මෙන්න ඇමරිකාවෙ ණය! මුහුදු කොල්ලකාරයාගේ දිනපොත මේක අද ඊ මේල් එකකින් ආවෙ. පහු ගිය ටිකේ නෙට් එකෙත් ගොඩක් මේ රූප ටික තියෙනව දැක්ක. දැකල නැති අයට දැක ගන්න ඔන්න මම දැම්ම. මේකට නිමිත්ත තමයි ඇමෙරිකාවෙ නිස්සදාතන වගකීම් ( සිංහලෙන් කිව්වොත් unfunded liabilities ) වල අගය ඇමෙරිකන් ඩොලර් ට්‍රිලියන 114.5 ක් කියල කියනව. මේ ඒ ගාන කොච්චරද කියල පෙන්වන රූප පෙළක්. ඩොලර් 100නෝට්ටුව. ලෝකයේ වැඩියෙන්ම හොරට අච්චු ගහන ...
මම බිලියනපතියෙක් උනොත්! මුහුදු කොල්ලකාරයාගේ දිනපොත ඉස්සර ඉස්කෝලෙදි අපි රචනා ලියනව 'මට ලොතරැයියක් ඇදුනොත්' කියල. එහෙම නැත්තන් මම 'කෝටිපතියෙක් උනොත්' කියල. ඉතින් අපි රචනාවට ලියන්නෙ ඔය ලොකු ගෙයක් හදන හැටි, කාර් එකක් ගන්න හැටි ( ඒ දවස් වල දන්න ගණන් ම කාර් ජාතිය බෙන්ස්) ඕව තමයි. ඒ දවස් වල ඉතින් ඉන්ටනෙට්, iPhone, iPad තියා මම හිතන්නෙ අපේ ගෙදර ලැන්ඩ් ෆෝන් එකක් වත් තිබ්බෙ නෑ. ඒක නිසා ...
ලන්ඩන් ගිනි ගනී! මුහුදු කොල්ලකාරයාගේ දිනපොත මේ දවස් වල ලන්ඩන් වල හැම තැනම ගිනි. රෝමෙ ගිනි ගනිද්දී නීරෝ වීනා වැයුවලු. ලන්ඩන් ගිනි ගනිද්දී නං අපි ගෙදෙට්ට වෙලා ටිවී එකේ නිව්ස් බලනව. ඉරිදා යාලුවෙක් ගෙ ගෙදර ගියා කෑමකට. ගිහින් ආපහු එද්දී එක ටවුන් එකක් පහු කරද්දි හෝ ගාල ඔලුව වහගත්තු, මුකවාඩම් බැඳ ගත්තු කොල්ලො පිරිල. ඊට කලින් දවසෙත් පොලිසියත් එක්ක ගහගත්තු කතාවක් පත්තරේ දැක්ක නිසා තේරුනා මේ ...
උපයන්න, අරගන්න, එලවන්න, ජයගන්න! මුහුදු කොල්ලකාරයාගේ දිනපොත අපිට ජීවිතේ බලාපොරොත්තු, අවශ්‍යතාවයන් ගොඩක් තියෙනව. අපි එක බලාපොරොත්තුවක් ඉෂ්ට කරගත්තම බලන්නෙ ඊට පස්සේ ඊට ඉහල දෙයක් ලබාගන්න. උදාහරණයකට, ඕනම කොල්ලෙක් ජොබ් එකක් ගත්තම බලන්නෙ මුලින්ම බයික් එකක් හරි, පොඩි කාර් කට්ටක් හරි ගන්න. ඉතින් ඔය මරුටියක් වගේ ගොඩ දැම්ම කියමුකො. කාලයක් යද්දී ඕක එපා වෙනව, ඊට පස්සේ බලන්නෙ ටොයෝටා එකක් හරි, හොන්ඩ එකක් වගේ ගොඩ දාන්ඩ. ඒ බලාපොරොත්තුව ඉෂ්ට ...
Formula 1 ටීම් එකක ඇතුල දැකල තියෙනවද? මුහුදු කොල්ලකාරයාගේ දිනපොත මම කලින් පොස්ට් එකකත් කියල තියෙනවනෙ මට Formula 1 උන සෑහෙන්ඩ තියෙනව කියල. මගේ ප්‍රියතම Formula 1 කණ්ඩායම තමයි McLaren Mercedes ටීම් එක. පහු ගිය දවසක මට ජීවිතේ සිහිනයක් සැබෑ වෙන වැඩක් සිද්ද උනා. ඒ තමයි ඔය මැක්ලරන් කණ්ඩායමේ ෆැක්ටරිය බලන්ඩ යන්ඩ අවස්ථාවක් හම්බ උන එක. ඒක ඒගොල්ලො හඳුන්වන්නෙ 'මැක්ලරන් ටෙක්නොලොජි සෙන්ටර්' කියල . ඒක ටිකට් අරගෙන බලන්ඩ යන්ඩ පුළුවන් ...
මම පතෝලිට ආදරෙයි! මුහුදු කොල්ලකාරයාගේ දිනපොත කලින් වලියෙ කතාව කියද්දි තමයි මේකත් මතක් උනෙ. දේශාටන කතා පොඩ්ඩකට නවත්තල මේකත් ලියල දාන්න හිතුන. මගේ පොඩි කාලෙ ඉඳන් හිටපු හොඳම යාලුව තමයි ටොමිය. එක වසරෙ ඉඳන් පටන් ගත්තු ඒ යාලු කම අදටත් තියෙනව. ටොමිය ඉස්කෝලෙ මගෙ පන්තියෙමයි හිටියෙ. පොරත් ඔය අපි වලිය දාගත්තු ක්ලාස් එකට ආව. ඒ දවස් වල ටොමිය ඔය ක්ලාස් එකට ආපු කෙල්ලෙකුට ට්‍රයි කරා. කෙල්ලගෙ ...
කව්ද යකෝ හු කිව්වේ ??? - 2 කොටස මුහුදු කොල්ලකාරයාගේ දිනපොත මම කලින් කොටසෙදි කිව්වනෙ වලිය පටන් ගත්තු හැටි.එක බැලුවෙ නැත්තන් මෙතනින් ගිහින් බලන්න.ඉතින් ඔන්න අර පොර බඩාට අරහෙම කියල කිව්වලු 'උඹ පොඩ්ඩක් හිතපන්,උඹලගේ පැත්තට කවුරුහරි ඇවිත් උඹලට හූ කියල ගියොත් මොකද හිතෙන්නෙ ? ' කියල.කොහොමහරි ඔය වෙලාවෙ පන්ති පටන් ගත්තු නිසා උන්ටික ගියා. හැබැයි කියල ගියේ ඊ ළඟ සතියෙ ඇවිත් අපිට ගේම දෙනව කියල. මොකද එදා හවස ...
කව්ද යකෝ හූ කිව්වෙ ??? මුහුදු කොල්ලකාරයාගේ දිනපොත ඕනම කොල්ලෙක්ගෙ ජිවිතේ කාලයක් එනව අතේ පයේ හිරි ඇරගන්නෙ නැතුව නින්ද යන්නෙ නැති. ඕක වැඩියෙන්ම එන්නේ A/L කරන කාලෙට. ඒ කාලෙට ඉතින් අපිට උඩින් ගියොත් යන්නෙ ඔය කපුටෙක්, උකුස්සෙක් වගේ එකෙක් තමයි. මොකද අපිනේ ඉස්කොලෙටම අයියල. ඉතින් අයියල උනාම ඇවිදින්නෙත් අඩියක් විතර උඩින්. මුහුදු කොල්ලකාරයත් ඉතින් ඔය වගේ 'අයිය' කෙනෙක් කාලේ සෙනසුරාද දවසක පන්ති යන්න සෙට් ...
මල්ලිලා, මෙව්වට එන්ඩ එපා බං.... මුහුදු කොල්ලකාරයාගේ දිනපොත හප්පේ, ගොඩක් දවසකින් මේ පැත්තෙ ආවෙ. පහු ගිය ටිකේ රාජකාරි වැඩයි, ඉගෙනීමෙ වැඩයි ගොඩ ගැහිලා තිබ්බ. තාම ඉවර නෑ. ඒ අතරේ පහුගිය දවසක ඉතාලියෙ පොඩි සංචාරයක් ගිහින් ආව. අද කියන්න යන්නෙ ඒකෙ විස්තර ටිකක්. ඉතාලිය ගැන අහල කියවල තිබුන දේවල් අනුව බොහොම ලස්සන, කලාත්මක අතින් පිරුණු රටක් දකින බලාපොරොත්තුවෙන් තමයි ගියෙ. හැබැයි මගේ හිතේ තිබුණු ඉතාලිය ...
කතන්දරගෙ ගෑනු බොස්ල ගැන කතාවට අතුරු කතාවක් මුහුදු කොල්ලකාරයාගේ දිනපොත අද කතන්දර දාල තිබ්බ 'ගෑනු බොස් ලා හෙවත් බොසීලා' පොස්ට් එක දැකල තමයි මට මේක දාන්න හිතුනෙ. කතාවෙ ගෑනු බොස් කෙනෙක් ම කියනවනේ ගෑනු එක්කෙනෙක් යටතේ වැඩ කරන එක අමාරුයි කියල. හැබැයි මම නං ඕක හරිද නැද්ද කියල දන්නේ නෑ, මොකද මට තාම ගෑනු බොස් කෙනෙක් අහු වෙලා නෑ. හැබැයි දන්න කීප දෙනෙක් නං කියල තියෙනව ...
ප්‍රංශ සවාරිය මුහුදු කොල්ලකාරයාගේ දිනපොත ගොඩ කාලෙකින් මේ පැත්තෙ ආවෙ. පහුගිය ටිකේ අම්බානක වැඩ තිබ්බ නිසා මුකුත් ලියන්නවත්, කියවන්නවත් හම්බුනේ නෑ. ප්‍රංශ සවාරිය කියල පටන් ගත්තට මේ ලියන්න යන්නෙ අර ආම්ස්ට්‍රෝන්ග් ගොයිය පදින එක ගැන නෙවෙයි. මේ මුහුදු කොල්ලකාරය ප්‍රංශෙට ගියපු සවාරියක් ගැන. කාලෙකට කලින් මම තව යාලුවෙක් එක්ක පැරිස් ගිහින් එන්න සෙට් උනා (ගියෙ මෙන්න මුත් එක්ක). ලන්ඩන් ඉඳන් පැරිස් ...
කෙලවීම....!! මුහුදු කොල්ලකාරයාගේ දිනපොත කෙලවීම කිව්වම ඉතින් කෙලවීමෙත් ඉවරයක් නෑ. ඔය ගොඩක් අය කියනවනේ අපි වලක් කැපුවොත් එකෙත් ගෙම්බෙක්. එහෙමත් නැත්තන් අපි ගහකට නැග්ගොත් එකෙත් දෙබරයක් වගේ කතා. හැබැයි මට තරං ඕව වෙන්නේ නෑ වෙන කාටවත්. මම හිතන්නෙ මං තුමා ඉපදිච්ච නැකත නම් ඔය ග්‍රහයෝ ටික ඔක්කොම කාලක් හරි බාගයක් හරි ක්‍රියාකරල හිටපු වෙලාවක් වෙන්ඩ ඕනෙ. නිකන් ඒවත් නෙවෙයි අර බල්ලොන්ට ගහන ...
මාකටිං කවි පන්තිය..... මුහුදු කොල්ලකාරයාගේ දිනපොත මේක අද ඊ මේල් එකක ආවෙ. පරණ කවි පන්තියක් උනත් කලින් දැකල නැති කට්ටියට දැක ගන්නයි, දැකපු අයට ආයේ මතක් වෙන්නයි කියල බෙදා හදා ගන්න හිතුව. ඔන්න ඩිස්ක්ලේමර් එක කියල ඉන්න ඕනෙ. මෙය මගේ නිර්මාණයක් නොවන අතර හුදු විනෝදාස්වාදය සඳහා පල කිරීමක් පමණකි. සියලු අයතීන් මෙය ලියු එකා (කූඹියා) සතුය. ප/ලි : මේක එවපු එකා එවල තිබ්බෙ අපේ එකෙකුට මඩක් ගහන්ඩ. ඔය අන්තිම පේලියෙන් ...
ඔයාල මෙහෙ වර්ක් කරනවද, ස්ටඩි කරනවද? මුහුදු කොල්ලකාරයාගේ දිනපොත මම කලින් කතාව කිව්වනෙ ලන්ඩන් ආපු කාලේ වෙච්ච සීන් එකක්. කොහොම හරි ඉතින් ඒ අධ්‍යාපනේ ඉවර කරල මම ටික කාලයක් ලංකාවටත් ගිහිල්ල වැඩ කරා. ඒ දවස් වල අපේ කොම්පැනි එකට තිබ්බ පකිස්තානෙ ප්‍රොජෙක්ට් එකක්. ඕක තිබ්බෙ ලාහෝර් වල. අර අපි 96 වර්ල්ඩ් කප් එක දිනපු ග්‍රවුන්ඩ් එක තියෙන නගරේ. ඕකට යන්ඩ මුලින් කරච්චි වලට ගිහින් එතනින් ලාහෝර් යන්ඩ ඕනෙ. ඔය ප්‍රොජෙක්ට් ...
තමුසෙ කොහොමද මේ ඉස්කෝලෙට ආවෙ? මුහුදු කොල්ලකාරයාගේ දිනපොත මේක උනේ අපි 9 වසරෙ ඉද්දි. ඉස්කෝලෙ පන්ති වල ඉතින් එක එක ජාතියෙ එවුන් ඉන්නවනෙ. සමහර එව්වොන්ට පොතෙන් තොර ලෝකයක් නෑ. තව සමහර එවුන් පොතක් අතින් අල්ලන්නෙ නෑ. පිස්සු කෙලින එකමයි වැඩේ. ඔය දෙකම සම බරව කරන එවුනුත් ඉන්නව. අපේ පන්තියෙ හිටිය ඩයල් එකක්, මිනිහ හැම දේම බොහොම බැරෑරුම්ව තමයි බලන්නෙ. ප්‍රශ්නෙකට උත්තරයක් දුන්නත් දෙන්නෙ හොඳට කිරල මැනල හරියටම අහපු දේට. හරියටම ...
ලන්ඩන් වල කැත කතා... මුහුදු කොල්ලකාරයාගේ දිනපොත මුහුදු කොල්ලකාරය A/L ඉවර කරලා ටික කාලෙකට පස්සේ එංගලන්තෙට ආව ඉගෙන ගන්න. මාත් එක්කම ඒ දවස් වල තව ඉස්කෝලේ මගේ පන්තියේ හිටපු යාළුවො දෙන්නෙකුත් ඇවිත් හිටිය. අපි තුන් දෙනාම ලංකාවෙන් පිට ආපු පලවෙනි සැරේ. ඉතින් අපිට ලන්ඩන් දැක්කම හරියට නිකන් බණ්ඩා කොළඹ ගියා වගෙ. 90% විතරම තියෙන්නේ ඩබල් ඩෙකර් බස්. ඒ මදිවට ...
මුහුදු කොල්ලකරුවෙකුගේ ආගමනය..... මුහුදු කොල්ලකාරයාගේ දිනපොත මේ පටන් ගන්නෙ මගේ දෙවෙනි බ්ලොග් එක. පලවෙනි එක පටන් ගත්තේ මීට අවුරුදු කීපයකට කලින්. හැබැයි ඒක ලිව්වේ ඉංග්‍රීසියෙන්. අනික ඒක බොහොම ටෙක්නිකල් බ්ලොග් එකක්. බල්ලෙක්වත් ආවේ නෑ කොමෙන්ට් දාන්න. පස්සේ ඒක එහෙම්ම නැවතුනා. එත් බ්ලොග් කියවන එක නං අත ඇරියේ නෑ. ආයෙත් බ්ලොග් එකක් පටන් ගන්න හිතුනේ ලඟදි කියවපු බ්ලොග් එකක් නිසා. අපි හැමෝටම බ්ලොග් එකක් පටන් ගන්න කික් එකක් ...