සූරියෑවේ හන්දිය සහ සුසා වචන ටැක්සි සූරියෑවේ හන්දිය…ඔහෙත් එනවැයි යන්න වුල්ප් උන්නැහේ ගෙ උදවිය ආයෙමත් ඇවිදින් නඩු අහන සියඹලා ගහ යට පිට්ටැන්නකුත් හදාගෙන පන්දු කෙළියට කුරක්කන් ගානට ඉලක්කන් දාන පෝරුව යට ආරච්චිගේ නෑ කට්ටිය ඕසේට කෑ කොස්සන් ගහන අපූරුව ඒ කාලේ වාගේ නෙවෙයි කාට නං මතකක් ඇද්ද මීගහජඳුර ඕං දැං සූරියෑවේ හන්දිය සෙයිලම වාගේ ලොකුවට රෑ මද්දහන වෙනකං ලැයිට් පන්දං පත්තු කරගෙන සිළිඳුට වැහුනු යක් දෝසය ...
මුහුණු පොතේ කවි එකතුවක් "පොතක්" ලෙස කලඑළි දැක්වීම වචන ටැක්සි ප්‍රිය සහෘදය,මුහුණු පොතේ කවි එකතුවක් "පොතක්" ලෙස කලඑළි දැක්වීමට අපි තීරණය කර ඇති බැව් ඔබ සැම වෙත ඉමහත් සතුටින් දන්වා සිටිමු.මේ සඳහා කවි තෝරා ගැනීමට කවි ලියන අයට තමන්ගෙ නිර්මාන පෝස්ට් කිරීම සඳහා මුහුණු පොතේ "සත්කාර" නමින් ගෘප් එකක් නිමවා ඇත.එම ගෘප් එකේ පළකරන ඔබගේ නිර්මාන සඳහා එහි ඇඩ්මින්වරු විසින් ප්‍රකාශ කරනු ලබන චන්දවලින් බහුතරයක් ලබන කවි එම උක්ත කවිපොතට ...
යුනිකෝ ගැන මතකය වචන ටැක්සි වර්ෂ 1975 ඔක්තෝබර් මස විසිවන දා උපත ලද "සිත්තර" චිත්‍රකතා පත්තරය මගේ ජීවිතයේ එක්තරා මංසන්ධියක් නිමැවූවා යැයි පැවසුවහොත් එය අතිශයෝක්තියක් නොවේ. සිත්තර පළමු පිටපත අපේ තාත්තා විසින් මිලට ගෙන කියවා එය මගේ වැඩිමල් සොයුරිය අතපත් සැනේ සිට මා ඇය වටා කැරකෙමින් එහි වූ රූප සහිත දෙබස් කතා මා වෙත උස් හඩින් පවසන මෙන් ඇවිටිලි කළ අයුරු මා මතකයේ දැඩිව අදත් ...
පුද්ගලිකත්වය වචන ටැක්සි මම ඉතා බය වෙමිමගේ පුද්ගලිකත්වය එළිදරව් වේ යැයි!මගේ රහස් එළිවේයැයි!!මගේ කුපාඩි-ජාගර-ම්ලේච්ඡ සිතිවිලිඅන් අය දැන ගනී යැයිමම ඉතා බය වෙමිමගේ ඊමේල් වෙන කවුරු හෝ කියවාදැයිමගේ දුරකතන ඇමතුම් වෙන කෙනෙකු අසා දැයිමගේ කෙටි පණිවිඩ වෙන අයෙකු දකිතැයිමම අසීමිත ලෙස බිය වෙමිමන්ද යත්ඒවායේ ඇත්තේ සැබැවින්ම ගොලු කළ මගේ ම්ලේච්ඡත්වය බැවිනිමා විටෙක කිසියම් ගැහැණියකටපෙම සිඟා ලියූ කියූ දෑඒවායේ සැඟව ඇතමා විටෙක කිසියම් ගැහැණියකටසරාගී උසුළු ...
"වසර 50යි. නිහාල් ඇවිත්." වචන ටැක්සි නිහාල් නෙල්සන්ගේ තරුණ ජවයෙන් පිරුණු හඩින් යුත් ගීත මා ප්‍රථම වතාවට ශ්‍රවණය කරන ලද්දේ වර්ෂ 1977 දී පමණ බැව් මට මතකය. එකල මාගේ පියා කැසට් වාදන යන්ත්‍රයක් ගෙනාවේ මුල් වරට මිල දී ගත් කැසට් පට තුනකුත් සමග බැව් මට මතකය. එම කැසට් පට තුන තවමත් මගේ සිතේ ඇඳේ. එකක් ප්‍රියා සූරියසේන ගේය. අනෙකක් රුක්මණී දේවී ගේය. ඉතිරි එක නිහාල් නෙල්සන් ...
ලිෂාන් & පහන් වචන ටැක්සි ලිෂාන් මල්ලිව හමු වෙන්න කාලයක් දැරූ උත්සාහය සාර්ථක වුණේ ඊයේ සැන්දෑ යාමයේ දීය. ලිෂාන් මල්ලි පහන් මල්ලී ද සමගින් අප හමුවන්නට ආවේ නුගේගොඩ මැක්ඩොනල් එක අසළටය. ලිෂාන් මගේ සයිබර් වැඩකටයුතු වලට දුරින් හිඳ බොහෝ උදව් කරනා සහෘදයෙකි. ඔහුගේ ශ්‍රමය නොවන්නට මේ බ්ලොගයේ හැඩරුව මෙන්ම හකාවතියේ හැඩරුව ද කවර කලෙක වත් ඇසට ප්‍රියජනක ස්වරූපයක් නොගන්නවා නියතය.මා පැමිණියේ රාජකාරි කටයුත්තකට වුව ද ...
කාලයේ තීරු තීරු වචන ටැක්සි අතීතෙ කාලය ගල් ගැසුනු තැංවල ගල් වුනු මිත්‍රයිනි සිතුවිලි නොසෙල්වුනු කාලය දෙපලු කොට හෝ තෙපලු කොට ආයෙම පණ ගන්වමි නොසෙල්වුනු සිතුවිලි කීරි කීරි... එනව ද මාත් එක්කල කාලයේ තීරු තීරු ඉරා දමනට කුරුඳු කෝට්ටක් වගේ පට්ටෙන් පට්ටා ගසා ලන්නට 15/07/2012වචන ටැක්සි|wachana taXi wachanataxi@gmail.com ...
ගුත්තිල අතුරු කාව්‍යය-මංජුල වෙඩිවර්ධන වචන ටැක්සි ගුත්තිල අතුරු කාව්‍යය තැලෙන්තුව ලැබුම වළකන්නට හැකිද තලෙන්තුව ලැබුණෙ වළලන්නද ළමැද වරෙන්තුව කුමට, බිඳ දැම්මෙන් සබත පොරොන්දුව නුඹට, සමුගන්නෙම් සබඳ අතකුරු මගෙ වුණත් නුඹෙමය ඔය සුරත පණකුරු දොළස අරගමි ගතකුරු නුඹට මුලකුරු අහිමි කවියකි සෙනසුරු නමට විසකුරුකමද පිළිතුර සොහොයුරු පෙමට පුටුව ලැබිණි නම් දන්දෙන්නට තිබුණී අටුවෙ වුණත් තිබුණේ කොස් ඇට පමණී කොටුව ත
අකුරේ ගෙල සිඳේ... වචන ටැක්සි නුවර උස් තුංග තුරු හිසඅතු පතර රැඳුන බකුසු තෙමහුම් කියාවත් නොනගයි සිය හඩපොත පත උලා කාසද් විසද් දෙසුම් පාතීරු වැකි හෑලි පසිඳාවානෙ පන්නර ලැබුව බකුසා!සතුරු උවදුර හිතට ගිනි බිඳරැය පහන් වේදෝ නොදැන ලෙස තිරදෑස් දල්වන් බොල් අහස වෙතහුම් කියාවත් නොනගයි සිය හඩදුරක දැල්වෙන මියෙන පහනකදැල්ල කැරකෙයි සුළඟ බඳ වටපන්හිඳක වෙත මෑනෙයි පතුරමහුම් කියාවත් නොනගයි සිය හඩඅකුරේ ගෙල සිඳේඅකුරු එල්ලා මැරේඅකුරු ...
සිංහලෙන් කියැවීම සහ ඉංගිරිසියෙන් සිතීම වචන ටැක්සි ඔන්ටික් (Ontic) සහ එපිස්ටමික් (Epistemic) යන (ක්වොන්ටම්) යථාර්ථයේ ස්වරූප (State of Reality) දෙක වටහා ගන්නට ක්වොන්ටම් භෞතිකයෙන් යම් උපකාරයක් බලාපොරොත්තු වන අයෙකුට වැදගත් ලිපියක් අද පළ වෙලා තියෙනවා Physics World (පිසික්ස් වර්ල්ඩ්) වෙබ්සයිට් එකේ. ඒ ලිපියේ හෙඩිම යොදා ඇත්තේ ජනප්‍රිය නවකතාවක් වන ලයිෆ් ඔෆ් පයි (Life of Pi) අනුව යමින් ලයිෆ් ඔෆ් ප්සයි (Life of Psi) යනුවෙනි. මේ ප්සයි යනු ...
අනේ ද කියන්නේ... වචන ටැක්සි යථාර්ථයචිත්රපටයකටත් වඩා මායාකාරී නම්,අපටඅමුතුවෙන්චිත්රපටි මක්කටෙයි??"i am a good hegalian. if you have a good theory, forget about the reality"- Slavoj Zizekවචන ටැක්සි|wachana taXi wachanataxi@gmail.com
විඥානය වෙත ක්වොන්ටම් එළඹුමක්... වචන ටැක්සි විඥානය වෙත ක්වොන්ටම් එළඹුමක්...ද්‍රව්‍යමය මොළය හා මොනයම් හෝ ආකාරයකින් විඥානය හෝ මානසික ක්‍රියාකාරිත්වය සබැඳී ඇති බැව් අතිශය ප්‍රචලිත පිළිගැනීමකි. ක්වොන්ටම් සිද්ධාන්තය ද්‍රව්‍ය පිළිබඳව දැනට සොයා ගෙන ඇති ප්‍රමූලිකම සිද්ධාන්තයක් බැවින් විඥානය පිළිබඳව කිසියම් පැහැදිලි විග්‍රහයක් ඉදිරිපත් කරන්නට එයට හැකියාවක් ඇත්දැයි කිසිවෙකු ප්‍රශ්න කිරීම යුක්තිසහගතය.මේ ප්‍රශ්නයට විවිධාකාර එළඹුම් ඔස්සේ ලබා දී ඇති පිළිතුරු කීපයක් පසුගිය දශක දෙකක පමණ කාලයක සංවර්ධනය වෙමින් ...
මනස ක්වොන්ටම් යාන්ත්‍රණයේ ප්‍රතිඵලයක් ද? වචන ටැක්සි ඩිස්කවර් සම්මුඛ සාකච්ඡාවරොජර් පෙන්රෝස් පවසන්නේ භෞතික විද්‍යාව තන්තු සිද්ධාන්තයේ සිට ක්වොන්ටම් යාන්ත්‍රිකය දක්වාම සදොස් බවයි...භෞතික විද්‍යා චින්තන දහරාවේ දැවැන්තයෙකු වන මොහු පවසන්නේ මිනිස් මොළය මෙන්ම විශ්වය ද ක්‍රියාත්මක වන්නේ කිසියම් අප තවමත් සොයා නොගත් එකම සිද්ධාන්තයක් මතයි කියාය.සාකච්ඡාව සුසන් ක්රැග්ලින්ස්කි- සේයාරූ ඔලිවර් කැනරින් විසිනි. 2009 සැප්තැම්බරයේ ඩිස්කවර් සගරාවේ පළ වූ ලිපිය අන්තර්ජාලයේ පළ වූයේ 2009 ඔක්තෝබර් 6 වැනිදාය.රොජර් පෙන්රෝස් ඔහුටම ආවේණික ...
දිවි දොලදුක-සුසන්ත මූණමල්පේ වචන ටැක්සි දිවි දොලදුකඅහසට ගෑවී නොගෑවෙන ලෙස හිදිනඅර උස් කදු මුදුන් තරනය කොටදිවි ගෙවමු අපි උදාරම් ලෙසදිනෙක පැවසීය ඇයතම දිවි දොලදුකඅහෝ සොදුරිය කදු හිස් යනුඅහස ජය ගනිමි යයිසුනරුත් පැතුම් පොදි බැදඅතරමගදී මියගිය ගමනකඝනීභූතවූ නටබුන් වෙතිවඩා උස් කදු මුදුන් යනුවඩා වැඩි කාලයක්අර්ථවිරහිත ගමනක් ගියෝ වෙතිඅපි හිදින් මේ තනි සමතලා බිමගමන ඇරබුමටද පෙරවටහා ගත්තෙකිය ඒ නිසරු බවඉදින් සොදුරියහීන මානයට නොගනින්න මෙබිම මේ ලෙසදිවි ගෙවුමු ...