විලිවසාගත් රෙදිකඩකට අන්ධ වුනේ ඇයි? ලුණුමිරිස් මට ඔහු මුලින්ම හමුවුනේ මීට සති කිහිපයකට පෙර විහාරස්ථාන භූමියකදී, හමුවන විටත් ඔහු අත රැඳි ජංගම දුරකථනයෙන් කිසිවෙකුත් සමග මුමුනමින් සිටි අතර සංවාදය අවසානයේ “රුපියල් සීයක” රීලෝඩ් එකක් ඉල්ලා සිටිනු මට ඇසින. අනතුරුව කිහිපවරක් ඔහු සමග දොඩමලු වන්නට මට අවස්ථාව ලැබුනු අතර ඒ සියලු අවස්ථාවන්හි ඔහු ගේ හපන්කම් ගැන පැවසීමට නොපැකිලිවිය. අද උදැසන නැවත වරක් එම විහාරස්ථානයෙහිදීම ඔහු හමු වනවිට ...
අපෙන් ගිලිහෙන බැතිබර දවසෙක, පුංචි පුතුට අටපට්ට්මක් ලුණුමිරිස් සදහම් සිසිලස දසත පැතිරුන තවත් වෙසක් දවසක් උදාවෙලා, වෙසක් දවසට හමන ඒ සීතල සුලඟ හැමදාමත් එක වගේ.. ඒ සුලං රැල්ලට තාලෙට නැලවෙන සව්කොල රැලි.. සුලඟට පාවෙලා එන ඝණ්ටාර හඬ තවමත් ඉතිරිවෙලා.. හිටි අඩියේම දන්සැලකින් නැගෙන තාරුණ්‍යයේ අඳෝනාවකින් වෙසක් සිසිලසේ නිසංසල බව බිඳී යනවා.. පුංචි පුතා එක්ක එකතුවෙලා හවසට එල්ලන්න වෙසක් කූඩුවක් හදාගන්න ඕනේ.. ඔට්ටපාලු, බට පතුරු සොයාගෙන ලන්ද දිගේ දුවන්නෙ ...
ලියනවාටත් වඩා දෙයක් වෙනුවෙන් ලුණුමිරිස් මෙදා පාර නම් කොහොම හරි මේ වැඩේ කරගෙන යනවා.. ලියනවාටත් වඩා දෙයක් මේ බ්ලොග් එකෙන් කරන්න තියනවා. හිතේ තියෙන අදහස් තදකරගෙන ඉඳල පිලිනු වුනාට පස්සෙ විසිකරල දානවට වඩා ඒක අකුරු වලින් ගලපල බ්ලොග් සටහනක් කරන්න තියෙනව නම්, ඒ අදහස් සයිබර් අවකාශයේ කාලාන්තරයක් රැඳේවි. ඒත් ඇයි මට බැරි මගේ නම/ගම දාල මේ අවකාශයට මාව නිරාවරනය කරන්න? ඒකට හේතුවත් කාලයත් සමග ලියන්න ...
“කටුනායක” සහ “කටුන යකා” ලුණුමිරිස් මේ දවස් වල කවුරුත් කතා කරන්නේ කටුනායක වෙඩිතැබීම ගැන. හරියට රගර් තරඟයක් වගෙ කියලත් හිතෙනව, බෝලෙ එක එක අත පාස් වෙනවා, සමහරු බිමත් දාගනන්ව, කොහොම නමුත් කටුනායක පොලීසියෙ අවි ගබඩාව බිඳින්න ආපු අයට වෙඩිතැබූ බව කියපු පොලිස්පති තුමා විශ්‍රාම යන්න දවස් 16 කට කලින් ගෙදර නැවතුනා. එ නිකම් ම නොවේ, තමා මුලින් කී කතාව වෙනස් [...] ...
ලියන්න පටන් ගත්තා… ලුණුමිරිස් ඒ දවස් වල අද වගේ සින්ඩිකේටර වැහි වැහැල තිබුනෙ නැහැ. කොත්තුවෙන් තමයි අපි බ්ලොග් කියවීමේ පිපාසය නිවාගත්තේ. එදා අපි හෝටලයකට ගොඩ වැදුනම ඉල්ලන කොත්තුවම තමයි අද ඉල්ලනෙත්, නමුත් ඒකෙ අන්තර්ගතය අද ගොඩක් වෙනස් වෙලා.. කාලයත් එක්ක හෝටල් වල කොත්තුවෙ රස වෙනස් වෙලා වගෙ සයිබර් කොත්තුවෙත් ටේස්ට් එක දැන් ගොඩක් වෙනස්. කොත්තුවට වැටෙන සමග බ්ලොග් දාල [...] ...
ලුණුමිරිසට පෙරවදනක් ලුණුමිරිස් ගොඩක් කාලෙකට පස්සෙ ආයෙත් ලියන්න හිතුන, බ්ලොග් අවකාශය හිතාගන්න බැරි තරමට පුළුල් වෙලා, වසර ගනනකට පස්සෙ අයෙත් සටහනක් ලියන්න හිතුන වාර අනන්තයි. ඒත් බහුල වූ වැඩ රාජකාරි නිසා එකට වෙලාවක් ලැබුනෙම නැහැ. නමුත් ඉතින් උවමනාව තියෙනවනම් මොනව කරන්න බැරිද? එහෙනම් ඉතින් ඔන්න උවමනාව එකතු කරන් අලුත් දෙයක් ලියන්න පටන් ගත්ත ...