒ වගේම මේ ඇගැයීමට පෙනී සිටීමට නොහැකි වන අයට ඒ සඳහා සහනයක් දෙන්නෙ ...
අන්දරේ සහ රන් කැවුම් පූජාව විසිතුරු | visituru අන්දරේ වාසය කල ප්‍රදේශයේම එක් ධනවත් මහලු වෙළෙන්දෙක් විය. දිනක් මේ මහලු වෙළෙන්දාට මාරාන්තික රෝගයක් සෑදිණි. දිනෙන් දින දුර්වල වූ මොහු මිය යන බව තේරුම් ගත් වෙළෙන්දාගේ පුතා සිය පියා අවසන් කාලය පුරා හැකිතරම් සතුටින් තැබීමට පියවර ගත්තේය. කල්ගත විය රෝගය උත්සන්න වී වෙළෙන්දා මරණාසන්න විය. මේ මරණාසන්න මොහොතේ ඔහුට කැවුම් කෑමේ බලවත් ආසාවක් පහළ විය. මෙය ...
මහජන අදහස් විසිතුරු | visituru එම මන්ත්‍රීවරයාට ඔහුගේ නිල කාලය තව වසරකින් අවසන් වන බවත්, මැතිවරණයක් සඳහා දැන් සිටම සූදානම් වීම සුදුසු බවත් ලේකම්වරිය විසින් දන්වා සිටියාය. මතක ඇති කාලයක තමා ජනතා හමුවකට නොගිය බවත් ජනතාවට තමා ගැන මතකයේ පවතින කිසිම වැඩක් නොකළ බවත් ඔහුට මතක් වුනේ එම වෙලාවේදීය. කල යුත්තේ කුමක් දැයි ඔහු සිය මහජන සබඳතා සම්බන්ධීකාරකගෙන් ඇසුවේය. ...
ලංකාණ්ඩුවේ දුම්රිය මාර්ගය විසිතුරු | visituru -------------------------------------------------------------------------------------------ලංකාණ්ඩුවේ දුම්රිය මාර්ගයප්රියංකර සොහොවුරියන් තිදෙනෙක් ඉදිරිපත් කරයි.C G Rඋඩරට මැණිකේයාල් දේවිරුහුණු කුමාරි1956 අප්‍රේල් 23 වැනි සඳුදා සිට පටන් ගැනේසුරක්ෂිතව ගමන් කරන්න - ලාබෙට ගමන් කරන්න - දුම්රියෙන් ගමන් කරන්න---------------------------------------------------------කැමතිද පැරණි ලංකාවේ සේයා රූ එකතුවක් බලන්න....Images of Ceylon ...
ස්මරණ ශක්තිය විසිතුරු | visituru එක්තරා නීතීඥයෙකු හෘදයාබාධයකින් සිදු වූ සිය අකල් මරණයෙන් පසුව දිව්‍ය ලෝකයේ ද්වාරය අසල පහළ විය. නීතීඥයන් සුරලොවට පැමිණීම අරුමයක්ම වූ බැවින් සක්දෙව් රජු වහාම ඔහු හමුවට පැමිණියේය. " ඔබ වැනි අයෙක් අප සුරලොවට පැමිණීම ඉතාමත් අමුතු සිදුවීමක්. ඉන්න මම ඔබේ ඉතිහාසය පරීක්ෂා කරනතුරු." යි පැවසූ සක්දෙව් රජු නීතීඥ තෙමේ මිනිස් ලොව සිටියදී කරන ලද යහපත් ක්‍රියා පිළිබඳ වාර්තාවක් ගෙන ඔහු ...
රාවනා රජතුමනි ඔබතුමා ආපසු එනවාද? විසිතුරු | visituru රාමායනෙන් ඔබේ චරිතය වාල්මිකී පතුරු ගැහුවා අපි දන්නවා. වාල්මිකී අපේ හතුරෙක්. දේශපාලන සතුරු චරිත ඝාතනය ගැන හමුවෙන පරණම උදාහරණය තමයි ඒ. ලොවම ගරු කළ රාවනා නාමය විනාශ කරන්න එදා ඉන්දියානුවන් තමන්ගේ ආගමටත් රාමායන පුවත ඈඳාගත්තා.අදටත් එය සැමරීම ඔවුන්ගේ සිරිතයි. ඒවායින් කමක් නෑ. නමුත් අපේ උදවිය දැන් කොරන වැඩ දැක්කාම ඔබතුමාට ආපහු එන්න හිතෙනවාද? ඔවුන් කියනවා රාමාගේ හීපහරින් මුසපත් වුණ රාවනා ...
විෂ්ණු දේව පිළිතුර විසිතුරු | visituru එය අගනුවරින් දුර බැහැර පෙදෙසක පිහිටි පන්සලකි. මෙම පන්සලේ විෂ්ණු දේවාලයක්ද විය. දිනක් මෙම පන්සලේ විසූ ජිනරතන නම් හාමුදුරුවන්ට සිය අවශ්‍යතාවයකට කොළඹ නගරයට යාමට උවමනා විය. එකල හැටියට මෙය තරමක් දුෂ්කර ගමනකි. ජිනරතන හාමුදුරුවෝ සිය ගමන යාමට සූදානම් වී විෂ්ණු දේවාලයට ගොස් දෙවියන් යැද සිය ගමන සාර්ථක කරවා දෙන ලෙස ඉල්ලූහ. අනතුරුව උන්වහන්සේ කොළ කැබැල්ලක පහත කවිය ලියා දේව රූපය ...
ඝාතකයා! විසිතුරු | visituru යම් පුද්ගලයෙක් මිනිස්සු දෙදෙනෙක් ඝාතනය කළොත්? නීතිය ඉදිරියේ ඔහු මිනීමරුවෙක්. ඔහුට මරණ දඬුවම නියම කෙරෙනවා.යම් පුද්ගලයෙක් මිනිස්සු 20ක් ඝාතනය කළොත්? නීතිය ඉදිරියේ ඔහු මානසික රෝගියෙක්. ඔහුට මානසික වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙනවා. යම් පුද්ගලයෙක් පුද්ගලයන් 20,000ක් ඝාතනය කළොත්? ඔහුට වහාම ජිනීවා නුවරට එන්න ආරාධනා ලැබෙනවා. සාම සාකච්ඡා පවත්වන්න.සැ.යු. - මෙය මගේ අදහසක් නොව මීට බොහෝ කලකට පෙර කියවූ සඟරාවක තිබූ අදහසකි. ...