මා සිතට අහම්බෙන්..... ඔබ එබිකම් කළ අරුමය රහසින්.... මකුළු පැංචිගේ වියමන...... මකුළු පැංචිගෙ ජීවිතේ අම්මිටයි තාත්තිටයි පස්සෙ ඉන්න වැදගත්ම කෙනා තමයි වවුල් කුමාරයා.මතකනෙ පොඩිකමට වසීලීස්සා වුණු වෙලාවෙ තමයි මකුළු පැංචි එයාගෙ කුමාරයා මොන වගේ වෙන්න ඕනෙද කියලා මවාගත්තෙ කියලා..හික් හික්..අපි හැමෝම ජීවිතේ යම් යම් අවස්තාවන් වලදී ඔහොම මවාගැනීම් කරනවනෙ නැද්ද..?? ඒ වුණාට මකුළුට දැන් නම් ඒ රූපෙ හාංකවින්සියක්වත් මතක නෑ ඕං... ඒ නිසා වෙන්න ඇති මකුළු පැංචිට වවුල් ...
මකුළුවෙක් වෙන්න....?? මකුළු පැංචිගේ වියමන...... මේ පෝස්ට් එක ලියන්න හිතුණෙ...ඇවිද්ද පය බ්ලොග් එකේ තිබ්බ පෝස්ට් එකක් දැකලයි..ඒ පෝස්ට් එකේ අපි වගේ අන්වර්ථ නම් වලින් ලියන අයට අවස්ථාවක් දීල තිබ්බා අපි අපේ බ්ලොග් පිටු වලට..ආරූඪ නම් වලට මේ නම් තෝර ගත්තෙ ඇයි කියන හේතුව ගැන කියන්න...ඇත්තෙම ඒක හරිම විනෝදජනක අපූරු පෝස්ට් එකක්.... ඉතින් මටත් හිතුණා මම මකුළු පැංචියෙක් වුණේ කොහොමද කියල ඔයාලට මගේම පෝස්ට් එකකින් ...
එදා රෑ.....ගුවන් තොටුපලේදි........ මකුළු පැංචිගේ වියමන...... පහුගිය දවස් ටිකේම වෙන වෙන පෝස්ට් දදා හිටපු නිසා මකුළු පැංචිගෙ ප්‍රේම කතාව ලියන එක අතපහු වුණා..හැබැයි අතපහු වුණා කීවටත් වඩා කැමැත්තෙන්ම අතපහු කළා කිව්වොත් හරි..ඒකට හේතු වුණ් මංචි පහුගිය දවස් වල ටිකක් දුකින් හිටපු එක.ඒ නිසා පරණ මතක අකුරු කරන්න යන එක ඒ දුක වැඩිකරන වැඩක් වුණා..ඔන්න ඇත්තම හේතුව කිව්වා හොඳේ...යාලුවො ඒ නිසා මංචිත් එක්ක තරහ ගන්න ...
සුළැඟිල්ලට කිරි එරුණු ලොකු අප්පච්චි.... මකුළු පැංචිගේ වියමන...... ලොකු තාත්තයි ලොක්කම්මයි සමගින්..... කතාවක් අහල තියෙනවද... සහෝදරයො...විශේෂයෙන් බාල සහෝදරයො..ඒ කියන්නෙ මාමලා තමන්ගෙ සහෝදරියන්ගෙ දරුවන්ට හරිම ආදරෙයි කියලා.. කටවහරට කියන්නෙ.. අම්මා නැති දාට මාමට සුළැඟිල්ලට කිරි එරෙනව කියලයි.. මකුළු පැංචිට නං අම්මගෙ පැත්තෙන් මාම වෙන්න කෙනෙක් හිටියෙ නෑ..මොකද පැංචිගෙ අම්මා ගෑණු ළමයිම හතර දෙනෙක් හිටිය පවුලක බාලය..ඉතින් මාමලා කොයින්දෑ..හැබැයි ඉතින් ආදරෙන් හුරතල් කරන්ඩ මාමෙක් නැති අඩුව පැංචිට කවදාවත් නොදැනුනේ..ඊටත් ...
ඉතින් අප සමුගතිමු............. මකුළු පැංචිගේ වියමන...... නුගේගොඩ හන්දියට ඉහලින් අහස යාන්තමට මළානික වෙන්න පටන් අරන් තිබුණා....ඩෙවෝන් එකේ උඩු මහලෙ වීදුරු බිත්තියට ඔලුව හේත්තු කරගෙන ඔහේ බලාගෙන උන්නු මගේ ඇස් පුරුද්දට වගේ යොමු වුණේ යාන්තමට වගේ පෙනුණු බෝ ගහ දිහාවටයි.. ඉස්සර රොටරියෙ 7-7 පන්ති තියෙන කාලෙ යාලුවො සෙට් එකත් එක්ක ඉන්ටර්වල් එකට ඩෙවෝන් ආවමත් මම ඉඳගන්නෙ මෙතනමයි..ඒත් ඒ කොච්චර කාලෙකට කලින්ද..? ඒ දවස් වලනම් හන්දියෙ තියෙන ...
උපන්දින සිහිනය.......... මකුළු පැංචිගේ වියමන...... ආදර ජරමර..විරහ සීන් යනාදී සෙන්ටිමෙන්ටල් ලිපි ගොඩකට පස්සෙ...කාලයක් තිස්සෙ මග ඇරිච්ච ලිපියක් ලියන්න ඕනෙ කියල හිතුන ඔන්න....වෙනසකටත් එක්ක.... පහුගිය දෙසැම්බර් අන්තිම...මංචි ලංකාවට ආපු බව ඔයාලගෙන් ගොඩ දෙනෙක් දන්නවනනේ..(නොදන්න අයත් එහෙනම් දැන් දැන ගත්තනේ..හිකිස්..) හදිස්සියේම ගත්ත තීරණයක් නිසා එහෙම එකපාරටම එන්න තීරණය කළා වුණත්..ඒකෙන් සමහර වැඩ නිකරුනේ අතපසු කරගන්න සිද්දවුණා වුණත්...මංචිට කාලයක් තිස්සේ මග ඇරුණු විශේෂ දවස් කීපයක්ම ගෙදර අයත් ...
නොකෙරෙන දීගෙට ඇද වෙන හෙවනැළි....... මකුළු පැංචිගේ වියමන...... සයිබරය පුරාම සිකුර උච්ච වෙලාද මංදා...කසාද බඳින එක..පොරොන්දම් බලන එක..ආදරේ කරන්න සහකාරයො සහකාරියො හොයාගන්න විදිහ ගැන මදි නොකියන්න කියවන්න ලැබෙනවා මේ දවස් වල.. සමහරු කියනවා ආදරේ කරල බඳින එක තමා හොඳ කියලා...තවත් සමහරු කියනවා...ගෙදරින් කතාබහ කරලා ඕව කරගන්න එක කරදර අඩුයි කියලා...සමහරු නම් කියන්නෙ නොබැඳ ඉන්න එක තරම් සැපක් තවත් නෑ කියලයි... කවද කවුරු කොහොම කිව්ව වුණත්.....මේ අපි ඇසිපිය ...
සැමරුම....... මකුළු පැංචිගේ වියමන...... මහද කෙම්බිම මැදම නිම්නෙකගැලූ ජීවන ගඟුල අභියසකෙදින කවදා පාව විත් නුඹරැඳුනිදැයි නොම දනිමි තව මම...එමතු හද පටකයන් අතරිනහෙමි හෙමින් මුල් රිකිළි ඇද ඇදදින දිනම තිර ලෙසින් හද බිමවැඩුණු හැටි නුඹ හොඳින් මතකය...පිරුණු පිවිතුරු හැඟුම් ''ප්‍රේමය''නමින් අබිසෙස් දෙමින් දිවි ගඟයළිඳු නොහැරෙන ලෙසින් නුඹ වෙතබැඳුනෙ කෙදිනද නිනව් නැත මට...නමුදු නුඹ හදවතින් පිබිදුනසොඳුරු ආදර කුසුම සෙනෙහෙනමගේ දෝතට නෙළා දුන් ඒදිනය අමතක නොවේ.... ඒ ...
යස්....අයි ඈම් අ ට්‍රී හග(ර්)..... :D මකුළු පැංචිගේ වියමන...... මංචිගෙ ගෙදර මංචියි එයාගෙ අම්මියි..තාත්තියි විතරනෙ හිටියෙ.. ඉතින් පුංචි කාලෙ ඉඳලම මංචිට අයියෙක් අක්කෙක් නැති පාලුව හරියට දැණුනා.. යාලුවො එක්ක වුණත් මංචි ගොඩාක් කිට්ටු වුණේ කලාතුරකින්.. සෙල්ලම් කරන්නත් අහල පහල කවුරුවත් පුංචි ළමයි හිටියෙත් නෑ.. ඉතින් ඉස්සර ඉඳලම මංචි හරි පුදුම විදිහට පරිසරය..ගහ කොල එක්ක එකතු වෙන්න හුරු වුණා..මිදුල පුරාම තිබුණු හැම ගහක් කොලක්ම මංචිගෙ හොද යාලුවො වුණේ ඉබේටමයි.. ...
ඉගිලී එන්නෙමි.......මම නුඹෙ තුරුළට... මකුළු පැංචිගේ වියමන...... උතුරන තනිකම..හිම මත තනිකොටපියඹමි පියඹමි උණුසුම් පියසට....කොතරම් කඳුලැලිනැඟුනත් නෙතඟටසැනෙකින් පිසලන අදරැති සෙවණට...හද ගැස්මක් සේ දුටු ආදරයටහදවත දොරගුලු හැර දුන් වරදට...විඳවන සිතුවිලිවැරයෙන් ගුලිකොටඉගිලී එන්නෙමි මම නුඹෙ තුරුළට...මගෙ මව්බිම මතපියවර නඟනටමගෙ හිත හඳුනන මිතුදම් පියසට....නිතරම දඟ වැඩකළ මුත් හරියටසමාව දෙනවද අම්මේ දෝණිට....෴මංචි෴ ...
නුඹ තුටින් නම්.............. මකුළු පැංචිගේ වියමන...... සිනාවක් එක පතා ආවෙමි...සිනා යායක් නුඹෙන් හමු වුණි..සොඳුරු නුඹ හිත ලඟම සදහට....සිනාසෙන්නට පෙරුම් පිරුවෙමි..අනේ එනමුදුනුඹේ සෙවනෙහිවිදින්නට මිසනොවන්නට නිමිඑකම හසරැළි පියල්ලක්වත්...මවෙත හිමි නැති බවම දුටුයෙමි...නුඹට නොදැනෙන විලස වැලපෙමි..කඳුලු නදියක් නෙතින් වැගිරුනි... බිඳුනු හදවත...සමග ඒ ගඟපසට යට කොට ඉතින් නික්මෙමි...මගේ කඳුලැලි සිසිල ලබමින්..තවත් විකසිත නුඹේ හසරැළි..නුඹට නොපෙනෙනවිලස විඳිමින්මහද දැවි දැවි වුවද...සැනසෙමි...෴මංචි෴ ...
බෝනික්කෝ...... මකුළු පැංචිගේ වියමන...... චූටි දුව එය මුල්ම වතාවට දුටුවේ මීට සතියකට පමණ පෙරය.මා අල්මාරියේ වූ සියලුම ඇඳුම් බඩු මුට්ටු එළියට ඇද, ඒවා පිළිවෙළට නවමින් ඒවා එකිනෙක වෙන් කරමින්ද අඩුක් කරමින්ද උන්නෙමි... බොහෝ කලකට පසු ලැබුණු දින තුනක නිවාඩුවෙන් ප්‍රයෝජනයක් ගැනීම පිණිස මම නිවසේ කොනක පටන් අස්පස් කිරීමට පටන් ගත්තේ එදිනය.. මාධව ද සාලයේ කුමක්දෝ වැඩක නිරත වෙමින් සිටියේය.. මා ඇඳ මත ඇඳුම් ...
සිහින...සැතකින් සිඳින්නට පෙර.....!!! මකුළු පැංචිගේ වියමන...... මංචිලාට සති කිහිපයකට කලින් ඉගෙන ගන්න යෙදිල තිබුණු විෂයය තමයි ''මාතෘ සායන විද්‍යාව''..එහෙමත් නැත්නම් OBSTETRICS (කෙටියෙන් නම්..Obs)....කියන්නෙ...cycle එක (අධ්‍යයන කාලය) තිබුණු සති දෙකම කම්මැලි කමක් නැතුව ඉගෙන ගන්න ආස හිතෙන පාඩමක් තමයි Obs. කියන්නෙ...ඒ කාලෙදි වෛද්‍ය විද්‍යාත්මක දැනුම ඇරුණහම ඇත්තෙන්ම අමුතුම අත්දැකීම් ගොඩකුත්....ඉතාම සංවේදී සිදුවීම් කීපයක මතකයනුත් ජීවිතේට එකතු වුණා කිව්වොත් තමා වඩාත්ම නිවැරදි.. ඒ ගෙවුණු දවස් 12දි ලැබුණු ...
ඉතින් අප සමුගතිමු.............සමුගැන්ම... මකුළු පැංචිගේ වියමන...... ඩෙවෝන් එකේ ඇතුල් පඩිපෙළ බැස්සෙ කොහොමද කියල සිහියක් නැතත්...එළියෙ පඩි දෙක තුන බැහැගන්න නම් කල්පයක් ගෙවුනා වගෙයි මට දැනුනෙ...හදවතේ එක කොනක් මාව ඉක්මන් කරවද්දි...නුහුරුවට දැනුනු තව කොනක්..මාව ආපස්සට අදිනව වගේ දැනුනෙ ඇයි කියන්න මමවත් දැනගෙන හිටියෙ නෑ...රැයක් දවාලක් නැතුව කොළඹ තියෙන රස්නෙ මැද වුණත් මම හිටියෙ සීතල වෙලා..කහ ඉරක් නැති තැනකින් පාර පැනගන්න උත්සහ ගනිද්දි..ඇස් කොනින් මම දැක්කෙ වාහන ...
වැටවල් ගසා අප...වෙන්කරනු ලැබූ නමුදු...... මකුළු පැංචිගේ වියමන...... ඔක්තෝබර් පළවෙනිදා හැමෝම වගේ ළමා දිනේ වෙනුවෙන්ම බ්ලොග් පෝස්ට්ස් ලියල තිබුණා.ඒ හැම එකක්ම වගේ කියෙව්වත් කොමෙන්ට් කරන්න වෙලාවක් නම් ලැබුණෙ නෑ වැඩ ගොඩාක් තිබුණු නිසාම...පාඩම් කරලා මහන්සියෙන් නිදියන්න හිතාගෙන නිදිමත එනකල් යූ-ටියුබ් එකේ සිංදුවක් අහ අහ ඉන්නකොට තමා අමුතුම විෂුවල් එකක් දාපු සුපුරුදු සිංදුවක් දැක්කේ..
සුදු පාට ලෝකයක....නවතිමුද මොහොතකට..... මකුළු පැංචිගේ වියමන...... මේ දවස් වල වසීලිස්සගෙ රටට ශීත සෘතුව හෙවත් සාමාන්‍ය භාවිත භාශාවෙන් කිව්වොත් වින්ටර් එක ලබලනෙ..සාමාන්‍යයෙන් වින්ටර් එක මැදක් වෙද්දි නම් උශ්ණත්වය - 30ක් -35ක් හෝට ඊට වඩා වුණත් අඩු වෙනව වුණත් තවම පටන් ගත්ත කාලෙ නිසා වැඩියම සීතල නෑ.. පොඩි කාලෙ ඉඳලම හුරු වෙලා නිසා මේ රටවල් වල මිනිස්සුන්ට නම් ඒක ඒ තරම් ලොකු වෙනසක් නොවුණත් උපන් දා ඉඳලම ...
පොතේ හැටියට සෙට් වෙන්න....... මකුළු පැංචිගේ වියමන...... ඔන්න අද මංචි ලියන්න යන්නෙ සෑහෙන වෙරි වෙන මාතෘකාවක් ගැනයි.. අපේ සහෝදරයින්ට නං මේක බොහොම වැදගත් වේවි..ඒ වගේම සහෝදරියන්ට වුණත් ඒක වැදගත් වෙන්නත් පුලුවනි..ආහ්හ්හ් ඒක කීවමනෙ මතක් වුනේ...අපේ පිණිබිඳුගෙ බේබදු පෝස්ට් එක දැකලා තමා මංචිටත් මේ මෝස්ට් එක ලියන්ඩ ආසාවක් පහල වුණේ... ඔය එදා ඉඳන් ටික ටික ලිව්වට අද තමා මේක පෝට්ස් කොරන්න ඕනය කියල හිතුණේ...මොකද මංචි මේ දවස් ...
වන සිවුපාවුන් සහ දෙවි දේවතාවන්.... මකුළු පැංචිගේ වියමන...... ඇත්තෙන්ම පහුගිය දවස් වල වියමන දිහා එන්න තියා බලන්නවත් ඉස්පාසුවක් තිබුනෙ නෑ..විභාග වැඩ කටයුතු නිසා මනසට විවේකයක් තිබුණෙ නෑ වගේම..ජීවිතේට කඩා වැටුණු උල්කාපාත වැස්සක් එක්ක හදවතත් එක්තැන් වෙලා ජීවිතේම එපා වෙලා තමයි මංචි හිටියෙ.... (දැනට ඒ අසනි වැස්ස ගැනනං අහන්න එපා යාලුවනේ... මොකද තවමත් වැහැලා ඉවර නැති නිසා... ) හිතේ ප්‍රශ්ණත් එක්ක විභාගෙට පාඩම් කරන්න උණාම ඉතින් වෙන සංතෑසිය ...
නිහඬ වීම..... මකුළු පැංචිගේ වියමන...... "ඉතින්...කොහොමද ඔයාට...??" දෙසවනට නුහුරුවට ඇසුනද ඒ කටහඬ කවදත් මගේ හදවතට නම් හුරුපුරුදු ස්වරයකි.... එහෙත් දැන් ඒ හඬ මගෙන් කොතරම් නම් ඈත්ව ගොස්ද... මට සුසුමක් හෙළුනේ ඉබේටමය... මේ කතාබහ බොහෝ විට කෙළවර විය හැක්කේ අවසනදී තවත් කාලයකට නොසංසිඳෙන දුකක් මා වෙත ශේෂ කරමින් වග හොඳින්ම දන්නා නමුදු..තවමත් ඔහුගේ කටහඬ ඇසීමෙන්ම මගේ හිත සතුටින් පිරී යන්නේ ඇයි... කතා බහින් තොර මුළු ...
පිළිලය.... 1 මකුළු පැංචිගේ වියමන...... අනේ දෙයියනේ මගේ උපුලී........ නැන්දණියගේ හදිසි දුරකථන ඇමතුම ලද වහාම රෝහලට දුවන්නට නික්මුණ ප්‍රසන්නට තමාත් උපුලීත් විවාහ වීමට පෙර කරන ලද කතාබහක් මතකයට නැගුණේ ඇසිපිය හෙලන ඇසිල්ලකිනි... ප්‍රසන්න....අපි දෙන්නා බැඳල බබාලා කී දෙනෙක් හදනවද..? ම්ම්ම්....ප්‍රසන්න මදක් කල්පනා කළේය.....මම බබාලා හදන්න කැමති නෑ.. උපුලිගේ උපුලක් වැනි මුහුණ අඳුරු වූයේ බලාගෙන හිඳිද්දීමය...ඒ මොකද ඒ...? මම ...