බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! (http://buwagesithuvili.blogspot.com/) Latest Posts Most Popular Posts
රිසානාගේ ගෙලසිඳි ම්ලේච්ඡයන් සහ බ්ලොග් කරු මාතලන් ! බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! මිනිසත් කම නොහඳුනනා පාපතර ම්ලේච්ඡයන් විසින් රිසානා නසීක් මෙනෙවිය ඝාතනය කල පුවත බොහෝ තැන්හී සාක්ච්ඡාවට ලක්වී ඇත . ජනප්‍රිය බ්ලොග් කරු මාතලන්ගේ බ්ලොග් සටහනක තැබු කමෙන්ටුව මකා දමන්නට ඔහු විසින් කටයුතු කල නිසා ඉතාම කෙටියෙන් හෝ මේ ගැන යමක් කිව යුතුව ඇත .01) අඩු වයස් තරුණියක් හොර වීසා සාදා රට පැටවූ ඒජෙන්සිකරුවන් , මෙන්ම එවැනි ඒජෙන්සි කරුවන්ට නිදහසේ කටයුතු කරන්නට ...
xxx xxxx මහතාගේ ඝාතනය පිලිබඳ දැක්වූ අදහස් බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! Mr .ලොකු තැන - ------------------------------------------{නිහැඬියාවක් පමණි }Mr . පැරකුම් - අපිට රටේ ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කරන්න වෙලා තියනවා . ලැටිමර් හවුස් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරලා , රටේ ජනතාවගේ ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කරන්න කියලා අපි ******** ගේ රජයට කියනවා . ලබන සිංහල අවුරුද්ද වෙනකන් විතරයි අපි කල් දෙන්නේ . ප්රජාතන්ත්රවාදය ස්ථාපිත නොවුනොත් අපි මැයි මාසෙදි පාරට බැහැල 2014 දී ආණ්ඩුව ගෙදර යවනවාMr. කලවැද්දා - ...
අන්වර් මනතුංගගේ ප්‍රතිචාර වාරණයට පිලියමක් - පිලිතුරු දැක්වීමට වෙන්වූ බ්ලොග් අඩවියක් ! බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! කලින් ලිපිය පටන් ගනිත්දි සටහන් කලේ දිගින් දිගටම ලියන්න අකමැති බවක් වුනත් නැවතත් ඒ ගැනම ලියන්න සිදුවෙලා තියනවා . නමුත් මේ බුවාගේ සීතුවිලි බ්ලොග් අඩවිය අන්වර් මනතුංග ගැන හෝ ඉස්ලාම් අන්තවාදය ගැන දරන අවසන් ලිපිය බවට නම් සැකයක් නෑ . මොකද මේ ලිපියේ පරමාර්ථය වෙන්නේ ඒ සඳහා යෙදුනු අලුත් වැඩපිලිවෙල පාඨකයාට හඳුන්වාදීම නිසා . අන්වර් මනතුංග "සිංහල බෞද්ධ ආචාර්ය " ...
සිංහල කාන්තාවන් මුස්ලිම් කරණය කිරීමට නිර්දේශ දෙන අන්වර් මනතුංග බ්ලොග් අඩවියේ "සිංහල බෞද්ධ විද්වතා " .... බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! ආගමික ප්රශ්නයන් දිගින් දිගටම ඇදගෙන බ්ලොග් කරණය ඇතුලේ "හෝලි වෝ" එකක් පටන් ගන්න අදහසක් නැතත් , පසුගිය දින කිහිපය පුරාවට අන්වර් මනතුංග උන්නැහෙගේ බ්ලොග් අඩවිය තුලදී නොයෙකුත් ආකාරයේ වාදයන්ට එලඹුන "කාන්තාවන්ගේ වස්ත්‍රය පිලිබඳ " ඉස්ලාමීය මතය පිලිබඳ සාකච්ඡාව ට තවත් එකතු කිරීමක් කරන්න සිද්ධ වෙලා තියනවා . ඒ අන්වර් මනතුංග මහත්තයා තමන්ගේ ඉස්ලාමිය මතය තහවුරු කරන්න "සිංහල බෞද්ධ විද්වතෙකු" ගේ ...
අවාසනාවට ... ඇත්ත කථාවක් ! බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! මහසෙන් සහ බණ්ඩාර කියන්නේ ශ්‍රි පුර මධ්‍ය මහා විද්‍යාලයේ උසස් පෙල හදාරන සමීප මිතුරන් දෙදෙනෙක්. සැහෙන කාලයක් පටන් තිබුනු මේ දෙදෙනාගේ මිත්‍රත්වය ශ්‍රි පුර විද්‍යාලයේ ගුරු සිසු කාටවත් රහසක් වුනේ නෑ . විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා වශයෙන් තේරී පත්වුනු මහසෙන් නියෝජ්‍ය ප්‍රධාන ශිෂ්‍ය නායක කමක් බණ්ඩාරට අරන් දෙන්න සැහෙන මහන්සි වුනු බවත් හැමෝම දන්නවා . බණ්ඩාරගෙනුත් ඒ වෙනුවෙන් මහසෙන් ට ...
මුස්ලිම් අන්තවාදය මගේ මතය සහ යොජිත විසඳුම් - සිරාගේ කාමරයට පිලිතුරක් බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! ඉස්ලාම් අන්තවාදය පිලිබඳ අන්තර්ජාල කතිකාව බොහොම තදබල විදිහට සිදුවෙන බවක් මේ වෙනකොට දකින්න තියනවා . අන්තර්ජාලයෙන් බැහැර සමාජය තුලටත් මේ මතවාදයන් කාන්දු වෙන්න පටන් අරන් බොදු බලසේනා වගේ සංවිධාන වල බිහිවීමත් එක්ක . මේ සම්බන්ධව අන්තර්ජාලය තුල මතුවු නොයෙක් කතිකාවන් වලදි අදහස් දක්වලා තිබුනත් ඒවා අදාල ලිපියේ සමස්ථ අදහසත් එක්ක බැඳෙන නිසා බ්ලොග් කරුවෙකු වශයෙන් මගේ ස්ථාවරය පැහැදිලි කලයුතුයි කියල ...
යුක්තිය පසිඳලීමේ කාර්යක්ෂම භාවය වෙනුවෙන් තේරිම් කාරක සභාවට ජාතියේ හරසර ! බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! බටහිරයන් හෙලුවෙන් සිටි සමයේ පටන් ලොව විශ්මයට පත්කල නිර්මාණයන් බිහිකල හෙලයන්ගේ ආශ්චර්ය ද්වීපයෙන් ඊනියා බටහිර ප්රජාතන්ත්රවාදයේ මුදුන් මල් කඩ බඳුවු පාර්ලිමෙන්තු සම්ප්‍රදායට සහ අධිකරණ පද්ධතිය තුල තවත් නැවුම් සහ උත්කෘෂ්ට වූ හඳුන්වාදීමක් සිදුකොට ඇති බැව් දැනගන්නට ලැබී ඇත .බටහිර අධ්‍යාපනයෙන් මොටවූ කලු කෝට් බමුණු කුලයේ කෙලිබිම වූ අධිකරණ පද්ධතිය තුල වසර ගණන් නොව දශක ගණන් දිව යන නඩුහබ පවතිද්දී , ...
රනිල් ගැන පෙත්සමට ඔබාමා ක්‍රියාකාරි වේ ! බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! ස්ථානය ධවල මන්දිරය , දිනය 2012/11/27 . වේලාව උදැසන 7ඇමරිකානු ජනපති බරක් ඔබාමාගේ සම්බන්ධීකරණ ලේකම් වරිය කලබලයෙන් ඔබාමාගේ කාර්යාල කාමරය වෙත දිව ඒ .ලේකම් - සර්..සර් මාර වැඩෙනේ වෙලා තියෙන්නේ ...!!ඔබාමා - මොකෝ කෙල්ලේ බයවෙලා , ඇයි ආයේ සැන්ඩිවත් එනවලුද ?ලේකම්- නෑ ..සර් සැන්ඩි කොහෙද ආයෙ එන්නේ , මේක ඉන්ටර්නැශනල් ප්‍රොබ්ලම් එකක් .ඔබාමා- ඉශ්‍රාල කාරයෝ ආයේ ගාසා තිරෙට ගහන්න අරගෙනද ...
ගාසා තීරයේ හමාස් අන්කල්ලාට තණමල්විල හිච්චි එකාගෙන් ලියුමක් ! බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! ආදරණීය හමාස් අන්කල්ලා වෙතය මේ වෙනකොට නම් ඔයාලා ඩිංගක් සැනසීමෙන් ඉන්නවා ඇතිය කියා සිතමි . ඊජිතුවේ ජනාධිපති අන්කලුයි ක්ලින්ටන් ආච්චිටයි පින් සිද්ධ වෙන්නට හිතේ ගින්දරක් නැතුව බත් ඩිංගක් හෝ කන්නට චාන්ස් එකක් ටික දොහකට පස්සේ අන්කල්ලාට ලැබි ඇතැයි කියා මට හිතෙනවාය , අන්කල් ලා ගැන මම හරියට දන්නේ නැති වුනාට පලස්තීයනය කියන්නේ අපේ ආඩම්බර කාර පියා අන්කල්ගේ හොඳම යාලුවෙක් කියා ...
දේශද්‍රෝහී පාහරයන් විසින් ජනතාවගෙන් වසන් කරනු ලබන 2013 අය වැයේ සැබැ ප්රතිලාභ ! බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! සන්ධාන රජයේ 2013 වසර අය වැය පිලිබඳව නොයෙකුත් මතවාදයන් , අන්තර්ජාලය පුරා දක්නට ඇත . මේවා දෙස විමසිල්ලෙන් බැලු විට පෙනී යන කරුණ නම් රටේ සහ ජනතාවගේ අනාගත සුභ සිද්ධිය සඳහා වන අගනා යෝජනා රැසක් අන්තර්ගත උක්ත අය වැයෙ අභිලාශයන් ජනතාවගෙන් වසන් කරණු වස් දේශද්‍රෝහි පාහරයින් පිරිසක් විසින් පතුරවා හරිනු ලබන මිත්‍යාවන් පමණක් බවය. පහතින් දැක්වෙන්නේ එවන් චෝදනාවන් සහ ඒවායේ ...
සුපර් සික්ස් වරද්ද ගත්තේ කොතනද ? බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! මේ දවස් වල අන්තර්ජාලයේ කථා බහට ලක්වෙන්නේ කර්ම චිත්‍රපටිය . සෙනසුරු මාරුව ගැනත් ප්‍රවීන බ්ලොග් කරු මාරයා විසින් කථා බහක් ආරම්භ කරල තිබුනා . ඒවා පැත්තකින් තියෙත්දි මීට මාස කිහිපයකට කලින් තිරගත වුනු සහ අන්තර් ජාලයේ සාකච්ඡාවට බඳුන් වෙච්ච සුපර් සික්ස් චිත්‍රපටිය ගැනයි මේ කථා කරන්න සුදානම . අන්තර්ජාලයේ දැකපු සටහන් නිසාම සිනමා ශාලාවකට ගිහින් නැරඹීම වැලකුනත් ශ්‍රි ලාංකාවේ වැඩිම ...
ඉස්ලාමයේ 9:5 - මනුෂ්‍ය ඝාතන දිරි ගැන්වීම සහ සාධාරණීකරණය - ඉස්ලාමිකයෙකුගේ ලිපියකට පිලිතුරක් බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! ආගම් පිලිබඳ වාදයන් කිසි විටකත් අවසන් වන්නක් නොවේ . ආගම් පිලිබඳ වාද විවාදයන් එක් ආගමක් තදින් වැලඳගත් ආගමේ කොතනක හෝ සටහන් වූ පමණින් ඕනැම ටොම් පචයක් හිස් මුදුනින් පිලිගන්නා පුද්ගලයින් අතර සිදුවන විට එක් මතයකට පැමිණ වාදයක් අවසන් වීමේ හැකියාවක්ද පවතින්නේද නැත . මැවුම් වාදය පිලිගන්නා වුන් කිසි විටකත් මැවුම් කරු මැව්වේ මොකාදැයි නොඅසන්නා සේම හින්දුන්ට පියඹන වඳුරන් ඇතුලු සිය ...
පලාත් සභා වල ප්රායොගිකත්වය සහ පලාත් සභා අහෝසි කිරීමේ ප්‍රායෝගිකත්වය බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! 13 වන සංශෝධනය නොහොත් පලාත් සභා ක්‍රමය අහෝසී කිරීම පිලිබඳ වූ කථා බහ නැවතත් මතුව ඇත . රජය විසින් ගෙන ඒමට නියමිත දිවි නැගුම පනත පලාත් සභා වල අනුමැතියට ලක්විය යුතු බවට ලැබුණු අධිකරණය නියෝගය සහ ඒ ආශ්‍රිතව දෙමල සංධානයෙන් නැවතත් අධිකරණ පිහිට පැතිමත් ,ඒ පිලිබඳ අදහස් දක්වමින් ආරක්ෂක ලේකම් ගෝඨාබය රාජපක්ෂ මහතා පලාත් සභා අහෝසි කල යුතු බවට ප්‍රකාශයක් ...
අය්යෝ ෆොන්සේකා බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! ෆොන්සේකා මහතා ඒකාබද්ධ විපක්ෂයක් හදන්නත් භික්ෂු පෙරමුන විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නටත් කියූ රැලිය ඊයේ පැවැත්වින . නමින් ඒකාබද්ධ වූවත් විපක්ෂයේ කිසිදු දේශපාලන පක්ෂයක් එයට සහභාගී වූයේද නැත . පක්ෂ පිටින් නැතත් රැස්වීමට එනවා කියූ දයාසිරි ජයසේකර , හරීන් ප්‍රනාන්දු තබා එන බව අවසාන මොහොත තෙක් ශපත කල කරු ජයසුරියවත් අවසාන මොහොතේ රැලියට නැත . වෙනකක් තබා ෆොන්සේකා මහතාගේ පක්ෂයේ ...
ඒකාබද්ධ හෙවත් පොදු නොහොත් කැඩි බිඳි ගිය විපක්ෂය බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! පාර්ලිමෙන්තු ප්රජාතන්ත්රවාදයක් පවතිනා ඕනැම රටක විපක්ෂය යනු මහජන ඡන්දයෙන් පත්ව ආණ්ඩුබලය පිහිටුවීමට නොහැකී පිරිසය . විපක්ෂය රටේ සැලකිය යුතු ජන ප්‍රමාණයක මතවාදය නියෝජනය කරන්නාක් මෙන්ම පාලන බලය හොබවන්නන්ගෙ ප්‍රතිපත්ති වලට විකල්ප මතවාදයක් ගොඩ නඟන්නන්ද වන අතර රජය විසින් ගෙන එනු ලබන පනත් කෙටුම් පත් වලට විවිධාකාරයේ සංශෝධන යෝජනා කරන්නන් මෙන්ම අවැසි විවේචනයන් සිදු කරන්නන්ද වේ . නිදහස ලැබුදා පටන් ශ්‍රි ...
කුසලානය අභියස සිංහ පෝතකයින් බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! උණුසුම් තරඟාවලියක් අවසානයේ සිංහ පෝතකයින් ජයග්‍රහණයේ අභියසටම ඇවිත් . සාමාන්‍යයෙන් හැම ක්‍රිකට් තරඟාවලියක් ගැන වචනයක් හෝ සටහන් කලත් ,කථා කරන්න බොහෝ දේවල් තිබුන මේ තරඟාවලිය ගැන සඳහනක් හෝ කරන්න අධික කාර්ය බහුල කම නිසා මේ දක්වාම ඉඩක් ලැබුනේ නෑ , කොහොම වුනත් අපේ කොල්ලන් ජයග්‍රහණය පෙනි පෙනි ඉන්න වෙලාවක ඒ ගැන සුභ පතන්න කුඩා සටහනක් හෝ එකතු කරන එක ශ්‍රි ...
මෙවර මැතිවරණයෙන් ජනතාව දෙන පණිවුඩය බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! ඒ ඡන්දයත් අහවරය , ප්‍රතිඵලය වෙනදා වගේමය. ඡන්දය ගැන විස්තරාත්මක කථාවක් කලින් ලිපියේ කල නිසා වැඩි විස්තර ලිවීමේ අවශ්‍යතාවයක් නැත . ඒ නිසා මේ මැතිවරණයෙන් ජනතාව දුන් පණිවුඩයන් පහත අයුරින් සාරංශ ගත කල හැක01) ඡන්ද දායකයින්ගෙන් බහුතරයකට සිය මාසික වියදම සඳහා රු 2500ක් සැහේ02)රාජ්‍ය සේවකයින්ගේ වැටුප් කිසි සේත් වැඩි නොකල යුතුය , අවැසි මෙවර අයවැයෙන් දැනට ලබා දී ඇති දීමනාද ...
ආශ්චර්‍ය්ද්වීපයේ පලාත් සභා ඡන්දය බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! ආශ්චර්‍ය්ද්වීපයේ තවත් ඡන්දයක් අත ලඟය. ආණ්ඩුවත් විපක්ෂයත් දෙකටම නැති පක්ෂත් තම තමන්ට ඡන්දය දිය යුතු හේතු බොහෝ දුරට කියා අවසන්ය . මේ දවස් දෙකට අලුතෙන් මොකුත් කියන්නට ඉඩක් නැති නිසා මේ සුදානම ඒවා ගැනත් ඡන්ද ප්‍රථිපලයේ බලපැම පිලිබඳවත් මදක් විමසා බැලීමටය .ආණ්ඩුව මූලික සටන් පාඨ දෙකක් හරහා තම මැතිවරණ මෙහෙයවනා බවක් මැති ඇමති වරුන්ගේ ප්‍රකාශ සහ රාජ්‍ය මාධ්‍ය වල ප්‍රකාශයන් ...
තණමල්විල හිච්චි එකාගෙන් සිරියාවේ අසාද් අන්කල්ට ලියුමක් බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! ආදරණීය අසාද් අන්කල් ,පවුලේ මල ගෙයකුත් වෙලා තියෙත්දී අන්කල් හොඳින් ඉන්නට විදිහක් නැති නිසා ඒ ගැන අහන්නේ නැය , හැබැයි මම නම් ඉතා හොඳින්ය . මම කලින් ගඩාෆි අන්කල් ට ලියුමක් ලියන කොට පරක්කු වුනා වැඩිය , දෙවෙනි එක යවන්න උනේ අපායටය . ඒ නිසා අන්කල් වැඩේ අල කරගන්නට කලින්ම ලිව්වොත් හොඳයි කියා හිතුනාය . ගඩාෆි අන්කල් ට අපි ආදරේ ...
බඩු මිල , පවුල් දේශපාලනය සහ මුස්ලිම් කොංග්‍රසය නොහොත් පලාත් සභා ඡන්දය 2012 v1.0 බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! පලාත් සභා මැතිවරණයේ නාම යෝජනා බාර දීම හෝ තවමත් සිදුවී නැතත් රට කරවන ඇත්තන් සහ රට කරන්න බලන් ඉන්න ඇත්තන් දෙපිරිසම දැනටමත් තරඟයට අවතීරණ වී ඇති බවක් පෙනෙන්නට ඇත . මැතිවරණය පැවැත්වෙන ප්‍රදේශයන්හි තාප්ප සිනා මුහුණු වලින් පිරි යත්දී රුපවාහිනි නාලිකා වල පුවත් විකාශයන් අතර තුර 'රස කථා ' විකාශනය වීමද ඉහල ගොස් ඇතබඩු මිල පහලට මා දන්නා කාලයේ පටන් ...