යුද අපරාද විඩියෝ සාක්කි ගැන කතා 1 පොඩිගමයගෙ ලොග් අඩවිය අපේ ශවේන්ද්‍ර මහත්තයගෙ වැඩේ ගැන ලියාපු ලියුමට බුවාකොලුව දාල තිබුණ ප්රතිචාරවගයක්. මට සිද්ද උණා ඒකට උත්තර වසයෙං අලුතෙං ලොග් එකක් ලියන්න. මොකද පිංතූර දාන්නෙ නැතුව අමාරුයි මේ කාරණේ මතු කරන්න. මේක නං වෙනදට ලියන එව්වටත් වඩා මෙලෝම රහක් නැති එකක් වෙන්න තමා ඉඩ තියෙන්නෙ. මොකද තියෙන්නෙත් අර හතරෙ ඇලේ උන්ගෙ විඩියෝව ගැන. අනිත් පැත්තෙන් ඕක ගැන වැඩිය හොයන්න කාටවත් උනන්දුවක් ඇත්තෙත් ...
ශවේන්ද්‍ර සිල්වා රාජවිලාසිතාවට වැඩේ දෙයි පොඩිගමයගෙ ලොග් අඩවිය සුද්දංගෙ චැනල් 4 වාහිනියෙං ලඟදි එලියට දාපු චිත්තරපටිය ගැන පහුගිය දවස් ටිකේ ලොකු හාහූවක් තිබුණ. මේ අලුත් චිත්තරපටිය මං හිතන්නෙ කලිංවතාවල එලියට දාපු හැම එකටම වඩා දිග මිනිත්තු 50ක විතර එකක්. එව්වයෙ තිබිච්චි කෑලිත් එකතු කරගෙන මේක හදාපු බවයි දැනගන්න තියන්නෙ. ----------------------------------------------------------------------------------------------- ------------------------------------------ ...
මිහිඳු මහරහතන්වහන්සේ ඉන්දියන් කිරීමට හැකිද? (2) පොඩිගමයගෙ ලොග් අඩවිය මේ ලියුම කලින්ම දාල තියන්නෙ පොසොන් පෝය දාට එලිදැක්වෙන්න. කියන්න බෑ නෙව එතකන් පණ තියේවිය කියල! අපේ බුදුහාමුදුරුවො ශ්‍රාවකයන්ට කිව්වෙ ජීවිතේ කොයි මොහොතෙ කෙලවර වෙයිද කියන්න බෑ. ඒ නිසා නිතර මරණය මෙනෙහි කරන්න කියලයි. මිහිඳු හාමුදුරුවෝ ඉන්දියන් නොවේය කියල කලිං ලිපියක කියාපු කතාව සමහර කෙනෙකුට විකාරයක් වගේ පේනවා ඇති. මේ කාරණේ වැදගත් නිසා තව ටිකක් විස්තර ඇතුව බලමු. මෙතනදි කවුරුත් අහල ...
දේශප්‍රේමියෝ සහ දේශද්‍රෝහියෝ පොඩිගමයගෙ ලොග් අඩවිය දේශප්‍රේමියා සහ දේශද්‍රෝහියා වගේ වචන මෑතකාලෙ දේසපාලනේදි හරි හරියට අහන්න ලැබෙනවා නෙව. මහින්ද මහත්තයා එක සැරයක් කතාවකදි කිව්වා අද දේශප්‍රේමියා හෙට දේශද්‍රෝහියෙකු වෙන්න පුළුවන්ය කියල. ඒ කතාව නම් ඇත්ත. එතෙන්දි උන්නැහෙ ඇඟෙවුවෙ ෆොනී මහත්තයාව වෙන්ට ඕන. උන්නැහේ ඒ කාරණේ මොන විදියෙං හිතල කිව්වත් මට මෙතෙන්දි ඕන කරන්නෙ ඒ ගැන පොඩි හාර අවුස්ස බැලීමක් කොරන්ට. දේශප්‍රේමය කියන වචනේ ගත්තාම ඒකෙ කෑලි දෙකක් තියෙනවා ...
බින් ලාඩන් ගෙදරින් අසැබි චිත්‍රපටි හමු වීමත් සමග... පොඩිගමයගෙ ලොග් අඩවිය "බින් ලාඩන් ගෙදරින් අසැබි චිත්‍රපටි හමු වීමත් සමග ඇමරිකානු දේශපාලනය වඩාත් උණුසුම් මුහුණුවරක් ගෙන ඇතැයි අපක්ෂපාතී නිව්යෝර්ක් ටෛම්ස් පුවත්පත පවසයි. මෙම සිදුවීම ඔබාමා මහතාගේ දේශපාලන අනාගතය කෙරෙහි බලපෑමක් ඇතිකළ හැකි බව නවතම ජනමත සමීක්ෂණයක් පෙන්වාදෙයි. බින් ලාඩන් ඝාතන ක්‍රියාවලිය පිළිබඳව විවිධ පාර්ශවයන් සැක මතුකරමින් සිටින අවස්ථාවක සිදුවූ මෙම හෙලිදරව්වුව ඝාතනයේ සැබෑ වගකිව යුත්තන් පිළිබඳව අලුත් ...
කිමුන් ආතාට උදවු කිරීමට අතිමානුෂික පොරවල්වලට අවස්ථාවක් පොඩිගමයගෙ ලොග් අඩවිය කිමුන් ආතාගෙ වාර්තාව ගැන උනන්දුවෙන උදවිය මූලික වසයෙං ගත්තාම ගොඩවල් දෙකකට දාන්න පුළුවංය කියන එකයි මගේ නං කල්පනාව. එක කට්ටියක් තමා කිමුන් ආතගෙ වාර්තාව එලියට දානකං දතකට මැදගෙන බලාහිටපු අතිමානුෂික පොරවල් සහ පොරියවල්. ඒ කට්ටිය දැං පස්වනක් පිරීතියෙං පිනා ගිහිං දමාගෙන ලියනවා වාර්තාවෙ වටිනකම ගැනයි ඒකෙ ජාතකේ හොඳකම ගැනයි ඒකට ප්‍රතිචාර දක්වන්ට ඕන(රාජතාන්ත්‍රික) ක්‍රමේ ගැනයි ආදී වසයෙං. අනිත් පිරිස කිමුන් ...
බිංලාඩං මහතාගේ මරණය හේතුවෙන් සෝකයට පත් යුනයිටඩ් ඉස්ටේට් වාසී හු හ්! හිහ්! පොඩිගමයගෙ ලොග් අඩවිය මේ ආරංචිය ආවත් හරි ආයිබොවං ලියන්න ගිය එව්වත් අමතක උණා ඕං. බිංලාඩංකාරය තමා යැංකින්ගෙ රටට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කොරන වැඩේට වග කියන්ට ඕනාය කියල කියන්නෙ. පොරබාකොරංකාරය නං ඉතින් කළාය කියන ත්‍රස්ත වැඩ මොකුත් ඔප්පුවෙලා නෑය කියලනෙ පඬිතුමාල කියන්නෙ. බිංලාඩංකාරයනම් වැරදිකාරයෙක් බව ඔප්පු වෙලා තියෙන්නෙ හොඳටම. මං කොරාපු වැඩේ පොරබාකොරංකාරයගෙ මරණෙ ගැන සෝකප්‍රකාස කළ උදවිය මේ ගැන මොනවා කියනවාද හොයා බලාපු එක ...
මිහිඳු මහරහතන්වහන්සේ ඉන්දියන් කිරීමට හැකිද? පොඩිගමයගෙ ලොග් අඩවිය අර ලංදියන්කාරයො ලංකිස්තාන්කාරයො ගැන ලියාපු දේවල් ගැන සමහරක් උදවිය නොසතුටිං ඉන්නවාය කියන එක පැහැදිලියි. සමහරු කිව්වා එව්වා ලිවීමෙං නැති පුරස්න ඇති වෙනවාය කියල. ඒ කියන්නෙ ඒ උදවිය හිතනවා ඒක පුරස්නයක් නොවෙයි කියල. ඒ උදවියට අනුව පුරස්නෙ ඒ ගැන කතා කිරීමයි. කතා නොකර ඒක නොදැක්කා වගේ හිටියාම පුරස්නයක් නෑ කියන එකයි ඒ උදවිය කියන්නෙ. සමහර විට ඒ උදවිය කොටි කියන්නෙත් පුරස්නයක් ...
මුම්බායි පිම්බුවෝ පොඩිගමයගෙ ලොග් අඩවිය අලුත් අවුරුද්ද ගැන බොහො දෙනා ලියන නිසා ඒ ගැන ලියන්නත් හිතුනෙ නෑ. ඔහොම ඉන්න අතරෙ තමයි අයි පී එල් එක ගැනයි "මුම්බායි ඉන්දියන්"කාරයිංගෙ පුරාජේරුව ගහන පංඩිතයො ගැනයි පෙරමුණේල ලිපියක් දාල තියෙනව දැක්කෙ. පොඩිගමය ඒ ලියුම ගැන කොමෙන්ටුවක් දැම්ම. ඒක ටිකක් දික් උණ හින්ද ලොග් එකක් විදියට ලියන්න කල්පනා කළා.මට හිතෙන විදියට නං මුම්බායි පිම්බුවාල ලංදියන්කාරයිංට වඩා හොරු. පොඩිගමයා කැමතියි ලංදියන්-ලංකිස්තාන් ...
ලංකාවේ ඉපිද වෙන රට වලට ආවඩන ... පොඩිගමයගෙ ලොග් අඩවිය අද නොවැ කිරිකැට් ලෝක සූරතාවයෙ අවසාන තරගය ලංකාවයි ඉන්දියාවයි අතර. මේ සැරේ අපේ කොල්ලන්ට ඉන්දියන්කාරයො පරද්දල සූරතාව දිනාගන්න ලැබෙන්ටය කියල සුබ පතන අතරෙම පොඩිගමයට සිහි උණේ අර ආවාටය බ්ලොග් එකේ දාල තිබුණ කතාව. ලංකාවෙ ඉපදිලා වෙන රටවලට ආවඩන එවුන් ඉන්නවා නේන්නං. මේ කුහක වැඩේ දැක්කහම තරහ යනව හුඟදෙනාට. නමුත් මේ ගැන නිවිහැනහිල්ලෙ කල්පනාකරල බැලුවාම පේන්නෙ හිතන තරං සරල පුරස්නයක් නෙවෙයි. ඔන්න ...
දුකා මහත්තයාගෙ අසපු කතාව ගැන එක අදහසක්.. පොඩිගමයගෙ ලොග් අඩවිය දුකා මහත්තයගෙ බ්ලොග් එකේ බණක් කියන්න ගිහින් වෙච්චි අලකලංචියගැන තිබිච්චි ලියුම පොඩිගමයත් කියෙව්ව. දැං සිංහල බ්ලොග්කාරයො ගත්තොතිං එහෙම "බණ දහම්" දන්න උදවිය හරිම වැඩි කියන එකයි පොඩිගමයට හිතෙන්නෙ. ඇයි අප්පා බෞද්ධම කී ජාතියක් ඉන්නවද? ජනප්‍රියද රැඩිකල්ද දාර්ශනිකද ක්‍රිස්තියානිද (හිනාවෙන්න එපා ක්‍රිස්තියානි බෞද්ධ කිව්වම. එහෙම උනුත් ඉන්නවා) ආයෙ විද්‍යාත්මකද සිංහලද ඔයාකාරෙට වර්ග ගොඩයි. අපිත් යංකිසි ...
මානවෝත්තමවාදී වර්ගවාද පොඩිගමයගෙ ලොග් අඩවිය පහුගිය සතියෙ පොඩිගමයට මතවාදී විරුද්ධකාරයෙක් එක්ක පොඩි සංවාදයක් කරන්න ලැබුණ. මෙයත් ඔය ප.නූ.වාදියො වගේ විහිළුකාරයෙක් නිසා විජාතික බලවේගවල අතකොලුවක් වෙනවා මිස වෙන කරන්න පුළුවන් අලගෙඩියක් නෑ. අර ඇක්ස්කාරයො දැන් ඒ තරම් කල එලියක් නෑ. ඒ වගේ කාලෙන් කාලෙට උඩ එන එක එක උදවිය ඉන්නවානේ. අපිටත් මොනවා හරි තියෙන්න එපායැ උත්තර දෙන්න. මේ ලියුම ලියන්නෙ ඒ වගේ තැනකදි ඇදිල ආපු කාරණයක් ගැන. ...
සබ්ජෙක්ට්කුඩු ලාල්කුඩු බාස්කුඩු සහ කුඩේකුඩු පොඩිගමයගෙ ලොග් අඩවිය පහුගිය දවස් ටිකේ සිංහල බ්ලොග්කාරයින්ගෙ නැගල ගිය මාතෘකාව උණේ සබ්ජෙක්ට් කොල්ලගෙ බ්ලොග් එක හැක් කිරීම. ශාස්ත්‍රීය අලංකාර ඇතුව කියනවානම් සිංහල බෞද්ධ ගෝත්රවාදී බ්ලොග්කාරයින් කිහිපදෙනෙකු විසින් බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදී සබ්ජෙක්ට් කොලූලගෙ අඩවිය ක්‍රැක් කිරීම සහ ඒ ගැන දෙපාර්ශවයේ අධාරකරුවන්ගෙ මූලිකත්වයෙන් ඇති වෙච්චි වාද විවාද. පොඩිගමයත් සෙල්ලමට වගේ ඔව්ව කියෙව්ව. හොඳයි ඉතින් ඉඳල හිටල මොකක් හරි ...
ධර්මෙ පඬිතුමාගේ දුටුගැමුණු කොල්ලා සහ අපේ ගැමුණු මහරජතුමා පොඩිගමයගෙ ලොග් අඩවිය ප්රබුද්ද කලාකාරයෙක් වන ධර්මෙ පඬිතුමා ගැන තමුන්නහෙලත් දැනගන්න ඕන. මගෙ මතකය හරි නම් මේ තුමා නෙමෙයි වෙන ධර්මෙ මහතැන් කෙනෙක් තමයි කාලෙකට ඉස්සෙල්ල මස් කෑල්ලේ මානව අයිතිවාසිකම ගැන පත්තරේට කිව්වෙ. ඒ කතාව මෙහෙමයි: ඒ වෙන ධර්මෙ උන්නැහෙ පත්තරේකට දීපු සාකච්ඡාවක කියල තිබුණ දෙයක් තමා පෝය දාට මස් කඩ වැහීමට නීතියක් දැම්මයින් සිංහල බෞද්ධයො (හරියටම කියනවා නම් සිංහල බෞද්ධ ගෝත්‍රික සමාජය TM) ...
පයිංඩකාර මහත්තුරු - 2 පොඩිගමයගෙ ලොග් අඩවිය පොඩිගමයත් ඉතින් ලියන්න දේවල් නැතුවා වගේ ආයෙමත් අල්ලගන්නවා සමන් මහත්තෙයවම . එක අතකට තේරුමකුත් නෑ මෙව්ව ගැන ලියල. සමන් මහත්තෙයල වගෙ උදවිය ඉතින් පොල්පිත්තෙන් දුසිම් බාගෙ ගානෙ කැපිය හැකෑ? හප්පා ඉතින් මහ දැන උගත්තු නෙව. ඒ නිසා මේ වගෙ මහත්තොරු ලියන කියන එව්ව තමුන්නැහෙලත් කරන්න වැඩක් නැති වෙලාවලට කියවන්න. මේ පාර සමන් මහත්තෙය ලකාන් කියල පඬිතුමෙක්ගෙ මනෝප්රවාදයක් (ඒක නං ...
ලංකාවේ සහ ඊජිප්තුවේ බරක්ලා සහ මුබරක්ලා පොඩිගමයගෙ ලොග් අඩවිය මුබරක් එලවාපු එක ගැන එක එක කතා කියවෙනවා. බීබීසී කාරයො (සීඑන්එන් කාරයොත් නැතිවෙන්න බෑ ) එහෙම ඔය සිද්දිය හෙනට පුම්බනවා. මේක ප්රජාතන්ත්රවාදයේ ජයග්‍රහණයක් බව හැමෝම කියනවා . අපේ සමහර නෝන මහත්තුරු හෙමත් ඒවගේ අදහස් ලියල කියල තියනව මං දැක්ක. ඔය නෝන මහත්තුරුන්ට සීඑන්එන් එකයි බීබීසී එකයි වගේ හිතන්න පුළුවන් උණාට පොඩිගමයට එහෙම හිතන්න උගත්කමක් වත් පඬි මහිමයක්වත් නෑ නොවැ. ...