ඇමයිතුමා හා විදුහල්පති තුමා පිලේ පැදුර මිනිස්සුන්ගෙ භාෂාවන් විවිධයි. එකම බසක වුණත් ප්‍රාදේශීය වශයෙන් නොයෙක් වෙනස් කම් ඕනෑතරම් දැකගන්න පුළුවන්. එකම තේරුම දෙන එහෙත් එකිනෙකට හාත්පසින්ම වෙනස් වචන වගේම එකම වචනයේ සුළු සුළු වෙනස් කමක් සහිතවත් එකම රටක විවිධ ප්‍රදේශ වල දැක ගන්න ලැබෙන්නෙ ප්‍රාදේශීය වෙනස්කම් නිසා තමයි. ඒ වගේම පුද්ගලයාගෙන් පුද්ගලයාට පවා වචන භාවිතය, උච්චාරණය වෙනස් වන ආකාරය සියුම්ව සොයා ...
කියන්නෙපා.... පිලේ පැදුර කියන්නෙපා.... දැනුනේ නම් නෑ කියා හිතේ තිබුණ ආදරේ මගේ හිතාගන්න බෑ උන්නේ කෙළෙසද කියා බිඳුවක් වත් නොපෙනුනාද ඇත්තටම නගේ. සසැලි රැලි දිදී දඟ පෑ මුදු ගඟුලී මුවදොර ළඟ සිටියද නිසැලී සයුරට නෑ බැඳි පෙම රහසක් වූයේ..... නුඹේ නමින් මා බැඳි පෙම් සිත රහසේ මොහොතක වත් නොහැඟුණාද ඇත්තටම නගේ. ගිනි වැදී දැවෙන කතරක් දුක් හංගා අසරණ වූවද මුව ගොලුවී දුර අහසට නොවෙදෝ ඒ දුක දැණුනේ... ළඟින් දැවටුනත් රුව මා සිත් අහසේ ...
හැකරැල්ලා ...බේරපාං ...! පිලේ පැදුර වසන්තයි අජිතුයි ඔන්න කොහේදෝ ගිහිල්ල ගෙදර එනව බයිසිකලෙන්... දෙන්න පර...ම අවිහිංසාවාදියො. පරම කිව්වහම තේරෙනවනෙ කොයිතරම් සත්ත කරුණාවක් මුන්දැලාගෙ හඳුංපොත්වල තියෙන්න ඇතිද කියලා. තරමක පල්ලමකුත් තියෙන පාරෙ රූං කියාගෙන එන බයිසිකලේ වසන්ත පදිනව අජිත් පොල්ලෙ. ඔය පොල්ලෙ යෑමත් තරමක පුහුණුවක් සංයමයක් තියෙන්න ඔන වැඩක්. පදින එකාට කරදරයක් නොවන විදිහට අඬු බඬු ටික තියාගෙන, හැඬල් එක බුරුලෙන් අල්ලගෙන හේම ...
බලි කුරුටු... පිලේ පැදුර පහුගිය දොහක ඇඳපු බලි කුරුට්ටක් දාන්න හිතුණා... වැදගත් යමක් ලියන්න ඉකමනින්ම එනකං මේකවත් බලමු. ...........
හොඳ වෙලාවට සපත්තු පෙට්ටියක් නොතිබුණේ... පිලේ පැදුර ඔන්න එකමත් එක රටක වෙදරාළ කෙනෙක් හිටිය. උන්දා බොහෝම දස්ස ගුණයහපත් වෙද රාලකෙනෙක්. හැබැයි කෝකටත් තෛලෙ වගේ හිටපු ගෝලයනං අම්මපා බත් කන හරක් පැටිය. දුරින් නෑයෙක් වෙන ඒකව වෙද රාළ ළඟට පංගරාත්තු කොරල තිබුණෙ වෙදකම ඉගෙන ගන්නෙයි කියලා. ඉතිං මේකත් වෙදරාලගෙ පස්සෙන්ම වැටිල හිටියෙ. වෙද රාල ගමේ ලෙඩෙක් බලන්න යනකොට මේකත් පස්සෙන් වැටෙනව. අඩිය තියන්නෙත් වෙදරාළ ...
ලෙඩ්ඩු බලන්න ආපු යාළුවෝ... පිලේ පැදුර උණ හැදුනහම මට නං මාර ජොලි. වෙන මොකවත් හින්දා නෙවෙයි, නොමිලේ චිත්‍රපටි, කාටූන් එහෙම බලන්න පුළුවන්නෙ. 102 - 103 ට විතර උණ ආපුවම ඔය වුඩී වුඩ්පෙකර් එතකොට සූර පප්ප වගේ අය උණත් ගෙන්න ගන්න පුළුවන්. මේ සැරේ තමයි වැඩේ හොඳටම නැගල ගියෙ... මොකද කියනවනං කැලේ හිටපු ඔක්කොම යාලුවො ටික මාව බලන්න ආව නෙව. ඇඳ උඩම කොලේකුයි පෑනකුයි තියාගෙන යාලුවො ටික යන්තම් ස්කෙච් කර ...
පුංචිම පුංචි සටහනක් පිලේ පැදුර කොරේ පිටට මරේ කිව්ව වගේ වයිරස් උණකුත් ආවනෙ. සතියක්ම හාන්සි. සනීප උනයි කිව්වට තාම ඇඟට හරි මදි. ඔලුවෙ අමාරුව නං තාම ඔය තියෙන්නෙ. දොස්තරලා කියන්නෙ කාළයත් එක්ක ටික ටික ඇරිල යයි කියල තමයි. ඒ උනාට ඉවසන එක මමම එපෑ කරන්න. කොහොම උනත් මගේ වෛද්‍යවරයා මාව තවත් තැනකට යොමු කළා... බලමු. බ්ලොග් සහෘදයො ටික කම්පාවෙලා ඉක්මන් සුව ප්‍රාර්ථනා කොරළ තිබුන. බොහොම ස්තූතියි. ...
අසනීපෙන් - මල් වඩම් අනවශ්‍යයි පිලේ පැදුර පසුවූ නිසා අසනීපෙන් ගිය සතිය ඔළුවේ නිදහසින් ගතවූයේ නැතිය තවමත් නැතත් හරිහැටි සුවවූ ගතිය කිසිවක් නොලිය ඉන්නට සිත නැත රුතිය හරියට දොලොස් මසකට පෙර මැයි මාසේ සිදුවූ හදිසි අනතුරකින් වුනු දෝසේ තවමත් විටින් විට හිස ඔසවයි රහසේ වදදෙයි කෙලින් සිටිනට බැරි ලෙස බෝසේ නමගිය වෙදුන් දොස්තරවරු මෙලක තුර වෙහෙසුන නමුත් තුළ පසුගිය මුළු වසර සුවකරලනු තබා කුම් වීදැයි සැකැ'ර කියනට නොහැකි වී ඇති කරුමය කවර ...
වඩිනු මැන සමිඳේ... පිලේ පැදුර හෙට වෙසක් පෝය නෙව. ඒ නිමිත්තෙන් මේ පෝස්ට් එක. දිගින් දිගට ලියන්න වෙලාවක් නෑ. අද රෑට මහගෙවල් පැත්තෙ යන්න ඕනෙ. 2004 අවුරුද්දෙ වෙසක් එකට අපේ පන්සලේ තිබ්බා භක්ති ගීත ප්‍රසංගයක්. ඒක සූදානම් කරගෙන තිබුණෙ දහම් පාසලේ ළමයි ටික. ඉතින් එකදවසක් උන්නැහේ පන්සල් ගිය වෙලාවක අහම්බෙන් වගේ දැක්කා උන් ටික සර්පිනාවකුයි තබ්ලා කූට්ටමකුයි තියාගෙන භක්ති ගීත පුරුදුවෙනව. ඔයවගේ වැඩක් දැක්කම උන්නැහේට උන් හිටි ...
කම්මැලි කමට.... පිලේ පැදුර පිලේ පැදුර පටන් ගන්න කොට හීනෙකින් වත් හිතුවෙ නෑ මේකෙ කයි කතන්දර ලියන්න. අදහස තිබුණෙ ඔය මොන මොනවා හරි තාක්ෂණික ලිපියක් දෙකක් ලියාගෙන ඉන්නව කියල. ඒ වුණාට ඉතින් අන්තිමට බලද්දී තාක්ෂණික ලිපියි කියළා ලියලා තියෙන්නෙ ලිපි දෙකක් විතරයි. ඒකට එක හේතුවක් තමයි සංසාරෙ පුරුද්දක් හැටියට අරගෙන ආපු කම්මැළිකම. අතින් ලියනව වගේ නෙවෙයි නෙ මේක අකුරෙන් අකුර කොටන්න එපෑ. අනෙක් හේතුව තමයි ...
පිටෙන් ලේ ගලන ලෙඩේ... පිලේ පැදුර අදත් දවසෙම වැස්ස... වැස්ස පටන් ගන්න කලියෙන් ඔපීසියට ගොඩ වෙච්ච එක හොඳට ගියා. කොහොමත් අපි වැඩට එන්නෙ කුකුලා අතින් අරන් නෙ. ඒකත් වෙලාවකට හොඳට හිටිනව. සත් වෙනි මහලෙන් පහළ බලද්දි හාත්පසම වතුරෙන් යට වෙලා අපූරුවට. ජනෙල් කවුළුව පොඩ්ඩක් ඇරියම හිරිකඩත් එක්ක සීතල සුළං පහර වායුසමනය කරපු කාමරය ඇතුලට කඩා පනින්නෙ සිරුරෙ හිරිවට්ටමින්. ගෙදර ඉඳන් නිදාගන්න කියාපු දවස. කොහෙද ඉතින්. "වැස්ස එක අතකට ...
අරුම පුදුම මෝබියස් පටිය - Mobius Strip පිලේ පැදුර මීට අවුරුදු විසි පහකට විතර කලින් විජය ළමා පත්තරේ තිබුණ ලිපියක් "අරුම පුදුම මෝබියස් පටිය කියලා". ඒකෙ විස්තර කරළා තිබුණේ එක්තරා විශේෂිත ආකාරයකට සකස් කරගත් පටියක් ගැන. අරුම පුදුම හැසිරීමක් තියෙන මේ පටිය ඔයගොල්ලන්ටත් හදල බලන්න පුලුවන්. බොහොම සරල ක්‍රියාකාරකමක්. ඔයා පුංචි එවුන්ට මැජික් පෙන්නන්න කැමති කෙනෙක් නං මේක නියම වැඩක්. අවශ්‍ය ද්‍රව්‍ය හා උපකරණ මෙන්න මේවයි. සෙන්ටි මීටර දෙකක් ...
අමතක වීමක තරම... පිලේ පැදුර අපේ හිතවත් මහත්තයෙක් ඉන්නව, නම යසපාල. මිනිහ ළඟදි දවසක අපූරු කතාවක් කිව්ව මිනිස්සුන්ට තියෙන අමතක වීමේ රෝගය ගැන. දවසක්, කාලෙකින් එකිනෙකා මුණගැනොගැහිච්ච යාළුවො දෙන්නෙක් මගදි හමුවුණා. ආ ගිය තොරතුරු පරණ පුරාජේරු කතාවල යෙදෙමින් අවන්හලකට ගොඩවැදුණු මේ දෙන්නා සප්පායම් වෙන ගමන් තම තමන්ගේ වර්තමාන තත්වය ගැන කතාවට වැටුණා. කොහොමින් කොහොමින් හරි තමන්ගෙ දරු මල්ලො ගැන උන්ගෙ මවුවරු ගැන කතාකරකර හිටපු අතරෙ ...
ඇඩ්ඩිං හා බයිසිකලය පිලේ පැදුර කරෝලිස් මුදලාලි ගජ පෝසතා. උස්සාහයෙන් දියුණු පවුණු වෙච්ච මනුස්සය. ඔය කොහු මෝල්, ලී මෝල් අර මෝල් මේ මෝල් වලට අමතරව මුරේකට ලස්සෙක හමාරක පොල් කැඩෙන වත්තකුත් තිබුණා කළුවමෝදර පැත්තේ. මිනිහගෙ වෙළඳ වියාපාර කටයුතු කරගෙන යන්න උදවුවට ලඟකදි ගත්ත විශ්වාසවන්ත ඉලංදාරියෙක් , නම ඇඩ්ඩිං. උදව්වුවට කිව්වට මිනිහ කරන්නතිබුණේ මුදලාලිගෙ පණිවිඩ එහෙට මෙහෙට ගෙනියන එකයි ගමන් බිමන් යනකොට ආරස්සාවට පස්සෙන් යන එකයි ...
ඒජන්ත උන්නාන්සෙගේ සෙමර වලිගේ.. පිලේ පැදුර රාජකාරි ගමනක යෙදෙන අතරතුර සුදු ජාතික ඒජන්තවරයා හදිසියේ සිය ගමට පැමිණීම ගම්මුන්ට මහත් වූ කුතුහලය දනවන කාරණයක් විය. කිසිදා නොදුටු ඒජන්ත උන්නාන්සේගේ හැඩරුව කෙබඳුදැයි දැන ගැනීමේ ආශාවෙන් පොළඹවනු ලැබූ ගැමියෝ ආරංචිය සැලවූ විගස වැල නොකැඩී ගොස් මාර්ගය අසල රැස් වී, නෙත සිත පුරා ඒජන්ත උන්නාංසේ දැක බලා ගත්හ. එතැන් පටන් දින කීපයක්ම යනතෙක් ගමේ ප්‍රධාන මාතෘකාව බවට පත්වූයේ ඒජන්ත වරයා ගමට ...