අදහස් බූන්දි | රෝ සහ ස්ලිංගා - [ලක්ෂාන් පීරිස් ] බූන්දි|BOONDI මාලිංග එළියට එයි. "අහ්... මාලිංග මහත්තයා...." කියා නිර්භීත මාධ්‍යවේදියෙකු කිසිදු බියකින් තොරව අසා සිටියේය. "ඇයි මීට කලින් මාව දැකලා නැද්ද... වැඩක් බලාගෙන යනවා මනුස්සයෝ යන්න..." කියා මාලිංග කාර් එකේ නැගී යන්නට ගියේය. අර නිර්භීත මාධ්‍යවේදියාට මෙන්ම මාධ්‍යයට ගැරහූ මාලිංගට එරෙහිව පෑන් අමෝරාගෙන පත්තර පිටු පුරාද, රූපවාහිනී පුරාද පුවත් නොසෑහෙන්න ගලා ගියේය. අවසානයේ මාලිංගට විනය පරීක්ෂණයක්ද පැවත්වුණි. ඒ පළමු පුවතයි. රෝහිත ...
කවි බූන්දි | වීනස් - [තිළිණි ෂැල්වින්] බූන්දි|BOONDI වක ගැසී නිදාපන් මා දෑත මත හද ගැහෙන තෙක් නොයන් දෑතින් පිටට වීනස්ය නුඹ සෙන්ටෝ වන මගේ අත පතිත නුඹේ හේතුවට නොවුනේ මම ඩයනීසස් එහෙනම් නුඹටත් වේවි බලන්නට විප්‍රකාර ආලිංගන සකල ස්ත්‍රීත්වය ඇම්ෆෝරාවේ රුවා පෙරහන් හතකින් පෙරා මිදි යුෂේ නාවා පාමට් සුවඳේ ගිල්වා නිය පිටින් හෙලූ පහරින් කිරිගරුඬය මත ගල් කටුවෙන් මතු කළ වීනස්ය නුඹ මා දෑත තුළ කෝරස් නාද ...
අදහස් බූන්දි | රිසානා - [ආලෝක රණසිංහ] බූන්දි|BOONDI රිසානා මිය ගොසිනි. අපි තවම ජීවත් වෙමු. පසු ගිය වසර පහ පුරා ඈ අප දෑස් ඉදිරිපිට මිය යමින් සිටියා ය. ජීවිතය ට ගරු කළ සුළු පිරිසක් ඇගේ ජීවත් වීමේ අයිතිය වෙනුවෙන් සටන් කළ ද ඒ කිසිවක් ගැහැණිය යනු මානවයෙකු ලෙස නොසලකන පොළවක ගන්නා ලද තීරණ අවලංගු කිරීම සඳහා ප්‍රමාණවත් නො වුණි. ඇය මානවයෙකු ලෙස නො සැළකුණේ සවුදියේ දී පමණක් නොවේ. ...
රහ ඔත්තු | 'රස ව්‍යාපාරය' ඇරඹේ- 'බොර දිය කැළඹේ..!' [සිනමා මධු ලෝලය- 2 පියවර, මාර්තු 17] බූන්දි|BOONDI සත්‍යජිත් මාඉටිපේ විසින් නිර්මාණය කරන ලද 'බොර දිය පොකුණ' චිත්‍රපටය පිළිබඳ සිනමා මධු ලෝලී විද්වත්-රසික මහජන සම්භාෂණය කොළඹ කොටුව, රිකී- අංක 2 සිනමා ශාලාවේදී, 2015 මාර්තු 17, සවස 4:00 ට පැවැත්වේ. එදින සවස 1:00 ට බොර දිය පොකුණ චිත්‍රපටයේ සම්පූර්ණ පිටපත ප්‍රදර්ශනය කෙරේ. මහජන සම්භාෂණය වෙනුවෙන් සෞම්‍ය ලියනගේ, සේමිනී ඉද්දමල්ගොඩ, හිනිඳුම සුනිල් සෙනෙවි, චාන්දනී සෙනෙවිරත්න, විදර්ශන කන්නන්ගර, නදීකා බණ්ඩාර, ඩෙනිස් ...
වෙසෙස් බූන්දි | බොදු බල සේනා යුගයක "බැලුබැල්ම" අර්බුදයට යවන කලාවක් - [ලියනගේ අමරකීර්ති] බූන්දි|BOONDI වරක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාශිෂ්‍ය සංගමය විකල්ප සංගීත සැඳෑවක් පැවැත්වීය. එහිදී ගීතදේව, පියල්, ශාක්‍ය වැනි අය ගැයූ ගී නිසා මම ප්‍රීතියෙන් උන්මාද වී ගියෙමි. ප්‍රධාන ධාරාවේ ගතානුගතික කලාවට පමණක් සාමාන්‍යයෙන් ඉඩ ලැබෙන විශ්වවිද්‍යාලයක ශිෂ්‍ය සංගමයක් එවැනි ගීත කලාවකට ඉඩ දීම අසිරිමත් දසුනක් විය. ඒ ගීත අලුත් කටහඬක්, අලුත් තනු නිර්මාණයක් සේම අලුත් අදහස් මාලාවක්ද අඩංගු කර ගත්තේය. පැරණී ජීවිතයේ වේදනාව දරා ...
අදහස් බූන්දි | "චිත්‍රපට නම් එසේය." -අශෝක හඳගම - [අශෝක හඳගම] බූන්දි|BOONDI පියාඹන මාළුන් චිත්‍රපටය ශ්‍රී ලංකා ප්‍රංශ තානාපති කාර්යාලය විසින් පවත්වන්නට යෙදුණු ප්‍රංශ වසන්ත සැණකෙළි චිත්‍රපට උළෙලේ දී තිරගත වීම අරභයා පැනනැගුණු ගැටළුවලට අදාළව මගෙන් වොයිස්කට් ඉල්ලූ පත්තර ඇතුළු සියලු මාධ්‍ය මිතුරන්ගේ දැන ගැනීම පිණිස මෙම කෙටි සටහන ලියා තබන්නට සිතුණි. මේ පිළිබඳව මගේ අදහස් විමසන ඕනෑම කෙනෙකුට කියන්න ඇත්තේ ද මෙපමණක් බැවින් එය උපුටා දැක්වීමට අවසර ද ඇතුළු මෙය ප්‍රසිද්ධ ...
වෙසෙස් බූන්දි | ස්ලෙවොයි ජිජැක්- ෂා(ර්)ලි එබ්දෝ සංහාරය ගැන බූන්දි|BOONDI [newstatement.com වෙබ් අඩවියේ පළ වූ Slavoj Žižek on the Charlie Hebdo massacre: Are the worst really full of passionate intensity? ලිපියේ පරිවර්තනයකි.]දැන්, අපි සියල්ල ෂා(ර්)ලි එබ්දෝ සමූලඝාතනයෙන් පසුව මහත් වූ කම්පනයකින් පසුවන මොහොත, ධෛර්යය එකතු කර සිතීමට අවස්ථාවක් කරගත යුතු ය. අපි පැහැදිලිව මෙම ඝාතනයන් අපේ නිදහසේ හරයන් කරා එල්ල කර පහරදීම් බවට හෙලාදැකිය යුතු ය සහ කිසිදු අභ්‍යන්තර විරෝධාකල්පයකින් ...
කවි කරන්ට්ස් | ඇන්දොතින් බිකිණියක් සුදු පාට වලස්සු- ජන්දේ දෙයි ඇස් වහන් ලංකාවේ මිනිස්සු - [ජනිත් විතාරණගේ] බූන්දි|BOONDI වතුර ටික අරගන්න චන්දෙ දුන් මිනිස්සු සමුර්දිය ජනසවිය ගැන හිතපු මිනිස්සු හාල් පොත පෝර ටික ළඟ නැවුන මිනිස්සු ඉස්සරත් බොරුවලට රැවටිච්ච මිනිස්සු රස්සාව අරගන්න චන්දෙ දෙන මිනිස්සු ඉඩකඩම් ඔප්පුවට ජන්දේ දෙන මිනිස්සු ටෙන්ඩරේ අරගන්න චන්දේ දෙන මිනිස්සු වාසියට හැමදාම ජන්දේ දෙන මිනිස්සු කට්ටියක් මරවන්න ජන්දේ දෙන මිනිස්සු මැරෙනකොට බේරෙන්න චන්දේ දෙන මිනිස්සු ගොඩ ගත්තු මිනී ළඟ උනුවෙච්ච මිනිස්සු හැමදාම පාට ...
අදහස් බූන්දි | බූරුවාගේ කොලම | දයාබර රිසානා....., - [බූරුවා] බූන්දි|BOONDI මේක කියවන්න ඔයා දැන් නෑ. ඒත් මේක ලියල තියන්න ඕන. මේ මහබර නිදහස් වෙන්නෙ අන්න එතකොට කියල මගේ හිත ගත වූ හැම තත්පරයකදීම කිව්වා. ඉතිං මං ඒක ලියනවා. ඔයාට කියවන්නත් බෑ. ඒත් මට නොලියා ඉන්නත් බෑ. ඔයාව අමතක වුණු විදිය චිත්තරපටියක් වගේ රිසානා. ඔයා අවුරුදු 05 ක් හිරේ හිටියා. ඒ අතර මෙහේ එක එක දේවල් වුණා. ඔයාව අමතක වෙලා ගියා. ...
වෙසෙස් බූන්දි | බෞද්ධ ත්රස්තවාදයේ මුහුණුවර | The Face of Buddhist Terror - [හැනා බීච්] බූන්දි|BOONDI TIME සඟරාවේ 2013 ජූලි 01 කවරයේ කතාවේ (The Face of Buddhist Terror) සම්පූර්ණ සිංහල පරිවර්තනය. සඟරාවේ මෙම කලාපය ලංකාව තුළ ද තහනම් කොට තිබේ.එය සාමය සහ ඉවසීම නිසාවෙන් ම ප්‍රකට වූ ආගමකි. එහෙත්, බෞද්ධ බහුතරයක් වසන ආසියානු රටවල් කිහිපයකම, භික්ෂූහු ප්රචණ්ඩත්වය සහ ආධානග්රාහීත්වය අවුළුවමින් හිඳිති. ඒ වැඩි වශයෙන්ම මුස්ලිම්වරුන්ට එරෙහිවයි. ඔහුගේ මුහුණ තවමත් නිසලය. ශාන්තය. "බුරුම බින් ලාඩන්" යන විරුදාවලී ...
කවි බූන්දි | වෙඩ්ඩා ගෙ කවිය - [ජයන්ත නිමල් සිරි] බූන්දි|BOONDI ඉඳ හිට කවි අකුරු ඇහිඳින මගේ නෙත හුරු දකින විය යුතු’යුරු කියවමි නුඹේ පණ’කුරු හදවතේ හරි එල්ලෙට ගහන ඔය කවි ගල් කැට සංතාප පළඳින කොට අමුතු කිතියක් හිත යට අමත පදමට ලියුවද ෆිල්ටර් නොකළ කවි පද වට මිතුරු කැළ මැද බොන්නෙ තාමත් ගල් මද ? ඇහැරුනු ඇහැළ ඇමතුම නැහැ නිදි තාම තුන් යම කැපු ගෙපැල දැක්කම දුක් අමතකයි ඔක්කොම ගහන ...
කවි කරන්ට්ස් | විරු පුත - [චූලානන්ද සමරනායක] බූන්දි|BOONDI (ඔපරේෂන් ඒරියා උන්නා නං මීට හොඳයි) -සෙබළ කෙඳිරුමකි. බොහෝ දනට නිදහස් නැති නිදහස් නම් ලද මඟ දිග හඬන විලෝ තුරු ගෙල සිඳ විරු සුරතින් මුල් අද්දන නා තුරු දෙපෙළක අසිරිය පියා නිදහසේ තනිවම අතරමංව බලා හිඳිත දැයෙක කිරුල උරුමය කී විරු පුතු තණකොළ උදුරත ළා තණ ගොබ මුකුළු කරන නිල් පලසක සුව අහිමිව වේලෙන් වේලට පැන පැන පොදු ජනයා ගිනි ...
රහ ඔත්තු | විණැන මාසික සිනමා දැක්ම- Fandry- පෙබරවාරි 22 බූන්දි|BOONDI Nagraj Manjule ගේ Fandry සිනමා කෘතිය, 2015 පෙබරවාරි මස 22 ඉරුදින සවස මීගමුව මාරිස් ස්ටෙල්ලා විදුහල් ශාලාවේදී තිර ගත වෙයි. සවස 3.30- සිනමා කෘතිය පිළිබඳ අදහස් දැක්වීම- විකුම් ජිතේන්ද්‍ර සවස 4.30- සිනමා කෘතිය ප්‍රදර්ශනය -සංවාදය- සංවිධානය- විණැන මාධ්‍ය හා කලා පදනම Fandry- Marathi Movie- Trailer >බූන්දි - අකුරු අනුරාගිකයි - විඳීම් ඉන්ද්‍රජාලිකයි ...
කවි කරන්ට්ස් | හැට අටක් කියන්නෙත් වයසක්ද? [බූරු කවි] - [බූරුවා] බූන්දි|BOONDI හැට අටක් කියන්නෙත් වයසක්ද කෙළවන්න තව තවත් පුළුවන්ය කතාවක් තියෙනවා ඉස්සර හොඳ එවුං ඉක්මනින් යනවාය අතේ රුපියල ඉඳං හූරා චෝගමෙට පච දෙසා බෑවා හිඟනුන්ට කොළඹ නං වානා කපල ඇඳගති සුද්දො සේනා නැළවෙන්න නළවන්න කැමති අය දුව එන්න ළඟම එන බජට් එක දෝතින්ම අරගන්න රීරිමාංසෙම කන්න තව තවත් කිස් දෙන්න මීහරක් ජනතාව උඹට බාරයි ඔන්න බූරුවා >බූන්දි - අකුරු අනුරාගිකයි - ...
කෙටියෙන් | සීනි වලට මොකටද බොල ඇමතිවරූ - [සුරත්] බූන්දි|BOONDI පානි රජා සහ පිරිවර කම්බ හොරූ ගෝනි නැතුව කර මත නැග කරති බොරූ පාන මත වැටෙන තුරු රඟපාති මෙරූ සීනි වලට මොකටද බොල ඇමතිවරූ සුරත් >බූන්දි - අකුරු අනුරාගිකයි - විඳීම් ඉන්ද්‍රජාලිකයි ...
කවි කරන්ට්ස් | සයිමන් - [මංජුල වෙඩිවර්ධන] බූන්දි|BOONDI (සයිමන් නික්ම ගොස් අට වසරක් ඉක්ම ගොසිනි.)තොප්පියක් ඔබින්නේ හිසකට හිස්වැසුම් සොයන්නේ කුමකට ඇස් දෙකක් දකින්නේ කපකට කල්පයක් කියන්නේ දිනකට නිම්තෙරක් එබෙන්නේ සඳවත දුම් රැලින් නගන්නේ මඳහස ඇස් දෙකෙන් පෙරෙන්නේ මදහස පිල්ටරෙන් පෙරෙන්නේ සෙනෙහස මූඩියක් අරින්නේ පවසට උණුහමක් දැනෙන්නේ එතකොට මීවිතක් පුරන්නේ හවසට පාටියක් කියන්නෙ පොතකට ප්ලැට් එකක් කියන්නේ පැලකට සුද්දිලත් පෙනේනේ මඟතොට බයියලත් දකින්නේ ඉඳහිට වන්නියයි කියන්නෙත් කොළඹට මංජුල වෙඩිවර්ධන ...
වෙසෙස් බූන්දි | වාස් මේ පෙන්වන්නේ ඒ පිළිමෙද? - [කසුන් පුස්සවෙල] බූන්දි|BOONDI (උපුටා ගැනීමකි- රාවය- අගෝස්තු 18, 2013) "මේ සිද්ධිය වුණේ ගුණරත්න වීරකෝන් ජාතික උරුමයන් පිළිබඳ ඇමති වෙලා ඉන්න කාලේ. හරියටම කිව්වොත් 2012 ජනවාරි. එතකොට වාස් ගුණවර්ධන තමයි කුරුණෑගල භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි. මට ආරංචියක් ආවා ගොකරැල්ලේ පන්සලක වටිනා පිළිමයක් තියෙනවා කියලා. කුරුණෑගල ඉන්නවා මගේ බ්‍රෝකර් කෙනෙක් උපුල් කියලා. උපුල් පිළිමේ ගැන හොයලා මට කිව්වා ගන්න එන්න කියලා. කුරුණෑගලට යන්න කලින් මම ...
අදහස් බූන්දි | බොදු බල සේනාවේ "ගෝනි බිල්ලා" වෛරී ප්‍රචාරය මුස්ලිම් කාන්තාවන්ට එරෙහි ප්රහාරයන් ඉහළ නංවයි. - [ඩී.බී.එස්. ජයරාජ්] බූන්දි|BOONDI මුළු සිරුර ම වැසෙන සේ "අබායා" ඇඟළුම හැඳි මුස්ලිම් කාන්තාවන්ට, කුපිත කිරීම්වලින් තොරව ම එල්ලවන ප්රහාරයන්ගේ වැඩිවීම ගැන ශ්‍රී ලංකාවේ මුස්ලිම් ප්‍රජාවේ සාමාජිකයන් අතර දැඩි උද්වේගයක් පවතී. ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල මුස්ලිම් ප්‍රජාවේ සාකච්ඡාවල දී මේ ප්රශ්නය අවධානාත්මක සැලකිල්ලට බඳුන් වී ඇති අතර, විවිධ මාධ්‍ය උපක්රමයන් ඔස්සේ ගෙනයන අදහස් හුවමාරු අතරේ ද ප්‍රකට ව ප්‍රචාරය කැරෙයි. හලාල් සහතික ප්රශ්නය සම්බන්ධයෙන් ...
ඔත්තු කරන්ට්ස් | ජගත් ලියනආරච්චිගෙන් "ජනමාධ්‍යවේදීන්ට බලපාන නීති"- නොවැම්බර් 05 බූන්දි|BOONDI නීතිඥ ජගත් ලියනආරච්චි විසින් රචිත "ජනමාධ්‍යවේදීන්ට බලපාන නීති" කෘතිය ජනගතකිරීම 2014 නොවැම්බර් 05 දින, සවස 03.00 ට ශ්‍රී ලංකා ජාතික පුස්තකාල සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ දී සිදුකෙරේ. "ජනමාධ්‍යවේදීන්ට බලපාන නීති", නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ප්රකාශනයකි. කතාබහ- ආචාර්ය ටියුඩර් වීරසිංහ, රාවය පුවත්පතේ කර්තෘ කේ.ඩබ්.ජනරංජන, ජ්‍යේෂ්ඨ නීතිඥ ජේ.සී.වැලිඅමුණ >බූන්දි - අකුරු අනුරාගිකයි - විඳීම් ඉන්ද්‍රජාලිකයි ...
කවි කරන්ට්ස් | මනෝහරන් තාත්තාගේ වෙද නළාව - [මංජුල වෙඩිවර්ධන] බූන්දි|BOONDI මනෝහරන් තාත්තාගෙ වෙද නලාව ගොළු වුණාද පුතුගෙ පපුවෙ ගැහෙන සුසුම සැළෙන හදට නො ඇසුණාද මනෝරම්‍ය රටක නො ඉඳ කඳුළු රැගෙන පියැඹුවාට මනෝහරන් තාත්තාගෙ වෙද නළාව ගොළුව යාද? පස්වහන් දහසකට බුදුවෙන්නට අවසර සුවාමිනේ පස් මහ බැලූම් පාවෙයි තිරුකෝණමලෙයි උඩු ගුවනේ පස් දෙනාට පස්වරුවේ උණ්ඩ පහ බැගිනි ලැබුණේ පන්සිල් ගන්න පන්සල් යන අවියද මග මුණ ගැසුණේ ගාන්ධි පිළිරුව පාමුල කාන්සියට ඇලවුණාද මහන්සි ...