වෙරෝනිකා මැරෙන්න තීරණේ කරයි .. !! බාඳුරා අසපුව ජීවිතය නිමාකරගැනීමේ මොහොත දැන් එළඹ ඇති බව වෙරෝනිකා 1997 නොවැම්බර් 11 වෙනිදා තීරණය කළාය. තමන් විසූ කන්‍යාරාමයේ කුලී කාමරය සැලකිල්ලෙන් අස්පස් කර ඈ තාප යන්ත්‍රය නිවා දමා දත කට මැදගෙන ඇඳේ ඇලවුනාය .... !!දැන් ඈ සියදිවි නසාගන්නේ, තමා ශෝකී දුක්බර ගැහැණියක නිසා නොවේ. නිරන්තර වූ මනෝභංගත්වයෙන් පීඩාවිඳි ගැහැණියක වූ නිසාද නොවේ. තමා මුලුමනින්ම සාමාන්‍ය පුද්ගලයෙක්යැයි ඈ විශ්වාස කලාය.මැරෙන්නට ගත් තීරණය ...
මම පොත් සල්පිල් වන්දනාවේ ගියෙමි ...(Book SalE SagA) බාඳුරා අසපුව මගේ පොටෝ ටික හැමෝම බැලුවා නේද .. ඉරිසියා හිතුනා නේද ;) මම කැමති ඉරිසියාව කියන මනුස්ස හැඟීමට. කාටවත් වරදක් වේවා කියල හිතන්නේ නැතුව කරන අහිංසක ඉරිසියාවක් හරිම ලස්සන සංවේදනයක් ඇත්තටම. තමන්ගේ ගෑණු ලමයා හෝ පිරිමි ලමයා විරුද්ධ පාර්ෂවයේ කෙනෙක් එක්ක ඇඟේ ඇලීගෙන කතා කරද්දි ඒ කෙනාව තලලා චප්ප කරල දාන්න හිතෙන ඉරිසියාව මට නම් හරිම ලස්සනයි :) අපොයි .... ආදරේ ...
ලයිසන් ආදරය ... බාඳුරා අසපුව දැන් හැදෙන එවුන් නම් ගන්න දෙයක් නෑ..ඇටෙන් පොත්තෙන් එළියට එන්න කළින් ලව් මේනියාව..අනේ අනිච්චේ..අපේ කාලේ තිබුනේ නෑ මෙහෙම විගඩං..xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxඒක නෙමේ ..දන්නවද වැඩක් ..එහා ගෙදර කෙල්ල කොල්ලෙක් එක්ක යාලුයි කියන්නේ ..අනේ මන්දා ..චාරයක් විලි සංගයක් නැති සක්කරවට්ටං..මහ ලොකුවට යුනිවර්සිටි යනවා කියලා ගිහින් ඕවා තමයි කරන්නේ ..අපි නොදන්න යුනිවර්සිටිකාරියෝ ..xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxඅපි මේ ඔයාගෙම හොඳටයි අනේ කියන්නේ ..ඒ කොල්ලා අමතක කර
කිරිල්ලිය .. ආදරය ... සහ මගේ ඌන පූර්ණය ... !! බාඳුරා අසපුව අද ලියනවා ... ඇඟිලි ගෙවෙනකන් කොම්පියුටරයට කොටනවා අද ... වැස්ස පායනකන් මට බෑ මගේ සිතිවිලි එක් තැන් කරගන්න... ඒ නිසා .. වැස්ස පායනකන් ... මම අතීතෙන් මිදිලා ආයෙම වර්තමානෙට එනකන් ... මම පිස්සුවෙන් වගේ ලියනවා ... !!පත්තරේක කියවපු කතාවක් මතක් උනා ... කවුරු හරි රුසියන් ලේඛකයෙක් ලියපු කෙටිකතාවක්.මගේ හිත පුදුම විදියට සසල කල ... අදටත් මට අමතක කරන්න බැරි ලියැවිල්ලක්.. ...
කෙටි කථාවක් ... බාඳුරා අසපුව හැමෝම කියනවා පොතක් ලියන්නලු.. ආසවක් නැතුව නෙමෙයි. ඒත් මගේ හිතට එන අදහස් වලට සීමවක් මායිමක් නැති නිසා පොතක් වෙනුවට පොත් වැලක් ලියන්න වෙයි එක කථාවක් ඉවර කරන්න ... ඒ කොහොම උනත්.. කථාවක් ලියන්න උත්සාහ කරල බලන්න හිතුනා .. පොඩි බොලඳ එකක් .. ජේන් ඔස්ටින් ලියන ජාතියේ සාහිත්‍යමය කථාවක් නෙමෙයි .. සරල බොලඳ කතන්දරයක් .... තාරුකාරොබින් හුඩ් නාට්‍යයේ අනුවාදනයත් එක්ක තිසරගේ ...
ජීවිතය සොයන්නට ගියෙමි .... !! බාඳුරා අසපුව පුරා වසර 26ක් නොකඩවා කෙරුනු ආශ්වාස ප්රශ්වාසයෙන් හෙම්බත් උනු ජීවිතයට නව අරුතක් ඇවැසියැයි හිතුනු වාර ගනන අනන්තය .. හුස්ම වැටෙනවා නොව, මම හුස්ම ගන්නවා යැයි ..හිත පිරුනු ආඩම්බරයෙන් ලොවට හඬ ගා කියන්නට .. මගේ සිත තුල ඇත්තේ ..නොනිත් ආශාවකි ... ජීවිතය ජීවත් කරවන්නට ..දිවි මඟේ සොඳුරු තැන් දකින්නට ... තව ඉතිරි ... අල්ප වූ කාලයකි... ඒ ලැබෙන ඉසිඹුවේ ...ජීවිතය සොයා ...
මම.. පහ වසරට වෙනකන් ඉස්කෝල කථා .. !! බාඳුරා අසපුව අපෙ අප්පොච්චියේ .. මාස ගානකින් මුකුත් ලියලා නෑනේ බොලේ මම.. අර එක මල්ලි කෙනෙක් කිව්ව වගේ සහලවලා වැඩ තිබුනා.. තාමත් තියෙනවා.. ඒත් මගේ මූඩ් එක අවුල් නිසා මම තීරනය කලා හොරෙන්ම ජාලයට රිංගලා පොඩි කතාවක් ලියන්න...සාහිත්‍ය කථා නම් මුකුත්ම හිතට එන්නේ නෑ.. ඒ නිසා මම තීරනය කලා මම ගැන ලියන්න.. හැම දේම නෙමෙයි .. ආරම්භයක් විදියට මගේ පාසැල් ජීවිතේ ගැන.. ...
දයාබර ඔබට ... !! බාඳුරා අසපුව දයාබර ඔබට,මුතු කුඩ ඉහලන මල් වරුසාවේ උනු පුංචි සිද්ධියක ඔබේ කතාව දශක ගනනාවක් තිස්සේ මම අහගෙන හිටියා. ඔබේ කතාව හරිම සුන්දරයි.කථාව අහපු හැමකෙනෙක්ම මට වෛර කරන්න ඇති.ඒක මම දන්නවා.ඒත් මම කථා කලේ නෑ අද වෙනකන්,හැම නින්දාවක්ම අපහාසයක්ම අහගෙන හිනා වෙලා හිටියා.ඒත් අද... මම ලෝකෙන් සමුගෙන යන්න මොහොතකට කලින්,මට හිතුනා මගේ කථාවත් කියලා යන්න.
ආදරයේ පශ්චාත් මරණ පරීක්ෂණය ... !! බාඳුරා අසපුව මෙන්න මම ආවා.. කාලෙකින් මුකුත් ලියන්නත් බැරි උනා.. සෑහෙන්න වැඩ තිබුනා .. අනික ඉතින් මම කලිනුත් කියල තියෙනවා වගේ, පස්මහ බැලුම් නෙමේ දස මහ බැලුම් බලලනෙ මට අන්තර්ජාලයට එන්න වෙන්නේ .. කොහොමින් කොහොමින් හරි .. සුපුරුදු අඳෝනාවත් අරගෙන මෙන්න මම ආයෙමත් ... :)උදේ ඉදන් වහිනවා... මුලු අහසම කලු කරලා..වැහි බින්දු එකින් එක වෙන් කරල අදුරගන්න බැරි තරමට එක දිය සීරාවට ...
~ ඈ... මොනාලිසා... නම් වන්නීය .... !! ~ බාඳුරා අසපුව ඈ ... මොනාලිසා ...නම් වන්නීය .... ලෙතෙත් බැල්මෙන් මුවඟ මදහසින් යනෙන හැම දෙස එකසීරුවට බලා ඉන්නා ඈ... මොනාලිසා නම් වන්නීය .... !!කී දෙනෙක් නම් කී විදියකට ඇයගේ ආගිය තැන් කියන්නට ඇත්ද...ඈ.... ලියනාඩෝ ඩාවින්චිගේ පෙම්වතිය ...විකාරද ... මේ ඉන්නේ දහසය වැනි ශතවර්ෂයේ කුල කාන්තාවක් ...ඔව් ඔව්.. කුල කාන්තාවක් තමයි ...ඩාවින්චිට කියලා තමන්ගේ ආලේඛය චිත්‍රයක් ඇඳ ගන්න ඇති ...ඇයි මේ හණමිටි කතා...පොඩියක් ...
.: විවාහය ගැන මගේ ගීතය :. බාඳුරා අසපුව මෙන්න මම ආවා. අද මට අසනීපයි.. හොදටම අසනීපයි ... ඒ නිසා මම තීරනය කලා post එකක් ලියන්න.කව්ද දන්නේ.. හෙට මැරුනොත් එහෙම මේ මම ලියන අන්තිම post එක වෙන්නත් පුලුවන්නෙ ... කොහොම හරි, මගේ campus කතා මාලාවට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර වලට බොහොම ස්තූතියි. මම හිතුවේ නෑ මගේ අන්ධබූත SLIIT ජීවිතේ මේ තරම් රසවත් වෙයි කියලා කියවන අයට ... :)එක දිගටම campus ...
කැම්පස් කථා (Second Episode) බාඳුරා අසපුව අපෝයි ... ෂර්ලොක් හෝම්ස් කථා මාලාව ලියන්න ගිහින් ආතර් කොනන් ඩොයිල් මහත්තයා මූන දුන්නු නස්පැත්තියටත් වඩා අලි ජරමරේකට මම මූණ දීල ඉන්නේ ;) කොනන් ඩොයිල් මහත්තයා ෂර්ලොක් හෝම්ස් ව රයිෂන්බාග් දිය ඇල්ලෙන් පහලට තල්ලු කරල මරල දාපු දවසෙ ඉදන් ඒ මනුස්සයට හෝ ගාල මරන තර්ජන ආවලු.. දවසක් දා ආච්චි කෙනෙක් ඩොයිල් මහත්තයාගේ කම්මුලට ගහලා කිව්වලු ෂර්ලොක් හෝම්ස්ව ආපහු ගෙනාවෙ නැත්නම් ...
ALEENA :: මහ පොළවට බැහැපු සුරංගනාවක් බාඳුරා අසපුව හැමදාම ආදරේ ආදරේ ආදරේ ... දවසකුත් කිව්වා වගේ මොන කෙහෙල් මලක් ලියන්න ගත්තත් අන්තිමේ ආදරේ .... එපා වෙලා මටම ..ඒ නිසා අද උත්සාහ කරනවා ආදරෙන් පරිබාහිර දෙයක් ගැන ලියන්න .. බලමු ..මේ post එකත් අන්තිමේ ආදරෙන්ම ඉවරවෙයිද දන්නෙත් නෑ ;)අද ලියන්නේ අලීනා ගැන .. කන්තෝරුවේ අයට අලීනා අමුත්තියක් නොවුනට blog එක කියවන අනිත් ජනයාගෙ සුභ සිද්ධිය තකා අලීනා කව්ද කියලා ...
පිණි .. බාඳුරා අසපුව හචිං ..මට නිව්මෝනියාව වගේ ..හුස්ම ගන්නත් අමාරුයි ..මැරෙයි මෙහෙම ගියොත් ..මොකෝ උනේ ??වැස්සට තෙමුනද ??පිස්සුද ..වැස්සක් ලඟ ආවත් මම කුඩේ ඇදල අරං ඉවරයි ..චුට්ටක් තෙමුනත් සමහන් බොනවනේ ..දන්නවනේ මාව ..මම සෑහෙන්න පරිස්සම් ..හ්ම්ම් ..එතකොට ඇයි මේ නිවුමෝනියාව ..හුස්ම බටේ අයින් කලොත් මැරෙන තරමට අමාරු උනේ මොකද ..ආ..ඒ මේ පින්නට තෙමිලා ..මොකක් ..පින්න .. පින්නට තෙමිලා ..කෝ එතකොට අර කිව්ව පරිස්සම ...
ආවා ආවා .. මමත් එක්ක බුක්සේල් අංක දහය ආවා .. :) බාඳුරා අසපුව ඔන්න මම ගියාලු පොත් සල්පිල් වන්දනාවේ .. අහපු දැකපු දේවල්.. හිත ගිය තැන්.. විකට රසාංග.. පඩි වදන්.. ගල් මුල් මල් ඔක්කොම එක්ක සම්පූර්ණ කතන්දරේ දානකන් ගිය අවුරුද්දේ වගේම පින්තූර ටික බල බල ඉරිසියාවෙන් ඉන්න ... :) ...
ආදරයේ සරල සිත්තමක් .... බාඳුරා අසපුව ආදරය ... කොයි තරම් කතා කලත් .. කොයි තරම් පරන මාතෘකාවක් උනත් විශ්වය පවතින තාක් කල් කාටවත්ම එපා නොවෙන සදාතනික මතකයක් ... මහා කවි කාලිදාසයන්ගේ මේඝ දූතයේ ඉදලා ... විලියම් ෂෙක්ස්පියර් යුගයත් පහු කරගෙන .. සහස්රකය වෙනකන් ආපු දිග ගමනෙන් ආදරය කියන අකුරු හතරට කිසිම මහන්සියක් කළකිරීමක් නෑ.. එදා වගේම අදත් හැම දෙනාම කොයි කොයි හැටියෙන් හරි ආදරය විඳිනවා ..නැත්නම් ...
යදින්නී ඈ .... !! බාඳුරා අසපුව නෙතට කඳුලක් නොව මුවට හසරැල් ගෙනා වරදට....හදට සුසුමන් නොවසිතට සිසිලක් ගෙනා වරදට....ලොවට අඳුරක් නොවසහන් එළියක් ගෙනා වරදට....අතැර යාමට නොව ලඟින් ඉන්නට පැතූ වරදට.....සතුට ගන්නට නොවසතුට දෙන්නටපැතූ වරදට....මුලු ලොවම නොවඑකම හදවත පැතූ වරදට.....සයනයේ ඉඩක් නොවහදවතේ ඉඩක්ඇවැසි වූ වරදට.....බිමට වට මහා මේඝයටදෑත එක් කරහිස සෙවන කල වරදට......පතුල කටු ඇනේයැයිරෝසමල් පෙති බිම අතුල වරදට.......දිය පවස නිවන්නටරුහිරු ලේපිනි කඳුලු කල වරදට...........නිදි සුවය ගෙනෙන්නටසෝ ...
*** වලාකුළු *** බාඳුරා අසපුව කුඩා කල අහස මොන පාටදැයි ඇසූ විට අහස සුදු පාට හැර අන් කවර පාටක්දැයි කියූ වාර අනන්තය .. ටිකින් ටික වයසින් වැඩෙන සඳ, සුදු පාට අහස නොව අහස වසන වලාකුළු බව වැටහී ගියා මතකය .. අහස් නිල වසාගෙන පැතිරි සුදු වලාකුළු අහස් නිල වැසූ බව තේරුම් ගිය සඳෙහි .. දකින දෙය නොව දකින දෙයින් වැසුනු තවත් ඇත්තක් ඇති බවත්, දකින ...
~ චාරිකා - දෙවෙනි කොටස ~ බාඳුරා අසපුව චාරිකා - පළවෙනි කොටස සුපුරුදු පරිදි මූණු පොතේ පලකරන්න බැරි උනා.. ඒ link එක share උනේම නෑ.. වරද කොතනද කියලා මට හොයා ගන්නත් බැරි උනා... කොහොම හරි..මූණු පොතේ මග කියන්නෙත් නැතුව ඇවිත් මගේ චාරිකාව ගැන කියවපු හැමෝටම ස්තූතියි.මාතර ඉදන් තැඹිලි බීපු තැනින්නේ කථාව නැවැත්තුවේ...අද එතන ඉදන්... මාතර පාර දිගේම පොඩි පොඩි කෑම අයිටම් තියෙනව විකුනන්න... මගේ හිත ගියේ පැළ මද ...
ශුද්ධ වූ ජලය ... !! බාඳුරා අසපුව ශුද්ධ වූ ජලය සාක්ෂ්‍ය කොටගෙන කාන්තා ජීවිත සුදු සාරියකට සහ තට්ට හිසකට සීමා කල යුගයක් ...වැන්දඹු ලෙස අර්ථකථනය කල කාන්තා ජීවිත වලට තෝරා ගැනීමට අවස්ථා තුනක් ....1. සැමියාගේ බාල සහෝදරයා විවාහ කර ගැනීම.2. සැමියාගේ චිතකයට පැන සියදිවි නසාගැනීම.හෝ3. තමන් විසින් තමන්ව ප්‍රතික්ෂේප කරගත් ආත්ම ප්‍රතික්ෂේපිත ජීවිතයක් ගත කිරීම. මානව අයිතිවාසිකම් නොව ජීවත් වීමේ අයිතිය වෙනුවෙන් ලේ කදුලු දහඩිය හෙලූ වනිතා ...