සුහදිනිය මල් යාය හැම රක්ෂාවකම පුහුණු වීම් සමය ඉතාම දුෂ්කර වෙයි. නිතරම ජ්‍යෙෂ්ඨයන් ගේ තාඩන පීඩන වලට ලක් වෙමින්, කිසිදු අගය කිරීමකින් තොරව පැය 24 පුරාම වැඩ කළ සමයක් ද විය. වෛද්‍ය වෘත්තිය ද මින් නිදහස් නොවන්නකි. අපමණ දුක් කම්කටොළු විඳ, කුසට අහර පවා වේලාවට නොලබා ගත කල කාලය කා වෙනු වෙන් යෙදවූවාදැයි අපි නොදනිමු. සතුරු සෙන් බල මුළු ගැණුනු ලොවක කණිෂ්ඨ වෛද්‍යවරු ...
නන්නස්පොල මල් යාය මේ කථාව මවිසින් දකින ලද සිහිනයක් ඇසුරින් ලියැවුණකි. මෙහි චරිත සහ සිද්ධි තනිකරම සයනාරූඪ සිහින දැහැනකදී දකින ලද ඒවා පමණකි. ජීවත්ව සිටිනා යමෙකු සමය මොනයම් හෝ සමාන කමක් ඇතොත්, ඒ අහඹුවක් ලෙසම සලකනු මැනැව. "ඔයාලට තේරෙන්නේ නැද්ද? උඩින් ඇවිල්ල බෝම්බ දාලා ඒ ළමයි හමුදාවෙන් මැරුවා කියල? සෙන්චෝලේ කියනෙන ඉස්කෝලයක්. අවි පුහුණු කඳවුරක්ය කියන එක මිලිටරි ප්‍රොපගැන්ඩා එකක් කියල තේරෙන්නේ නැත්ද?""ඉතින් ...
ශෘංගාර බිත්තිය | Erotic wall (18+) මල් යාය සටහන: මේ කෙටි කතාවෙහි ලිංගික ක්‍රියාවන් ගැන කියවෙන විස්තර සහ දෙබස් අඩංගුය. එබැවින් ඔබ අඩු වයසෙක නම්, මේ කතාවෙන් ඉවත් වීම වඩාත් සුදුසුය. ස්තූතියි. මා නින්දෙන් අවදි වූයේ කෙසේද යන්න නොදනිමි. නැවුම් වැලි වල පුසුඹ නැහැයට දැනුනු නිසා දෑස් හැර බැලීමි. තෙරක් නොපෙනෙන වැලි තලාවක් මත මම තනිව මුණින් වැතිරී සිටියෙමි. උඩුබැලි අතට හැරුණු මට දිස්වූයේ තැඹිලි පැහැයට හුරු අහසකි. ...
ගජමන් නෝනා මල් යාය මේ මල් උයන තවමත් මට මතකයි. මේ මල් උයන මැදින් ගලා යන ආරේ ඉවුරු වෙත මා මුලින්ම පැමිණියේ කවි පන්තියක් ලිවීමටයි. නමුදු මට ලිවිය හැකි වූයේ එකම එක කවියකි. අගක් මුලක් නැති එකම එක කවියකි.- - - - - - - - - - - - - - - - - - -"ඔයා මට කවියක් වෙනවද?" ගජමන් නෝනා ඇසුවාය."කවියක් වෙන්නේ ...
කවිඳිය හා කවිය මල් යාය මල් මුතු දමක් සේ ගැලපෙන සුමුද වදන්පත් ඉරුවක ලියා කවියක හැඩය අරන්එළිවැට එළි සමය දෙපසින් එකට අරන්පද වැල් ගොතා ඇත රස හව් තුරුලු කරන්සක්කා පද නොමැත මුළු ගැනවෙන අරුතඑක්කා විරිත නිති කුළු ගැන්වෙන අරුතමක්කා වුවත් නුඹ ගොතනා කවි සිරිතඉක්කා ගැසෙන කව් පවසට රස ගිරිතකව් පද නොම වැනිය පිරිපුන් බව නැතියකෝපෙන් දිලී බැන බැන යන හැටි හුරු ඇතියඉඳහිට සිනා සී වස්නා ...
රාජාලිය මල් යාය රාජාලිය විදිලියක් මෙන් පියඹා ආවාය. ඇය කෙලින්ම මුවා වූයේ ගල් මිනිසාගේ දැවන්ත ශරීරයටයි. රාජාලිය පසුපසින් වේගයෙන් ඇදී ආ කැට මුගුරක් ගල් මිනිසාගේ පිටේ වැදී නතර විය. "ආව්, ඒ මොකද්ද?" ඔහු විමසීය.රාජාලිය ගල් මිනිසා සමග මිතුරු වූයේ දශකයකට පමණ පෙරාතුව මිස මෑතක නම් නොවේ. එකල රාජාලිය යන්තම් ළමා විය ඉක්මවූ නවයොවුන් කිරිල්ලියක වූවාය. රාජාලියක සතු තේජාන්විත භාවය මැනවින් ප්‍රකට කලද, ...
බට්ටිච්චාට කියූ කව මල් යාය බට්ටිච්චෝ නුඹ දැක්කම මතක් වෙනවා පෙර කාලයඔය වාගෙම මට හිටියා පෙම්වතියක් කල ආලයවාගෙයි ඈ ඇසළ මලක් හැඩ කරනා මැද සාලයපළඳන්නට මං හිටියා මතු දවසක පෙම් මාලයහයහමාරෙ බයිස්කෝප් එක බලලා සිනා වෙලාසයිවර් කඩයකට ගිහින් තෝසෙ එකක් රස විඳලාකඩල ගොට්ටකුත් අරගෙන මහ පාරේ තුරුළු වෙලාගෙදර එන්න සිහින මැව්ව නුඹ වාගේ කූඩු වෙලාපුර හඳ පායලා දිලෙන පෝය දිනෙක බෝමළුවේපොල්තෙල් පහනක් දල්වා එක්ව ඉන්න ...
දුයිෂෙන් එන්නේ නෑ මල් යාය ඉර හඳ හමුවුණ - පොප්ලර් පාමුලදහසක් නෙතු වලට හොරාදෑසින් බැඳි කව් පදසීත සුළඟේ පාවෙලාගල් වෙලා හිම වගේචණ්ඩ මාරුතයට අසු වෙලාවිසිවෙලා කඳුළු ඉම දිහාඅල්තීනායි මතකයි මටබලන් හිටියා නුඹ මේ පොප්ලර් පාමුළඈත අතීතයක් වාගේ දැනෙනලඟම ලඟ දවසකබිඳුණු හිත් ඇති දුයිෂෙන්වැලපිලා කාලයක්කඳුළු අහවර කරන්තැපල් මල්ල අත දරාවියළි හදකින් මං මුළා වෙලාහිත් බිඳුණු දුයිෂෙන් ආයේ එන්නේ නෑ අල්තීනායිපොප්ලර් පාමුළ - ගිණි හීතලේනෙතින් නෙත හමුවෙන්නදුයිෂෙන් ...
සමුගන්න අවසරයි මල් යාය සැඳෑ හිරු මිය ගිහින් - වළා පෙළ දම් පැහැයිමඟහැරුණු හිතවතිය - ජීවිතය ඉම ලඟයිකිරි සිහින රජවෙනා - සිරිමතිය හිනැහෙනාජීවිතය විඳගන්න - අවසර ද පිටවෙන්න?සෙනේදම් බිඳී ගිය - යුගයකට සමුදෙන්නජීවිතේ කටුක දුර - එක්ව ඇවිදන් යන්නහිතවතිය අතවනයි - ජීවිතය ඉමේ සිටසඳවතිය හැරදමා - අවසර ද පිටවෙන්න?අතරමං ජීවිතේ - මඟහසර අහගන්නමඟ ඇසූ සමණළිය - අතැර ඉවතට යන්නවල් නොවැද මං පෙතේ - ආදරෙන් ...
අප නොම හමු වේවා මල් යාය ලොවට හොරා රැකි ඒ පෙම් සටහන්කඳුළු බිදක් තුළ සිර කර ලන්නටහිරු මියෙනා මේ අඳුරු සැඳෑවේඅප නොම හමු වේවාවිදුලි මිණි පහන් සමහල් පහයන්පුරවර දන පිරි පටු මං අතරේඅතිනත ගෙන තුරුළුව ගිය සටහන්කළු දුම් රොටුවෙන් වැසී ගියාවේහිරු හිනැහෙන නව සොඳුරු උදැහැනකඅප නොම හමු වේවාදෙතොල ලංව බිවු රස මදිරාවන්සුවඳ සුඟක් ඇත සිහින පොදක් ලෙසතුරුළුව වැලඳූ ඒ පෙම් සුවයන්කාලයේ වැල්ලෙන් වැසී ගියාවේනව මල් පිබිදෙන ...
මැරුණු සිහිනය මල් යාය ආලයක් මිස කාලයක් නැතිතාලයක් වූ සොඳුරු සිහිනෙකබිඳෙන විසිරෙන හැපෙන කුඩුවෙනසතර දෙස ඇත පැතිර නටබුන්සොඳුරු සිහිනය නුඹ නිදන් කලමරු වැළඳ ඇත කලක් ගතවීපෙම් පතක ඇඳි කුරුටු වැකි සේ කවි සිහින මල් ගොසිනි පරවීමහා ගල් පව් සුණු විසුණු කරතැනූ සෙනෙහස් මාළිගා නැත ධූලියෙන් වැසි පවුරු පදනම්කඳුළකින් මතු කරනු නොම වේනිදන් වදුලක කොළ පතක් සේඅකුරු බොඳ වී පිලිද වියැකීමළ බසක පැදි පේළියක්දෝමැරුණු සිහිනය ...
කවියාගේ suicide notes මල් යාය ස්වාමීනි,තනිව ආවෙමිතනිව සිටියෙමිවිය සිදුරෙන් දකිනකණ කැස්බෑ අහසඅතැර යන්නෙමිමහ සයුර වෙත පැමිණි විලසම . . .පිදූ මුත් පෙම පරම පිවිතුරුසඳ එළිය සේ පසන් හැඟුමෙනරුවා පස තුළ එයින් බිජුවටසැදී මහ ගසක්මල් පල ද දරා ගෙනසිඳ දමා එහි සිරසඅඹරවා තෙදැති කඳඋදුරුවා මුදුන් මුලබිම දැමී වනස්පතිය . . .ගණඳුර කෑලි කපනඉතින් මේ අවසන් හෝරාවයිදොරටුව අබියස පැමිණ ඉන්නෙමිමළ හෙයින් ආත්මයෙන්බියක් නොදැනේ කිසි විටඅවසරයි ස්වාමීනිමහෞෂධ වන් ...
අතරමං වූ කවිය මල් යාය කවක් ඇත හදවත කොණක පිට වනු නොහැකිවහදවතේ ගැඹුරුම තැනකතිබුණු එළියෙන් මග සොයාපිටවන්නට හැදුවනිවී ගොස් ඒ එළියගණඳුරුයි හදවතමඅතරමං වෙලා ඇතඒ කවිය හද කොණකමග සොයනු වෙර දරයිමහ වැරින් තඩි බායි උරෝස්ථියෙන් කපාලයට උඩ පනිමින්ඉතින් සොඳුර,ගෙන සැතක් විගහින්එළියට ගනින් ඒ කවියමා සමග මිය යන්ට පළමුවදැඩි වේවි ඒ කවියනුඹ ළඟම හැමදාමහදවතේ සිරව ගියකවට මව් නුඹ බැවින ...
වැස්ස මල් යාය ඇතැම් වැහි මල් වැසි වෙයි. ඇතැම් වැසි දෝර ගලා යන ගං වතුර ඇති කරයි. ඇතැම් වැසි නව ජීවය ගෙනෙයි. ඇතැම් වැසි වේදනාව සෝදා හරියි . . . වැහැපන් වැස්සේ වැහැපන්සඳු හිරු තරු නිල් අහසත්මේ කුළු තිමිරෙන් සඟවාවියෝ දුකින් කම්පිත වූහදක් දරපු ඇස් දෙකකින්ගලා ගිහිපු කඳුළු ලෙසින්ඇළ දොළ ගං පිරී යන්නවැහැපන් වැස්සේ වැහැපන්ආදරයේ ඉඩෝරයටඉරිතලාපු හද මඬලටඅකලට ඇවිදින් හොරෙන්මනව දළු මල් පුබුදන්නටවැහැපන් ...
සමු ගැන්මට පෙර මල් යාය කොර වූවෙක් වන්නෙමිදෑත දෙපයින් නොව සිතින්වක්කොලූ නොන්ඩි මිනිහෙක්සිතින් කොහොමද කොර වෙන්නෙ?ඔබ අසාවි . . .එක සොඳුරු දවාලක දුටුවා මා ඔබසොඳුරු කීවාට ගිනි ගහන මද්දහනසිසිල් වුනා ඔබ දුටු විටපිබිදුනා දහසක් සිතිවිලිනිදා සිටි යෝධයකු ලෙසහැරදමා ඉඳුරු දොරටු ගැලූවා සිතිවිලි ගංගාවක්සැදුනා හැඟුමන් දිය ඇල්ලක්බොහෝ කාලෙකට පසුව . . .නොදැන සිටියෙමි නමුත් ඒ සත්යයනොදැන සිටියා නොවේනොවැටහුනා කීවොත් වඩාත් හරියඑක් පසෙක පෙම් බැඳුම් පිණි බිදු සම ...
නෙලූ මල මල් යාය මලක් පිපී ඇත යස රුවටපෙති විදා අවදි වීබිඟුන් මන් මත් ද වීබලන්න ඒ මල දෙසකැකුළකින් අවදි වීබලන්න නැවතත් ඒ මල මනෙළා ගෙන ඇත එයආඩම්බරයෙන් දිලෙයිසාලය මැද පෝච්චියේදුටුවන් කරමින් කුල්මත්බලන්න නැවතත් ඒ මල මපෙති හැලී දුඹුරු වීකුඩු හැලෙයි පැතලි වීදෙස් දෙවොල් තබයිනෙළා ගත්තහුට ඒ මලබලන්න නැවතත්මල දෙස නොවෙයි මේ වරනෙළා ගත් දෑත දෙසකටු ඇනී සිදුරු වීරතු රුහිරෙන් වැසීදවයි චේදනාවෙන්මල් නෙලූ ඒ ...
කලෙකට පසු මල් යාය තුන් බියම සැරිසරපු මේ රුදුරු බිම් කඩෙහිසිනා මල් ඉතිර වූ නුඹ මතක පොකුරු පොදිතනි කරන් පෙර දිනෙක ගියෙම් මා ඉගිලිලාජීවිතේ දුර ඉවුරු දකින්නට තටු සලාමරු කතර, ගිරි කඳුර අතර තුර පියාඹායනෙන කල එක්වන්න පෙරුම් පිරු ඈ සිනාතුරුළු කර දුර ගෙවා කෙම් බිමක නැවතිලාඑක්වුනා ජීවිතේ දුර යන්ට රිසි නිසාඑක්ව යන ගමන තුල ඉසිබු ලන ඇසිල්ලේපැරණි සුවඳක් දැනී සිත හෙමින් සසැල්ලේතුන් බියම ...
වයර් දිග ආ මිතුරියට මල් යාය ඔබ ලඟින් ඉඳිමි මමසිරුරෙන් නොව පාඨක නමින්නොදනිමි අප අපවකළුද සුදු යයි කියාලංව අත හදවතින්රසවින්ද පද වැල් නිසායතුරු ලා පරිගණකපිවිසෙමි මම සැබෑ ලොවටබලා හිඳී ඈ මා එනතුරුඋණුසුම් හැඟුමන් සිත දරාසිතේ තෙරපෙන හැඟුම්නොනැගීම පද වැලටමුව කමල මත ඇඳෙයිඅනේ කොතරම් අපූරුදලියමි මම ලිපියක්හදවතේ හැඟුමින්ඈ දෑස බලානොරටක වෙසෙන කිවිඳියවනැවත හමුවේ පසු දිනකවයර් දිග ආදරයකෙලෙස එවමිද ඉතිනවයර් තුල ඉපිද එන,වයර් තුල සැරිසරනවයර් තුල මිය ඇදෙනලොවක් ...
සමු ගත් පෙම්වතිය මල් යාය මගේ ජීවිතයට එකම එළිය වූයේ නුඹමය. මනු දම් නොහඳුනනා ලෝකයක මනු දමෙහි අරුම කියා දුන්නේත් නුඹමය. හදවතේ ගඹුරුම තැන දක්වා ගමන් කර කිසිවෙකුට හැඳිනිය නොහැකි වූ මා හඳුනා ගත්තේත් ඔබමය. මගේ දිවියට කඳුළත්, අඳුරත්, පාළුවත්, ඉතිරි කර සැඟව ගියෙත් නුඹමය. කෙත් වතු අතරින් මීදුම නැගිලා තුෂාර බිඳු මත හිරු රැස් වැටිලා දිලිසෙන කොළ පැහැ තණ පත් අතරින් රුවක් පෙනෙයි ...