නොකෙරෙන දීගෙට ඇද වෙන හෙවනැළි....... මකුළු පැංචිගේ වියමන...... සයිබරය පුරාම සිකුර උච්ච වෙලාද මංදා...කසාද බඳින එක..පොරොන්දම් බලන එක..ආදරේ කරන්න සහකාරයො සහකාරියො හොයාගන්න විදිහ ගැන මදි නොකියන්න කියවන්න ලැබෙනවා මේ දවස් වල.. සමහරු කියනවා ආදරේ කරල බඳින එක තමා හොඳ කියලා...තවත් සමහරු කියනවා...ගෙදරින් කතාබහ කරලා ඕව කරගන්න එක කරදර අඩුයි කියලා...සමහරු නම් කියන්නෙ නොබැඳ ඉන්න එක තරම් සැපක් තවත් නෑ කියලයි... කවද කවුරු කොහොම කිව්ව වුණත්.....මේ අපි ඇසිපිය ...
සුදු පාට ලෝකයක....නවතිමුද මොහොතකට..... මකුළු පැංචිගේ වියමන...... මේ දවස් වල වසීලිස්සගෙ රටට ශීත සෘතුව හෙවත් සාමාන්‍ය භාවිත භාශාවෙන් කිව්වොත් වින්ටර් එක ලබලනෙ..සාමාන්‍යයෙන් වින්ටර් එක මැදක් වෙද්දි නම් උශ්ණත්වය - 30ක් -35ක් හෝට ඊට වඩා වුණත් අඩු වෙනව වුණත් තවම පටන් ගත්ත කාලෙ නිසා වැඩියම සීතල නෑ.. පොඩි කාලෙ ඉඳලම හුරු වෙලා නිසා මේ රටවල් වල මිනිස්සුන්ට නම් ඒක ඒ තරම් ලොකු වෙනසක් නොවුණත් උපන් දා ඉඳලම ...
වන සිවුපාවුන් සහ දෙවි දේවතාවන්.... මකුළු පැංචිගේ වියමන...... ඇත්තෙන්ම පහුගිය දවස් වල වියමන දිහා එන්න තියා බලන්නවත් ඉස්පාසුවක් තිබුනෙ නෑ..විභාග වැඩ කටයුතු නිසා මනසට විවේකයක් තිබුණෙ නෑ වගේම..ජීවිතේට කඩා වැටුණු උල්කාපාත වැස්සක් එක්ක හදවතත් එක්තැන් වෙලා ජීවිතේම එපා වෙලා තමයි මංචි හිටියෙ.... (දැනට ඒ අසනි වැස්ස ගැනනං අහන්න එපා යාලුවනේ... මොකද තවමත් වැහැලා ඉවර නැති නිසා... ) හිතේ ප්‍රශ්ණත් එක්ක විභාගෙට පාඩම් කරන්න උණාම ඉතින් වෙන සංතෑසිය ...
රිසි අතක දුවන්නට...... මකුළු පැංචිගේ වියමන...... ඉඳ හිටක හිත තෙමනපිනි තුහින අහුරු මිසනුඹෙ හිතින් මවෙත වට මෝසමක් නොවුණු කොට...වියළි හිත් බිම මතටමගෙම කඳුලැලි උනනනොනවතින උල්පතක් නැගෙනු ඇති දිනෙක හෙට...හිත් බිඳුම් දැනෙන්නටතව ඉඩක් නොවනු ඇතකාරියක් නැත නුඹට යළි ඉතින් තැවෙන්නට...'වළාකුල් සුපෙම්වත'නොරිසි නම් මගේ හිතබැමි ලිහා හරිමි නුඹ රිසි අතක දුවන්නට....෴මංචි෴ ...
මේක සොඳුරු ලෝකයක්ද..??? මකුළු පැංචිගේ වියමන...... පිස්සු විකාර පෝස්ට් එකක් වුණත් ලියන්නම කියල හිත බල කරපු නිසා නිකමට වගේ ලියන්න ගත්තෙ.. මේ ගැන මුලින්ම මගෙන් ඇහුවෙ මගේ හොඳම යාලුවා....වින්ධ්‍යා... ඔව්..ඔව්.අර...අඳින්න ගිය තාප්පෙ ඉහේ කඩා වැටුණු වෙලාවෙ මගෙත් එක්ක හවුලෙ බැනුම් අහපු මංචිගෙ පිස්සුම පිස්සු යාලුවා ගැන තමා ඒ කිව්වෙ.. හරි හරි...එතකොට මොකද්ද දැන් වින්ධ්‍යා මගෙන් ඇහුවෙ....මෙන්න මේකයි... ඇයි මිනිස්සු ''හැපි එන්ඩින්ස්'' එහෙම නැත්තම් ''සුඛාන්ත'' එහෙමත් ...
නුඹ තුටින් නම්.............. මකුළු පැංචිගේ වියමන...... සිනාවක් එක පතා ආවෙමි...සිනා යායක් නුඹෙන් හමු වුණි..සොඳුරු නුඹ හිත ලඟම සදහට....සිනාසෙන්නට පෙරුම් පිරුවෙමි..අනේ එනමුදුනුඹේ සෙවනෙහිවිදින්නට මිසනොවන්නට නිමිඑකම හසරැළි පියල්ලක්වත්...මවෙත හිමි නැති බවම දුටුයෙමි...නුඹට නොදැනෙන විලස වැලපෙමි..කඳුලු නදියක් නෙතින් වැගිරුනි... බිඳුනු හදවත...සමග ඒ ගඟපසට යට කොට ඉතින් නික්මෙමි...මගේ කඳුලැලි සිසිල ලබමින්..තවත් විකසිත නුඹේ හසරැළි..නුඹට නොපෙනෙනවිලස විඳිමින්මහද දැවි දැවි වුවද...සැනසෙමි...෴මංචි෴ ...
පොතේ හැටියට සෙට් වෙන්න....... මකුළු පැංචිගේ වියමන...... ඔන්න අද මංචි ලියන්න යන්නෙ සෑහෙන වෙරි වෙන මාතෘකාවක් ගැනයි.. අපේ සහෝදරයින්ට නං මේක බොහොම වැදගත් වේවි..ඒ වගේම සහෝදරියන්ට වුණත් ඒක වැදගත් වෙන්නත් පුලුවනි..ආහ්හ්හ් ඒක කීවමනෙ මතක් වුනේ...අපේ පිණිබිඳුගෙ බේබදු පෝස්ට් එක දැකලා තමා මංචිටත් මේ මෝස්ට් එක ලියන්ඩ ආසාවක් පහල වුණේ... ඔය එදා ඉඳන් ටික ටික ලිව්වට අද තමා මේක පෝට්ස් කොරන්න ඕනය කියල හිතුණේ...මොකද මංචි මේ දවස් ...
වැටවල් ගසා අප...වෙන්කරනු ලැබූ නමුදු...... මකුළු පැංචිගේ වියමන...... ඔක්තෝබර් පළවෙනිදා හැමෝම වගේ ළමා දිනේ වෙනුවෙන්ම බ්ලොග් පෝස්ට්ස් ලියල තිබුණා.ඒ හැම එකක්ම වගේ කියෙව්වත් කොමෙන්ට් කරන්න වෙලාවක් නම් ලැබුණෙ නෑ වැඩ ගොඩාක් තිබුණු නිසාම...පාඩම් කරලා මහන්සියෙන් නිදියන්න හිතාගෙන නිදිමත එනකල් යූ-ටියුබ් එකේ සිංදුවක් අහ අහ ඉන්නකොට තමා අමුතුම විෂුවල් එකක් දාපු සුපුරුදු සිංදුවක් දැක්කේ..
මගෙම හදවත...ගැයෙනු ඇසුවෙමි...... මකුළු පැංචිගේ වියමන...... වෙන කාගෙවත් වෙන්නේ කොහොමද..ඔබ මගේ දිවි මාවතේ...............ඉතින් කොහේ කොතනද තව කෙනෙක්ට ඒ මාවතට ඇතුල් වෙන්න ඉඩක් තියෙන්නෙ..ඔයාගෙ ආදරේ මගේ ජීවන මාවතේ රැඳෙන තුරාවට කොහොමද මම තවත් කෙනෙක්ගෙ ජීවිතේක මොහොතක්වත් වෙන්නෙ..මගෙ හදවතේ සෛලයක් සෛලයක් ගානෙම ඔයාටම තරම් ආදරේ කරනකොට මගේ ජීවිතේ හැම අංශු මාත්‍රයක්ම ඔයාගෙ වුණු කොට...කොහොමද මම ජීවත් වෙන තුරාවටම ඔයාව මගෙ මාවතින් මුදා ...
සිනා පිපෙනා මේ වසන්තය....නෙළා දෝතට මලක් සේ.....♥ මකුළු පැංචිගේ වියමන...... හ්ම්ම්ම්...වැඩ නම් අහස උසට...ඒ වුණත් හිතේ කලබල ගතිය යන්නත් එක්කලා ආයෙමත් බ්ලොග් සටහනක් ලියන්නයි ආවෙ...වෙන මොනවත් නෙවෙයි මංචි ගෙයි වවුල්ස්ගෙයි කතාවටයි අදත් මම මේ මුලපුරන්නෙ....යාලුවන්ට අමතකද මංදා පහුගිය පෝස්ට් එකේ අන්තිමේදි වවුල්ස් මංචිට කොල්ලෙක් හොයා දෙන්නම් කිව්වනෙ...ඒ ඊට පස්සෙ මංචි එයාගෙ යාලුවෙක්ව වවුල්ස්ට සෙට් කරන පොරොන්දුව පිට..ආඅහ්හ්..අමතක අයත් ඉන්නව වගේ...එහෙනම් මෙතන
පෙර දා මැවූ සිනා.......... මකුළු පැංචිගේ වියමන...... කාලෙකින් පෝස්ට් එකක් ලියන්න පුංචි ඉඩක් ලැබුණු නිසා හිතුණා මකුළු පැංචිගෙ ප්‍රේම පුරාවතෙන්ම ටිකක් ලියල දානවය කියලා..ඉතින් වැඩි කතා නැතුව ලියන්න ගන්නම්කො.. මතකනෙ මංචි නිවාඩුව ඉවර වෙලා ආපහු වසීලීස්සගෙ රටට ආපු බව..එහෙම ආව වුණත් ආවෙනම් ලොකු දුකකින්..නෑ නෑ...නිවාඩු කාලෙ සෙරෙප්පුවක් කාපු නිසාම නෙවෙයි..ගෙදර අයව දාල ආපහු එන්න වුණු එක නි
එදා රෑ.....ගුවන් තොටුපලේදි........ මකුළු පැංචිගේ වියමන...... පහුගිය දවස් ටිකේම වෙන වෙන පෝස්ට් දදා හිටපු නිසා මකුළු පැංචිගෙ ප්‍රේම කතාව ලියන එක අතපහු වුණා..හැබැයි අතපහු වුණා කීවටත් වඩා කැමැත්තෙන්ම අතපහු කළා කිව්වොත් හරි..ඒකට හේතු වුණ් මංචි පහුගිය දවස් වල ටිකක් දුකින් හිටපු එක.ඒ නිසා පරණ මතක අකුරු කරන්න යන එක ඒ දුක වැඩිකරන වැඩක් වුණා..ඔන්න ඇත්තම හේතුව කිව්වා හොඳේ...යාලුවො ඒ නිසා මංචිත් එක්ක තරහ ගන්න ...
පිළිලය.... 3 (අවසාන කොටස) මකුළු පැංචිගේ වියමන...... පිළිලය.... 1 පිළිලය.... 2 ඇමතුමේ අනෙක් පසින් නැගී ආවේ උපුලිගේ මවගේ කටහඬයි.... පුතේ ඔයා තාම මගද...?? ඈ ඇසුවේ දුර්වලව ගිය ස්වරයකිනි.... නෑ අම්මේ මම මේ හොස්පිට්ල් එක ගාවම...රෝහල් වීදියට රථය හරවමින්ම ඔහු කීවේය..මම ඉක්මනට එන්නම්... ඔහු රෝහලේ කොරිඩෝව දිගේ දිව ගියේ පිස්සෙකු මෙනි.. පුද්ගලික රෝහලක් වූයෙන් එහි ලෙඩින් බැලීමට නියමිත කාල කඩයිමක් හෝ බාධකයක් නොවීය...වෙලාවට නර්සිං ...
පිළිලය.... 2 මකුළු පැංචිගේ වියමන...... පෝය නිවාඩුව දවසේ මහගෙදරටත්,පන්සලටත් ගොස් පැමිණි උපුලී ආවෙලේ සිට සිටියේ බුම්මාගෙනය...නිරායාසයෙන්ම ඇගේ හැසිරීම් කියවාගන්නට සමත් ප්‍රසන්නට එදා ඒ මුහුණින් කිසිවක් හඳුනාගත නොහැකි විය...වෙනදා ආ-ගිය කතා මතක ආවර්ජන වලින් පිරුණු රාත්‍රි කෑම මේසය මෙදින නුහුරු නිහැඬියාවකින් වැසී ගොසිනි.. රාත්‍රී ආහාරයෙන් පසු නාගෙන නාන කාමරයෙන් එළියට පැමිණි ප්‍රසන්න දුටුවේ උපුලී බැල්කනියේ අඳුර මැද තනිවම සිටගෙන ඉන්නා බවය.... ඔහු සරම ...
පිළිලය.... 1 මකුළු පැංචිගේ වියමන...... අනේ දෙයියනේ මගේ උපුලී........ නැන්දණියගේ හදිසි දුරකථන ඇමතුම ලද වහාම රෝහලට දුවන්නට නික්මුණ ප්‍රසන්නට තමාත් උපුලීත් විවාහ වීමට පෙර කරන ලද කතාබහක් මතකයට නැගුණේ ඇසිපිය හෙලන ඇසිල්ලකිනි... ප්‍රසන්න....අපි දෙන්නා බැඳල බබාලා කී දෙනෙක් හදනවද..? ම්ම්ම්....ප්‍රසන්න මදක් කල්පනා කළේය.....මම බබාලා හදන්න කැමති නෑ.. උපුලිගේ උපුලක් වැනි මුහුණ අඳුරු වූයේ බලාගෙන හිඳිද්දීමය...ඒ මොකද ඒ...? මම ...
දුර යන්නම යන්නම ඕනෑ නම්...... මකුළු පැංචිගේ වියමන...... නෙතින් නොහඬා සිතින් ඉවසාඉන්න යැයි නොකියා...මගෙන්දුරක පියඹා යන්න හෙට දිනදමා මෙහි තනිවම ඉතින්හදෙහි ඇවිලෙන වියෝ ගිනි කඳනොපෙන්වා සඟවමි නුඹෙන්ඉතින් සැනසී ඉගිල යනු මැනනොයන්නැයි නොකියමි මුවින්නික්ම යන්නට කළින් බිඳුවක්පවා යළි බැලුවොත් ඉතින්කොහොම ඉවසාගම්ද හදවතකඳුලු වැහි කෝඩෙට කලින්අකුණු පුපුරණ දුකට රතුවුණුනෙත් කෙවෙණි දෙදරා නෙතින්හඬන හදවත දියව රුහිරයලෙසින් වැගිරෙනු ඇති හදින්ගෙවෙන දින සති පුරා නොහැරමඑකම සිහිනය ලඟ බැතින්යළිඳු නොනැගිට වැතිර ඉන්නෙමිනුඹේ පෙම සිහි ...
අතුරුදන් වූ සුභ පැතුම්.......!! මකුළු පැංචිගේ වියමන...... කාලෙකින් වියමන පැත්තෙ ගොඩ වුනේ...මේ දවස් වල මංචිගෙ හිතට හරි නෑ..ඒකට හේතුව වවුල් කුමාරයා තව හරියටම සතියකින් වසීලීස්සගෙ රට අතහැරලා ලංකාවට යන එක.. :(( ඉතින් මංචිට කොච්චර දුකද කියලා යාලුවන්ට කියන්න ඕනේ නෑ නේ අමුතුවෙන්..මේක ඉතින් අර වෙනදට නිවාඩුවට ගිහින් එනවා වගේ නෙවෙයි...එයාගෙ උපාධියත් අරන් වෛද්‍යවරයෙක් විදිහට තමයි එයා මේ සැරේ ලංකාවට යන්නෙ.. ඉතින් එයාගෙ ඉගෙනීම සාර්ථකව ...
නිමි වුවද නිමක් නැති..... මකුළු පැංචිගේ වියමන...... ඔන්න ගොඩක් අය කියපු හින්දයි ,කෙල්ලන්ගෙ ලැජ්ජාව අමුතුම මිම්මකින් මනින කොල්ලො හින්දයි , පුංචි කතන්දරයක් මෙගා ටෙලියක් වෙන එක ගැන පසුතැවිල්ල පැත්තකින් තියලා මංචි තීරණය කළා වවුල්ස්ගෙයි -මකුළුගෙයි කතාව අද තියෙන තැන දක්වාම ලියන්න... අද කතාව පටන් ගනිද්දි මංචි ඉන්නෙ නුවර... පුංචිම පුංචි කාලෙ දෙතුන් පාරක් ගියාට පස්සෙ ආයෙමත් වතාවක් නුවර පෙරහර බලන්න යන්න මංචිට අවස්තාව ලැබුණේ.....පහුගිය වසන්ත නිවාඩුවට ගෙදර ...
ලැජ්ජා නැති කෙල්ලෝ.................!!! මකුළු පැංචිගේ වියමන...... මංචි අද පොඩ්ඩ වෙලාවකට ස්කයිප් ලොග් වුණාම මෙන්න බොලේ යාලුවෙක් තකහනියක් ට්‍රයි කරනවා මංචිත් එක්ක චැට් කරන්න.. (වෙනදට උන්න-මළා නොබලන උන්... :P)) ගියේනම් ගෙදරින් ඔන්ලයින් ඇවිත්ද කියලා බලලා නැත්තං ටාර් ගාලා ඉන්විසිබල් යන්නය කියලා හිතාගෙනයි.... ඒත් ඉතින් මොනව වුනත් දන්න කියන මනුස්සයෙක් කතා කරනකොට නොදැක්කා වගේ යන එක හරි නෑ නේ.. (අනික මෙයා ඉතින් මංචිගෙ බ්ලොග් එක පැත්තෙ ...
තහනම් ගහ සහ විවාහය.....!! මකුළු පැංචිගේ වියමන...... පහුගිය දවසක දුකා විසින් දාලා තිබුණු බස් පෝස්ට් එකකට මංචිම දාපු කොමෙන්ටුවක් තව ටිකක් අදහස් එකතු කරලා වියමනෙත් පෝස්ටුවක් විදිහට දාන්න හිතුණා....එහෙම හිතුණෙ මේ දවස් වල මංචිට අලුත් පෝස්ට් ලියන්න වෙලාව මදි නිසාමත් නෙවෙයි... දුකාගෙ සංවාදයෙන් ඇරඹුණූ මාතෘකාව මීට අවුරුදු දෙකකට කලින් (දුකාගෙ මේ පෝස්ටුව 2009 ජූලි 4 වෙනිදා ලියාපු එකක්.. :D ) වගේම මේ අදටත් ඉතාම කාලෝචිත ...