අහස සහ පොළොව.......!! මකුළු පැංචිගේ වියමන...... ඉන්නකොට තරහින් ඔරවගෙන අහස...කළුම කළු පාට කරගෙන සුදු මූණ.. හිතුවෙ වත් නැතුවැති...තද හිතැති පොළොවතව ටිකකින් වහින බව.... හඬාගෙන දුකට.... ෴මංචි෴(සචී පණවල කිවිඳියගේ සිතිවිලි බ්ලොගයේ පෝස්ටුවකට එකතු කළ කොමෙන්ටු කවියකි) ...
දැන් ඉතින්...වෙන කුමක් කරන්නද.......................???? මකුළු පැංචිගේ වියමන...... එළඹෙන සති කීපයම මකුළු පැංචිට හරිම කාර්යබහුල කාලයක් වෙන හින්ද මංචිට හිතුණා වවුල්-මකුළු ප්‍රේම කතාවෙ ඊලඟ කොටස අදම දාන්න ඕනෙයි කියලා... ඔන්න ඉතින් වැඩි කතන්දර ඕනෙ නෑනෙ..කලින් කතාව නොකියවපු අයට ඔය පහල තියෙන යොමු වලින් ගිහින් ඒවා කියවලාම අද කොටසට එකතුවෙන්න පුලුවනි.1. මා සිතට අහම්බෙන්..... ඔබ එබිකම් කළ අරුමය රහසින්....2. 'හැමදේම වෙන්නෙ හොඳටලූ'............ෂුවර්ද....?????3. අකුරු ඇමිණූ සොඳුරු සිහිනය...... ...
අකුරු ඇමිණූ සොඳුරු සිහිනය...... මකුළු පැංචිගේ වියමන...... බොහොම කාලෙකට පස්සෙ ඔන්න මකුළුට පුංචි ඉඩකඩක් ලැබුණා වියමන පැත්තෙ ඇවිත් යන්න..බොලේ..වියමනේ සිරාවටම මකුළු දැල් බැඳිලා නොවැ..ඉතින් ටිකක් අස්පස් කරලා දාලම වාඩි වුණා,මොනව හරි ලියන්නය කියලා.... යාළුවො ටික තරහ වෙලාදත් මංදා... මකුළු පැංචි ගොඩාක් කාලෙකින් මොකුත්ම ලිව්වෙ නැති එක ගැන..ඒ මදිවට අර මකුළුගෙයි වවුල්ස්ගෙයි ප්‍රේම පුරාවතත් තවම ඇනහිටිය තැනමනෙ.. මකුළුට මේ දවස් වල හරියට වැඩ යාළුවනේ..සෙමිස්ටෙර් එන්ඩ් ...
රාහු ගිලින ඉරයි හඳයි...... මකුළු පැංචිගේ වියමන...... කට්ටියම පෙරේදා දවසම ආසවෙන් බලාගෙන හිටියනෙ කාලෙකට පස්සෙ පුර්ණ චන්ද්‍රගහණයක් දැකගන්න..මකුළු පැංචිටත් වසීලීස්සගෙ රටට ඒක අපූරුවට පෙනුණා.ඒත් පින්තූරයක් නං ගන්න බැරි වුණා..දුකේ බෑ..දවසම ලෙක්චර්සුයි ක්ලාසුයි නිසා ගෙදර හිටියෙ නැති මකුළු පැංචිට ඒ ගැන අහම්බෙන් වගේ දැනගන්න ලැබූණේ ගූගල් ඩූඩ්ල් එක හින්දයි..ඒ නිසා ගූගල් දෙයියන්ට මුලින්ම තුති..කොහොම වුණත් කලාතුරකින් දැකගන්න ලැබුණු චන්ද්‍රග්‍රහණය නිසා පැංචිට නිකමට වගේ ඒ ...
මගෙ හීනය මට විඳින්න.... මකුළු පැංචිගේ වියමන...... හැඟුම් නොමැති නිද්රාවකනෙතු පියාන නිදා උන්නමේ නුපුරුදු කළු හීනෙන්සෙමින් ඇවිත් මා මුදන්නනුඹෙ දෙතොලග පුරා ගැයෙන ඒ සොඳුරුම හැඟුම් ගොන්නඔය පපුවට තුරුලු කරන් මගෙ නෙතුපිය මත ඉහින්නරතු පාටට විල් දිය මතහිරු දියවෙන හැන්දෑවටගී මුමුණන මදනලකින්මගෙ හීනෙට නුඹ එබෙන්නඅතැඟිළි තුඩු මිරිකාගෙනඉඳහිට ඔය හද අවුලනගිනි සිළුවක දවටාගෙනනුඹෙ ගීතය මට ගයන්නනිල දිලිහෙන පිණිබිඳු මතමගෙ මෘදු හදවත තියන්නරන් පාටට ඉගිලෙන මුදුසමනළ තටුවක් වියන්නනුඹෙ ගැඹුරුම හදගැස්මටවැතිරීගෙන නිදි වදින්නපොඩියක් ...
'හැමදේම වෙන්නෙ හොඳටලූ'............ෂුවර්ද....????? මකුළු පැංචිගේ වියමන...... හ්ම්.. ඔන්න ආපහු ලියන්න වෙලාවක් ලැබුණා..ගොඩක් අය කියලත් තිබුණා ඉක්මනට කතාව දාන්නය කියලා.ඒත් ඉතින් එදිනෙදා වැඩත් තියෙන නිසා පරක්කු වුණාට පැංචිට සමාව දෙන්න හොඳේ.. හරි දැන් ඉතින් වැල්වටාරම් නැතුවම කතාව පටන් ගන්නම්කෝ..කට්ටියටම මතක ඇතිනෙ..මකුළු පැංචි පහුගිය පෝස්ට් එකෙන් මකුළු පැංචියෙකුගෙයි,වවුල් කුමාරයෙකුගෙයි කතාවක් කියන්න පටන් ගත්තා කියලා..අමතක අය නොකියවපු අය මෙතනින් ගිහින් කියෙව්වොත් තමා හොඳ..නැත්තම් අද ...
මා සිතට අහම්බෙන්..... ඔබ එබිකම් කළ අරුමය රහසින්.... මකුළු පැංචිගේ වියමන...... මකුළු පැංචිගෙ ජීවිතේ අම්මිටයි තාත්තිටයි පස්සෙ ඉන්න වැදගත්ම කෙනා තමයි වවුල් කුමාරයා.මතකනෙ පොඩිකමට වසීලීස්සා වුණු වෙලාවෙ තමයි මකුළු පැංචි එයාගෙ කුමාරයා මොන වගේ වෙන්න ඕනෙද කියලා මවාගත්තෙ කියලා..හික් හික්..අපි හැමෝම ජීවිතේ යම් යම් අවස්තාවන් වලදී ඔහොම මවාගැනීම් කරනවනෙ නැද්ද..?? ඒ වුණාට මකුළුට දැන් නම් ඒ රූපෙ හාංකවින්සියක්වත් මතක නෑ ඕං... ඒ නිසා වෙන්න ඇති මකුළු පැංචිට වවුල් ...
හොඳ හොඳ සෙල්ලම් රෑ වෙන ජාමෙට........ මකුළු පැංචිගේ වියමන...... ඔන්න හෝ ගාලා වැඩ තිබ්බ දවස් දෙක තුනක් ගෙවිලා ආපහු වියමන පැත්තෙ එන්න මකුළු පැංචි අමාරුවෙන් ඉඩ කඩ හොයාගත්තා.නිතරම වියමනේ නැවතිලා බලන යාළුවො ටික තරහ වුණේ නෑ නේද පැංචිත් එක්කලා...??? ඒ හැටි අමාරුවක් නොවුණු පොඩි ක්ලාස් ටෙස්ට් එකකුයි, කාලයක් තිස්සෙ පෙරුම් පුරාගෙන හිටපු සාදයකුයි නිමකරලා ඇවිත් මකුළු පැංචිට නම් හරිම මහන්සීයි. ඒ මදිවට හොඳටම කැස්සත් හැදිලා.ඒත් හිතනම් හරිම සතුටින් පිරිලා.මොකද දන්නවද.... ...
අඳින්න ගිය තාප්පය ඉහේ කඩාවැටීම.... මකුළු පැංචිගේ වියමන...... යාළුවනේ ඔයාලා කවදහරි දවසක තාප්පෙක චිත්‍රයක් ඇඳලා තියෙනවද...?? මං හිතන්නෙ ගොඩක් අය කියාවි නෑ කියලා.(එක්කෙනෙක්වත් ඔව් කිව්වොත් ලොකු දෙයක්....).ඒත් මකුළු පැංචිටනම් ඒ විනෝදාත්මක අත්දැකීම විඳගන්න වාසනාව ලැබිලා තියෙනවා..මම මේ ඔයාලට කියන්න යන්නෙ තාප්ප වල චිත්‍ර ඇදීමේ කලාව ගැන හෙම නෙවෙයි ඔන්න.එහෙම තාප්පෙක චිත්‍රයක් අඳින්න ගිහින් මකුළු පැංචිටයි,එයාගෙ චිත්‍ර කණ්ඩායමටයි වෙච්ච හදියක් ගැන.......එක හදියකුත් නෙවෙයි හදි යුගලයක් හෙවත් ...
නුඹට රිසි නම් යන්ට යන්නෙමි....... මකුළු පැංචිගේ වියමන...... මකුළු පැංචි අද ඉන්නෙ හරිම දුකෙන්.ඒ නිසා පැත්තක් අල්ලගෙන ඉන්නකොට ඒ ගැන යමක් ඔයාලටත් කියන්න හිතුවා.මකුළු පැංචි අද කාලෙකට පස්සෙ ගොඩාරියක් වෙලා සින්දු ඇහුවා.මකුළු පැංචිට සින්දු අහන්න හිතුණොත් play list එකේ අනිවාර්යන්ම තියෙන සින්දුවක් තමයි අග පිපි මල් ටෙලි නාට්‍යයේ තේමා ගීතය වුනු ''අහස ගුගුරා..'' කියන ගීතය.මකුළු පැංචිට මේ ගීතයටත් ඒ වගේම ටෙලි නාට්‍යයටත් තියෙන්නෙ පුදුම කැමැත්තක්.මේ ටෙලිය ...
වසීලිස්සා හෙවත් මකුළු පැංචි.... මකුළු පැංචිගේ වියමන...... සොඳුරු සිතේ තිබුණු ලස්සන වසීලිස්සා ගැන කවි පන්තියක් කියව කියව ඉන්දෙද්දි මකුළු පැංචිටත් මතක් වුණා ඉස්කෝලෙ යන දවස් වල සිද්ධියක්.දැන් හිතුවමනම් ටිකක් ලැජ්ජ හිතෙන වැඩක් වුණාට,ඒ දවස් වල නම් මේ වැඩේ කරන්න ඇත්තෙ මකුළු පැංචිගෙ නොතේරුම් කමටයි. එතකොට මකුළු පැංචි හිටියෙ හතර වසරෙ විතර.ඔන්න දවසක් ටීචර් කිව්වා පහුවෙනිදට මොකද්ද මන්දා වැඩසටහනක් තියෙනවාලු(දන්නවනෙ ඉතින් ඔය එක එක කුසලතා සංවර්ධන ...
සයුරේ රළ සේ...අහසේ තරු සේ............ මකුළු පැංචිගේ වියමන...... මකුළු පැංචි ලේසියෙන් හොඳම යාළුවො හදාගන්නෙ නැති බව එකෝමත් එක කාලෙකදි කිව්වනෙ..ඉතින් එයාට ඉස්කෝලෙ යන කාලෙ හිටියෙ හොඳම යාළුවො 3 දෙනයි.වින්ධ්‍යා,ප්‍රතිභා,ළහිරු තමයි ඔය තුන්දෙනා.ළහිරු කියන්නෙ කොල්ලෙක් එහෙම නෙවෙයි,කෙල්ලෙක්ම තමා. මකුළු පැංචිගෙ ''හොඳම හොඳම යාළුවා'' වින්ධ්‍යා.අනික් දෙන්නා හොඳම යාළුවො.අපි හතර දෙනා ඉතින් ඉස්කෝලෙ රිංගපු නැති අස්සක් මුල්ලක් නෑ.ඕන තරම් ගුරුවරුන්ගෙන් බැණුම් අහලා ඇති...එක එක බාහිර වැඩ ...
එකෝමත් එක කාලෙක......... මකුළු පැංචිගේ වියමන...... මකුළු පැංචිට රෑ ජාමෙ මැද්දෙත් හිතක් පහල වුණා මොනවහරි ලියන්ට ඕනේ කියලා..මකුළු පැංචි මේ දවස් වල ඉන්නෙ මව්බිමෙන් ඈත රටක.ඒ නිසාද කොහෙදෝ බ්ලොග් සටහනක් ලියද්දි පවා සිහි වෙන්නෙම ගෙදර අය,ඉස්කෝලෙ යාලුවො.ඉස්කෝලෙ යන දවස් තරම් ආස කරපු දවස් මකුළු පැංචිටනම් ආයෙ මුළු ජීවිත කාලෙටම එන එකක් නෑ.මකුළු දැලේ තියෙන පිණි වැටුණු ...
මකුළු බිත්තරෙන් එළියට.... මකුළු පැංචිගේ වියමන...... මකුළු පැංචි බ්ලොගයක් ලියන්න ගත්තට මොකද කොහෙන් පටන් ගන්නද කියලා එයාටවත් හිතාගන්න බැහැ.කොහොමටත් මකුළු පැංචිගෙ ජීවිතේ මුල ඉඳලම ඒ වගේ.හරිම අනපේක්ෂිත විදිහට හැමදේම පටන් අරන් හිතාගන්නවත් බැරි මංමාවත් වල ගලාගෙන ගිහින් පුදුමාකාර විදිහට තමා ඉවර වෙන්නේ. මෙහෙම ලියාගෙන යද්දි මකුළු පැංචිට මතක් වෙනවා එයාගෙ අම්මා එයාට එයාගෙ ඉපදුනු දවස ගැන කියපු හැටි.මකුලු පැංචිගෙ උපන්දිනේ තියෙන්නෙ දුරුතු මාසෙ ...
මකුළු පැංචිගේ පළවෙනි මොන්ටිසෝරි දවස...... මකුළු පැංචිගේ වියමන...... අදයි මකුළු පැංචිගේ පළවෙනි දවස.......හරියට මොන්ටිසෝරි යන පළවෙනි දවස වගෙයි.. :)) මකුළු පැංචි බ්ලොග් ලිවිල්ලට නම් තවම අලුත්. ඒ හින්දා කියවන මිතුරු මිතුරියන් සමාවෙන්න යම් යම් තාක්ෂණික දෝෂ හෙම මතු වුනෝතින් හොඳේ.මම ඉතින් මෙතන අලුත් දෙයක් වෙනස් දෙයක් කරනවා කියලා උඩපනින්න නම් හිතාගෙන ආවෙ නැහැ.හිතට එන දේවල්,මෙතෙක් කල් මගෙ හිතේ ඇඳුනු දේවල් තමයි අකුරු වලින් වියමන් කරන්නය ...