Baththalangunduwa දූපතේ අපේ ජීවිතේ ( අවසන් දිගහැරුම ) ලාහිරු දහසක් දිලී ........ කලින් සැරේ කතාව නැවැත්තුවේ අපි බත්තලංගුණ්ඩුව දූපතට ගොඩ බහින්න ළං වෙලා නේ. ඒ කොටස කියෙව්ව නැති කෙනෙක් ඉන්නවනම් මෙතනින් ගිහින් බලන්න. දූපතේ නම් ජැටියක් නැහැ බෝට්ටු නවත්තන්න, ඒ නිසා බෝට්ටුව හෙමීට ගිහින් වැල්ලේ ඇනුනා. අපිත් හෙමීට ඉණිමඟ දිගේ බහින්නේ නැතුව වැල්ලට පැන්නේ සතුටටමයි දැනුන!! හලාවත හිටිය අපේ යාලුවා ගේ නෑදෑ කෙනෙක් හොයාගෙන යන්නයි අපේ දැන් ලෑස්තිය. බඩු මලුත් කරගහගෙන වැල්ලේ ...
ටිකක් විතර 18+ .....! ලාහිරු දහසක් දිලී ........ ඔන්න දැන් මම කියන්න යන්නේ ටිකක් විතර 18+ කථාවක්! ඒත් ඉතින් කථාව කියෙව්වට පස්සෙ 18+ කොහෙද තියෙන්නෙ කියලා නම් අහන්නෙපා හොඳද! කථාව අහලා තියෙන අයත් ඇති. ඒ වුනත් ආයෙත් කියෙව්වා කියලා මක් වෙනවද! හිකිස්... ඊට කලින් කියන්න දෙයක් තියෙනවා වැදගත් දෙයක්! ඒ තමයි මගේ බ්ලොගයේ රිදී ජුබිලිය! ඒ කියන්නේ හිට්ස් 25,000ක් මටත් ලැබිලා!!!!ඔන්න මේකයි කථාව. එක මනුස්සයෙක් ඉන්නවා, මෑන් ට ...
Windows 7/ Vista/ XP Genuine කරගන්න... ලාහිරු දහසක් දිලී ........ Windows 8 Beta version එකත් ඇවිල්ලා තියෙන කාලෙක අහවල් දේකට Win 7/Vista/XP ගැන කියනවද මන්දා කියලා ඔයාලට හිතෙනවා ඇති නේද? ඒත් සමහරු ඉන්නවනේ කොයිතරම් අළුත් ඒවා ආවත් පරණ OS එක දාලා යන්න අකමැති අය. උදාහරණයක් විදියට Microsoft සමාගමේ මෙතෙක් බිහි වුණ හොඳම OS එක විදියට ගොඩක් දෙනා සලකන්නේ Windows XP. ඒකට විවිධ හේතු තියෙනවා. Win XP ගොඩක් stable සහ reliable ...
කොළඹ ටවුන් එක ඉස්සර... ෆොටෝ ටිකක්! ලාහිරු දහසක් දිලී ........ දැන් කාලේ කොළඹ ටවුන් එකේ ඉන්න සෙනඟයි වාහන කන්දරාවයි අතරේ ඇඟිල්ලක් ගහන්න ඉඩ නැති වුනාට ඉස්සර කාලේ කොහොම තියෙන්න ඇතිද? ඉස්සර කාලේ කිව්වේ දැනට අවුරුදු 150 කට 200 කට කලින්. හිතාගන්න පුළුවන්ද? හිතාගන්න අමාරු නම් මේ ෆොටෝ ටික බලන්නකෝ, මට ඊමේල් එකකින් හම්බවුනේ, තරමක් දුර්ලභයි කියලා හිතුණ නිසා ඔයාලත් එක්ක බෙදාගන්න හිතුවා. බලන්නකෝ කොහොමද කියලා...මෙතනදි තමයි ප්‍රින්ස් වීදිය සහ යෝක් ...
Dating සහ date rape pills.... ලාහිරු දහසක් දිලී ........ ම්ම්ම් ඩේටින්...ඩේටින්! ඩේටින් කියන්නේ මොකක්ද? මේකට හරියන සිංහල වචනයක් නම් හම්බවුණේ නෑ මට. පිටරටවල නම්, ඒ කියන්නේ ගොඩක් වෙලාවට බටහිර රටවලට මේක අළුත් දෙයක් නොවුනට ලංකාවට නම් තරමක් අළුත් වචනයක්. අළුත් කියලා කිව්වට වචනේ විතරයි, ඒකෙන් තියෙන දේවල් නම් ලංකාවේ මිනිස්සු පටන් ගන්න ඇත්තේ සුද්දටත් කලින් වෙන්නෝන...හිච්චි සන්දියේ ඉඳන් එකට වැලිබත් උයලා කෝම්පිට්ටු හැදුව පුංචි වුන් සෙට් එකෙන් ඉබේටම හැලිලා, ...
සුදු නෙළුම කෝ... ( කෙටිකතාව ) ලාහිරු දහසක් දිලී ........ "මහත්තයෝ බහින්න, මෙතනින් බැහැලා අර පේන පාර දිගේ කිලෝමීටර් දෙකක් විතර ගියා ම ඔය කියන ඉස්කෝලෙ හම්බවෙනවා. පයින් තමයි යන්න වෙන්නේ. හැබැයි අත් ට්‍රැක්ටරයක් කාරිය මුලිච්චි වුණොත් නම් මහත්තයා ව දාගෙන යාවි" සීනුව නාද කළ කාරුණික කොන්දොස්තර මහතාගේ හඬින් නිදි ලොවින් පියවි ලොවට වන් මා වහා ගමන් මළු එකතු කරගන්නට යුහුසුලු වීමි. කොන්දොස්තර මහතාගේ සහයෙන් බිමට බට සැණෙකින් බසය මා ...
අපේ රැග් සීසන් එක... ලාහිරු දහසක් දිලී ........ මම මේ කියන්න යන්නේ රැග් සීසන් එක ගැන කතාවක්. මේක මට මතක් වෙන්න හේතුව තමයි අපේ කැම්පස් එකට අළුතින් බැජ් එකක් මේ ළඟදි ගත්ත එක. කැම්පස් එකක රැග් සීසන් එක කියන්නේ මාර ම ජොලි කාලයක්නේ. ජූනියර්ස් ලාට කෙසේ වෙතත් සීනියර්ස්ලට. රැග් සීසන් එක විඳින කාලේ ඒක කොයිතරම් කට්ටක් උනත් පස්සෙ කාලෙක මතක් කර කර මැරෙනකල් හිනාවෙන්නේ ඒ දවස්වල එක එකාට ...
BIOS password දාන්නේ කොහොමද ? ලාහිරු දහසක් දිලී ........ සාමාන්‍යයෙන් Windows පාදක වුණ පරිගණකයකට අනවසර ඇතුළුවිම් පාලනය කරන ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා. ඒවා තමයි1. Windows Password යෙදීම මඟින්2. BIOS password යෙදීම මඟින්මේකෙන් ගොඩාක් ම ආරක්ෂිත සහ ප්‍රයෝජනවත් වෙන්නේ දෙවෙනියට කිව්ව BIOS password යෙදීමයි. ගොඩක් අය හිතාගෙන ඉන්නේ Windows Password එක ප්‍රමාණවත් ආරක්ෂාවක් අපිට දෙනවා කියලා. ඔව්, හැබැයි සමහර වෙලාවට. ඕන නම් වැඩ දන්න කෙනෙකුට Windows Password එක crack කරනවා ...
මැරුණට පස්සෙ අහසේ පාවි පාවි ඉන්න පුළුවන් කාටද ??? ලාහිරු දහසක් දිලී ........ කෙනෙක් මැරුණට පස්සේ ඇත්තට ම එයාට මොකද වෙන්නෙ? ඇත්තටම ඒ කෙනා ආයෙ ඉපදෙනවද? නැත්තම් ආයෙ ඉපදෙන්නෙ නැද්ද? ඉපදෙන්න තැනක් ලැබෙනකල් අහසේ පාවි පාවි ඉන්නවද? එහෙමත් නැත්තම් මොනවත් ම වෙන්නෙ නැද්ද ? මේ ගැන එක එක අයගේ තියෙන අදහස් විවිධාකාරයි. ගොඩක් අය හිතන දෙයක් තමයි මැරුණට පස්සේ සිරුරෙන් ආත්මය අයින් වෙලා ගිහින් අවකාශයට වෙලා පාවෙමින් ඉන්නවා අන්තරාභවයක ආයෙත් ඉපදීමක් බලාපොරොත්තුවෙන් ගන්ධබ්බයෙක් ...
එක හිත නැති මගේ හිතත්... ලාහිරු දහසක් දිලී ........ අපිට කිසිම දෙයක් ගැන එක හිතක් නැත්තම් මොකද වෙන්නෙ? හිත ඔහේ ඈතට ඈතට පාවෙලා යාවි නේද? විසිරිලා වල්මත් වුණ හිතට කවදාවත් හරියට වැඩක් කරන්න පුළුවන්කමක් නැහැනේ. එහෙම හිත අයාලෙ යන්න පුරුදු වුණොත් ලේසි දෙයක් නෙවෙයි ආයෙමත් එක තැනකට ගන්න ක. ඒ කියන්නෙ මොන ම දෙයක් ගැනවත් ස්ථිර අධිෂ්ඨානයක් නැත්තම් කිසි ම දෙයක් හරියට කරගන්න බැහැ. උදාහරණයක් විදියට එක්සෑම් එකට පාඩම් ...
Windows 7 සිංහලකරණය කරමු.... ලාහිරු දහසක් දිලී ........ Windows 7 ඇවිල්ලත් දැන් අවුරුදු දෙකකටත් වැඩියි වගේ. ලබන අවුරුද්දේ Windows 7 එන්නත් තියෙනවා. ම්ම්ම්... ඔයාලට හිතෙනවා ඇති ඒ අස්සේ මොනවද මේ කියන්න යන්නේ කියලා නේද? හැබැයි ඉතින් එක අතකට මේකේ කාලින වැදගත්කමකුත් තියෙනවද මන්දා. දේශප්‍රේමය, ජාත්‍යාලය ගැන වැඩියෙන් කතා කරන කාලයක් නිසා!!!! හ්ම්... ඒවයින් කමක් නෑ, මම මේ කියන්න යන්නේ Windows 7 වල වැඩි දෙනෙක් දන්නේ නැති පහසුකමක් ගැනයි. ...
දැන් කාලේ ඉන්න බුද්ධිමත් පොඩ්ඩෝ...! ලාහිරු දහසක් දිලී ........ මේ කතාව මම පත්තරේක දැක්ක එකක්. ඒත් ටිකක් විතර වෙනස් අත්දැකීමක් වේවී දෝ කියලා හිතුන නිසා ලියන්න හිතුවා. අපි පොඩි කාලේ හැසිරීමයි, දැන් කාලේ ඉන්න පොඩි වුන්ගේ හැසිරීමයි බලද්දි ලොකු වෙනසක් දැනෙනවා නේද... සමහරුන්ට හිතෙයි දැන් කාලේ ඉන්න එවුන් නම් ගන්න දෙයක් නෑ කියලා, ඒත් සමහරුන්ට නම් ඒක ගානක් නෑ. මට නම් හිතෙන විදියට ඒක තමයි පරම්පරා ඝට්ටනය කියලා කියන්නේ. ...
මගේ පුංචි කුමාරි... හා පැටික්කි ගේ උපන්දින තෑග්ග! ලාහිරු දහසක් දිලී ........ ආදරණීය හා පැටික්කි වෙත, දන්නවද... අදට අපි දෙන්නට අවුරුදු අටක් පිරෙනවා, නවයක් ලබනවා. ඔයාට දැනෙනවද සුදූ ඒක. අවුරුදු අටක් කියන්නේ බබෝ පුංචි කාලයක් නම් නෙවෙයි. මාස, සති, දවස්, පැය, විනාඩි වලින් බැලුවොත් නම් කොයිතරම් ද! මට මතකයි කැම්පස් ආව අළුත යාළුවෝ අහනවා "මචන් උඹේ එෆෙයාර් එකට කොයිතරම් කල් ද? " මම එතකොට කියනවා "ම්ම්ම්... අවුරුදු හයක් හතක් විතර ඇති ...
පුද්ගලික ආරක්ෂාවේ අයිතිය හෙවත් ආත්මාරක්ෂාවේ නීතිය... ලාහිරු දහසක් දිලී ........ පුද්ගලික ආරක්ෂාව එහෙමත් නැත්තම් ආත්මාරක්ෂාව කියන දේ සම්බන්ධ නීතිය ගැන යමක් කියන්නයි හදන්නේ. අද රටේ තියෙන වාතාවරණයත් එක්ක බලද්දී නීතිය ගැන ඉගෙනගෙන නම් වැඩක් නෑ, කොහොමහරි අතපය එහාට මෙහාට වනන්න දැනගෙන හිටියානම් ඇති වගේ වුණත් කොයි එකටත් දැනගෙන ඉන්න එක හොඳයි මේ ගැන. සාමාන්‍ය ජනතාවට බලපාන මේ නීතිය කියන රාමුව ඇතුළේ ඉඳන් අපිට කරන්න පුළුවන් දේ සහ බැරි දේ ගැන ...
සම්මානය (කෙටිකතාව) ලාහිරු දහසක් දිලී ........ "පුතේ... මෙන්න ලියුමක් ඇවිල්ලා, රතු පාට එකක්. හමුදාවෙන් වෙන්ටැ මයේ හිතේ". ලියුමක්! මට ලියුම් කොහෙන් එන්නද, මම ම දාගත්තොත් මිසක්. මම මට ම කියාගත්තෙමි. ඊයේ රාත්‍රිය පුරා බසයේ පැමිණ නිවසට ළඟා වූයේ අද පාන්දර 5 ට පමණ ය. පැමිණි විගස ම ඇඳුම් ගලවා දමා හුරු පුරුදු සරමට මාරු වුණේ අඩියට දෙකට ළිඳට ගිහින් මුණ කට සෝදා යන්තම් ඇඳට පැනීමටයි. පැය ...
දිව්‍ය ලෝකේ යන්න කැමති අයට.... ලාහිරු දහසක් දිලී ........ අපි ගොඩක් වෙලාවට යමක් කරන්නෙ හොඳ හෝ නරක යම් ප්‍රතිඵලයක් බලාපොරොත්තුවෙන්. අපි ඉගෙනගත්තත්, රැකියාවක් කළත් මේ හැමදේක ම කිසියම් සැඟවුණු බලාපොරොත්තුවක්/ ගොඩක් තියෙනවා. ඒ වගේ ම අපි කිසිම දෙයක් බලාපොරොත්තු නොවී මොනාහරි කරන්නෙ ඉතා ම කලාතුරකින්. ඒක සාමාන්‍ය මනුස්ස ස්වභාවයනේ. අපි කැමතියි අපිට මහන්සියක් නැතුව ම යමක් ලැබෙනවනම්. කොහෙන්හරි සල්ලි ඇවිත් ඉබේම අපේ බැංකු ගිණුමට එකතුවෙනවානම්.... හැබැයි අපි නොදන්නවා/ නොහිතනවා ...
Notepad එකෙන් RAM එක Clean කරන්න..... ලාහිරු දහසක් දිලී ........ අපේ පරිගණකයේ වේගයට බලපාන ප්‍රධාන උපාංගයක් තමයි RAM එක කියලා කියන්නේ. RAM එක කියන්නේ තාවකාලික මතකයක්, ඒක විදුලිය මත රඳා පවතිනවා කියලා අමුතුවෙන් කියන්න ඕන නෑනේ. අපි ගොඩාක් වෙලාවක් පරිගණකයත් එක්ක වැඩ කරද්දී, ඒ කියන්නේ අපි එක දිගට පරිගණකය පාවිච්චි කරන තරමට RAM එක මත තැන්පත් වෙන දත්ත ප්‍රමාණය වැඩිවෙනවා. ඒ හා සමානුපාතික ව පරිගණකයේ වේගයත් ටික ටික අඩුවෙනවා. ඒක ...
මැජික් බියර්... ලාහිරු දහසක් දිලී ........ කෙල්ලෙක් තට්ටු බිල්ඩිමක උඩ තට්ටුවක තියෙන බාර් එකකට තනියම ආවලු. ඇවිල්ල වටපිට බලද්දි දැක්කල හෙන හැන්ඩි කොල්ලෙක් තනියම බියර් එකක් බිබී ඉන්නව. මේ කෙල්ලටත් කම්මැලි නිසා හිතුවලු පොඩි චැටක් දාන්න මෙයත් එක්ක. කෙල්ල මෙයා ලඟට ඇවිත්.කෙල්ල : මොනවද ඔයා බොන්නෙ?කොල්ලා : මේක මැජික් බියර් එකක්!කෙල්ල හිතුවලු මූ නම් පිස්සෙක් කියල කෙල්ල හිමීට බාර් එක වටේ රවුමක් දැම්මලු. ඒත් වැදගැම්මකට ඇති ...
ආයෙත් පටන් ගත්තා නේද බොන්න ??? ලාහිරු දහසක් දිලී ........ " ආයෙත් පටන් ගත්තා නේද බොන්න????? මම කොච්චරවත් එපා කියලා තියෙනවද ඕවා බොන්න. තේරුම් ගන්න එපැයි ඕවා හොඳ නෑ කියලා හැමවෙලේම බොන්න. හැමදාම හවස් වෙද්දි බොනවා ඇඟේ අමාරුවට කියලා. අනේ මන්දා දැන් නම් හවස් වෙද්දී ඇඟේ අමාරුවක් තිබුණත් නැතත් බොන එක පුරුද්දක් වෙලා වගේ. ඔය විදියට බොන්න ගියොත් මොන ලෙඩේ හැදිලා නවතියි ද කියලා මට නම් හිතාගන්න බෑ..." එක දවසක ...
කැළණිතිස්ස රජතුමා සහ උණුතෙල් කටාරම... ලාහිරු දහසක් දිලී ........ අද පෝය දවස නිසා මට හිතුණා ටිකක් වෙනස් දෙයක් ගැන කතා කරන්නෝන කියලා. මේ බණ කතාවක්මත් නෙවෙයි, ඒත් ඉගෙන ගන්න දේවල් තියෙනවා කියලා හිතුණ නිසා කියන්න හිතුණා. හැමෝම දන්නවනේ ලංකාවේ බිහිවුණු ශ්‍රේෂ්ඨ නරපතියෙක් වුණ දුටුගැමුණු රජතුමා. එතුමාගේ පියා තමයි කාවන්තිස්ස රජතුමා. මෑණියන් තමයි වීර කාන්තාවක් වෙන විහාර මහා දේවිය. ඇගේ පියා තමයි කැළණිතිස්ස රජතුමා. ඔය කැළණිතිස්ස රාජ පරම්පරාවට අයිති කතාවක් ...