අමුතු රස රසවතිය වචන ටැක්සි නිර්මානයක රස විඳීමත් ඒ තුළින් ලද රස විඳුම් අත්දැකීම සහෘදයන් හරහා බෙදා හදා ගැනීමත් එක්තරා සතුටකි. එමෙන්ම දුලබ රූපකයන් හරහා එම අත්දැකීම් සමපාත කිරීමත් ඒ අනුසාරයෙන් නව සිතුවිලි ගොඩනැගීමත් ඊටත් වඩා චමත්කාරජනක දෙයකි. එබඳු විරල විඳුම් සටහනක් රසවතියේ ලියැවී ඇත. ලෝකය අප දන්නේ භෞතික වශයෙනි. පසිඳුරන්ට සංඥා වන දේ තුළින් ලෝකය වටහා ගැනුම බොහෝ විට අප අවිඥානිකව කරනා දෙයයි. අපගේ ...
සුරඟනගේ ගබ්සාව වචන ටැක්සි කවි නොලියන මා වෙතකවි ම නිරතුරු ප්‍රසූත කරනසුරංගනාවියක් පැමිණ ඇතගබ්සාවක් කර ගන්නටවිශ්වය ඉපදුනි ද කිසි මොහොතකකිසිවක් නොතිබු තැනකින් මතු වුනි ද අච්චරසිතා ගත නොහී පුංචි සුරඟන මා වෙත පෑය ඇගේ හිස් සඳ වතදෙකකුල් මෑත් කොටමතු කර රහස විශ්වයම නිරුත්තරදෑඟුලක් පමණ විනිවිදපෑවෙමි කාලය තෙවසරක් බව කළලෙටමේ සා කලක් දැරුව දකළලය නොමැත වී වර්ධනදරා තවදුරටත් මේ බරකුමන ප්‍රතිඵලයක් ද කවි නොලියන මිතුර?ඈ ...
පිරිමි කවුරුද වරදෙ නොබැඳෙන? චින්තක රණසිංහ වචන ටැක්සි පිරිමි කවුරුද වරදෙ නොබැඳෙන? චින්තක රණසිංහ ලංකාවේ විශ්ව විද්‍යාල කතිකාචාර්යවරු ලියා පළ කරන බොහෝ නවකතා කෙටිකතාවලට පාදක වන්නේ ඔවුනගේම විශ්ව විද්‍යාල අභ්‍යන්තර අත්දැකීම්ය. ඒ හේතුවෙන් චින්තක රණසිංහ අතින් ලියැවුණු මේ නව කතාවේ ද ඇත්තේ විශ්ව විද්‍යාලයට පිටින් සිටිනා අප වැන්නවුන් නොදන්නා ඔවුනගේම විත්ති කාරණා ඇතුලත් කතාවකි. මෙබඳු උසස් අධ්‍යාපන කේන්ද්‍ර යේ ඇති පුළුල් චරිත පිටුපස ඇති අප්‍රසිද්ධ - ඇසීමට දැන ...
"අර මිහිරි සීනු නාදය" සහ ක්ලයින් බෝතල සූත්‍රය වචන ටැක්සි "අර මිහිරි සීනු නාදය" නම් වූ ලියනගේ අමරකීර්තිගේ කෙටි කතා සංග්‍රහය ඒ ආරේ අමුතුම කතා සංග්‍රහයක් වන්නේ එය තුළම අන්තර්ගත එක් කෙටි කතාවක එන සූත්‍රයකින් එම කෘතියත් සමස්ත මාධ්‍ය ලෝකයත් එකිනෙක නිරාවරණය කර ගන්නා බැවිනැයි මට සිතේ.එම සුවිශේෂී කෙටි කතාව "යතුරු සිදුරක" ලෙස වේ. එය විසින් ගෙන එන සූත්‍රය "ක්ලයින් බෝතල සූත්‍රය" යැයි මම හඳුන්වමි.එනම් වඩාත් දීර්ඝ ලෙස පැහැදිලි කළහොත් ...
පිත්තල හන්දිය- එරික් ඉලයප්ආරච්චි වචන ටැක්සි කවි පොතක් අත පත්විය. ඒ එරික්ගේ "පිත්තල හන්දිය" කවි පොතයි. කවි පොත ආවේ හෂිත අබේවර්ධනගේ ඔෆිසිය ටය. එසැණින් ලද ඔත්තුවෙන් මා ඔහු හඹා ගොස්, එරිකුන්ට පිං දී, පොත මා සතු කර, කියවා හමාර කොට රස වින්දෙමි. හෘද සාක්ෂියකින් තොරව ජීවත් වීමේ කලාව ප්‍රගුණ කර ඇති හෙයින් කිසිදු අවුලකින් තොරව කවි කියවන්නටත් ඒවා තලුමරා රස විඳින්නටත් මා සමත් බැව් මුලින්ම නොකියා ...
කාලයේ තීරු තීරු වචන ටැක්සි අතීතෙ කාලය ගල් ගැසුනු තැංවල ගල් වුනු මිත්‍රයිනි සිතුවිලි නොසෙල්වුනු කාලය දෙපලු කොට හෝ තෙපලු කොට ආයෙම පණ ගන්වමි නොසෙල්වුනු සිතුවිලි කීරි කීරි... එනව ද මාත් එක්කල කාලයේ තීරු තීරු ඉරා දමනට කුරුඳු කෝට්ටක් වගේ පට්ටෙන් පට්ටා ගසා ලන්නට 15/07/2012වචන ටැක්සි|wachana taXi wachanataxi@gmail.com ...
තාත්තා වචන ටැක්සි රවි ශනි කුජ බුධ බහස්පති විශ්වය පීරූ සොඳුරු තරුපති සුබ නැකැත් ප්‍රවේසමෙන් තෝරා සුබ සෙත සදා දුන් තාත්තා ඉහළ නැඟි මිනිසුන් දැක බිම ඉඳන් සැන සෙන්නැති අම්මා ගෙ දෙස් දෙවොල’තර කප්පරක් අළුත් පොත් පත්තර ගේ පුරා කඳු ගැසූ තාත්තා පොත පතින් ආතුර අකුරු සොඬ වැඩුණු දරුවන් දැක තනියෙන් ම හිනැ හෙන්නැති අතමිටෙහි කාසි නො රන්ඳා දෙපාරක් නො සිතා දෝතින් ම ...
බෝනික්කන්! වචන ටැක්සි තුනීව සිහින්ව කන්‍යා පටල සේ සිඳී ගිය ආශාවන් මිය ඇදී යන්නටවත් පණක් මුසු නැති මියැදී ගිය එනමුදු රෝස පැහැති... බෝනික්කන්! දෑස් ඇරුනු එමත වැලි තැවරුනු වැළලුනු නිරාශා වැල්ලෙ තැනුනු තැනිතලාවන් යට සැතපෙන කම්පිතව පණ නල යදිනු අමතකව ගිය ප්ලාස්ටික් ආත්ම... තුනී ව සිහින්ව p.s. උදලු ගාන විට මිදුලේ සමහර තැන්වලින් පරණ ප්ලාස්ටික් බෝනික්කන් තවමත් මතුවෙයි. පරම්පරා කීයක් අපි මේ ප්ලාස්ටික් ...
පියාණෙනි වචන ටැක්සි ජීවිතය ගැන අපමණ කතන්දරමිමිණෙයි හමු නොවන හැම හමු වීමකමකල් දැමූ යම් දවසකටජීවිතය ගැන එක නිමේෂයක් රැව්දෙයිහමු වූ විට හමු නොවන බව යලි කිසි දිනෙක...මහේෂ් මුණසිංහගේ පියාණන්ගේ අභාවය නිමිත්තෙන් වෙන්වන්නට මොහොතකට පෙර හෝ ඔහුට හමු නොවූ ඒ ප්‍රියාදර පියාණන් සිහිවනු පිණිස ලියා තබමි.වචන ටැක්සි|wachana taXi wachanataxi@gmail.com ...
යුනිකෝ ගැන මතකය වචන ටැක්සි වර්ෂ 1975 ඔක්තෝබර් මස විසිවන දා උපත ලද "සිත්තර" චිත්‍රකතා පත්තරය මගේ ජීවිතයේ එක්තරා මංසන්ධියක් නිමැවූවා යැයි පැවසුවහොත් එය අතිශයෝක්තියක් නොවේ. සිත්තර පළමු පිටපත අපේ තාත්තා විසින් මිලට ගෙන කියවා එය මගේ වැඩිමල් සොයුරිය අතපත් සැනේ සිට මා ඇය වටා කැරකෙමින් එහි වූ රූප සහිත දෙබස් කතා මා වෙත උස් හඩින් පවසන මෙන් ඇවිටිලි කළ අයුරු මා මතකයේ දැඩිව අදත් ...
අWL Art - විරාජ් ලියනාරච්චි වචන ටැක්සි අWL Art- ඡායාරූප ප්‍රදර්ශනය, මැයි 27, 28 සහ 29 කොළඹ කලාභවනේදී සහ ජුනි 2 සහ 3 පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ 'මාගේ දේශය අවදි කරනු මැන' කලා උලෙළේ දීත් පැවැත්වේ.විරාජ් ලියනාරච්චි නම් වූ ආලෝක ගාන්ධර්වයාට සුභ පතමි.ඡායාරූපවල දැක්වෙන්නේ මැයි 27 වන දා රාවය පුවත්පතේ පළ වූ විරාජ් ලියනාරච්චිගේ සංලාපයෙන් උපුටා ගත් හෙඩිමයි. වචන ටැක්සි|wachana taXi wachanataxi@gmail.com ...
නුග කොල ද හෙම්බත් ය... වචන ටැක්සි නුග කොල ද හෙම්බත් ය ප්‍රභාසංශ්ලේෂණය ඇණ හිට දැං කලකි නුග සෙවණේ ද ගිනියමකි අහරක් නොනිපදේ ආහාර දාම මුලිනුපුටා වැනසෙති රහසේ නුග විතරක් ද අඹ කොල ද වල්මත් ය නැත කිසිදු අහරක් ප්ලෝයම පටක තුළ දුවන ඉහළට අඹ ඵලය හැඩයකි ඇතුලත හිස් යැ බීජ නොලබයි සුවඳ නොහමයි හිරු එළියෙ ගිනි රැස් ය හරිතප්රද ගිනි ගති අහර නිපදුම එතැන නැවතුනි නුග ...
හිරුගෙන් කැඩී ... වචන ටැක්සි හිරුගෙන් කැඩී වෙන් වුනකැබැල්ලක් පා වී ඇවිත් ගගනතවිනිවිද අහස ඕසෝන් ස්ථරඅවුලුවයි පෘථිවි කබොල නෑ සැක!කල්ප කාලාන්තරයක සිටකැරකී කැරකී වෙහෙසවඅතින් ගිලිහෙන දොයිතුවපෙලා පලා දාවි ද ලෝ ධාතුවහැල්මෙන් වසර අගණිතසැලි සැලී හුන් බමනෙකහිරි වැටී අත් බාහු දඟ යුගඉහිරෙයි ද හිරු ලෝහිතහිරු තරු ඇතුළ ඉපදුනදේවලින් සැදුන මිහි ජීවිතහිරු තරු කැඩී විහිදෙනකැබැල්ලෙන් නැවත ගනු ඇත20/04/2012වචන ටැක්සි|wachana taXi wachanataxi@gmail.com ...
සරුංගලයක සැබෑ ලස්සන... වචන ටැක්සි වා තලය නිසල විටබැරෑරුම් කුණාටුව ළඟ බැව් කියයිඅහස ගුගුරා වැසි වැටේ යැයිසිතූ විටක දී නිහඩ වෙයිබලාපොරොත්තුවකට ජීවය පිඹින්නටමෙවැනි බාධක සියුම් වෙයිරළු වෙසින් පැමිණියත් මේඝයමහා පොළොවට ළදරු වෙයිසරුංගලයක රැහැණ සුන් කොටඉබාගාතේ යවයි-කුණාටු අහස වෙතකොතැන වැටුණත් එහිම හිමිකරුඒ ඒ සියළු තැන් හිඳියිඑනමුත්අහසේ නීතිය රීතිය නොදත්සරුංගල කිසි දා උඩ නොයයිවැටුනු තැනකින් ආයෙ අල්ලාඋඩ යවන්නට සිත දිරියිසරුංගලයක සැබෑ ලස්සනඅහස මැද මිස වෙන නොවෙයි!09/04/2012වචන ටැක්සි|wachana ...
ඔබ ඇඳි සිතුවම් වචන ටැක්සි ඔබ ඇඳි සිතුවම් දුටුවෙමි කඳු මුදුන් සහ අහස් තල අතර ගොරහැඩි පාෂාන සිඛර බඳ වටඑතී ගලා හැලෙන දිය කඳුරුවලඉවුරු බදා පැද්දෙන සුලලිත ගහවැල-කටු පඳුරකඋල්ම උල් කටු කිනිස්සකඅගිසක දිලෙන රෝස පෙත්තකඔබ ඇඳි සිතුවම් දුටුවෙමිමම ද සිතුවම් අඳිමිදුර්ගන්ධය ගලා යන පීටාර ගලන කක්කුස්සි වලක් ගැනනගාරාලංකාරය ශෝභනය රකිනු වස් හරවා දැමුම පිණිස නොමිනිස් වාසයකට...06/04/2012වචන ටැක්සි|wachana taXi wachanataxi@gmail.com ...
බුදු දහමේ ඉගැන්වෙන ප්රතිසන්ධි තල පිළිබඳ භෞතික විග්‍රහයක් වචන ටැක්සි බුදු දහමේ ඉගැන්වෙන ප්රතිසන්ධි තල පිළිබඳ භෞතික විග්රහයක්මේ ස්වභා දහමේ නිර්මාන කාලයේ ඇරඹුමේ සිටම අපට ප්රත්යක්ෂ වෙමින් හෝ නොවෙමින් අප අතරම පැවතුනි. ඒවා ගවේෂණය කිරීමෙන් අපට ප්රත්යක්ෂ වන මාදිලි බවට පරිවර්තනය කරන්නට කවදා කවුරුන් හෝ මූලික වන්නේද යන්න මිස ඒවා අලුතින් ප්‍රාදූර්භූත වීමකින් තොරව සනාථනිකව තම පැවැත්ම රඳවා ගනී. -රොජර් පෙන්රෝස්Those designs were already ‘in existence’ since the beginning of ...
පශ්චාත් නූතන සාහිත්‍යයේ සමාජ පසුබිම සහ දාර්ශනික පදනම වචන ටැක්සි වචන ටැක්සි|wachana taXi wachanataxi@gmail.com
සිමියුලේක්‍රය වචන ටැක්සි මස්තිෂ්කය ඇතුළත අඳුරුය කළුවරයකෑලි කැපෙන තරමට!හිස් කබොලෙන් වටකුරු වූ ආලෝක පුංජයක් ඇතුළු නොවනඝණාන්ධකාර කුටියකිමස්තිෂ්ක කුහරයදෘශ්ටිවිතානය මතට වැටෙන උඩුකුරුව ඇතුළුව-යටිකුරු වූ ප්රතිබිම්බයරසායන අංශු පේලියක් බවට පත්වනික්ම ඇස පිලිකන්නෙන්ඇතුළු වෙයි අඳුරු මොළ මස වෙතඅඳුරු අහස පලා ඇද වැටෙන ගිලන් උල්කාෂ්ම වරුසාවක් සේඅඳුරු මොළ මස තුළවර්ණාවලිය හැඳිනෙයි...අඳුරු මොළ මස මතවර්ණාලෝක වෙන් වෙයි...ඇය දුටිමියි සිත තුටුවෙයි!17/02/2012වචන ටැක්සි|wachana taXi wachanataxi@gmail.com ...