මගෙම හදවත...ගැයෙනු ඇසුවෙමි...... මකුළු පැංචිගේ වියමන...... වෙන කාගෙවත් වෙන්නේ කොහොමද..ඔබ මගේ දිවි මාවතේ...............ඉතින් කොහේ කොතනද තව කෙනෙක්ට ඒ මාවතට ඇතුල් වෙන්න ඉඩක් තියෙන්නෙ..ඔයාගෙ ආදරේ මගේ ජීවන මාවතේ රැඳෙන තුරාවට කොහොමද මම තවත් කෙනෙක්ගෙ ජීවිතේක මොහොතක්වත් වෙන්නෙ..මගෙ හදවතේ සෛලයක් සෛලයක් ගානෙම ඔයාටම තරම් ආදරේ කරනකොට මගේ ජීවිතේ හැම අංශු මාත්‍රයක්ම ඔයාගෙ වුණු කොට...කොහොමද මම ජීවත් වෙන තුරාවටම ඔයාව මගෙ මාවතින් මුදා ...
සිනා පිපෙනා මේ වසන්තය....නෙළා දෝතට මලක් සේ.....♥ මකුළු පැංචිගේ වියමන...... හ්ම්ම්ම්...වැඩ නම් අහස උසට...ඒ වුණත් හිතේ කලබල ගතිය යන්නත් එක්කලා ආයෙමත් බ්ලොග් සටහනක් ලියන්නයි ආවෙ...වෙන මොනවත් නෙවෙයි මංචි ගෙයි වවුල්ස්ගෙයි කතාවටයි අදත් මම මේ මුලපුරන්නෙ....යාලුවන්ට අමතකද මංදා පහුගිය පෝස්ට් එකේ අන්තිමේදි වවුල්ස් මංචිට කොල්ලෙක් හොයා දෙන්නම් කිව්වනෙ...ඒ ඊට පස්සෙ මංචි එයාගෙ යාලුවෙක්ව වවුල්ස්ට සෙට් කරන පොරොන්දුව පිට..ආඅහ්හ්..අමතක අයත් ඉන්නව වගේ...එහෙනම් මෙතන
පෙර දා මැවූ සිනා.......... මකුළු පැංචිගේ වියමන...... කාලෙකින් පෝස්ට් එකක් ලියන්න පුංචි ඉඩක් ලැබුණු නිසා හිතුණා මකුළු පැංචිගෙ ප්‍රේම පුරාවතෙන්ම ටිකක් ලියල දානවය කියලා..ඉතින් වැඩි කතා නැතුව ලියන්න ගන්නම්කො.. මතකනෙ මංචි නිවාඩුව ඉවර වෙලා ආපහු වසීලීස්සගෙ රටට ආපු බව..එහෙම ආව වුණත් ආවෙනම් ලොකු දුකකින්..නෑ නෑ...නිවාඩු කාලෙ සෙරෙප්පුවක් කාපු නිසාම නෙවෙයි..ගෙදර අයව දාල ආපහු එන්න වුණු එක නි
යළි...... මකුළු පැංචිගේ වියමන...... හ්ම්ම්....හරියටම මාස හතකුත්..තවත් දවස් තුනකුත් ගෙවිල ගිහින්..පැංචිගෙ දුකට සැපට තනියට හිටපු වියමනත් පැංචිගෙ හිත වගේම පාලුවට ගිහින්..ගෙවුණු දින සති මාස ගාණෙම එන්න බැරි වුණේ ඇයි කියල පැහැදිලි කරන වැල් වටාරම් ගොඩකින් පටන්ගන්න ගියොත් තව සති ගානකට මේ පිටුවෙ තියෙන මකුළු දැල් ටික පිහාගන්න බැරි වෙන හන්දා...ඒ ආලවට්ටම් මුකුත් නැතුවම ආපහු ටික ටික ලියන්නයි පැංචිගෙ කල්පනාව.. දැන්නම් ගොඩක් යාලුවන්ට වියමන ...
පිළිලය.... 3 (අවසාන කොටස) මකුළු පැංචිගේ වියමන...... පිළිලය.... 1 පිළිලය.... 2 ඇමතුමේ අනෙක් පසින් නැගී ආවේ උපුලිගේ මවගේ කටහඬයි.... පුතේ ඔයා තාම මගද...?? ඈ ඇසුවේ දුර්වලව ගිය ස්වරයකිනි.... නෑ අම්මේ මම මේ හොස්පිට්ල් එක ගාවම...රෝහල් වීදියට රථය හරවමින්ම ඔහු කීවේය..මම ඉක්මනට එන්නම්... ඔහු රෝහලේ කොරිඩෝව දිගේ දිව ගියේ පිස්සෙකු මෙනි.. පුද්ගලික රෝහලක් වූයෙන් එහි ලෙඩින් බැලීමට නියමිත කාල කඩයිමක් හෝ බාධකයක් නොවීය...වෙලාවට නර්සිං ...
පිළිලය.... 2 මකුළු පැංචිගේ වියමන...... පෝය නිවාඩුව දවසේ මහගෙදරටත්,පන්සලටත් ගොස් පැමිණි උපුලී ආවෙලේ සිට සිටියේ බුම්මාගෙනය...නිරායාසයෙන්ම ඇගේ හැසිරීම් කියවාගන්නට සමත් ප්‍රසන්නට එදා ඒ මුහුණින් කිසිවක් හඳුනාගත නොහැකි විය...වෙනදා ආ-ගිය කතා මතක ආවර්ජන වලින් පිරුණු රාත්‍රි කෑම මේසය මෙදින නුහුරු නිහැඬියාවකින් වැසී ගොසිනි.. රාත්‍රී ආහාරයෙන් පසු නාගෙන නාන කාමරයෙන් එළියට පැමිණි ප්‍රසන්න දුටුවේ උපුලී බැල්කනියේ අඳුර මැද තනිවම සිටගෙන ඉන්නා බවය.... ඔහු සරම ...
මේක සොඳුරු ලෝකයක්ද..??? මකුළු පැංචිගේ වියමන...... පිස්සු විකාර පෝස්ට් එකක් වුණත් ලියන්නම කියල හිත බල කරපු නිසා නිකමට වගේ ලියන්න ගත්තෙ.. මේ ගැන මුලින්ම මගෙන් ඇහුවෙ මගේ හොඳම යාලුවා....වින්ධ්‍යා... ඔව්..ඔව්.අර...අඳින්න ගිය තාප්පෙ ඉහේ කඩා වැටුණු වෙලාවෙ මගෙත් එක්ක හවුලෙ බැනුම් අහපු මංචිගෙ පිස්සුම පිස්සු යාලුවා ගැන තමා ඒ කිව්වෙ.. හරි හරි...එතකොට මොකද්ද දැන් වින්ධ්‍යා මගෙන් ඇහුවෙ....මෙන්න මේකයි... ඇයි මිනිස්සු ''හැපි එන්ඩින්ස්'' එහෙම නැත්තම් ''සුඛාන්ත'' එහෙමත් ...
ඔලුව හැරුණු අත... මකුළු පැංචිගේ වියමන...... හැමදේම පටන් ගත්තෙ එකෝමත් එක දවසක හවස් වරුවෙ.. එළියට බැහැලා කොහේ හරිම යන්නම කියලා මගේ ඔළුව අතොරක් නැතුව කංකෙඳිරිගාන්න ගත්තා..වෙන කෙනෙක්ගෙ බල කිරීමක් වගේ නෙවෙයි තමන්ගෙම කොටසක්..දෙයක් කරන්න කියලා බලකරන්න ගත්තහම...ඒකෙන් ගැලවෙන්න හරිම අමාරුයි ගොඩාක් හිත හයිය කෙනෙක් නෙවෙයිනම්... මේ කියන දවස් වල මගෙ හිතත් ගොඩක් හයියට තිබුණෙ නැතුව ඇති...කොහොමටත් මම වැඩිය හිත හයිය කෙනෙක් නෙවෙයිද කොහෙදෝ...ඉතින් දෙපාරක් නොහිතා ...
යදම්..... මකුළු පැංචිගේ වියමන...... අලුතින් කාර්යාලයට පැමිණි 'ඇය' දෙස මම විමසිල්ලෙන් බලා උන්නෙමි... ඇගේ මේසය තිබුණෙ මගේ ඇස්මානයේ නිසාත්..කිව නොහැකි කුමක්දෝ නොපැහැදිලි හේතුවක් නිසාත් නිරන්තරයෙන්ම ඒ දෙසට නෙත් යොමු වීම වලක්වාගන්නට මට අපහසු බවක් දැනිනි... ආ දින සිටම කා සමගත් සුහදව සිනාසෙමින් කතාබහ කරමින් කුළුපග වන්නට ඈ සමත් වූ හෙයින් බොහෝ අලුත් සේවිකාවන්ට මෙන් වදය ගසා ඇය වෙහෙසවන්නට අප නොපෙළඹුනෙමු...එසේ වුවද අප ඈ ...
පශ්චත්තාපය....2 මකුළු පැංචිගේ වියමන...... පෙර දින රාත්‍රිය මුළුල්ලේම මා වෙත හරි හමන් නින්දක් නම් ළඟා වූයේ නොවේ... අතීතය යළි යළිත් නෙත් මානයේ නැගෙමින් මා වෙත දත් විලිස්සමින් සිටියේ මා වෙත නින්දකට ඇති ඉඩ කඩ අහුරුවා දමමිනි... ''ඔයාට අසනීපයක්වත්ද හිරුශි..??'' මා නින්දක් නොමැතිව සයනයේ ඒ මේ අත පෙරළෙනු දැනුණු තුෂාරද නින්දෙන් අවදි වන්නට ඇත.. ''නෑ තුෂාර හිස ටිකක් කකියනවා... මම පැනඩෝල් දෙකක් ගත්තා..ටිකකින් හරි ...
අතුරුදන් වූ සුභ පැතුම්.......!! මකුළු පැංචිගේ වියමන...... කාලෙකින් වියමන පැත්තෙ ගොඩ වුනේ...මේ දවස් වල මංචිගෙ හිතට හරි නෑ..ඒකට හේතුව වවුල් කුමාරයා තව හරියටම සතියකින් වසීලීස්සගෙ රට අතහැරලා ලංකාවට යන එක.. :(( ඉතින් මංචිට කොච්චර දුකද කියලා යාලුවන්ට කියන්න ඕනේ නෑ නේ අමුතුවෙන්..මේක ඉතින් අර වෙනදට නිවාඩුවට ගිහින් එනවා වගේ නෙවෙයි...එයාගෙ උපාධියත් අරන් වෛද්‍යවරයෙක් විදිහට තමයි එයා මේ සැරේ ලංකාවට යන්නෙ.. ඉතින් එයාගෙ ඉගෙනීම සාර්ථකව ...
ලැජ්ජා නැති කෙල්ලෝ.................!!! මකුළු පැංචිගේ වියමන...... මංචි අද පොඩ්ඩ වෙලාවකට ස්කයිප් ලොග් වුණාම මෙන්න බොලේ යාලුවෙක් තකහනියක් ට්‍රයි කරනවා මංචිත් එක්ක චැට් කරන්න.. (වෙනදට උන්න-මළා නොබලන උන්... :P)) ගියේනම් ගෙදරින් ඔන්ලයින් ඇවිත්ද කියලා බලලා නැත්තං ටාර් ගාලා ඉන්විසිබල් යන්නය කියලා හිතාගෙනයි.... ඒත් ඉතින් මොනව වුනත් දන්න කියන මනුස්සයෙක් කතා කරනකොට නොදැක්කා වගේ යන එක හරි නෑ නේ.. (අනික මෙයා ඉතින් මංචිගෙ බ්ලොග් එක පැත්තෙ ...
මළඉලව් සංවර්ධනේ..... මකුළු පැංචිගේ වියමන...... නිවාඩුවට ගෙදර ඇවිත් ඉන්න එකේ මංචි ගියා අද පාංදරිම්ම... (ඒ කිව්වෙ උදේ නවයට විතර හරියෙ... ) ඉතින් ගියා මංචිගෙ පුංචි කාලෙ ඉඳන් එක බත්පත බෙදන් කාපු යාලුවා හම්බවෙන්න... එකෝමත් එක කාලෙක ඉඳලම වියමන කියපු අයනම් දන්නවත් ඇතිනෙ... මංචිගෙ හොඳම යාලුවා වින්දි... හරි ඉතින් මේ ලියන්න යන්නෙ ඒ ගියපු ගමන ගැන නෙවෙයි.. ඒ යන අතර දැක්ක සවුත්තුම සවුත්තු දර්ශනයක් ගැන... ...
නුඹෙ වරදද...මගෙ වරදද... මකුළු පැංචිගේ වියමන...... ඉස්සර වගේම අදත්...ගං දෑල අද්දරට ලස්සනට සුදෝ සුදුවට හඳ පායලා... මතකද ඉස්සර....අපි දෙන්නගෙ ආදරේ දිහා මේ හඳත් ආදරෙන් බලාගෙන උන්නු හැටි...අපි ලං ලංව නොහිටිය වෙලාවට වුණත් එකම හඳ දිහා බලාගෙන අපි ඒ තරම් ඈත නෑ කියලා හිත සනසගත්ත හැටි..... කිසිම සද්දයක් නැතුව එදා මේ හඳ අපේ ආදරේ රස වින්ඳා වගේම...තවත් එක දුක්බර දවසකදි ඔයා මගෙන් වෙන් වෙලා යද්දිත් මේ ...
පශ්චාත්තාපය...... මකුළු පැංචිගේ වියමන...... ''උදේ ඉඳලම මුකුත් කාලත් නෑනේ ළමයො... ඇවිත් මේ පාන් පෙත්තක් හරි කන්න...'' ''තුශාරයි දෝණියි කාලද අම්මෙ නිදාගත්තෙ...??'' ''ඔව්.. මහන්සියට නිදි කියල හිතපු නිසා පුතා කිව්වා ඔයාට කතාකරන්න එපාය කියල... වෙනදත් ඉස්පිරිතාලෙ හිටන් ඇවිත් නිදාගත්තම ඇහැරවනවට තරහයිනෙ ඔයා...'' ''හ්ම්ම්.... එහෙනම් අම්මත් කාල නිදාගන්න.. මට කන්න පිරියක් නෑ...'' මම හෙමින් ඉස්තෝප්පුව දෙසට ඇවිද ආවෙමි.... සඳ එළියෙන් මිදුල පමණක් නොව ඉස්තෝප්පුවද ආලෝකමත් ...
දුර යන්නම යන්නම ඕනෑ නම්...... මකුළු පැංචිගේ වියමන...... නෙතින් නොහඬා සිතින් ඉවසාඉන්න යැයි නොකියා...මගෙන්දුරක පියඹා යන්න හෙට දිනදමා මෙහි තනිවම ඉතින්හදෙහි ඇවිලෙන වියෝ ගිනි කඳනොපෙන්වා සඟවමි නුඹෙන්ඉතින් සැනසී ඉගිල යනු මැනනොයන්නැයි නොකියමි මුවින්නික්ම යන්නට කළින් බිඳුවක්පවා යළි බැලුවොත් ඉතින්කොහොම ඉවසාගම්ද හදවතකඳුලු වැහි කෝඩෙට කලින්අකුණු පුපුරණ දුකට රතුවුණුනෙත් කෙවෙණි දෙදරා නෙතින්හඬන හදවත දියව රුහිරයලෙසින් වැගිරෙනු ඇති හදින්ගෙවෙන දින සති පුරා නොහැරමඑකම සිහිනය ලඟ බැතින්යළිඳු නොනැගිට වැතිර ඉන්නෙමිනුඹේ පෙම සිහි ...
නිමි වුවද නිමක් නැති..... මකුළු පැංචිගේ වියමන...... ඔන්න ගොඩක් අය කියපු හින්දයි ,කෙල්ලන්ගෙ ලැජ්ජාව අමුතුම මිම්මකින් මනින කොල්ලො හින්දයි , පුංචි කතන්දරයක් මෙගා ටෙලියක් වෙන එක ගැන පසුතැවිල්ල පැත්තකින් තියලා මංචි තීරණය කළා වවුල්ස්ගෙයි -මකුළුගෙයි කතාව අද තියෙන තැන දක්වාම ලියන්න... අද කතාව පටන් ගනිද්දි මංචි ඉන්නෙ නුවර... පුංචිම පුංචි කාලෙ දෙතුන් පාරක් ගියාට පස්සෙ ආයෙමත් වතාවක් නුවර පෙරහර බලන්න යන්න මංචිට අවස්තාව ලැබුණේ.....පහුගිය වසන්ත නිවාඩුවට ගෙදර ...
අහස සහ පොළොව.......!! මකුළු පැංචිගේ වියමන...... ඉන්නකොට තරහින් ඔරවගෙන අහස...කළුම කළු පාට කරගෙන සුදු මූණ.. හිතුවෙ වත් නැතුවැති...තද හිතැති පොළොවතව ටිකකින් වහින බව.... හඬාගෙන දුකට.... ෴මංචි෴(සචී පණවල කිවිඳියගේ සිතිවිලි බ්ලොගයේ පෝස්ටුවකට එකතු කළ කොමෙන්ටු කවියකි) ...
රාහු ගිලින ඉරයි හඳයි...... මකුළු පැංචිගේ වියමන...... කට්ටියම පෙරේදා දවසම ආසවෙන් බලාගෙන හිටියනෙ කාලෙකට පස්සෙ පුර්ණ චන්ද්‍රගහණයක් දැකගන්න..මකුළු පැංචිටත් වසීලීස්සගෙ රටට ඒක අපූරුවට පෙනුණා.ඒත් පින්තූරයක් නං ගන්න බැරි වුණා..දුකේ බෑ..දවසම ලෙක්චර්සුයි ක්ලාසුයි නිසා ගෙදර හිටියෙ නැති මකුළු පැංචිට ඒ ගැන අහම්බෙන් වගේ දැනගන්න ලැබූණේ ගූගල් ඩූඩ්ල් එක හින්දයි..ඒ නිසා ගූගල් දෙයියන්ට මුලින්ම තුති..කොහොම වුණත් කලාතුරකින් දැකගන්න ලැබුණු චන්ද්‍රග්‍රහණය නිසා පැංචිට නිකමට වගේ ඒ ...
'හැමදේම වෙන්නෙ හොඳටලූ'............ෂුවර්ද....????? මකුළු පැංචිගේ වියමන...... හ්ම්.. ඔන්න ආපහු ලියන්න වෙලාවක් ලැබුණා..ගොඩක් අය කියලත් තිබුණා ඉක්මනට කතාව දාන්නය කියලා.ඒත් ඉතින් එදිනෙදා වැඩත් තියෙන නිසා පරක්කු වුණාට පැංචිට සමාව දෙන්න හොඳේ.. හරි දැන් ඉතින් වැල්වටාරම් නැතුවම කතාව පටන් ගන්නම්කෝ..කට්ටියටම මතක ඇතිනෙ..මකුළු පැංචි පහුගිය පෝස්ට් එකෙන් මකුළු පැංචියෙකුගෙයි,වවුල් කුමාරයෙකුගෙයි කතාවක් කියන්න පටන් ගත්තා කියලා..අමතක අය නොකියවපු අය මෙතනින් ගිහින් කියෙව්වොත් තමා හොඳ..නැත්තම් අද ...