අන්දරේ බිරිඳට කියූ කවි විසිතුරු | visituru දිනක් අන්දරේ සිය ප්‍රිය බිරිඳ සමඟ සතුටු සාමීචියේ යෙදී සිටියේය. මේ අතර බිරිඳගෙන් අන්දරේට ඉල්ලීමක් ඉදිරිපත් විය. ඒ තමන්ගේ රුව ගැන කවියකින් කියන ලෙසයි. ඒ අනුව අන්දරේ ඇයගේ රුව මෙසේ වර්ණනා කලේය.හිස දෙස බැලිමි පොල් කෙඳි වැන්න පීරනාබඳ දෙස බැලිමි හෙරලිය වැන්න මෝරනාතන දෙස බැලිමි වැටකොලු වැන්න එල්
මහජන අදහස් විසිතුරු | visituru එම මන්ත්‍රීවරයාට ඔහුගේ නිල කාලය තව වසරකින් අවසන් වන බවත්, මැතිවරණයක් සඳහා දැන් සිටම සූදානම් වීම සුදුසු බවත් ලේකම්වරිය විසින් දන්වා සිටියාය. මතක ඇති කාලයක තමා ජනතා හමුවකට නොගිය බවත් ජනතාවට තමා ගැන මතකයේ පවතින කිසිම වැඩක් නොකළ බවත් ඔහුට මතක් වුනේ එම වෙලාවේදීය. කල යුත්තේ කුමක් දැයි ඔහු සිය මහජන සබඳතා සම්බන්ධීකාරකගෙන් ඇසුවේය. ...
පියාගේ නම? විසිතුරු | visituru මෙම තරුණයා තමන් විවිධ දේ ගැන දන්න, බොහෝ ඇසූ පිරූ තැන් ඇති උගත් පුද්ගලයෙක් බව පෙන්නන්න බොහොම ආස කරපු පුද්ගලයෙකි. මොහුගේ විනෝදාංශය වුනේ බොහෝ පිරිසක් රැස් වන තැන් වලට ගොස් තම දැනුම ප්‍රදර්ශනය කිරීමයි. ඔහු කුමක් හෝ පැරණි පොතකින් පියමතුරා බුදු රදුන්ගේ මෑණියන්ගේ නම සොයාගෙන තිබුණි. එදා පටන් ඔහුගේ සිරිත වුනේ තමන්ට හමු වන අයගෙන් පියමතුරා බුදු රදුන්ගේ පියාගේ නම ...
විෂ්ණු දේව පිළිතුර විසිතුරු | visituru එය අගනුවරින් දුර බැහැර පෙදෙසක පිහිටි පන්සලකි. මෙම පන්සලේ විෂ්ණු දේවාලයක්ද විය. දිනක් මෙම පන්සලේ විසූ ජිනරතන නම් හාමුදුරුවන්ට සිය අවශ්‍යතාවයකට කොළඹ නගරයට යාමට උවමනා විය. එකල හැටියට මෙය තරමක් දුෂ්කර ගමනකි. ජිනරතන හාමුදුරුවෝ සිය ගමන යාමට සූදානම් වී විෂ්ණු දේවාලයට ගොස් දෙවියන් යැද සිය ගමන සාර්ථක කරවා දෙන ලෙස ඉල්ලූහ. අනතුරුව උන්වහන්සේ කොළ කැබැල්ලක පහත කවිය ලියා දේව රූපය ...
පරිශ්රමය (1951 දේදුන්න කවි සඟරාව) විසිතුරු | visituru පරිශ්රමය1951 දී දේදුන්න කවි සඟරාවේ පළවූ බදුල්ලේ විල්මට් පෙරේරා කිවිඳුන්ගේ නිර්මාණයකිහැඩි දැඩි පරංගින්ගේ අණසකෙහි වැටින්පැනගෙන අභීතව මරුගේ නිකට යටින්තරකොට රැගෙන කඩුපත දකුණතෙහි මිටින්වීරෝදාර මිනිසෙක් එයි අසකු පිටින්නැඟ ආ රණ මතෙහි වේගය කරණ කොටඋණුසුම් කරද්දී සම් මස් නහර ඇටපසු බැස නොගොස් නොසැලී වෙන කිසිවකටවීදිය බණ්ඩාර එයි තව ඉදිරියටමරණය නියතමය තව එක මොහොතකදීයනුවෙන් සිත සිතා
සුදුස්සා තේරීම විසිතුරු | visituru ඔවුන් දෙදෙනාටම ඇත්තේ එක හා සමාන සුදුසුකම්ය. බඳවා ගැනීමේ විභාගයෙන්ද දෙදෙනාම සම ලකුණු ලබාගෙන ඇත. මේ දෙදෙනාගෙන් කවරෙක් තම ආයතනයේ පවතින පුරප්පාඩුව පිරවීමට තෝරා ගන්නේද? ආයතනයේ කළමනාකරුට මෙය බරපතල ගැටලුවක් විය. තෝරා ගන්නා තනතුරද ඉතා වගකීම් ඇති වැදගත් තනතුරකි. තමා විසින් මෙයට සුදුසුම පුද්ගලයා බඳවා ගත යුතුය.මඳක් කල්පනා කළ කළමනාකරු අන් ප්‍රධානීන් හා සමඟ සාකච්ඡා ...
කතරගම දෙවියන් හා නාඩි වාක්‍යය විසිතුරු | visituru අප බොහෝ විට අසා ඇත්තේ කතරගම දේවාලයේ වැඩ වසන්නේ හින්දු දහමේ එන ස්කන්ධ කුමාර දෙවියන් බවයි. ඔහු මුහුණු සයක්, අත් දොළහක් ඇත්තෙකි. මෙහි කියවෙන්නේ කතරගම දෙවියන් පිළිබඳ වෙනස්ම කතන්දරයකි. එය ඉන්දියාවේ නාඩි වාක්‍ය ක්‍රමය අනුව පැවසෙන්නකි.බුදු රදුන් දවස එහි සුබ්‍රහ්මණ්‍ය නම් වූ දෙවියෙක් වාසය කළා. ඔහු බුදු දහම පිළිගත් යහපත් තැනැත්තෙක්. දිනක් මේ දෙවියා ඇමතූ බුදු රදුන් ඔහුට ලංකාවේ රෝහණ ...
මාක් ට්වේන්ගේ අවංකකම විසිතුරු | visituru ටොම් සෝයර්, හකල්බරි ෆින් ආදී ලොව පුරා පාඨක සිත් වසඟ කල පොත් ලියූ මාක් ට්වේන් හට දිනක් දේශනයක් සඳහා ආරාධනාවක් ලැබුණා. මාතෘකාව "අවංක භාවයේ වැදගත්කම". දේශනය ආරම්භ කරමින් ඔහු මෙසේ පැවසුවා."මම බොහොම ආසයි කොමඩු කන්න. ඔන්න දවසක් පොඩි කාලේ මම පාර දිගේ ඔහේ ඇවිදගෙන යද්දි දැක්කා කොමඩු පිරුණ කරත්තයක්. වටපිටාවේ කවුරුත් හිටියෙත් නෑ. මම් හෙමිහිට ...
අවංකම මන්ත්‍රීවරයා! විසිතුරු | visituru ඔහු එම යුගයේ සිටි අවංකම, නිහතමානී මන්ත්‍රීවරයා ලෙස ප්‍රකට විය. අල්ලසට, වංචාවට කිසිදිනක යට නොවූ හෙතෙම සිය නිකලැල් මහජන සේවයෙන් විශ්‍රාම ගන්නා දිනය උදා විය. ඔහුගේ බලප්‍රදේශයේ සිටින ජනතාවගෙන් නියෝජිතයෝ පිරිසක් එදින මන්ත්‍රීතුමාගේ බිරිඳ හමුවට ආහ. ඔවුන්ගේ අරමුණ මන්ත්‍රීතුමාට උපහාර පිණිස යමක් කිරීමට අදහසක් ලබාගැනීම විය. නමුත් මේ පිළිබඳව ම
ලංකාණ්ඩුවේ දුම්රිය මාර්ගය විසිතුරු | visituru -------------------------------------------------------------------------------------------ලංකාණ්ඩුවේ දුම්රිය මාර්ගයප්රියංකර සොහොවුරියන් තිදෙනෙක් ඉදිරිපත් කරයි.C G Rඋඩරට මැණිකේයාල් දේවිරුහුණු කුමාරි1956 අප්‍රේල් 23 වැනි සඳුදා සිට පටන් ගැනේසුරක්ෂිතව ගමන් කරන්න - ලාබෙට ගමන් කරන්න - දුම්රියෙන් ගමන් කරන්න---------------------------------------------------------කැමතිද පැරණි ලංකාවේ සේයා රූ එකතුවක් බලන්න....Images of Ceylon ...
අනාවැකිය! විසිතුරු | visituru ඔහු ඉතාමත් ප්‍රසිද්ධ දෛවඥයෙක්. ඔහු කී දෙයක් වැරදුනේ යැයි කිසිවෙකුත් කවදාවත් අසා තිබුණේ නෑ. එක් දිනක් තරඟ විභාගයකට පෙනී සිටින්නට නියමිත සිසුන් 3 දෙනෙක් මේ දෛවඥයා හමුවට ආවා. ඔවුන් තම විභාගය ගැන ප්‍රශ්න කිහිපයක්ම දෛවඥයාගෙන් අහුවා, නමුත් ඔහු කිසිවකට පිළිතුරු දුන්නෙ නෑ, ප්‍රශ්න සියල්ල අවසානයේ එක් ඇඟිල්ලක් පමණක් ඔසවා පෙන්නුවා. සිසුන් තිදෙනා ආපසු හැරී ගියා. ඔවුන් තම මිතුරන් අතරත් මේ ...
පැනලා යාම විසිතුරු | visituru ඒ පුංචි පුතාට වයස අවුරුදු 3ක් විතර ඇති. දවසක් මෙයා අම්මාත් එක්ක මොකක්දෝ එහෙකට තරහා වුණා. තරහ වුණ පුතා අම්මාට මෙහෙම කිව්වා. "අම්මා හරි නරකයි. මම ගෙදරින් පැනලා යනවා. මගෙ බලු පැටියයි සෙල්ලම් බඩුයි අරන් කොහේ හරි යනවා". මේක අහපු අම්මා හොඳටෝම බය වෙලා පුතාව ශේප් කරගන්න හැදුවා. නමුත් පුතා යාලු වුණේම නෑ. අන්තිමට අම්මා තාත්තාව හොයාගෙන ගිහින් සිද්දිය ගැන කිව්වා." බලනවකෝ ...
වැරැද්ද කාගෙද? විසිතුරු | visituru මේ සිදුවීම මගේ අත්දැකීමක්. දවසක් මම උසස් පෙළ පන්ති ඇරිලා ගෙදර එන්න බස් එකක නැග්ගා. ඒ වෙනකොට බස් එකේ තරමක් සෙනඟ පිරිලා. බස් එකේ හිටියා මගේ යාලුවෙක්. අපි දෙන්නා පිටිපස්සෙ සීට් එක ගාවට සෙට් වෙලා ශේප් එකේ කතාවක් දාගෙන හිටියා.බ්ස් එකේ කොන්දොස්තර තැන තරුණයෙක්. ටිකක් මිටි, කෙට්ටු පොරක්. මෙයා ඇවිල්ලා හයියෙන් කෑගහල මගීන්ට බණින, බලෙන් තල්ලු කරලා දාන වාත පොරක් ...
පිටකොටු ගමන විසිතුරු | visituru මේ එක කොළඹින් පිට සරසවියක පුද්ගලයෙක්ට වුණ සිදුවීමක්. මේ හාදයාගෙ උපාධියට අනුව තෙවන වසර අවසාන හරියෙ මාස 6ක ඉන්ඩස්ට්‍රි ට්‍රේනින්ග් එකක් සෙට් වෙනවා. ඉතින් දැන් ඔන්න ට්‍රේනින්ග් කාලෙ උදා වුණා. අපේ හාදයාට ට්‍රේනින්ග් සෙට් වුණේ කොළඹ කොම්පැනියක. මෙයාගෙ බැච් එකේ තව ගොඩක් අයට කොළඹ ට්‍රේනින්ග් සෙට් වුණා. කට්ටියගෙන් බහුතරයකට කොළඹ පරිසරය නුහුරුයි. විශේෂයෙන්ම මේ බස් වල අවශ්‍ය තැනට හොයාගෙන යන ...
මුඛයේ ස්වභාවය විසිතුරු | visituru මේ කතාව සම්බන්ධ විද්‍යාලංකාර (කැළණිය) සරසවියට. එහි උගන්වපු එක් ආචාර්ය හිමිනමකගෙ දේශන වලට සිසුන් බොහොම උනන්දුවෙන් සහභාගී වුණා. හේතුව උන්වහන්සේගේ උගැන්වීමේ දක්ෂතාවය විතරක්ම නෙවෙයි. උගන්වන වෙලාවට උන්වහන්සෙගේ මුවින් පිට වුණ රසවත් කියුම් නිසා. මේ බෞද්ධ සංස්කෘතිය පිළිබඳ නිබන්ධන පන්තියක සිදු වුණ සිදුවීමක්. නිබන්ධන මාතෘකාව "බ්‍රාහ්මණ සමාජය"..පන්තිය පැවැත්වුනේ දවල් කාලයේ. එක සිසුවෙක් ඉදිරියට ඇවිත් තමන්ගෙ නිබන්ධනය ඉදිරිපත් කරනවා. මේ අතරෙදි හාමුදුරුවො ...
සිත්ගත් සරසවි කුරුටු ගී විසිතුරු | visituru කොළඹ සරසවියසරා සඳ සොඳුරු රුව පැටළුනු රීඩ් මාවතේගියා දිනක් මට මතකයි ඈත අතීතේකරත්තයක් දක්කාගෙන පොරක් දුර එතේගැල්කරුගේ පනාව දැක මට මට හිනා යතේ *කරත්තය දැක්කීම = සරසවියෙ පෙම්වතිය සමඟ ඇවිදීම, පනාව = හිනාවසරසවි බිමේ සත් වසරක් ගත කෙරුවමගෙ ලොකු දුවේ ඇයි අද මට බැරුවකුමරෙක් සොයා දෙන්නට මා නිදි මැරැවඅත් ...
දිවිල්ල ! විසිතුරු | visituru මේක නම් ගොඩක් කාලෙකට කලින් නුවර පැත්තෙ සරසවියෙ සිද්ද වෙච්ච සිදුවීමක්. එක නේවාසිකාගාරයක හිටපු සබා (සබ්වෝඩ්න්) ශිෂ්‍යයෝ සෙට් එකක් එක්ක පොඩි කොක්කක් දාගෙන හිටියා. ඔය අවුල තිබ්බ සෙට් එකේ හිටියලු හෙනම යාලුවො දෙන්නෙක්. අපි ඒ දෙන්නට සිරී සහ ජයේ කියමු.ඔන්න මේ සෙට් එක දවසක් හවස නුවර ටවුමට ගියා අලුතෙන් ආපු ෆිල්ම් එකක් බලන්න. මේ කට්ටිය පෝලිමෙ ඉන්නකොට එතනින් යන්න ආපු ...
නියම චරිතය! විසිතුරු | visituru විද්‍යාලංකාර (දැන් කැළණිය) සරසවියෙ උපකුලපතිව කලක් වැඩ හිටියෙ කිරිවත්තුඩුවෙ ශ්‍රී පඥාසාර හිමියන්. උන්වහන්සේ ලවා චරිත සහතියක් ලියව ගන්න ලැබුනොත් ලොකු වාසියක් විදියට ඒ කාලෙ සරසවියෙ සිසුන් සැලකුවෙ. මොකද හාමුදුරුවන්ට ලොකු පිළිගැනීමක් තිබුණා සමාජයෙ. ඔන්න ඉතින් දවසක් එක ශිෂ්‍යයෙක් ආවා චරිත සහතියක් ලියවා ගන්න. අයදුම් කරන තනතුර පොලිසියේ තනතුරක්. හාමුදුරුවො මෙයා ගැන ටිකක් විස්තර දන්නවලු." ඇයි මේ ළමය? මොකක්ද කෙරෙන්න ඕනා?"" හාමුදුරුවනේ මම ...
ඔබේ නිගමනය! විසිතුරු | visituru මේ තායි ජාතික බෞද්ධ භික්ෂූන් වහන්සේලා පිළිබඳ අපකීර්තිමත් සිදුවීම් රැසක් වාර්තා වු කාලයක්. විනය නීති කඩ කරමින් ගැහැණුන් සමඟ අනාචාරයේ හැසුරුණු කිහිප නමක් පිළිබඳ අන්තර්ජාතික මාධ්‍ය වල පවා පළවුණා. මේ සිදුවීම් උලුප්පා පාඨක අවධානය ලබා ගන්න ගොඩක් පුවත්පත් කටයුතු කළා. බොහෝ දෙනෙක් තායිලන්ත භික්ෂූන් දෙස වපර ඇහෙන් බලන්න පටන් ගත්තා.දවසක් එවකට ඕස්ට්‍රෙලියාවෙ වැඩ සිටි තායිලන්තයේ පැවිදි වූ බ්‍රිතාන්‍ය ජාතික අජාන් ...
නිල් කට්රොළ් මල විසිතුරු | visituru 1. නිල් ක(ට්)රොළ් මලෙකැ ඇවුණු වැට්කොළ් මල සෙයි මහනෙල් වන හයි රන්වන හුන්(රන්වන් යුවතිය හා සිටින මානෙල් පැහැ යුවතිය නිල් කටරොළු මලක් හා දැවටුණු වැටකොළු මලක් සේය.)2. කොමුල් අමඩ් ලෙඩ් ලිනසී ඒ බොන්ද මියුර් යහ බැසී එක පල් දල වන් දිගැසී මන ජල්වයි සිත් නොමුසී(ඇගේ සිනහව කොමඩු ගෙඩියක ඇට පෙළක් වැනිය. ඇගේ බස එහි මද මෙන් ...