සිතීම ඔබට බාරයි විසිතුරු | visituru මේ අපෙ සරසවි බිමේ ඇලැවුණු පෝස්ටරයක්. ළඟදි දවසක මගෙ යාලුවෙක් මේ සේයා රුව මූණු පොතට දාලා තිබුනා. ඒකෙන් තමයි උපුටා ගත්තෙ."අම්මා මහන්සි වෙලා මට ඉගැන්නුවාමම හොඳට පාඩම් කරලා කැම්පස් ආවාඉන්ටවීව් ආවම අම්මා ගොඩක් සතුටු වුණාඩිග්රිය බාල නිසාජොබ් එක හම්බුන්නෑ කියපුවාම අම්මා ගොඩක් දුකෙන් හිටියාඅඟ පත හෝදගෙන ගෙට එද්දි...අම්මා හුස්ම ගන්නෙ නෑ..."ඒ ගැන සිතීම ඔබට බාරයි .... ...
වැඩි හොඳ! විසිතුරු | visituru මේක අපෙ සරසවියෙදි වුණ සිද්දියක්. දවසක් අපේ බැච් එකෙ යාලුවො දෙන්නෙක් ටිකක් හැන්දෑ වෙලා කලා පීඨයෙ අවන්හල පැත්තෙ ගිහින් මොනවා හරි සප්පායම් වෙන්න හිතාගෙන. මේ දෙන්නට එතන පුටුවක් උඩ තිබිලා හම්බුනා මොබයිල් පෝන් එකක්. අපේ යාලුවො දෙන්නත් බොහොම අවංක හිත හොඳ අය. ඉතින් දෙන්නාම කන බොන එක පැත්තක තියලා අර ෆෝන් එකෙ තිබුන නම්බර් අතරින් මුලින්ම තිබුන නම්බරයට ඇමතුමක් ගත්තා." ...
හොඳයි හොඳයි! විසිතුරු | visituru මේ කතාව ගම ජෝඩුවක් ගැන. මේ දෙන්න බැඳපු අලුත බොහොම ආදරෙන් තමයි දැන් ඉන්නෙ. මේ ගම හාමිනේ හරිම ආසයි "හොඳයි" කියලා කියවාගන්න. තරුණ ගමරාළ කුඹුරෙ වැඩට ගිහින් හවස් වෙලා ගෙදර එනකොට හාමිනේ ගෙදර එදිනෙදා වැඩ වලට අමතරව මොකක් හරි විශේෂ දෙයක් කරලා තියෙනවා.ගමරාළත් ගෙදර ඇවිත් වැඩේ දැකලා හොඳයි කියනවා.ඔන්න එක දවසක ගම හාමිනෙට හිතාගන්න බැරි වුණා හොඳයි කියලා අහගන්න කරන්න ...
කැකිල්ලේ රජුගේ වැඩක් විසිතුරු | visituru ඔන්න එක කාලෙක යාලුවො 4දෙනෙක් එකතු වෙලා පුළුන් ව්‍යාපාරයක් පටන් ගත්තා. ගොඩාක් මහන්සි වෙලා එහෙම මේ 4 දෙනා පුළුන් ගොඩක් එකතු කරලා ගබඩාවක තැන්පත් කලා. නමුත් මේ පුළුන් ගබඩාවට මීයො බෝ වුනා. මීයො පුළුන් කන එක බේරගන්න කොහොමටවත් බැරි වුනා. අන්තිමේදි 4දෙනා තීරණය කරා පූසෙක් ගෙන්න.වැඩේ හරි ගියා. පූසා මීයොන්ගෙ කරදරෙන් ගබඩාව බේරලා දුන්නා. යාලුවොන්ට හරිම සතුටුයි. කොච්චරද කිව්වොත් පූසාගෙ කකුල් ...
දුන්න දේ! විසිතුරු | visituru එක ගම් පළාතක හිටියා ලෝබ මුදලාලි කෙනෙක්. මෙයා අලුතෙන් ගෙයක් හදලා බද්දට දෙන්න තීරණය කළා. ටික දවසක් ගත වුනා. නමුත් මේ ගේ ගන්න කවුරුත් තවම ආවෙ නෑ.මුදලාලිට පත්තරේ දැන්වීමක් දාන්නත් ලෝබයි ලොකු ගාණක් යන නිසා.අන්තිමට ගේ ඉස්සරහ බෝඩ් එකක් එල්ලන්න හිතුවා."මෙම ගෙය බදු දීමට තිබේ!"ඔන්න දවස් 2කට පස්සෙ එක ගැනුම්කාරයෙක් ආවා. එයා ගේ බලලා ගන්න කැමති වුනෙ නැහැ. ඒත් යන ...
10 ද? 15 ද? විසිතුරු | visituru මේ සිදුවීම වුණේ පුත්තලම පැත්තෙදි. එක ඡන්ද කාලෙක ඔය පැත්තෙ පොඩි ආසනේක අපේක්ෂකයන් දෙන්නෙක් ඡන්දෙට ඉදිරිපත් වුනා. මේ දෙන්නම හොඳ සල්ලිකාරයො. දැන් ඔන්න ඡන්ද ව්‍යාපාරය පටන් ගෙන ගෙයින් ගෙට චන්දෙ ඉල්ලගෙන යනවා. ඔන්න එක අපේක්ෂකයෙක් මුලින්ම ගියා හැම ගෙදරකටම ගානෙ ගිහින් සැප දුක් අහලා රුපියල් 15 ගානෙ එක ගෙදරකට දීලා ගියා. එ කාලෙ හැටියට රුපියල් 15 කියන්නෙ සෑහෙන ලොකු ගණනක්.ඊට පස්සෙ ...
මහසෝනා විසිතුරු | visituru ඉස්සර කාලෙ කැලෑ බද පලාත් වල ගම් තිබුනෙ එකිනෙකාට සෑහෙන තරම් දුරින්. ගොඩාක් වෙලාවට එක ගමක ඉඳල තවත් ගමකට යන්න වෙන්නෙ කැලෑවක් දෙකක් පහුකරගෙන තමයි ඉතින්. ටිකක් අවදානම් ගමනක්.ඔන්න එක කාලෙක මේ වගෙ ගම් දෙකක් අතර කැලෑ පාරක වංගුවක මහසෝනා හැංගිලා ඉන්නව කියල ආරංචියක් පැතිරුනා. මහසෝනා ඉන්නෙ මිනිහෙක් වගෙ ඇඳගෙනලු. දැන් මේ හින්දා කවුරුත් ගොම්මන් වේලාවෙන් පස්සෙ ඔය පැත්ත පලාතෙ ...
ආයුබෝවන්! විසිතුරු | visituru ඔන්න ඉතින් විසිතුරු හා හාපුරා කියල සිංහල බ්ලොග් අවකාශයට සේන්දු උනා.එහෙනම් දැන් පටන් ගමු. ජය වේවා!