කවි බූන්දි | කොවුලෙකුගෙන් උදවුවක් ඕනෑකර තිබේ.. - [ජනිත් විතාරණගේ] බූන්දි|BOONDI රේඩියෝවෙන් ඇහෙයි උඹෙ හඬ පපුව හයියෙන් ගැහෙනවා පාරවල්වල පිස්සුවෙන් වගේ සේල් කඩවල් පිරෙනවා ආයෙමත් උඹ ආවේ මොකටද අහන්නත් මට හිතෙනවා කාරියක් නැහැ වරෙන් කොවුලෝ කියන්නට දේ තියෙනවා...... කපුටු කූඩූවෙ කුළිය නොගෙවා දාපු බිත්තර පුපුරලා නපුරු දවසක පැටවු දැම්මද කපුටො කොටලා එළවලා උඹට කිව්වට මමත් කොවුලෝ කුලී ගෙදරක හිරවෙලා ඉන්නේ සමහර මාසවල්වල ඇන්ටි එනකොට හැංගිලා.. බලෙන් උදුරා අරන් කැනකට පාට කෙරුවම ...
කවි බූන්දි | අපට මොන පාස්කුද ජේසු...! - [සුරේඛා සමරසේන] බූන්දි|BOONDI ඈත පල්ලියෙ පාස්කුව දා - දෙවියන්ට තුති කියනු ඇසුණා මෑත දොරකඩ අයෙක් දැවටී - නෝනා නෝනා කියනු ඇසුණා "නැද්ද නෝනා බබාලාගේ - ගවුම් පොඩි හෙම අහක දමනා අලුත් ගවුමක් දෙකක් ඉල්ලන - දියණියන් දෙදෙනෙකුම සිටිනා" ඇයට දෙන්නට ගවුම් කොහිදැයි - මට බබාලා නොමැති බැවිනා මා සතුව තිබු එකම සීයක් - ඇගේ අත ගෙන මිට මෙලෙව්වා ඒ අතින් ඈ ඇගේ පපුවේ ...
කවි බූන්දි | දූතයෙක් නැති සංදේශයක් - [ඩොමිනික් චන්ද්‍රසාලි] බූන්දි|BOONDI දුකඳුළු වැහි බරින් අහස මිරිකුණු හවසක නැමී තුනටිය ක්ෂිතිජය ළඟින් පහළට අහසක් උනත් දරන්නේ කොහොමද මේ දුක මැලේරියාව වැළඳුණු අඩසඳ මඬල යට මැසි මදුරුවන් පවා මෙහෙව් අගනුවර බිහිසුණුය ඊසාන දෙසින් හැල්මේ දිව එන කොරපොතු පවා ගැලවෙන මුහුදු සුළඟත් මුව දොරේ මුමුණනා සුසුමත් උදුරාගෙන දුවන්නේ විරුද්ධම පැත්තට දූතයෙක් කොහෙද අදත් අපට මල් හතයි කෙල්ලේ කියන්නේ කොහොමද එක හුස්මට උඹ එවූ කෙටි ...
හයිකු | හයිකු - 56 බූන්දි|BOONDI රාත්‍රිය; බලා සිටිද්දී ඔබ එනතෙක් යළිත් වරක් සීතල සුළඟ වැසි බවට හැරවෙයි... -ෂිකි පරිවර්තනය - මාලතී >බූන්දි - අකුරු අනුරාගිකයි - විඳීම් ඉන්ද්‍රජාලිකයි
කවි බූන්දි | ලෙඩ්ඩු බලන වෙලාව - [හෂාන් අබේගුණරත්න] බූන්දි|BOONDI මං අකමැතිම වෙලාව ලෙඩ්ඩු බලන වෙලාව අත් වලින් හොදටම බත් කන්න පුළුවං කොට ඇඟිලි නැමෙන්නෙ නැති වෙලාව තනියෙන් දොට්ට පිලට යන්න පුළුවං කොට අතක් අල්ලගන්නම ඕනෙ වෙලාව කවුරුවත්ම එන්නෙ නෑ කියලා දැනෙන කොට කවුරු හරිම එයි කියලා හිතෙන වෙලාව කාටවත්ම අඬගහන්න හේතු නැති කොට කාට හරිම අඬගහන්න හිතෙන වෙලාව ඇස් දෙක නිදියන්නම ඉල්ලන කොට නින්ද නොයනම වෙලාව මහා සෙනඟක් මැද ...
සූකිරි ඔත්තු | 'මේ රහස් කවුලුවෙන් එබෙන්න' නවකතාව පිළිබඳ සංවාදයක් | අප්‍රේල් 8 සවස 3 ට බූන්දි|BOONDI කෞශල්‍ය කුමාරසිංහ විසින් රචනා කරන ලද 'මේ රහස් කවුලුවෙන් එබෙන්න' නවකතාව පිළිබඳ සංවාදයක් අපේ‍්‍රල් 8 වන දා සවස 3.30 ට ජාතික පුස්තකාල සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ. සංවාදයමය මැදිහත්වීම්: දීප්ති කුමාර ගුණරත්න අශෝක හඳගම හර්ෂණ රඹුක්වැල්ල සාමිනාදන් විමල් සුමිත් චාමින්ද >බූන්දි - අකුරු අනුරාගිකයි - විඳීම් ඉන්ද්‍රජාලිකයි ...
කවි බූන්දි | සුදු නෝනෙ - [සුපුන් මුතුකුමාරණ] බූන්දි|BOONDI මඟුල් සාරියට මූණේ ගෑව පාටට උස්සල බැඳපු කොණ්ඩෙට දුවේ... උඹ හොඳටම වෙනස් අද අනිත් උන් බොන කොට සතුටට පොඩියක් ගත්ත මං අද උඹ යන දුකට ; උඹට මදි පුංචි වෙයි පැත්තකින් ඉන්නං නෑවිදින් සබාවට රජයෙ රස්සාවෙන් කණමැදිරි අල්ලං ආවට අලගු තියන්න පුළුවන්ද ගෙයි පිපෙන හඳ එළියට ; උඹයි, උඹේ අයියයි අපෙ පුංචි තරු කැට අවවාද අනුසාසන දුවේ තව මොකටද උඹේ ...
කවි කරන්ට්ස් | මම තොප නොහඳුනමි - [මංජුල වෙඩිවර්ධන] බූන්දි|BOONDI "මම තොප නොහඳුනමි මට තොප මතක නැත" මම තොප අවුළු කෙස් වැටියෙහි හැඩ පලු ලිහා - බැරි තැන වූලෙක් පටලවා පිට මැදට කැන්දමි "මම තොප නොහඳුනමි මට තොප මතක නැත" තොප අතින් රන්පත ගෙන ඩම් දෙක තුනක් ඇද ඇඟිලි අතරේ රන්දමි. ‘‘මම තොප නොහඳුනමි මට තොප මතක නැත‘‘ ළඟ ළඟ නවන අතරේ වීදුරුව උදුරා පෙම් සිප් එකක් ඇද හිනාවක් අරගන්නෙමි. ...
කතන්දර බූන්දි | දයාබර නාදන් - [රුවන් එම්. ජයතුංග] බූන්දි|BOONDI සුදු පැහැයට හිම පියලි වැටෙන අයුරු මා ජනේලයට මුහුණ තබා නැරඹුවෙමි. මාගේ ජීවිතය අඩකින් ගරා වැටී තිබේ. ඒ මන්ද කියා එක එල්ලයේ කිව නොහැකි නමුත් වස්තු භංගත්වයකට, වියෝග කාංසාවකට මුහුණ දුන් කෙනෙකු මෙන් මගේ සිත නලංගුවකින් පිරී තිබේ. මා සතුටින් සිටි කාලයක්වත් මට මතක් නොවේ. මා සතුටින් සිටි කාලය කියා හැඳින්විය හැක්කේ පාසල් ගිය කාලයයි. යාපනයේ උණුසුම් හිරු රැස් පහස ...
අදහස් බූන්දි | ලිහිණි හෙළෙන් පහළට බැස සිරිපා හිමේ අතරමං වූ කාන්තාව පිළිබඳ මනෝ වෛද්‍ය විද්‍යාත්මක අදහසක් - [රුවන් එම්. ජයතුංග] බූන්දි|BOONDI සමනල අඩවියේ අතරමං වූ බුලත්සිංහලගේ රංජනී කුරේ නැමැති කාන්තාව විසින් කරන ලද ප්‍රකාශය අනුව ඇය හැටන් පාරෙන් තනියම සිරීපාදයට ගොස් තිබේ. සිරිපා වැඳීමෙන් පසු ඇය රත්නපුර පාරෙන් බැස තිබේ. එම මාර්ගයේදී රංජනී කුරේ කැලේ අතරමං වූවාය. ඇය එම අත්දැකීම ගැන මෙසේ පවසන්නීය. "මම විවාහ වෙලා ඉන්නේ. ටික කාලයකට පෙර පුරුෂයා මාව අත්හැර ගියා. මට පුතෙක් හිටියා. ඒ ළමයා අවුරුදු කිහිපයකට ...
රංග බූන්දි | සිව්වන කොළඹ ජාත්‍යන්තර රංගකලා උළෙල 2015- අප්‍රේල් 4-9 බූන්දි|BOONDI සිව්වන කොළඹ ජාත්‍යන්තර රංගකලා උළෙල, 2015 අප්‍රේල් මස 04 සිට 09 දක්වා, දිනපතා සවස 3:30 හා 7:00 ට, කොළඹ බ්‍රිතාන්‍ය පාසැල් රංගශාලාවේදීත්, කොළඹ නාට්‍ය කතිකාව, 2015 අප්‍රේල් 06-08 දිනවල ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථානයේදීත් පැවැත්වේ. මෙවර මෙම උළෙල දශක කිහිපයක් දේශිය නාට්‍යකලාව පෝෂණය කිරීම උදෙසා දායක වූ ප්‍රවීණ නාට්‍යවේදී "කේ.බී. හේරත් අභිනන්දන නාට්‍ය උළෙල" ලෙස නම් කර ඇත. හැඳින්වීම- කොළඹ ජාත්‍යන්තර නාට්‍ය ...
කතන්දර බූන්දි | ඈ - [කාංචනා අමිලානි] බූන්දි|BOONDI ඈ උත්තුංගවත්, උන්මන්තකවත් මට බලපෑමක් වෙමින් උන්නීය. දාහය දනවන තැන මහත් සීතලක් ඇති කරවන්නත්, සීතල දනවන තැන දාහය ඇති කරවන්නත් වග බලා ගත්තීය. දකුණත ඇඟිල්ලක රන්වන් මුද්දකින් මා වෙනෙකෙකුට බැඳ තබද්දීත් ඒ වගක් නැතිව මා යටත් කර ගත්තීය. මා ඒ වහල්කමට කැමැත්තෙන් පසු වීමි. කෙසඟ උස සිරුර, පිරිපුන් උඩුකය, පිරුණු දෙතොල සපිරි ඒ තුණු සිරුර කෙරෙහි මහත් ලෝභයෙන් යුක්තව ඈ ...
රංග බූන්දි | පෙම් යුවළක් ඕනෑ කර තිබේ...! - [උපාලි අමරසිංහ] බූන්දි|BOONDI "චිත්‍රපටියක් සඳහා පෙම් යුවළක් ඕනෑ කර තිබේ. ඔබ පෙම්වතුන් ද? එසේ නම් මේ අවස්ථාව ඔබටයි. චිත්‍රපටියක පෙම් යුවළකගේ චරිතය රඟපෑම සඳහා සැබෑ පෙම්වතුන් යුවළක් වුවමනා කර තිබේ. පෙම්වතියගේ උස අඩි පහයි අඟල් දෙකයි හා පෙම්වතා උස අඩි පහයි අඟල් හතරට නොඅඩු යොවුන් පෙම් යුවළක් විය යුතුය. ආදරේ උණුසුම හඳුනන ආදරයේ කඳුල දැනෙන හදවතින් බැඳුණ යුවළක් විය යුතුය." මෙය චිත්‍රපටි අධ්‍යක්ෂකවරයකු ...
රංග බූන්දි | මකරටක වෙසෙන සිරිවර්ධන පවුලක්- [පළමු කොටස] - [ප්‍රනීත් චානක මුරමුදලිගේ] බූන්දි|BOONDI "තම දරුවා ලොකු මිනිහෙකු, ගැහැණියෙකු කිරීමට උත්සුක නොවන්න. මන්ද ලොව සියල්ලන්ටම ලොකු මිනිසුන්වීමට බැරිය. නමුත් තම දරුවාගේ දක්ෂතාවයේ උපරිමයට ඔහුව හෝ ඇයව ගෙන යාමට හෙවත් කරනා දෙයින් ලොව උපරිමයට යාමට පාර පෙන්වන්න." -ඒබ්‍රහම් ලින්කන් ශ්‍රී ලංකාව නම් දිවයිනේ තරු මානසිකත්වයක් ඇති කර තරුණ පරපුරේ අනාගතය කියා නොකියා අඳුරේ දැමීම නැවතී නැත. දියණියන්ගේ මව්වරුන්ගේ මෙන්ම නොදැනුවත් තරුණයන්ගේ මොළගෙඩි කා දමන වසංගතයක් ...
අදහස් බූන්දි | හොරුන්ගේ සහ අපේ කථා - [සරද සමරසිංහ] බූන්දි|BOONDI පසුගිය ජනවාරි අටවෙනිදා ලංකාවේ සිදුවුනේ ප්‍රංශ විප්ලවයක් වගේ දෙයක් නොවන නිසා කම්බ හොරු- කෙහෙල්කැන් හොරු වී, කෙහෙල්කැන් හොරු- කම්බ හොරු වී, පරණ හොරු යටවී, අලුත් හොරු මතුවී, ඉතා ජොලියෙන් කාලය ගෙවී යයි. නිකමට හෝ එදා ප්‍රංශ විප්ලවයක් වගේ දෙයක් සිදු වූවා නම් සියළු හොරු ගෝල්ෆේස් පිටියට ගාල්කර එවෙලේම නඩු අසා ගිලටීනයට දක්කාගෙන යන සිද්ධි මේ දවස්වල අපට දැකගත හැකි වනු ...
රහ ඔත්තු | විණැන මාසික සිනමා දැක්ම | අශෝක හඳගම ගේ 'ඉනිඅවන්' සිනමා සිත්තම බූන්දි|BOONDI "යුද්ධයකින් අවිනිශ්චිත කරන ලද ජීවිත කෙරෙහි දෙමළ සමාජයට තෝරා ගැනීමට ඇති විසඳුම් අතීතයට එක් වුවද, වර්තමානයෙහි සහ අනාගතයෙහි ඒවායේ ප්‍රතිඵල හට නොගනීද ?" අශෝක හඳගම ගේ 'ඉනිඅවන්' සිනමා සිත්තම 2015 මාර්තු මස 28 වන සෙනසුරාදා මාරිස් ස්ටෙල්ලා විදුහල් ශාලාවේදී තිරගත කෙරේ. සවස 3.30 : සිනමා කෘතිය පිළිබඳ අදහස් දැක්වීම - විදර්ශන කන්නංගර - අශෝක හඳගම සවස 4.30 : සිනමා කෘතිය ...
කවි කරන්ට්ස් | පසන් - [ඉන්දික ගුණවර්ධන] බූන්දි|BOONDI ඉතින් යළි යෝධයෙකු ජිවත් වූ කෙසඟ සිරුර ද දිගැටි හිසකේ සහ දඩබ්බර රැවුල ද විස්මයෙන් විසල් වු දෙනෙත ද නුගේගොඩ බෝ ගහ අස යළිත් ඇස නොගැටෙනු ඇත විශ්වයේ සෑම මුල්ලක ඔහෙ ඇවිද කාටත් හොරෙන් කතන්දර බෝ ඇහිඳ දිවා රෑ කියවමින් තනිව රස නොවිඳ බෙදා දුන් පිනම ඇති නිවන් යන්නට සබඳ ලෝක සිතියමක් කොට අවන්හල් මේසය සිගරැට් දුමෙන් මවා මහා ආකාසය ...
Cine බූන්දි | සිදත් මෝසෙස් ෆර්ඩිනැන්ඩස්ගේ ලෝකය කියවීම - [හිනිදුම සුනිල් සෙනෙවි] බූන්දි|BOONDI සාරාංශය- සත්‍යජිත් මාඉටිපේ විසින් අධක්ෂණය කරන ලද වෘත්තාන්ත චිත්‍රපටයක් වන ‘බොරදිය පොකුණ’(2001) නිෂ්පාදිත වසරෙන් වසර 14 කට පසු 2015 දී තිරගත වන නිර්මාණයකි. කොටස් තුනකින් සමන්විත බෞද්ධ කතාන්දරයක් ලෙස අධ්‍යක්ෂකවරයා ම හඳුන්වන මෙය, බියගම නිදහස් වෙළඳ කලාපයේ යුවතියන් කිහිපදෙනෙකු හා ගුවන් හමුදා සෙබළකු ප්රමුඛ කොටගත් කතාවකි. ශ්‍රී ලංකාවේ අවසංවර්ධනය විසින් ජනිත කරන ලද සමාජ, ආර්ථික, දේශපාලනික සහ සංස්කෘතික දේහයේ විපරීතා, ...
කතන්දර බූන්දි | කල්වාරියේ ස්ත්‍රිය - [සුරේඛා සමරසේන] බූන්දි|BOONDI (මේ කතන්දරය - ‘කතන්දර කීමේ ජාත්‍යන්තර දිනය‘ වෙනුවෙනි... මෙවර 2015 මාර්තු 20 - කතන්දර කිමේ දිනයෙහි තේමාව ‘ප්‍රාර්ථනා‘ ය...) ---- මුහුදත් රේල් පාරත් අතර මැද තිබුණු ලයිට් කණුවක් යටට වෙලා, මං බලං හිටියා පූසෙක් එනකල්.... කඩේක වීදුරු පෙට්ටියකට වෙලා, පාන් බාගයක් බලා හිටියා, මං එන කල්... ගෙදරට වෙලා පැටියෙක් බලා හිටියා පාන් බාගයක් එන කල්... ---- ‘ස රා ස්' කියාගෙන ...
අදහස් බූන්දි | කල්වාරියේ ස්ත්‍රිය - [සුරේඛා සමරසේන] බූන්දි|BOONDI (මේ කතන්දරය - ‘කතන්දර කීමේ ජාත්‍යන්තර දිනය‘ වෙනුවෙනි... මෙවර 2015 මාර්තු 20 - කතන්දර කිමේ දිනයෙහි තේමාව 'ප්‍රාර්ථනා' ය...) ---- මුහුදත් රේල් පාරත් අතර මැද තිබුණු ලයිට් කණුවක් යටට වෙලා, මං බලං හිටියා පුසෙක් එනකල්.... කඩේක වීදුරු පෙට්ටියකට වෙලා, පාන් බාගයක් බලා හිටියා, මං එන කල්... ගෙදරට වෙලා පැටියෙක් බලා හිටියා පාන් බාගයක් එන කල්... ---- ‘ස රා ස්' කියාගෙන ...