ගුටර්න්බර්ග්ට පාංශුකූලය-අන්තර් ක්‍රියාකාරී සහ සයිබර් සාහිත්‍යය වචන ටැක්සි වචන ටැක්සි|wachana taXi wachanataxi@gmail.com
... තුරු වචන ටැක්සි කොන් කැඩුනු තරුවකිමීදුමකින් වැසී ගිය වැනිතියුණු යෞව්වන හීසර විදිදුන් රිදුම් කමකට නැතිඉඳහිට අහස මුදුනෙනිබැස යයි ඉඩ හසර දී තියුණු තුඩු සිඳි බිඳී මලින කනවැන්දුමක් වැනිසැනෙලි කෙඳිති රැල් බිඳීඅඳ නෙත් දහසක දැවටුනිඑකැස් යෝධයකු සේ නිදිසඳ අලසව වැතිර හිඳීතරු තරු පායන තුරු13/01/2012වචන ටැක්සි|wachana taXi wachanataxi@gmail.com ...
මෙබඳු විචාරයක්! වචන ටැක්සි මේ හෂිත අබේවර්ධන හකාවතිය දෙස බැලූ අයුරය.මෙබඳු විචාරයක් කෙළෙස ලබම් ද, හෂිතගෙන්ම හැර?හකාවති පහසු-අපහසු වියමනක් ලෙස.!සිහින දැකීම යනු ප්‍රාර්ථනා සඵල වීමයි-ෆ්‍රොයිඩ්-හකාවති කෙටිකතා මුලින්ම එහි බ්ලොග් අඩවියේ පළ වන විට අපේ ගෙදර කතාබහක් ඇතිවිය. 'මේ ලියන එකා නම් මාර කෙටිකතා කාරයෙක්' මම කීමී[මම ඒ කතා කරු හැඳින නොසිටියෙමි]. 'මේ කතා කාරයා තවත් හොඳයි මේවා තවත් වතාවක් ලිව්වා නම්' අපේ උන්දෑ කීවාය. ...
අවමංගල ස්තූතිය කියවද්දී!!! වචන ටැක්සි කනත්තක ඇති බියකරුගූඨහුදකලාවවිතරක් නොවෙයි...මිනීමල් සුවඳ?කනත්ත මතුපිට-කාටත් පෙනෙන......කනත්ත යටලොව සියළු සබඳතා විසින් ගැලවීඅනන්ත රින ඩෙසිබලයක නිහඩතාවය මැදඅත පය සොලවා ගත නොහැකිලැටරල පාංශු පීඩනයේ තෙරපීඑම්බාම් රසායනමීනි සැන්ට් සුසුවඳ මැද්දේදැනිය හැකි හුදකලාවමට දැනුනා...[හදිසියේ පණ ගැන්වූනිර්දය ලෙස මරා දැමුන හදවතමිහිදන්වහුදකලාවෙකමහ පොළව යට සිර වූ විට]අවමංගල ස්තූතිය කියවද්දී!!!07/03/2014වචන ටැක්සි|wachana taXi wachanataxi@gmail.com ...
හේයි බුද්ධගයා-අජිත් කුමාරසිරිට සිංදුවක් වචන ටැක්සි (අජිත් කුමාරසිරිට සිංදුවක්)මම The බෞද්ධයා?මම අලුත් කාර් එක අරං කතරගම ගියේ කාරෙකේ නොම්මරේ ගහක කොටල එන්නත් එක්කයිකිරි වෙහෙරේ වටේ ගිහිං පඩුරු දැම්මෙආරක්ෂාවටයිරුපියල් දාහෙ පූජා වට්ටිය තිබ්බෙඉන්ෂුවරන්ස්වලටත් වඩා දෙයියො ෂුවර් නිසයිමම බුදුන් කිච කළේ-මගේ ආරක්ෂාවටමයිඕලෙවල් ලියන වුන්විභාගෙට කලිං දවසේපංසලේ පෝලිමේ යැව්වෙපාඩම් කරපුවටත් වඩා දෙයියො බුදුං ෂුවර් නිසයිනමයි විභාග අංකෙයි ලියල බෝගහේ එල්ලුවේදෙයියන්ට වැරදුනත් කොම්පියුටර්වලට නොවරදින නිසයිමම බුදුන් කිච කළේ-මගේ ආත්මලාභයටමයිබඩ තඩි ...
ඔබ ඇඳි සිතුවම් වචන ටැක්සි ඔබ ඇඳි සිතුවම් දුටුවෙමි කඳු මුදුන් සහ අහස් තල අතර ගොරහැඩි පාෂාන සිඛර බඳ වටඑතී ගලා හැලෙන දිය කඳුරුවලඉවුරු බදා පැද්දෙන සුලලිත ගහවැල-කටු පඳුරකඋල්ම උල් කටු කිනිස්සකඅගිසක දිලෙන රෝස පෙත්තකඔබ ඇඳි සිතුවම් දුටුවෙමිමම ද සිතුවම් අඳිමිදුර්ගන්ධය ගලා යන පීටාර ගලන කක්කුස්සි වලක් ගැනනගාරාලංකාරය ශෝභනය රකිනු වස් හරවා දැමුම පිණිස නොමිනිස් වාසයකට...06/04/2012වචන ටැක්සි|wachana taXi wachanataxi@gmail.com ...
"ඕලන්ද අහස" සහ "සිහින" ගැන "වික්ෂිප්ත සංක්ෂිප්තය" වචන ටැක්සි තුෂාරි ප්‍රියංගිකා සහ සුභද්‍රා ජයසුන්දර ගේ කවි දෙකක් ඒවා සමාන්තර කාල ප්‍රාන්තරයක දී ලියැවුණ හෙයින් ඒ දෙකම එකට ගෙන සටහනක් ලියන්නට සිතුවෙමි.විමුක්තිය පිළිබඳ සදාකාලික සිහිනයෙන් උජ්වලිත වන මේ නිර්මානකරුවන් අපට කියන්නේ කුමක් ද?මේ කවි දෙකම මරණය හා සෘජුව හෝ වක්‍රව සම්බන්ධ වී ඇති අයුරු පැහැදිලිව පෙනේ. තුෂාරි මැරුණු පැතුමක් ගැන කියද්දී සුභද්‍රා මියෙන්නෝ භාග්‍යවන්තයෝයැ යි කියන්නීය. මේ නිර්මාන දෙකම අතීතකාමයෙන් උපන් ...
මරණය අමතකව වචන ටැක්සි කාටවත් මතක ද මා මිය ගිය හැටි?අනේකවුරුවත් දුටුව ද මා පණ නල වා තලයට මුසුව ගිය හැටි?නොදුටු අයගෙන් නොවිමසමිදුටු අය නොදුටු අයටත් වඩා නොදුටු බැවින්ඒ අය ද නොවිමසමිමට අමතකය මා මිය ගිය බවමට අතපසු වී ඇතවැළලෙන්නට නියමිත තැනකිසිවෙකුත් මට මතක් කර නොදෙනඒ අමතකව ගිය රමණීය මරණයකවුරුන් විසින් සඟවාලන්න දකුමට සඟවාලන්නද මගේ නිහඩ මරණය?හඩක් නොමැතිවම මිය ගියමගේ නිහඩ මරණයකන් බිහිරි කරවූ ...
"මිලි ග්‍රෑම් දහසේ ඩොලිප්‍රෑන් පෙත්ත"* වචන ටැක්සි "මිලි ග්‍රෑම් දහසේ ඩොලිප්‍රෑන් පෙත්ත"*උගුරෙන් පහල ඇදී යද්දිආමාෂය වෙතමට දැනුනාමගේ බර තුන්කාලකින් අඩු වුණු බව!දෙපා තැබූ සේ සඳ මත කවුළුවෙන් එපිට අහසෙ යම්තමින් බැබළුනු...පෙණ කැටි දහසක්කාබන්ඩයොක්සයිඩ්ගොර ගොර ගා උගුරට එද්දිසඳ වතමා කුස තුළදියව ගියා...ඔන්ලයින් ආ කිසිවෙක්සේලයින් දිගේ ආවෙ නැතිදිගු අන්ධකාර රාත්රියේසෙත් කවි මුමුණන්නට ආමැලේරියා මදුරුවාට අත දිග හැර චප්ප වෙන්නපහරක් දී ගත නොහැකිවඇඳ මත දපා සිටියෙමිසඳ ගිලගත් රාහු සේ...නිමිත්ත* මංජුල වෙඩිවර්ධන ...
ආලෝකයට වඩා වේගවත් අඳුර... වචන ටැක්සි නිමිත්ත: ආලෝකයේ වේගය ඉක්ම වූ නියුට්රිනෝ අංශු අඳුර කොතරම් වේගෙකින් ඒ ද අප වෙත?කවුරුවත් ගණන් හැදුව දඝණ අන්ධකාර උමං නල තුළ?රාත්‍රියටත් පෙර හිරු නිවෙන්නටත් පෙර අහස කෙළවරඅඳුර එන හැටි ජීවිතය ඇතුළට කිසිවෙකුත් ගණන් බැලුව ද?වළාකුළකට වැසෙන්නට පෙරහිරු කෙඳිති සීරා වැටෙන්නට පෙරඅඳුරු සේයා පතිත වන යුරකවුරුන් හෝ දෑසින් දුටුවෙද?නියුට්රිනෝ අංශුවකටත් වඩා වේගෙන්අඳුර පතිත වෙයි කොළඹ අහසින්04/10/2011
සිමියුලේක්‍රය වචන ටැක්සි මස්තිෂ්කය ඇතුළත අඳුරුය කළුවරයකෑලි කැපෙන තරමට!හිස් කබොලෙන් වටකුරු වූ ආලෝක පුංජයක් ඇතුළු නොවනඝණාන්ධකාර කුටියකිමස්තිෂ්ක කුහරයදෘශ්ටිවිතානය මතට වැටෙන උඩුකුරුව ඇතුළුව-යටිකුරු වූ ප්රතිබිම්බයරසායන අංශු පේලියක් බවට පත්වනික්ම ඇස පිලිකන්නෙන්ඇතුළු වෙයි අඳුරු මොළ මස වෙතඅඳුරු අහස පලා ඇද වැටෙන ගිලන් උල්කාෂ්ම වරුසාවක් සේඅඳුරු මොළ මස තුළවර්ණාවලිය හැඳිනෙයි...අඳුරු මොළ මස මතවර්ණාලෝක වෙන් වෙයි...ඇය දුටිමියි සිත තුටුවෙයි!17/02/2012වචන ටැක්සි|wachana taXi wachanataxi@gmail.com ...
අWL Art - විරාජ් ලියනාරච්චි වචන ටැක්සි අWL Art- ඡායාරූප ප්‍රදර්ශනය, මැයි 27, 28 සහ 29 කොළඹ කලාභවනේදී සහ ජුනි 2 සහ 3 පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ 'මාගේ දේශය අවදි කරනු මැන' කලා උලෙළේ දීත් පැවැත්වේ.විරාජ් ලියනාරච්චි නම් වූ ආලෝක ගාන්ධර්වයාට සුභ පතමි.ඡායාරූපවල දැක්වෙන්නේ මැයි 27 වන දා රාවය පුවත්පතේ පළ වූ විරාජ් ලියනාරච්චිගේ සංලාපයෙන් උපුටා ගත් හෙඩිමයි. වචන ටැක්සි|wachana taXi wachanataxi@gmail.com ...
සොඳුර වචන ටැක්සි සොඳුර අපට මීටත් වඩා හුදකලා විය හැකියහිස නො උස්සාඇස පහර නො ඉවසාපියවර තැලෙන තැන ඇස ඔබාපිය මැන යා හැකිය බෝ දුරපාළු කාමරයකසුපිරිසිදු ශීතල ගෙබිම මතපත බා උඩුබැලියෙන් වැතිර හිස් සිවිලිම වෙතසිතිවිලි පා කර යවත හැක ඉනුත් බෝ දුරසොඳුරඅපට මීටත් වඩාහුදකලා විය හැකිය...26-11-2011වචන ටැක්සි|wachana taXi wachanataxi@gmail.com ...
තාත්තා වචන ටැක්සි රවි ශනි කුජ බුධ බහස්පති විශ්වය පීරූ සොඳුරු තරුපති සුබ නැකැත් ප්‍රවේසමෙන් තෝරා සුබ සෙත සදා දුන් තාත්තා ඉහළ නැඟි මිනිසුන් දැක බිම ඉඳන් සැන සෙන්නැති අම්මා ගෙ දෙස් දෙවොල’තර කප්පරක් අළුත් පොත් පත්තර ගේ පුරා කඳු ගැසූ තාත්තා පොත පතින් ආතුර අකුරු සොඬ වැඩුණු දරුවන් දැක තනියෙන් ම හිනැ හෙන්නැති අතමිටෙහි කාසි නො රන්ඳා දෙපාරක් නො සිතා දෝතින් ම ...
අනේ ඇල්බට් නොදුටි මොක් පුර! වචන ටැක්සි අද ඇල්බට් අයින්ස්ටයින්ගේ උපන් දිනය යි. අයින්ස්ටයින් ගැන ඔහුගේ සාපේක්ෂතාවාදය ගැන අද වන විට ලංකාවේ භෞතික විද්‍යාව දන්නා අය අතර ඇති ඔවුන්ගේ දන්නා ප්‍රමාණය පිළිබඳ සමීක්ෂණයක් කළොත් එහි ප්‍රතිඵලය කුමක් විය හැකි ද? ලංකාවේ සාපේක්ෂතාවාදය අඩුම තරමින් කතා කරන්න අවශ්‍ය මට්ටමටවත් දන්නා අය වෙත් ද? ඒ අය කොහෙද ඉන්නේ? මට නම් මේ ගැන කිසිදු අදහසක් නැත. මා දන්නා තරමින් ආලෝකයේ ...
බුදු දහමේ ඉගැන්වෙන ප්රතිසන්ධි තල පිළිබඳ භෞතික විග්‍රහයක් වචන ටැක්සි බුදු දහමේ ඉගැන්වෙන ප්රතිසන්ධි තල පිළිබඳ භෞතික විග්රහයක්මේ ස්වභා දහමේ නිර්මාන කාලයේ ඇරඹුමේ සිටම අපට ප්රත්යක්ෂ වෙමින් හෝ නොවෙමින් අප අතරම පැවතුනි. ඒවා ගවේෂණය කිරීමෙන් අපට ප්රත්යක්ෂ වන මාදිලි බවට පරිවර්තනය කරන්නට කවදා කවුරුන් හෝ මූලික වන්නේද යන්න මිස ඒවා අලුතින් ප්‍රාදූර්භූත වීමකින් තොරව සනාථනිකව තම පැවැත්ම රඳවා ගනී. -රොජර් පෙන්රෝස්Those designs were already ‘in existence’ since the beginning of ...